ආදරවන්තිය ලස්සන කරන Best Valentine’s Day Gifts

ආදරවන්තිය ලස්සන කරන Best Valentine’s Day Gifts

ආදරණීය පෙම්වතුන් විශේෂ ආසාවකින් බලාගෙන ඉන්න වැලන්ටයින් දවස දැන් ළඟ ළඟම එන නිසා best valentine’s day gifts ගැන හොයාලා බලන්න අපි හිතුවා.  

හැම පෙම්වතෙක්ම කැමතියි තමන්ගේ පෙම්වතිය ලස්සනට ඉන්නවා දකින්න. ඉතිං ඔයා දන්නවාද ඔයාගේ ආදරවන්තියව ලස්සන කරන්න එයාට දෙන්න හොඳ best valentine’s day gifts මොනවාද කියලා? මෙදා සැරේ වැලන්ටයින් එකට එයාව තවත් ලස්සන කරන තෑග්ගක් දීලා බලමුද?

වැලන්ටයින් ගැන විවිධ අය විවිධ අදහස් දැරුවාත් ආදරය කරන පෙම්වතුන් වැලන්ටයින් සමරන්න ලොකු උනන්දුවක් දක්වනවා. කොවිඩ් වසංගත තත්වය නිසාම පහුගිය අවුරුදු දෙකේම වැලන්ටයින් සමරන්න තියා හමුවෙන්නවත් පෙම්වතුන්ට හරියට ඉඩක් ලැබුණේ නෑ. කොහොම වුණාත් වැලන්ටයින් වෙනුවෙන් තම ආදරණීයන්ට Best Valentine’s Day Gifts දෙන්න කවුරුත් කැමතියි. විශේෂයෙන් ගැහැණු ළමයි නම් තමන්ගේ පෙම්වතා මොන වගේ තෑග්ගක් දෙයිද කියලා ආසාවෙන් බලාගෙන ඉන්නවා.

පෙබරවාරි 14 ළං වෙද්දි පෙම්වතුන්ගේ හිතට ඇතිවන ප්‍රශ්නයක් තමයි මෙදා සැරේ මොන වගේ තෑග්ගක් ද  තමන්ගේ පෙම්වතියට අරන් දෙන්නේ කියලා තෝරගන්න එක. ගොඩාක් වෙලාවට වැලන්ටයින් එකට දෙන්නේ මතක හිටින තෑග්ගක්. ඒත් මතක හිටින දෙයක් විතරක් නෙවෙයි ප්‍රයෝජනවත් වෙන දෙයක් දෙනවා නම් ගොඩාක් වටිනවා නේද? ඉතිං ඒ නිසා අපි අද හිතුවා ඔයාගේ ආදරණීය පෙම්වතියව ලස්සන කරන්න එයාට දෙන්න පුළුවන් Best Valentine’s Day Gifts ටිකක් ගැන කියන්න.

Makeup Box

ගැහැණු ළමයි හරිම කැමතියි makeup දාන්න. පාටියකට, wedding එකකට විතරක් නෙවෙයි ඔෆිස් ගියාත්, යාළුවෙක් හම්බෙන්න ගියාත්, පෙම්වතා හම්බෙන්න ගියාත් මේ හැම ගමනකටම ගොඩාක් වෙලාවට makeup දාගෙන තමයි යන්නේ. ඉතිං ඒ නිසා නිතර පාවිච්චි කරන makeup ජාති ඔක්කොම තියන එක සෙට් එකක් තෑග්ගක් හැටියට දුන්නොත් හරිම කැමතියි වෙයි නේද? Eye shadow, Lips colors, Compact powders වගේ අත්‍යවශ්‍යම makeup ජාති මේ සෙට් එකේ තියනවා.  තමන්ගේ ඇඳුමට ගැළපෙන විදියට වර්ණ තෝරගෙන makeup දාගන්න පුළුවන්. හරිම හුරුබුහුටි මේකප් සෙට් එකක් නිසා කොහේ ගියාත් handbag එකේ වුණාත් දාගෙන යෑමේ පහසුව තියනවා.  Heart හැඩේට සිත් ඇඳගන්නා විදියට makeup සෙට් එක නිර්මාණය කරලා තියන නිසා වැලන්ටයින් එකට ඔයාගේ පෙම්වතියට දෙන්න මේක නම් හොඳම තෑග්ගක්.

Oriflame Gold Nourishing Hand & Body Cream

ඔයාගේ ආදරවන්තියගේ සම සිනිඳුවට තියනවාට ඔයා කැමතියි නේද?ගොඩාක් ගැහැණු ළමයි සම වේලෙනවාට විවිධ විදියේ ක්‍රීම් ජාති පාවිච්චි කරනවා. ඒ අතරින් මේ ක්‍රීම් එක සම සුමුදුව තියන්න milk & honey වලින් හඳපු පෝෂ්‍යදායි ක්‍රීම් වර්ගයක් හැටියට හඳුන්වන්න පුළුවන්. කිරි සහ මී පැණි සාරයෙන් නිපදවලා තියන නිසා දවස පුරා සම මෘදුව, දීප්තිමත්ව, සුවඳවත්ව පවතියි. නිතර වියළෙන සමකට මේ ක්‍රීම් වර්ගය තවත් ප්‍රයෝජනවත්.  ඉතිං ඔයාගේ ආදරවන්තිය‌ගේ සම සිනිඳුව ලස්සනට තියන්න ඔයා කැමති නම් මේ වගේ ක්‍රීම් එකක් වැලන්ටයින් එකට දෙන්න.

Victoria Secret Romantic Perfume

ඔයාගේ ආදරවන්තියව ලස්සනට තියනවා වගේම එයාව සුවඳවත්ව තියන්නත් ඔයාට හිතෙනවා නේද? එයාගේ සුවඳ දැනෙනකොට ඔයාගේ ආදරේ තවත් වැඩි වෙයිනේ.  විවිධ ජාතියේ සුවඳ හොයන ගැහැණු ළමයින්ට ගැළපෙනම perfume එක තමයි Victoria secret romantic perfume එක. Perfume එකක් තෝරගනිද්දි ගොඩාක් දෙනෙක් හිතන දෙයක් තමයි brand එක. හොඳ brand එකේ perfume එකක් පාවිච්චි කරොත් තමයි අපි ගහන perfume එකේ සුවඳ ගොඩාක් වෙලා රැඳිලා තියන්නේ.  ඉතිං දවසම සුවඳවත්ව ඉන්න branded perfume එකක් හොයන ඔයාගේ ආදරවන්තියට මෙදා සැරේ වැලන්ටයින් එකට දෙන්න හොඳම තෑග්ගක් හැටියට මේ තෑග්ග ගැන කියන්න පුළුවන්. Perfume බෝතලයත් romantic විදියටම හදලා තියන නිසා ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් තෑගි තෝරන ඔයාට මේක කදිම තෑග්ගග් වේවි.

Nail Color Set

විවිධ විලාසිතා, makeup ගැන උනන්දුවක් දක්වන ගැහැණු ළමයි ආස කරන තවත් දෙයක් තමයි nail colors. ඇඳුමේ පාටට ගැළපෙන්නම nail colors යොදාගන්න හැමෝම දැන් පුරුදු වෙලා ඉන්නේ. ඉතිං ඒ නිසා nail colors දෙක තුනක් අරගෙන මදි නේද? පාට පාට ඇඳුම් තියන නිසා පාට පාට nail colors ගන්නත් දැන් සිද්ධ වෙලා. ඉතිං ඔයාගේ ආදරවන්තියත් nail colorsවලට ආස කරනවා නම් එයාට දෙන්න හොඳම තෑග්ගක් තමයි මේ කියන්න හදන්නේ.  මේ සෙට් එකේ පාට 36ක් අඩංගු වෙනවා. පාට 36ක් කියන්නේ එයාට තියන හැම ඇඳුමකටම ගැළපෙන්න nail colors තියෙයිනේ.  ඔන්න ඒ නිසා වැලන්ටයින් එකට එයාට මේ වගේ තෑග්ගක් දුන්නොත් එයා ගොඩාක් සතුටු වෙයි. එතොකොට shopping යන යන සැරේට එයාට එක එක පාට nail colors අරන් දෙන්න  ඕන නෑ.මේ සෙට් එක දීලා තිබුණාම එයාට ගොඩාක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙන ප්‍රයෝජනවත් තෑග්ගක් වේවි.

Casio Watch

ඔයාගේ ආදරවන්තියව ලස්සන කරන්න මෙදා සැරේ වැලන්ටයින් එකට එයා වෙනුවෙන් වැඩිපුර වියදම් කරලා තෑග්ගක් දෙන්න ඔයාට හිතෙනවාද? ක්‍රීම්, මේකප්වලින් විතරක් නෙවෙයි අඳින පළඳින හැමදේයින්ම තමයි ඔයාට එයාව ලස්සනට තියන්න පුළුවන්. මේ පාර වැලන්ටයින් එකට එයාට watch එකක් දුන්නොත් කොහොමද?ඔරලෝසුවක් කියන්නේ ලස්සනට අඳින දෙයක් වගේම ප්‍රයොජනවත් වෙන දෙයක්. ලස්සනට ඔරලෝසු බැඳලා වැඩක් නෑ. ඒ ඔරලෝසුවේ වෙලාව වැඩ කරන්නේ නැත්තම්. ඉතිං හරියට වෙලාව වැඩ කරන්න නම් branded watch එකක් දෙන්නම වෙනවා. Casio Enticer Women’s Watch එක ආදරවන්තියට දෙන්න වටිනාම තෑග්ගක්. ගෝල්ඩ්, සිල්වර් පාට දෙකම තියන නිසා ඕනම ඇඳුමකට ගැළපෙනවා. පාටියකට, සාමාන්‍ය ගමනකට, ඔෆිස් එකට මේ ඕනෑම තැනකට මේ වගේ ඔරලෝසුවක් දාගෙන යන්න පුළුවන්. මේ වගේ ඔරලෝසුවක් අතේ බැන්දාම එයාගේ වටිනාකම තවත් වැඩි වෙනවා.

Love Couple Ring

ආදරය සංකේතවත් කරන හොඳම තෑග්ගක් තමයි මුද්ද. හැමෝටම තෑග්ගක් හැටියට රත්තරන් මුද්දක් දෙන්න වත්කමක් නෑනේ. ආදරේදී දෙන තෑග්ගක මුදල්වල වටිනාකමට වඩා තමන් වෙනුවන් හදවතින්ම හිතලා යමක් දෙන එක තමයි ගොඩාක් වටින්නේ.  ඔයාගේ ආදරවන්තිය වෙනුවෙන් මේ වැලන්ටයින් එකට මුද්දක් පළදවන්න අදහසක් තියනවා නම් ඔන්න මේ තමයි සුදුසුම තෑග්ග. Women’s plated never fade valentine forever love couple ring package එකේ මුදු දෙකක්ම තියන නිසා එයාටයි ඔයාටයි දෙන්නටම එක වගේ මුදු දෙකක් දාගෙන යන්න පුළුවන්. Forever love ලෙස මුද්දේ සටහන් කරලා තියන නිසා මේ වගේ තෑග්ගක් ඔයාගේ ආදරවන්තියට දුන්නොත් ඔයාගේ ආදරේ හැමදාම මතකේ තියේවි.

White Gold Jewelry Bracelet

ඔයාගේ ආදරවන්තිය Jewelriesවලට ආස කරන කෙනෙක් නම් Bracelet එකක් වගේ දේකට එයා කැමති වෙයි. හැබැයි දැන් ගොඩාක් ගැහැණු ළමයි හරිම චාම් විදියේ Jewelry තමයි පළඳින්නේ. ඔයාගේ ආදරවන්තිය ටිකක් චාම් විදියට අඳින පළඳින කෙනෙක් නම් මේ වගේ තෑග්ගක් එයාට ගොඩාක් ගැළපෙනවා කියලා ඔයාට හිතෙනවා ඇති නේද? මේ වගේ Bracelet එකක් පාටියකට, වෙඩින් එකකට, සාමාන්‍ය ගමනකට වගේ ඕනෑම තැනකට සුදුසු වෙනවා. ඒ වගේම මේ Bracelet එකට ලස්සන gift box එකකුත් එන නිසා ඔයාගේ ආදරවන්තියගේ සිත් ඇඳගන්නා තෑග්ගක් වේවි.

Women Sunglasses

වැලන්ටයින් එකට දෙන්න හොඳ විවිධ විදියේ තෑගි ගැන ඔයාලා දැන් හිතලා ඇති. තමන්ගේ ආදරවන්තියව ලස්සනට තියන එක ගැන ඔයා හිතනවා නම් එයාගේ සුව පහසුව ගැනත් ඔයා හිතන්න එපැයි.  එයා ඔයාත් එක්ක ලස්සන ඇඳුම් පැළඳුම් ඇඳලා ගමන් යද්දි දවල් වෙලාවක කොහේ හරි ඇවිදින්න යනවා නම් අව්ව නිසා අපහසුතාවයට පත්වුණු අවස්ථා තියෙන්න ඇති නේද? ඔන්න ඒකට විසදුමක් හැටියට තෑග්ගක් මෙදා සැරේ වැලන්ටයින් එකට එයාට දෙන්න. ලස්සන Sunglasses දෙකක් අරන් දුන්නොත් ඔයාත් එක්ක ගමන් යද්දි එයා හරිම සතුටින් දාගෙන යයි නේද? අව්වේ යන්න බෑ කියලා ඔයාට කරදර කරන එකකුත් නෑ. ඒ විතරක් නෙවෙයි Sunglasses දෙකක් දැම්මාම ගැහැණු ළමයෙක්ට පොඩි fashionable ගතියකුත් එනවා.  ඉතිං ඔයා එක්ක ලස්සන Sunglasses දෙකකුත් දාගෙන ඇවිදින්න යනකොට ඔයාටත් ආඩම්බර හිතෙයි.

අපි හඳුන්වලා දීපු මේ තෑගි අතුරින් ඔයාගේ අතේ තියන ගාණට හරියන්න ඔයාගේ ආදරවන්තියගේ කැමැත්ත අනූව තෑග්ගක් තෝරගන්න. අපගේ දීමනා සහ වට්ටම් අත්විඳිමින් මේ ඕනෑම තෑග්ගක් Daraz වෙතින් මිලදීගන්න. මෙදා සැරේ වැලන්ටයින් එකට තෑගි හොයා හොයා එහෙමෙහෙ ඇවිදින් යන්නේ නැතුව දැන්ම Daraz  ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඔයාගේ ආදරවන්තියට ලස්සන තෑග්ගක් Daraz වෙතින්ම මිලදීගෙන වැලන්ටයින් දවසට එයාට තෑගි කරන්න. Daraz වෙතින් ලබාදෙන තෑග්ගකින් ඔයාගේ ආදර කතාව අලුත් කරගන්න. තවත් තෑගි පිලිබඳ අදහස් ලබා ගන්න Cosmetics Products You Can Gift or Keep This Valentines කියවලා බලන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php