ගෙදරදීම හදාගන්න Life එක ලේසි කරන Easy Dessert Recipes

ගෙදරදීම හදාගන්න Life එක ලේසි කරන Easy Dessert Recipes

ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කරන්න Easy Dessert Recipes ගැන දැනගන්න එක වටිනවා. ක‌‌ඩේකින් ගන්නවාට වඩා Easy Dessert Recipes හදන ක්‍රම දැනගෙන හිටියොත් රසවත් අතුරුපසක් හදාගන්න පුළුවන්.

ගෙදරදීම හදාගන්න පහසු Easy Dessert Recipes මොනවාද කියලා ඔයාලා දන්නවාද? වැඩි වෙලාවක් යන්නේ නැතුව ඉක්මනින් හදාගන්න පුළුවන් Easy Dessert Recipes කිහිපයක් ගැන අපි අද දැනගමු.

සාමාන්‍යයෙන් අමුත්තන්ට හොඳට සංග්‍රහ කරන්න අපේ රටේ මිනිස්සු පැකිලෙන්නේ නෑ. දහවල් හෝ රාත්‍රී කෑමට එන අමුත්තන්ට හොඳට කෑම බීම ගෙදර හදලා දුන්නාට අතුරුපසට නම් ගොඩාක් වෙලාවට අයිස්ක්‍රීම් එකක් වගේ දෙයක් තමයි දෙන්නේ. ඒකට හේතුව උයන පිහන වැඩවලට කාලය ගොඩාක් ගියාම අතුරුපස හදන්න තවත් කාලයක් වෙන් කරගන්න අමාරු නිසායි. ඒත් අපි ඒකට විසඳුමක් තමයි දෙන්න හදන්නේ.

විනාඩි 15ක් 20ක් වගේ කෙටි කාලයක් ඇතුළත අතුරුපසක් ‌ගෙදරදීම හදලා පිළිගන්වන්න පුළුවන් නම් ක‌‌ඩෙන් අරන් දෙනවාට වඩා රසවත් අතුරුපසකින් ඔයාගේ හිතමිතුරන්ට සංග්‍රහ කරන්න පුළුවන් වෙයි නේද? ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කරන්න විතරක් නෙවෙයි ගෙදර කට්ටියටත් දවල්ට රෑට කෑම කෑවාට පස්සේ පැණිරස මොනාහරි තිබුණොත් හොඳයි කියලා හිතෙන අවස්ථා ඇති තරම් තියෙනවා නේද?

ඉතිං ඒ නිසා ගෙදරදී හරිම පහසුවෙන් හදාගන්න පුළුවන් Easy dessert recipes ට්‍රයි කරලා බලන්න. මේ රෙසිපි හදාගන්න අවශ්‍ය සියලුම ද්‍රව්‍ය මිලදී ගන්න හොඳම තැන තමයි dMart.

චොකලට් මූස්

චෙකලට් මූස් කන්න කවුද ආස නැත්තේ? චොකලට්වලට කැමති හැමෝම චොකලට් මූස් කන්නත් හරිම ආසයි.

     අවශ්‍ය ද්‍රව්‍ය :

  • චොකලට් 250g
  • බිත්තර සුදු මද 6
  • සීනි 100g
  • විප් ක්‍රීම් 500ml

සාදාගන්නා ක්‍රමය:

  1. චොකලට් කෑලිවලට කඩලා පිරිසිදු බඳුනකට දාලා  වතුර බඳුනක් මත තියලා උණුකරගන්න.
  2. බිත්තර සුදු මද හා සීනි එයට ගසා ගන්න. විප් ක්‍රීම් වෙනම ගසා ගන්න.
  3. දැන් දියකරගත් චොකලට් මිශ්‍රණයට විප් ක්‍රීම්, බිත්තර සුදු මද මිශ්‍රණය හා රම් එක්කර කලවම් කරගන්න.
  4. භාජනයකට දාලා ස්ටෝබරි හා චොක්ලට්වලින් සරසලා ශීතකරණයේ තබන්න.

       හරිම ලේසියෙන් චොකලට් මූස් හදලා ඉවරයි.

බිස්කට් පුඩින්

විනාඩි 15කින් බිස්කට් පුඩිමක් හදාගන්න පුළුවන් කියන්නේ කොච්චර ලොකු දෙයක්ද? මේ රෙසිපි එක හදලා බලන්නකො. හරිම ලේසියෙන් බිස්කට් පුඩිමක රස විඳින්න.

   අවශ්‍ය ද්‍රව්‍ය :

  • මාරි බිස්කට් පැකට් දෙකක්
  • අයිසින් සීනි 200g
  • බටර් 100g
  • චොකලට් පවුඩර් මේස හැඳි 1
  • වැනිලා තේ හැඳි 1/2
  • ක්ෂණික කෝපි (නෙස්කැෆේ) මේස හැන්දක්
  • ලා රස්නෙ වතුර කප් 1
  • චොකලට් සෝස් සහ අවශ්‍ය නම් උඩින් ඉසීමට කජු

සාදාගන්නා ක්‍රමය:

  1. බටර්වලට චොකලට් පවුඩර්, වැනිලා සහ අයිසින් සීනි එකතු කර හෑන්ඩ් විස්ක් මික්සර් එකකින් බීට් කරගන්න.
  2. කෝපි ටික වතුර කප් එකට දමා කෝපි හදාගෙන, එයට බිස්කට් කිහිපය බැගින් එක් කරමින් බිස්කට් කෝපිවල පොඟවා ගන්න. (බිස්කට් එක බෙරි වෙනකම්ම පොඟවන්න එපා)
  3. ශීත කළ හැකි බඳුනකට පොඟවාගත් බිස්කට් තට්ටුවක් දමා, ඒ මතින් සාදාගත් චොකලට් අයිසින් එකෙන් තට්ටුවක් දමාගන්න. මේ විදියට මාරු කරමින් ලේයර්ස් දමාගෙන අවසානයට අයිසින්වලින්ම කවර් කරගන්න.
  4. එයට උඩින් කජු ඉස, චොකලට් සෝස් දමා සරසාගෙන පැයක් ෆ්‍රිජ් එකේ ශීතකරගන්න.

කොෆි බ්‍රවුනීස්

මේකට අවශ්‍ය ද්‍රව්‍ය ටික හදාගත්තම බ්‍රවුනි එක හදන්න යන්නෙ විනාඩි පහයි. මුළු කාලයම විනාඩි 15කට වැඩි වෙන්නෙ නම් නෑ.

  අවශ්‍ය ද්‍රව්‍ය :

  • කජු හෝ රට කජු කප් 2 1/2
  • ඇට ඉවත් කරගත් රට ඉඳි කප් 2
  • කොකෝවා පවුඩර් කප් 3/4
  • ක්ෂණික කෝපි තේ හැඳි 1ක් හෝ 2ක් කැමැත්ත පරිදි
  • ලුණු පින්ච් එකක්

සාදාගන්නා ක්‍රමය:

  1. කජු කප් 2ක් ග්‍රයින්ඩරයට දමා හොඳින් අඹරාගන්න. ඒකටම කොකෝවා පවුඩර්, කෝපි සහ ලුණු එකතු කරගෙන නැවත ග්‍රයින්ඩ් කරගෙන බඳුනකට දමාගන්න.
  2. රට ඉඳි ටිකත් තරමක් කෑලි හිටින්න අඹරා ගන්න. රට ඉඳි මිශ්‍රණයට කජු මිශ්‍රණය එකතු කරගෙන හොඳින් අනමින් මිශ්‍ර කරගන්න. එයටම ඉතිරි කජු කප් 1/2 කුඩා කැබලිවලට කපාගෙන එකතු කරගෙන අනාගන්න.
  3. ට්‍රේ එකකට ඔයිල් පේපර් එකක් දාලා අතින් තද කරමින් සකස් කරගෙන, පැයක් පමණ ෆ්‍රිජ් එකේ සෙට් වෙන්නට හැර කැබලි කපාගන්න.

අන්නාසි කස්ටඩ් පයි

  අවශ්‍ය ද්‍රව්‍ය :

  • පොඩි කරගත් ඉදුණු අන්නසි කප් 2 ක්
  • යෝගට් හෝ සවර් ක්‍රීම් කප් 1/4 (මෙෂරින් කප්)
  • කස්ටඩ් පවුඩර් 100g
  • ක්‍රැකර් හෝ මාරි බිස්කට් පැකට් 1
  • ෆ්‍රෙශ් මිල්ක් කප් 1
  • බටර්

සාදාගන්නා ක්‍රමය:

  1. කිරිවලට කස්ටඩ් පවුඩර් එක් කර ලිප තබා උතුරවා ගන්න. එයටම අන්නාසි ටික එක් කර රස අනුව අවශ්‍ය නම් සීනි එක් කරගන්න. එයට යෝගට් ටික ද මිශ්‍ර කරගෙන නිවෙන්න පසෙකින් තබා ගන්න.
  2. බිස්කට් ටික කුඩු කරගෙන එයට මෘදු බෝලයක් සාදා ගැනීමට අවශ්‍ය තරම් බටර් දිය කර එක් කර හොඳින් කලවම් කරගන්න.
  3. බඳුනක් ගෙන එයට බිස්කට් මිශ්‍රණය ලේයර් එකක් වන ලෙස දමා ගන්න. එයට උඩින් නිවෙන්නට තබාගත් කස්ටඩ් අන්නසි මිශ්‍රණය දමා ශීත කර පිළිගන්වන්න. කැමති නම් විපින් ක්‍රීම් තට්ටුවක් උඩින් දමා ගන්න.

ජෙලි ක්‍රිස්ටල්

අවශ්‍ය ද්‍රව්‍ය :

  • පාට තුනකින් ජෙලි පැකට්
  • මිල්ක්මේඩ් 390 ml
  • ජෙලටින් තේ හැඳි 6
  • සීනි රස අනුව

සාදාගන්නා ක්‍රමය:

  1. ජෙලි පැකට් තුන වෙන වෙනම හදාගන්න. හැබැයි වෙනදා හදනකොට දාන වතුර ප්‍රමාණෙට වඩා කෝප්පයක් අඩුවෙන් හදාගන්න. ඒ කියන්නෙ පැකට් එකකට වතුර කෝප්ප 2ක් වගේ.
  2. ඒ වගේ ඝනට හදාගත්තු ජෙලි ෆ්‍රිජ් එකේ දාන්න.
  3. දැන් බෝල් එකක් අරගෙන ඒකට මිල්ක්මේඩ් එක කඩලා දාගන්න.
  4. ඒකෙන්ම වතුර කෝප්පයක් අරන් ඒකත් කලවම් කරන්න.
  5. ජෙලටින් ටික ඩබල් බොයිල් කරලා කැටි නොගැහෙන්න කලවම් කරලා මේ කිරි එකට එකතු කරන්න. ඊටපස්සෙ ඔක්කොම කලවම් කරන්න.
  6. දැන් ෆ්‍රිජ් එකේ දාපු ජෙලි ට්‍රේස් එලියට අරන් කොටුවට ජෙලි කෑලි කපාගන්න.
  7. බටර් ගාගත් භාජනයකට ජෙලි කෑලි ලස්සනට අතුරලා ඊට උඩින් අර කිරි එක වක්කරලා ෆ්‍රිජ් එකට දාන්න සෙට් වෙන්න.

චොකලට් කුකීස්

අවශ්‍ය ද්‍රව්‍ය :

  • බටර් 250g
  • සීනි 110g
  • මිල්ක්මේඩ් පොඩි කෑන් එකෙන් 1/2ක්
  • පිටි 375g
  • බේකින් පවුඩර් තේ හැඳි 1
  • චොප් කරගත් කුකින් චොකලට් 100g
  • අවශ්‍ය නම් වියලි මිදි ටිකක්

සාදාගන්නා ක්‍රමය:

  1. බටර් සහ සීනි ක්‍රීම් එකක් වනතුරු හොඳින් බීට් කරගන්න. ඒකට මිල්ක්මේඩ්, පිටි සහ චොකලට් එක් කර පැතලි හැන්ඳකින් මිශ්‍ර කරගන්න.
  2. අනාගත්තු ඩෝ එකෙන් තේ හැන්දක ප්‍රමාණයන් ගෙන බෝල සාදාගෙන ඔයිල් පේපර් තුනක් ලයින් කරගත් ට්‍රේ එකක තබා පැතලි කරගන්න.
  3. සෙල්සියස් 180ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 8-10ක් හෝ රන්වන් පාට වනතුරු බේක් කරගන්න.

ලේසියෙන්ම ගෙදරදී හදාගත්ත චොකලට් කුකීස් අතුරුපසක් හැටියට අමුත්තන්ට පිළිගන්වන්න.

කස්ටඩ් පුඩින්

හැමෝම කන්න කැමති ඉක්මනින්ම හදාගන්න පුළුවන් රසවත් පුඩිමක රෙසිපිය තමයි මේ.

අවශ්‍ය ද්‍රව්‍ය :

  • කස්ටඩ් පුරවපු මේස හැදි තුනයි
  •  කිරි මිලිලීටර් පන්සීයයි
  • සීනි මේස හැදි 5-6 ක්
  • වැනිලා තේ හැන්දක්
  •  බටර් තේ හැදි බාගයක්
  •  පොඩියට කපාගත් කජු ස්වල්පයක්
  • මුද්දරස්පලම් ( අවශ්‍ය නම් පමණයි )

සාදාගන්නා ක්‍රමය:

1. කිරි කෝප්ප බාගයකට කස්ටඩ් ටික දාලා කැට නොහිටින විදියට දිය කරගන්න. 2. ඉතුරු කිරි ටික සාස්පානකට දාලා සීනි , බටර් දාලා ලිපේ තියන්න.
3. කිරි එක රත්වේගෙන එනකොට කස්ටඩ් දිය කරපු කිරි ටික දාලා කලවම් කරන්න.
කස්ටඩ් දැම්මාට පස්සේ එක දිගට කලවම් කරන්න. නැත්තම් අඩිය අල්ලනවා.
4. ටිකකින් වැනිලා සහ කජු ටිකත් දාන්න. මිශ්‍රණය තික් වෙලා හැන්දෙන් වැටෙනකොට ඝනකමට වැටෙනවා නම් ලිපෙන් අයින් කරලා බටර් තවරපු බෝල්වලට දාගන්න.

කැමැති නම්ඩි න් මුද්දරස්පලම් , ග්‍රේට් කරපු කජුවලින් සරසගන්න පුළුවන්. නිවුණාට පස්සේ ශීතකරණයේ තබන්න.

විවිධ රසයන් සහිත අතුරුපසවලින් ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කැමති අයට අදහසක් දෙන්න තමයි අපි Easy dessert recipes for Easy life ඔයාලාට හඳුන්වාදුන්නේ.  ඉතිං ඔයාලාත් මේ රෙසිපි ට්‍රයි කරලා බලන්න.

මේ රෙසිපිස් හදන්න අවශ්‍ය ද්‍රව්‍ය සියල්ලමට ඔයාට dMart ලබාගන්න පුළුවන්. ඒ නිසා මේවාට අවශ්‍ය බඩු හොය හොයා කඩවල් ගාණේ ඇවිදන්නේ නැතුව දැන්ම Daraz ඇප් එක ඩවුන්ලෝඩ් කරලා dMart වෙතින් අවශ්‍ය ද්‍රව්‍ය සියල්ල මිලදී ගන්න.

තවත් මේ වගේ රෙසිපි ගැන දැනගන්න Quick and Easy Breakfast Recipes For The Workaholic Souls (daraz.lk) ලිපියත් කියවන්න.

.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php