ගෙදර ඉඳන් පහසුවෙන්ම අවුරුද්දට Online Grocery Shopping

ගෙදර ඉඳන් පහසුවෙන්ම අවුරුද්දට Online Grocery Shopping

ගෙදරට අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න හොඳම විදිය තමයි online grocery shopping. ඉස්සර වගේ ගෙදරට ඕන කරන දේවල් හොය හොයා එහෙ මෙහෙ යන්න අවශ්‍ය නෑ online grocery shopping තියන නිසා .

ඔයා දන්නවාද online grocery shopping කරන්න හොඳම තැන කොහේද කියලා? online grocery shopping සඳහා දැන් අනර්ඝම තැන තමයි Daraz Mart.

Daraz Avurudu වාසි සමඟින් Shop කරන්න

දැන් ඉස්සර වගේ  දෛනික අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න වෙළෙඳසැල් ගානේ, කඩවල් ගානේ රස්තියාදු වෙන්න අවශ්‍ය නෑ. ඔයාට ඕන කරන හැමදෙයක්ම දැන් ඔයාගේ දොරකඩටම ගෙන්න ගන්න දැන්ම Daraz ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. අවුරුදු කාලෙට ගෙදරට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න Daraz Mart සමඟ Shop කරන්න. Daraz අවුරුදු වාසි මාර්තු මස 25 වැනිදා සිට අප්‍රේල් 6 වැනිදා දක්වා අත්විඳින්න. මිලියන 5කට වැඩි නිෂ්පාදන සඳහා 80%ක් දක්වා වට්ටම් ලබාගන්න.  බැංකු කාඩ්පත් සඳහා අමතර 12%ක වට්ටමක්.

එදිනෙදා කටයුතු කරගෙන යද්දි හැම නිවසකටම අත්‍යවශ්‍ය වන භාණ්ඩ රැසක් තියනවා. හැබැයි අවුරුදු කාලේ කියන්නේ මේ අත්‍යවශ්‍ය භාණ්ඩ තව වැඩි වැඩියෙන්ම ගන්න වෙන කාලක්. අලුත් අවුරුද්දට අපි විවිධ ජාතියේ කෑම බීම හදනවා. ඒ වගේම අවුරුදු කාලේට නෑදෑ හිතමිතුරන්ගෙන් ගෙදර පිරී යනවා. ඉතිං ගෙදරට කට්ටිය එද්දි ඒ අයට හොඳින් සංග්‍රහ කරන්න නම් ගෙදරට අත්‍යවශ්‍ය භාණ්ඩ රැස් කරලා තියාගන්න වෙනවා.

අහලා තියනවා නේද ගොඩාක් වෙලාවට අම්මලා කියනවා ගෙදරට කොච්චර බඩු ගත්තාත් මදි කියලා. ලැයිස්තුවක් හදාගෙන ගෙදරට අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න ගියාත් කොහොම හරි එකක් දෙකක් හෝ මිස් වෙනවානේ. ඉතිං ආයිත් කඩේට දුවන්න වෙනවා අමතක වුණු දේ ගන්න.

කොහොම වුණාත් අවුරුදු කාලේ නම් ගෙදර බඩුමුට්ටු ගොඩාක් Stock කරගෙන තියාගන්න වෙනවා. අවුරුදු නිවාඩුවට හැමෝම ගෙදර ඉන්න නිසා ගන්න බඩුමුට්ටු ඉක්මනට ඉවර වෙනවා.ඒ වගේම කට්ට්යත් නෑගම් එන නිසා බඩුමුට්ටුවල අඩුපාඩුවක් තියාගන්නත් බෑනේ.

Daraz Mart කියන්නේ ඔයාගේ දෛනික අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේ අවශ්‍යතාවය ඉටු කරන online grocery shopping සඳහා සුදුසුම තැනයි. අවුරුදු කාලෙ ගෙදරට වැඩියෙන්ම අත්‍යවශ්‍ය වන භාණ්ඩ මොනවාද කියලා අපි බලමු.

තේ කොළ

ශ්‍රී ලාංකිකයන් වන අපි ගෙදරට එන හැමෝටම තේ එකකින් සංග්‍රහ කරන්න පුරුදු වෙලා ඉන්නවා. අපි කවුරු ගෙදරට ආවත් තේ එකක් බොමු කියලා අහනවා නේද? ඉතිං අවුරුදු කාලෙට ගෙදරට එන හැමෝටම අපිට තේ එකකින් නම් සංග්‍රහ කරන්නම වෙනවා. අපි නැකැත් වෙලාවටත් කිරිබත් කැවුම් කොකිස් කාලා ඉවර වෙලා ටී එකක් හරි ප්ලේන් ටී එකක් හරි තමයි බොන්නේ.  කොච්චර කෑම කෑවාත් තේ එකක් බිව්වේ නැත්තම් අපේ ඇඟට වගේම හිතටත් හරි නෑ වගේ ගතියක් දැනෙනවා. දවස තිස්සේ මහන්සි වුණාට පස්සේ වෙහෙස නිවා ගන්නාත් අපි ගොඩාක් වෙලාවට ටී එකක් බොනවා. අවුරුදු කාලේ කියන්නේ ඉතිං ගෙදරදොරේ වැඩයි Shopping යන වැඩයි හැමදේත් එක්කම වැඩියෙන් මහන්සි වෙන කාලයක්නේ. ඉතිං ඒ නිසා ගෙදර කට්ටියට බොන්නාත් ගෙදරට එන අයට සංග්‍රහ කරන්නාත් තේ කොළ පැකට් ටිකක් වැඩියෙන් අරගෙන තියාගන්න. Daraz Mart වෙතින් සුවිශේෂී වට්ටම් විඳිමින් ලිප්ටන්, වටවල, ලාඕජි ඇතුළු ඕනම සන්නාමයක තේ කොළ මිලදීගන්න පුළුවන්.

කිරිපිටි පැකට්

රසවත් තේ පානයක් හදාගන්න කිරිපිටි පැකට්  ඕන වෙනවාමයි. සමහර අය ප්ලේන් ටී බොන්න කැමති වුණාට ඇතැම් අය පුරුදු වෙලා ඉන්නේ කිරි තේකක් බොන්නම තමයි. අවුරුදු කාලේට ගෙදරට එන අයට ප්ලේන් ටී විතරක්ම දෙන්න බෑනේ. උණුසුම් කිරි තේ පානයකින් සංග්‍රහ කරන්න තිබුණා නම් ගොඩාක් වටිනවා. ඒ නිසා මේ අවුරුදු කාලේ ගෙදරට වැඩිපුර කිරිපිටි පැකට් ටිකක් අරගෙන තියාගන්න.ඔයාට අවශ්‍ය කරන කිරි පැකට් ජාතිය Daraz Mart වෙතින් තෝරාගන්න.

බීම වර්ග

වැඩිහිටි අය තේ බොන්න පුරුදු වෙලා හිටියාට ගෙදරට එන පුංචි ළමයි වගේම තරුණ ළමයි පුරුදු වෙලා ඉන්නේ කූල් එකක් බොන්න. අවුරුදු කාලෙට පුංචි ළමයි ගෙවල්වලට නිතරම එනවානේ. ඒ නිසා බීම ජාති කිහිපයක් ගෙදර ගෙනල්ලා තියාගත්තොත් හොඳයි නේද? ගෙදරට එන අයට සංග්‍රහ කරන්න විතරක් නෙවෙයි ගෙදර කට්ටියත් රස්නෙ දවස්වලට දාඩිය ගතිය මහන්සිය නැති වෙන්න fridge එක ඇරලා කූල් ජාති මෙනවාද තියන්නේ කියලා බලනවා නේද? ඒ නිසා කූල් බීම ජාති ටිකක් Daraz Mart  වෙතින් ඕඩර් කරලා ගෙන්නගන්න.

බිස්කට්

බිස්කට් කියන්නේ හැමෝගෙම කෑමක්. විවිධ ජාතියේ බිස්කට් තේරීම් රැසක් වෙළඳපොළේ තියනවා. බඩගිනි වෙලාවට බඩගිනි නැතිවෙන්න අපි ගොඩාක් වෙලාවට බිස්කට් එකක් තමයි කන්නේ. අවුරුදු කාලෙට ගෙදරට එන හිතමිතුරන්ට තේ එකක්, බීම එකක් විතරක් දීලා ඉන්න බෑනේ. තේ එකක් හෝ බීම එකත් එක්ක බිස්කට් වගේ දෙයකින් සංග්‍රහ කරන්න අපි පුරුදු වෙලා ඉන්නවා. බිස්කට් පැකට් වගේම බිස්කට් ටිනුත් තියන හින්දා අවුරුදු කාලෙට ගෙදරට එන අයට තේ මේසෙට බිස්කට් ටින් එකක් තියලා තිබුණා නම් වටිනවා. ඒ නිසා ගෙදරට එන අයට සංග්‍රහ කරන්නත් ගෙදර කට්ටියට පොඩි බඩගින්නක් ආව වෙලාවට කන්නත් ඔයා කැමති ජාතියේ ඕනෑම බිසකට් වර්ගයක් Daraz Mart වෙතින්ම ලබාගන්න.

චොකලට්

චොකලට් කියන්නේ කවුරුත් ආස කෑමක්. වයස් භේදයකින් තොරව ලොකු පොඩි හැමෝම චොකලට් කන්න ආසයි. අවුරුදු කාලේ කොච්චර පැණි රස ජාති කෑවාත් චොකලට් කන්න තියන ආසව නම් නැති වෙන්නේ නෑනේ. ප්‍රධාන ආහාර වේල්වලින් පස්සේ අතුරුපසක් හැටියට ගොඩාක් දෙනෙක් චොකලට් කනවා. අවුරුදු කාලේට ගෙදරට පුංචි ළමයි ආවාම එයාලාට දෙන්නාත් චොකලට් ටිකක් ගෙදර ගෙනත් තියාගන්න වෙනවා. තෑගිවලටත් වඩා චොකලට් එකක් දුන්නොත් පුංචි ළමයි ගොඩාක් ආස වෙයි.

මිල්ක්මේඩ්

අවුරුදු කාලේ කියන්නේ විවිධ ජාතියේ කෑම හදන කාලයක්. ඉතිං මේ කාලෙට මිල්ක්මේඩ්  එකකින් අපිට කෑම ජාති ගොඩාක් හදාගන්න පුළුවන්. අපි අවුරුදු කෑම මේසෙ විවිධ කැවිලි ජාතිවලින් සරසන්න කැමතියිනේ. අලුවා, කිරිටොෆි, කුකීස්  වගේ අවුරුදු මේසෙට තියන්න පුළුවන් කෑම ජාති මිල්ක්මේඩ් යොදාගෙන හදාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අවුරුදු කාලේ අතුරුපස සංග්‍රහය ගැනත් අපි හිතන්න එපැයි. මිල්ක්මේඩ්වලින් විවිධ පුඩින් වර්ග වගේම අයිස් කොෆි වගේ බීම ජාතිත් හදාගන්න පුළුවන් නිසා ගෙදරට මිලක්මේඩ් කෑන් කිහිපයක් තිබුණාත් වැඩි වෙන්නේ නෑ. අවුරුදු කෑම මේසෙ වර්ණවත් කරන්නත් ගෙදරට එන අයට සංග්‍රහ කරන්නත් මිල්ක්මෙඩ්වලින් රසවත් කෑම රෙසිපි ට්‍රයි කරලා බලන්න.මතක ඇතුව මේ අවුරුදු කාලේ Daraz Mart වෙතින් මිල්ක්මේඩ් කෑන් කිහිපයක්ම මිලදී ගන්න.

කුකින් ඔයිල්

අවුරුදු කාලෙට කිරිබත් කැවුම් කොකිස් කෑවායි කියලා‌ නෙවෙයි දහවල් ආහාර වේලත් අවුරුදු සමරන ගෙවල්වල සුවිශේෂී විදියට හදනවා. ෆ්‍රයිඩ් රයිස්, කහබත්, බුරියානි වගේ special rice ජාති තමයි අවුරුදු දවසට හදන්නේ. ඉතිං ඒ වගේ රයිස් හදන්න ඔයාගේ කුස්සියේ Cooking oil බෝතලක් තියාගන්නම වෙනවා. අවුරුදු කාලෙට එක දවසක් විතරක් special හදලා බේරෙන්න හම්බෙන්නේ නෑ. දිගටම නෑදෑයෝ යාළුවෝ එන නිසා දවස් ගාණක්ම special කෑම ජාති හදන්න වෙනවා. ඒ නිසා Daraz Mart වෙතින්  Cooking oil බෝතල් කිහිපයක් cart එකට ඇඩ් කරලා ගෙන්න ගන්න.

ඩිෂ්වොෂ්

අමුත්තන් අඩුවක් නැතුව නෑගම් එන අවුරුදු කාලේ ගෙදර ඉන්න කාන්තා පර්ශ්වයට ගෙදරදොර පිරිසිදු කරන වැඩවලින් අඩුවක් වෙන්නෙත් නෑ. ගෙදරට එන හැමෝටම සංග්‍රහ කරන්න කෑම බීම ජාති ගොඩාක් හදන්න වෙනවා වගේම ඒ කෑම ජාති පිළිගන්වන්න පිඟන්, කෝප්ප, භාජන ගොඩාක් ඒ දවස්වලට පාවිච්චි කරන්න වෙනවා.  කට්ටිය ඇවිත් කාලා බීලා ගියාට පස්සේ ගෙදර කුස්සියේ පිඟාන්, කෝප්ප ගොඩ ගැහෙනවා නේද? ඉදුල් පැල්ලම් යන්න මේ බඩුමුට්ටු ඔක්කොම හොඳට පිරිසිදු කරන්න වෙනවා. ඒ නිසාම මේ දවස්වලට ගෙදර කුස්සියේ ඩිෂ්වොෂ් කිහිපයක්ම ගෙනත් තියාගන්න.

ළඟ ළගම එන අලුත් අවුරුද්දට අපේ උදවිය සූදානම් වෙන්න පටන් ගන්නේ මාර්තු මාසයේ ඉඳලාමයි. අලුත් අවුරුද්ද සමරන්න ගෙදරට අත්‍යවශ්‍ය භාණ්ඩ දැන් කිසිම අපහසුතාවයක් නැතුව Daraz  Mart නිසා ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. මේ අවුරුදු කාලේ Daraz Mart සමඟ online grocery shopping අත්දැකීම අනර්ඝව විඳගන්න.

අපූරු ඔන්ලයින් shopping අත්දැකීමක් තිළිණ කරන Daraz Mart පිළිබඳ තවත් දැනගන්න dMart is Better Than Before: Discover the Future of Grocery Shopping ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php