අවුරුදු කෑම මේසය රසවත් කරන Avurudu Sweets Recipes

අවුරුදු කෑම මේසය රසවත් කරන Avurudu Sweets Recipes

අවුරුද්ද රසවත් කරන්න Avurudu Sweets Recipes හොයාගෙන අවුරුදු කැවිලි වර්ග ගෙදරදීම හදාගන්න වෙනවා. ක‌‌‌ඩෙන් ගන්නවාට වඩා අවුරුදු සිරිය වැඩියෙන් දැනෙන්න පටන් ගන්නේ ගෙදරදීම කැවිලි හදාගත්තොත් තමයි.

ගෙදරදීම කැවිලි හදාගන්න Avurudu Sweets Recipes ගැන ඔයා දන්නවාද? අපි බලමු අවුරුදු කෑම මේසෙ රසවත් කරන Avurudu Sweets Recipes මොනවාද කියලා.

අලුත් අවුරුද්දට ඉස්සර පරම්පරාවේ අම්මලා කැවිලි ඔක්කොම ගෙදරදීම හැඳුවා. ඒත් දැන් තියන කාර්යබහුල ජීවන රටාවත් එක්ක හැමෝම කැවිලි ජාති ක‌‌ඩෙන් ගන්න පුරුදු වෙලා ඉන්නවා. හැබැයි අවුරුදු කැවිලි මේසය වැඩියෙන් රසවත්‌ වෙන්නේ ගෙදරදීම හදාගත්ත කැවිලි ජාති එකතු කරගන්න පුළුවන් වුණොත්‌ තමයි.  ඒ වගේම අවුරුදු කෑම මේසයේ කැවිලි ගෙදර හැමෝම එකතු වෙලා හැඳුවාම අවුරුදු අසිරිය හදවතට වැඩියෙන් දැනෙන්න පටන් ගන්නවා.  අවුරුදු කෑම මේසය සරසන්න වගේම ගෙදරට එන හැමෝටම සංග්‍රහ කරන්නත් අවට ගෙවල්වල ඉන්න අයට බෙදන්නත් අවුරුදු කැවිලි ගෙදරදීම හදාගන්න පුළුවන් නම් වටිනවා නේද?

අවුරුදු නැකතට කිරිබතක් නම් හැම ගෙදරකම වගේ හදනවා. ඉතිං මෙදා සැරේ අවුරුද්දට කිරිබත් විතරක් නෙවෙයි අවුරුදු කැවිලි ටිකත් ගෙදරදීම හදාගමුද? අවුරුදු කැවිලි මේසය රසවත්ව වර්ණවත්ව සරසගන්න පුළුවන් Avurudu Sweets Recipes මොනවාද කියලා අපි බලමු. මේ කැවිලි හදාගන්න අවශ්‍ය සියලුම ද්‍රව්‍ය දැන් Daraz Mart වෙතින් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. දැන්ම Daraz ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන Daraz Mart සමඟින් ‌Grocery Shopping කරන්න.

කොණ්ඩ කැවුම්

අවුරුදු කැවිලි අතරේ කොණ්ඩ කැවුම් කන්න කවුරුත් ආසයිනේ. කොණ්ඩෙ හරියටම එන්න රසවත් කොණ්ඩ කැවුමක් හදාගන්නේ කොහොමද කියලා බලමුද?

අවශ්‍ය ද්‍රව්‍ය :

  • හාල්පිටි 500g
  • තම්බපු පාන්පිටි 200g
  • සීනි  250g
  • පැණි බෝතල් 3/4
  • පොල්කිරි කෝප්ප 1/2
  • ලුණු
  • බැඳ ගැනීමට තෙල්

සාදන ක්‍රමය :

  1. භාජනයක් ලිපේ තියලා පැණි, සීනි හා පොල්කිරි දාලා උණු කරගන්න. ලිපෙන් බාලා නිවෙන්න තියන්න.
  2. මේකට වෙන වෙනම හලාගත්ත පාන්පිටි හා හාල්පිටි එකතු කරලා අනාගෙන පැය 8ක් වගේ වහලා තියන්න.
  3. දැන් උණුවතුර කෝප්ප එකක් නිවෙන්න තියලා ඒකෙන් ටික ටික දාලා මිශ්‍රණය හදාගන්න. උකුමත් නැති දියාරුමත් නැති මිශ්‍රණයක් හදාගන්න. 
  4. තෙල් තාච්චිය ලිපේ තියලා තෙල් හොඳ​ට රත් වුණාම පිටි මිශ්‍රණයෙන් ටිකක් පොඩි උල් කටක් තියෙන කෝප්පෙකට දාගන්න.
  5. කෝප්පෙ උල් කට පැත්තෙන් තාච්චියේ අඩියට මිශ්‍රණය වක්කර ගන්න. ඒ වක්කරපු මිශ්‍රණය උඩට තෙල් හැන්දෙන් වටේ තියෙන තෙල් ඉසගන්න.
  6. වටෙන් මිශ්‍රණය තැම්බිලා මැද පිම්බෙනකොට ඉරට්ටක් අරගෙන කැවුමෙ මැද්දෙන් තියලා කරකවමින් තෙල් ඉහින්න. එතකොට පෙනෙයි කැවුමෙ කොණ්ඩෙ හැදිලා එනවා.මේකට අත පොඩ්ඩක් හුරු වෙනකල් අමාරු වෙයි. ඒත් වැඩේ අතාරින්න එපා.

මුං කැවුම්

කොණ්ඩ කැවුම් වගේම මුං කැවුම් අවුරුදු මේසයට වරදින්නේ නෑ. සමහරු කොණ්ඩ කැවුම් කන්න වැඩියෙන් ආස කරද්දි තවත් සමහරු මුං කැවුම් රසයට වැඩි කැමැත්තක් දක්වනවා. ඒ නිසා අවුරුදු කෑම මේසයට එකතු කරගන්න රසවත් ලෙස ලේසියෙන් මුං කැවුම් හදාගන්න හැටිත් අපි බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය :

  • මුං ඇට 500g
  • සහල් 500g
  • කරදමුංගු 10g
  • පොල් තෙල් බෝතල් 1
  • සීනි ග්‍රෑම් 500
  • පැණි බෝතල් ½
  • පොල් කිරි අඬු කෝප්ප 2

    සාදන ක්‍රමය : 

    1. රැයක් පෙඟවූ සහල්, කොටා පිටි සාදාගන්න.

    2. මුං ඇට හොඳින් බැදගෙන කුඩු කරගන්න. 

    3. සීනි සහ පැණි, වතුර අඬු කෝප්ප 1ක් දමා හොඳින් මිශ්‍රකර ලිප තබා පැණි උණුකර ගන්න. 

    4. පැණි උණු වූ පසු මුං ඇට පිටි සහ හාල් පිටි දමා ලී හැන්දකින් හැඳිගාමින් මෙම මිශ්‍රණය තම්බා ගන්න. 

    5. දැන් බන්දේසියක් ගෙන එයට සාදාගත් මුං පිටි මිශ්‍රණය දමා තුනීකර කැමති ප්‍රමාණයට කපාගන්න. 

    6. හාල් පිටි, පොල් කිරි දමා උකු බැටරයක් සාදාගෙන කපාගත් මුං පිටි කැබැලිවල බැටරය තවරා මුං ඇට කැවුම් රත් වූ පොල් තෙල්වලින් බැඳගන්න.

කොකිස්

කැවුම් ජාති වගේම කරස් සද්දෙට හැපෙන කොකිස් කන්න කවුද ආස නැත්තේ? රසවත් ලෙස කොකිස් හදාගන්නේ මේ විදියටයි.

අවශ්‍ය ද්‍රව්‍ය :

  • හාල්පිටි 250g
  • බිත්තර 1
  • කහ තේ හැඳි 1/2
  • මිටිකිරි කෝප්ප 2
  • ලුණු
  • කැමති නම් ලියාගත් කරපිංචා ටිකක් 

සාදන ක්‍රමය : 

  1. මේ ඔක්කොම කලවම් කරලා මිටිකිරි දාලා උකු බැටර් එකක් හදාගන්න. ලුණු රස අනුව දාගන්න.
  2. තෙල් තාච්චිය ලිපේ තියලා කොකිස් අච්චුව තාච්චිය ඇතු​ළෙ ටිකක් වෙලා තියලා රත් කරගන්න.
  3. දැන් කොකිස් අච්චුව අරගෙන තෙල් ටිකක් ගසලා කොකිස් බැටර් එකේ සම්පූර්ණයෙන්ම ඇතුළට ඔබන්නෙ නැතුව අච්චුවේ උසෙන් 3/4ක් වගේ බැටර් එක තවර ගන්න. 
  4. දැන් මේක තෙල් එකේ ඔබාගන්න. හැබැයි අඩියෙ ගෑවෙන්න දෙන්න එපා. එහෙම උනොත් කොකිස මුක්කන් වෙනවා. 
  5. කොකිස බැදීගෙන එනකොට ඉරටුවක් ​හෝ කූරක් ආධාරයෙන් කොකිස අච්චුවෙන් ගලාවාගන්න.
  6. දැන් දෙපැත්ත හරවමින් බැදගෙන තෙල් බේරගන්න.

කොකිස් අච්චු පදම් කරන්න අමාරු අයට නන්ස්ටික් අච්චු තියෙනවා දැන් වෙළඳපොළේ. 

ආස්මි

සිංහල අවුරුදු කෑම මේසයට තවත් ආවේණික රසකැවිල්ලක් තමයි ආස්මි. පැණි බේරෙන ආස්මි ටිකක් මෙදා සැරේ අවුරුදු කෑම මේසයට එකතු කරගමුද?

අවශ්‍ය ද්‍රව්‍ය :

  • හාල්පිටි 1kg
  • මිටි කිරි කෝප්ප 2
  • මේරූ දවුල් කුරුදු
  • ලුණු තේ හැදි 2
  • හකුරු 400g
  • තෙල්

සාදන ක්‍රමය : 


1. හාල් පිටි හතර පස් වතාවක්ම ඉතාම සිහින් දැල් සහිත පෙනේරයකින් හලා ගන්න.

2. හොඳින් සෝදා පිරිසිදු කරගත් දවුල් කුරුදු කොළ කැබලිවලට කඩා භාජනයකට දමා වතුර ටික ටික ඉසිමින් අතින් පොඩි කරමින් නානු සාදා ගන්න. මෙම නානු රෙදි කැබැල්ලකින් පෙරා ගන්න.

3. දැන් පිටිවලට ලුණු, නානු සහ පොල් කිරි දමා මිශ්‍ර කරන්න. හරි පදමට මිශ්‍ර වු විට එය දැන ගන්නේ මෙ‍හෙමයි. මිශ්‍රණය අනන විට අත ඔසවන්න. ඇඟිලි දිගේ නුලක් ආකාරයට පිටි බේරෙනවා නම් පදම නිවැරදියි.

4. දැන් සිහින් සිදුරු විදින ලද ලොකු පොල් කට්ටක් ගෙන එයට පිටි මිශ්‍රණය දමා රත් වු තෙලට රවුමට දැලක් සේ ගෙතෙන ලෙස පිටි වත් කරන්න.

5. පිපී‍ගෙන එද්දිම ඉක්මනින් හැන්දක් ආධාරයෙන් දෙකට නවා ගන්න. දැන් දෙපැත්ත දමා බැඳගන්න.

6. මේ විදියට බැඳගත් ආස්මි මැටි වළඳක අඩුක්කර දින 3 ක් පමණ වසා තෙල් බේරෙන්නට තබන්න.

7. දැන් හකුරු සිහින්ව ලියා වතුර ස්වල්පයක් එකතු කර පත් පැණි සාදා ගන්න.

8.එය පසෙකින් තබන්න. නැවත තෙල් වළඳක් ළිප තබා රත් වු විට ආස්මී දමා විනාඩියක් පමණ නැවත බැඳ ගන්න.

9. දියකරගත් හකුරු සිහින් රේඛා ලෙස විහිදෙන පරිදි ආස්මිය මතුපිටට වක් කරන්න.

පැණි වළලු

පැණි වළලු කන්න කවුරුත් ආසයි. රසම රස පැණි වළලු ටිකකුත් අවුරුදු කෑම මේසයට එකතු කරගත්තොත් හොඳයි නේද?

අවශ්‍ය ද්‍රව්‍ය :

  • උඳු ඇට 250g
  • හාල්පිටි 100g
  • පාන්පිටි  50g
  • ඇඹුල් කෙසෙල් ගෙඩි 1
  • ලුණු
  • සීනි මේස හැඳි 1
  • මිටිකිරි කෝප්ප ½

පැණිපත් කිරීමට

  • පැණි බෝතල් 1/2

 සාදන ක්‍රමය : 

  1. උඳු ඇට සෝදලා රැයක් පෙඟෙන්න තියලා අරන් ඇඹුල් කෙසෙල් ගෙඩියක් දාලා, වතුර පොඩ්ඩක් දාලා අඹරගන්න.
  2. මිශ්‍රණය පැයක් වගේ තියලා ලුණු හැර අනික් ඔක්කොම දාලා බැටර් එකක් හදාගන්න. මේක අවම පැය 5ක්වත් පිපෙන්න තියන්න ඕනේ.
  3. පැය පහකට පස්සෙ ලුණු දාලා අනාගෙන පයිපින් බෑග් එකකින් හෝ පිරිසිදු රෙදි කෑල්ලක හිලක් හදලා රත් වුණු තෙලට රවුමට වගේ වක් කරන්න.
  4. දැන් දෙපැත්ත හරවලා හොඳට බැඳගන්න. 
  5. පැණි ටික වෙනම භාජනේක ලා රස්නෙට රත් කරගෙන බැ​ඳපු වළලු ඒකට දාගෙන පැණි උරාගන්න තියන්න. 

අලුවා

අවුරුදු කැවිලි අතරේ තවත් ජනප්‍රිය කැවිලි වර්ගයක් තමයි අලුවා. කජු අලුවා කන්න ගොඩාක් අය හරිම කැමතියි. අපි බලමු අලුවා හදාගන්න ක්‍රමය ගැන.

 අවශ්‍ය ද්‍රව්‍ය :

  • බැදගත්තු හාල් පිටි 500g
  • සීනි 500g
  • එනසාල් ඇට 4ක්
  • වැනිලා තේ හැදි 1ක්
  • වතුර කෝප්ප 1 1/2ක්
  • ලුණු ස්වල්පයක්

සාදන ක්‍රමය : 

  1. මුලින්ම භාජනයකට සීනී දාල මිශ්‍රකරන අතර වතුර, ලුණු, වැනිලා එකට දාගෙන හොදින් හැදි ගාන ගමන් දියරයක් විදියට සීනී හදාගන්න.
  2. හැන්දෙන් එම මිශ්‍රණය පොඩ්ඩක් අරන් ඇඟිලි දෙකෙන් අල්ලලා බලන්න අතේ ඇලෙන ගාණට තියෙනවාද කියලා. එහෙම නම් පදම හරි. හැබැයි අත පුච්ච ගන්න නම් එපා.
  3. සීනි හොදින් දිය වුණාට පස්සේ ලිපෙන් ඉවත් කරගෙන එය මදක් නිවෙන්නට තියන්න. පසුව බැදගත් හාල්පිටි ක්‍රමක් ක්‍රමයෙන් එකතුකරගෙන හොදින් කවලම් කරන්න. පිටි එකතු කරද්දි එකවරම එකතු කරන්නෙ නැහැ.
  4. පදමට ආ පසුව, කපන ලෑල්ලකට හාල් පිටි ටිකක් ඉසගෙන හදාගත්ත අලුවා මිශ්‍රණය එහි තුනී කරගෙන විනාඩි 10කින් පමණ පසුව ලස්සනට අලුවා හැඩේට කපාගන්න.
  5. මේක හරියට හදාගත්තා කියන්නෙ කජු අලුවා හදන්නත් ලෙසියි. කරන්න තියෙන්නේ සීනී උණු කරගෙන ලිපෙන් බාගත්තහම එකට කජු ටිකක් පොඩියට කපලා දාගන්න.එහෙමත් නැත්නම් ලස්සනට කෑලි කැපුවට පස්සේ ඇතුළට ටිකක් තද කරලා කජු මදේ ගානේ හැම කෑල්ලක් උඩින්ම තියන්න ගැලවෙන්නේ නැති වෙන්න.

පොල් ටොෆි

කැවිලි ජාති කිහිපයක්ම තියන අවුරුදු කෑම මේසයකට පොල් ටොෆි වගේ පැණි රස ජාතියකුත් එකතු කර ගත්තොත් තවත් අවුරුදු කැවිලි මේසය වර්ණවත් වෙයි නේද? පොල් ටොෆි වගේ දෙයක් හරිම ලේසියෙන් හදාගන්නත් පුළුවන්.

 අවශ්‍ය ද්‍රව්‍ය :

  • ගාගත් පොල් 200g
  • සීනි 100g
  • කලරින්
  • වැනිලා තේ හැන්ඳක්
  • වතුර කෝප්පයක්

සාදන ක්‍රමය : 

  1. භාජනයක් අරගෙන ඒකට සීනි ටිකයි වතුර කෝප්පයයි දාලා දියකරගන්න.
  2. ඒක ලිපේ තියලා උතුරාගෙන එද්දි ඒකට පොල් ටිකයි කලරින් ටිකකුයි දාගන්න. හොඳට කලවම් කරන්න.
  3. දැන් මිශ්‍රණය වටෙන් කරවේගෙන එනකොට වැනිලා දාගන්න.
  4. තෙත ගතිය ටිකක් තියෙද්දි ලිපෙන් බාගන්න.
  5. බටර් ගාගත් තැටියකට මිශ්‍රණය දාලා තුනී කරගන්න. ගොඩක් නිවෙන්න කලින් කෑලි කපාගන්න.
    දැන් රස බලන්න.

අවුරුදු කෑම මේසයට අවශ්‍ය කැවිලි වර්ග මෙදා සැරේ අවුරුද්දට ක‌‌ඩෙන් ගන්නැතුව ගෙදරදීම හදාගන්න තමයි අපි Avurudu Sweets Recipes ඔයාලාට හඳුන්වාදුන්නේ. මේ කැවිලි වර්ග ටික මෙදා පාර ගෙදරදීම හදලා රස බලන්න. කැවිලි හදාගන්න අවශ්‍ය සියලුම ද්‍රව්‍ය Daraz Mart සමඟ Shop කරලා නිවසටම ගෙන්න ගන්න. Daraz අවුරුදු වාසි සමඟින් Grocery items සඳහා සුවිශේෂී වට්ම් ලබාගන්න.

අවුරුද්දට නිවස අලංකාර කරගන්න පුළුවන් ගෘහ උපකරණ පිළිබඳත් දැනගන්න අලුත් අවුරුද්දට නිවස අලුත් කරගන්න Best Home Appliances ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php