ඵලදායි විවේකයකට ගැළපෙන Leisure Time Essentials පහසු මිලට

ඵලදායි විවේකයකට ගැළපෙන Leisure Time Essentials පහසු මිලට

විවේකය ඵලදායිව ගත කරන්න Leisure time essentials යොදාගන්න පුළුවන්. තමන්ගේ විනෝදාංශ මත විවිධ ආකාරයේ Leisure time essentials තෝරගන්න වෙනවා.

ඔයාලාත් මේ දවස්වල Leisure time essentials සොයනවාද? Mid-Year Madness Sale වෙතින් ඵලදායි විවේකයකට අවශ්‍ය වන Leisure time essentials පහසු මිල ගණන්වලට තෝරාගන්න අවස්ථාව තියනවා.

Mid-Year Madness Sale

ඇඳහිය නොහැකි දීමනා රැසක් ගෙනදෙන Mid-Year Madness දැන් Live අත්විඳින්න. ඉලෙක්ට්‍රොනික්ස්, විලාසිතා, එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ, ගෘහ උපකරණ ඇතුළු නිෂ්පාදන රැසක් සඳහා මිලියන 50ක් වටිනා වට්ටම් හිමිකර ගන්න. බැංකු වට්ටම් හා මාසික වාරික වශයෙන් ගෙවීමේ පහසුකම්. ප්‍රියතම වෙළෙඳ නාම සඳහා සුවිශේෂී වට්ටම් සමඟින් වවුචර්ස් ඇතුළු තෑගි දිනා ගැනීමේත් අවස්ථා.

Daraz Mall වෙතින් 450කට අධික කැමතිම වෙළෙඳ නාම සමඟින් Shop කරන්න. 100%ක් විශ්වාසනීය නිෂ්පාදන, වේගවත් ඩිලිවරි සහ දින 14ක් ඇතුළත මාරු කිරීමේ හැකියාව. හොඳම ගුණාත්මක නිෂ්පාදන අඩුම මිලට සොයාගන්න.

මේ දවස්වල රටේ පවතින තත්වයත් සමඟ ගොඩාක් දෙනෙක් දැඩි පීඩනයකට පත්වෙලා. ඒ නිසාම කායික වශයෙන් වගේම මානසික වශයෙනුත් විවේකයක් නැතිවෙලා ගිහින් තියනවා. ඒත් දවස පුරා වෙහෙස මහන්සි වෙන හැම කෙනෙක්ම තමන්ට විවේක කාලයක් වෙන් කර ගැනීම අත්‍යවශ්‍ය දෙයක්. විවේක කාලය ගත කරන්න එක එක්කෙනා විවිධ ක්‍රම යොදා ගන්නවා. ඒ අතරින් ඵලදායි ලෙස විවේකය ගත කරන්න අපිට තෝරගන්න පුළුවන් හොඳම ක්‍රම තමයි පොත්පත් කියවීම, සංගීතය රස විඳීම වැනි ක්‍රියාකාරකම්. ඒ හරහා මනසටත් විවේකයක් ලැබෙනවා.  ඒ වගේම තමයි විවේක වෙලාවට ව්‍යායාම්, ක්‍රීඩා ආදියෙත් නියැළෙන්න පුළුවන්.එය තමන්ගේ ශරීර සෞඛ්‍යයට වඩාත් යහපත් වෙනවා.

ඵලදායි ලෙස විවේකය ගත කරන්න අවශ්‍ය පොත්පත්, සංගීත භාණ්ඩ ආදියත් ව්‍යායාම් උපකරණත් දැන් Daraz වෙතින් ඔන්ලයින් ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්. Mid-Year Madness Sale වෙතින් මෙම උපකරණ සුවිශේෂී වට්ටම් සහිතව මිලදී ගන්න අවස්ථාව උදාවෙලා තියනවා. ඒ නිසා ඵලදායිව විවේකය ගත කරන්න සුවිශේෂී වට්ටම් සහිතව මිලදී ගන්න පුළුවන් Leisure time essentials මොනවාද කියලා අපි බලමු.

Media, Music & Books

Mid-Year Madness Sale වෙතින් Yamaha, Mike Audio, Sky Music Center, Expographic Books, M. D. Gunasena, and Company (Private) Limited, Samudra Book Shop, Jeya Book Center, and Casio වෙළෙඳ නාම සඳහා 50% දක්වා වට්ටම් සමඟින් නොමිලේ ඩිලිවරි හා වවුචර්ස්.

Teens Books

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි’’ කියමන අපි අහලා තියනවානේ. තරුණ වයසේ ඉන්න ළමයින්ට පොත්පත් කියවීම පුරුද්දක් කරගන්න පුළුවන් නම් ඉතාමත් වටිනවා. පොත් කියවන්න ප්‍රිය කරන්නන් පුරුද්දක් හැටියට විවිධ පොත්පත් එකතු කරගන්නවා. ඒ අතර පරිවර්තන කෘති, ස්වයං චරිතාපදාන ආදි පොත් කියවන්න තරුණ පිරිස වැඩි උනන්දුවක් දක්වනවා. පොත් සාප්පුවලට යන්නැතුව මෙවැනි පොත්පත් දැන් Daraz වෙතින් තෝරාගෙන ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. Mid-Year Madness Sale එකෙන් මේ දවස්වල වට්ටම් හිමිවෙනවා කියලාත් අමතක කරන්න එපා.

Kids Story Books

පුංචි ළමයි විවේක වෙලාවට සෙල්ලම් කරන්න තමයි වැඩියෙන් කැමති. ටිකක් සෙල්ලම් කරන්න වෙලාව දුන්නාට කමක් නෑ. පොත්පත් ආදිය කියවන්නත් පුංචි දරුවන්ව යොමු කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ළමා කතාන්දර පොත් කුඩා දරුවන්ගේ බුද්ධිය වර්ධනය කරන්න උපකාරී වෙනවා. ඒ වගේම සුන්දර කතාන්දර පොත් කියවීමෙන් ඔවුන්ට අලුත් ලෝකයක් මැවෙන නිසා එය විනෝදයක් එක් කරන ක්‍රියාකාරකමක් වේවි. පුංචි ළමයින්ට හඬ නඟා මෙම කතාන්දර පොත් කියවීමට පුරුදු කළොත් ඔවුන්ගේ කියවීමේ හැකියාවත් දියුණු වෙනවා. ඒ නිසා Daraz  වෙතින් ඔයාලාගේ පුංචි දරුවන්ට ළමා කතාන්දර පොත් තෝරගන්න.

Sinhala Novels

විවේක කාලය ගත කරන්න පොත්පත් කියවීම ගොඩාක් දෙනෙක්ගේ විනෝදාංශයක් වෙලා තියනවා. එය සැබැවින්ම ඵලදායි විනෝදාංශයක්. පොත්පත් කියවීම විනෝදාංශයක් කරගත් අයගේ පොත් ලැයිස්තුවේ පොත් අතරට නවකතා පොත් වරදින්නැතුවම එක්කර ගන්නවා. තරුණ, වැඩිහිටි භේදයකින් තොරව පොත්පත් ලෝලීන් නවකතා පොත් කියවන්න ප්‍රිය කරනවා. ඔයා කැමතිම නවකතා පොත් මේ දැවැන්ත සේල් එකෙන් වට්ටම් සහිතව මිලදී ගන්න.

Horror Books

ඇතැම් අය ත්‍රාසජනක පොත්පත් කියවීමට ඇලුම්කමක් දක්වනවා.  ත්‍රාසය, භීතිය පිරි අභිරහස් කතා සහිත පොත් කියවන්න කැමති අය ෂර්ලොක් හෝම්ස් පොත් අනිවාර්යෙන්ම තෝරාගන්නවා. පාසල් යන වයසේ දරුවන්, තරුණ පිරිස් විතරක් නෙවෙයි වැඩිහිටි අය පවා මේ ෂර්ලොක් හෝම්ස් කතා පොත් කියවන්න උනන්දුවක් දක්වනවා. මෙවැනි පොත් ගන්න පොත් සාප්පුවලට යන්න විදියක් නැතුව නම් ඔයා ඉන්නේ දුක්වෙන්න එපා. Daraz වෙතින් ඔන්ලයින් ඕඩර් කරලා ඔයාගේ‌ ගෙදරටම ගෙන්න ගන්න.

Guitar

මනස සැහැල්ලු කරගන්න හොඳම ක්‍රමයක් තමයි සංගීතයට යොමු වීම. කොතරම් පීඩාකාරී තත්වයක හිටියාත් සංගීතය රසවිඳීම තුළින් හදවත් සුවපත් වෙනවා. ඔයා සංගීතයට ඇලුම් කරන කෙනෙක් නම් විවේකී වෙලාවට සංගීත භාණ්ඩ වාදනය කරන්න කැමතියි නේද? ගිටාර් වාදනය මනසට සැහැල්ලුවක් වගේම විනෝදාස්වාදයක් එක් කරනවා. acoustic guitar, classical guitar, electric guitar වැනි ඔයා කැමතිම ගිටාර් එකක Mid-Year Madness Sale එකෙන් සොයාගන්න Search කරන්න.

Piano

විවේකී වෙලාවට සංගීත භාණ්ඩ වාදනය කිරීම විනෝදාංශයක් හැටියට තෝරාගත් අය අතර පියානෝව වඩාත් ජනප්‍රියයි. පියානෝ වාදනය තුළින් මුළු නිවසම සංගීතයේ මිහිරි නාදෙන් මුසපත් වෙනවා. ඔයාත් පියානෝ වාදනයට ඇලුම්කමක් දක්වන කෙනෙක් නම් තමන්ටම කියලා පියානෝවක් ගන්න සොයනවාද? එහෙනම් ඔන්න මේ සේල් එකෙන් විශේෂ වට්ටමකට පියානෝවක් තෝරගන්න.

Sports & Outdoors

Teleseen, Teleseen Marketing, Quantum, Quantum Fitness, Nonine, Seepower, Lumala, Tomahawk, Suriyage, Shimano, Giant, Lumstar, DSI Bikes, and Stallion Riders වෙළෙඳ නාම සඳහා Mid-Year Madness Sale වෙතින් 50%ක් දක්වා වට්ටම් සමඟින් නොමිලේ ඩිලිවරි,වවුචර්ස් ඇතුළු තෑගි.

Exercise Machine

තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන වැඩියෙන් උනන්දු වෙන අය විවේකී වෙලාව ඵලදායිව ගත කරන්න ව්‍යායාම් කරන්න යොමු‌ වෙනවා. ව්‍යායාම් කරන්න GYM එකකට යනවාට වඩා තමන්ගේ ගෙදරම Exercise Machine තිබුණොත් වඩාත් පහසුයි නේද? Elliptical Bike, Spin Bike, Rowing Machine ආදිය Exercise Machine හැටියට ඔයාගේ ව්‍යායාම් කරන්න එක්කරගන්න පුළුවන්. මෙම ව්‍යායම් උපකරණ ටිකක් මිල අධික නිසා මෙවැනි උපකරණ මිලදී ගන්න ඔයාට අදහසක් තියනවා නම් ඒ සඳහා හොඳම වෙලාව තමයි දැන් ඇවිත් තියන්නේ. 

Treadmills

ඔයා ව්‍යායාම් කරන්න අලුතෙන් පටන් ගත්ත කෙනෙක් නම්, Treadmill එකක් ඔයාට ගැළපෙන ව්‍යායාම් උපකරණයක්‌ වෙනවා. මෙම උපකරණය හරහා ඇවිදීම, දිවීම වැනි ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. heart rate monitors සහ step counters වැනි විශේෂාංග සහිත Treadmills ඔයාගේ ශරීරයේ යෝග්‍යතාවය මැන බලන්න උපාකරී වෙනවා. Figure එක ලස්සනට පවත්වාගෙන යන්න කැමති,තමන්ගේ ශරීරයේ Fitness එක ගැන නිතර හිතන ඔයාලා Treadmill එකක් සොයනවා නම් Daraz Mid-Year Madness වෙතින් විශේෂ වට්ටම් සමඟින් හොඳම Treadmill එකක් ගන්න දැන්ම Shop කරන්න.

Bicycles

මේ දවස්වල රටේ තියන ඉන්ධන අර්බුදයත් එක්ක වැඩිම ඉල්ලුමක් තියන වාහනය බවට පත්වෙලා තියනේනේ බයිසිකලය. බයිසිකලය මේ දිනවල ඉන්ධන අර්බුදයට විසඳුමක් හැටියට තෝරගත්තාට බයිසිකල් පැඳීම විනෝදාංශයක් හැටියටත් කරන්න පුළුවන් නම් අපේ ශරීර සෞඛ්‍යට වඩාත් හිතකර වෙනවා. ඒ නිසා විවේකී වෙලාව ඵලදායිව ගත කරන්න බයිසිකල් පැඳීම වැනි ක්‍රියාකාරකම්වලත් ඔයාලාට නියැළෙන්න පුළුවන්. වැඩි ඉල්ලුම නිසාම මේ දවස්වල බයිසිකල්වල ගණනුත් ඉහළ ගිහිල්ලායි තියනේනේ. ඒත් මේ දිනවල Daraz Sale එකෙන් විශේෂ මිල අඩු කිරීම් සමඟින් බයිසිකලයක් තෝරගන්න අවස්ථාව දැන් තියනවා.

Badminton Rackets

විවේකී වෙලාවට යහළුවන් හා තමන්ගේ පවුලේ අය සමඟ කාලය ගත කරන්න ගොඩාක් දෙනා තෝරාගන්න ක්‍රීඩාවක් තමයි බැඩ්මින්ටන්. බැඩ්මින්ටන් විනෝදයක් එක් කරන ක්‍රීඩාවක් වගේම බැඩිමින්ටන් ක්‍රීඩාවේ යෙදීම එක්තරා ආකාරයක ව්‍යායාමක් වෙනවා. බැඩ්න්ටන් ක්‍රීඩාවට අවශ්‍ය Rackets, shuttlecocks වැනි උපාංග Daraz වෙතින් ඔන්ලයින් ගෙදරටම ගෙන්වාගෙන ඔයාගේ පවුලේ අය සමඟ විනෝදයෙන් කාලය ගත කරන්න.

ඵලදායි ලෙස විවේකය ගත කරන්නේ කොහොමද කියලා ඔයාලාත් හිතනවා නම් අපි අද හඳුන්වලා දීපු Leisure time essentials Daraz Mid-Year Madness Sale එකෙන් විශේෂ වට්ටම් සහිතව ‌‌මේ හැමදේම මිලදීගන්න පුළුවන්. දැවැන්ත දීමනා අත්විඳින්න තවත් බලාගෙන ඉන්නැතුව Daraz ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන දැන්ම Shop කරන්න පටන් ගන්න.

මේ කාලයේ Daraz Mid-Year Madness වෙතින් සුවිශේෂී වට්ටම් සහිතව මිලදී ගන්න පුළුවන් Tech ගැජට්ස් ගැන දැනගන්න මේ කාලයේ අඟනා දීමනා සමඟින් තෝරගන්න Cool Tech Gadgets ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php