WOW වෙතින් මව්වරුන්ගේ තේරීම සඳහා Best Baby Products

WOW වෙතින් මව්වරුන්ගේ තේරීම සඳහා Best Baby Products

අලුත උපන් සිඟිත්තන් වෙනුවෙන් Best Baby Products අවශ්‍ය වෙනවා. ඒ නිසා ආරදණීය මව්වරුන්ගේ තෝරාගැනීම් අතරට Best Baby Products එකතු කරගන්න දෙයක්.

ඔයාත් අම්මා කෙනෙක් හැටියට Best Baby Products සොයනවාද? Daraz- WOW වෙතින් Best Baby Products මේ දිනවල දීමනා සහිතව තෝරගන්න.

අම්මා කෙනෙක්ගේ වටිනාම සම්පත වෙන්නේ තමන්ගේ දරුවන්. පුංචි බිළිදෙක් ඉපදෙන්න ඉන්නවා කියලා දැනගත්තාම අම්මා කෙනෙක්ට දැනෙන සතුට නිම කරන්න බෑ. කාන්තාවකට ලබන්න පුළුවන් උතුම්ම පදවිය මව් පදවිය කියලා කියන්නෙත් ඒ නිසායි. තමන්ගේ දරුවන් ගැන මව්පියන් හිතන්න පටන් ගන්නේ ඔවුන් ඉපදෙන්නත් කලින් ඉඳලාමයි. ඉපදෙන්නට ඉන්න තම සිඟිත්තන් වෙනුවෙන් අවශ්‍ය හැමදේම සූදානම් කරගන්නේ හරිම උනන්දුවෙන්. ඊට පස්සේ දරුවෙක් උපන්දා ඉඳන් අම්මා කෙනෙක්ට වගකීම් රැසක් පැවරෙනවා. කුඩා දරු පැටියාගේ රැකවරණය, සනීපාරක්ෂාව හා සුවපහසුව ගැන මවකට නිතරම සිතන්න වෙනවා. ඒ නිසා තමන්ගේ සිඟිත්තන් වෙනුවෙන් හැම මවකගේම තෝරාගැනීම් අතරට එක් වෙන්නේ හොඳම නිෂ්පාදනයි. අලුත උපන් බිළිදෙකුට අවශ්‍ය වන Best Baby Products රැසක්ම තියනවා.

අලුතෙන් බිළිදෙක් ඉපදුණාට පස්සේ තම සිඟිත්තා එක්ක දවස ගත කරන අම්මලාට, ඔවුන්ට අවශ්‍ය  වන ළඳරු නිෂ්පාදන සොයන්න Shopping යන්න වෙලාවක් වෙන්කර ගන්න අමාරුයි නේද? ඔයාලා දන්නවාද දැන් Baby Products හොය හෙයා කෙහේවත් යන්න ඕන නෑ. Daraz වෙතින් ඔන්ලයින් ඔයාගේ පොඩ්ඩාට අවශ්‍ය හැමදෙයක්ම ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්.

ඔයා Original products සොයනවාද? Daraz Mall වෙතින් අඩුම මිලට හොඳම නිෂ්පාදන. 450කට වැඩි ප්‍රියතම වෙළෙඳ නාම රැසක්. 100%ක් ගුණාත්මක නිෂ්පාදන තෝරගන්න.  වේගවත් ඩිලිවිරි සමඟින් දින 14ක් ඇතුළත මාරු කිරීමේ පහසුවත්.

WOW දැනෙන Mother & Baby Products

Daraz සමඟින් Shop කරන ඔයාලාට අගෝස්තු 26 සිට සැප්තැම්බර් 1 දක්වා WOW -Women’s Week 2022 අත්විදීමේ අනඟි අවස්ථාව තියනවා.  මව්වරුන් වෙනුවෙන් WOW වෙතින් Mother & Baby Products සඳහාත් සුවිශේෂී දීමනා.  මව්වරුන්ගේ තෝරාගැනීම් වන Baby Cheramy, Marvel,  Farlin වැනි  ප්‍රියතම වෙළෙඳ නාම සඳහා 30%ක් දක්වා වට්ටම් ලබාගන්න.

ඔයා Original products සොයනවාද? Daraz Mall වෙතින් අඩුම මිලට හොඳම නිෂ්පාදන. 450කට වැඩි ප්‍රියතම වෙළෙඳ නාම සමඟින් 100%ක් ගුණාත්මක නිෂ්පාදන තෝරගන්න. වේගවත් ඩිලිවිරි සහ දින 14ක් ඇතුළත මාරු කිරීමේ පහසුවත්.

Feeding Bottle

උපන්දා ඉඳලා මව්කිරි බොන්න පුංචි සිඟිත්තන් පටන් ගන්නවා. මව්කිරි බොන ළඳරුවෙකුට අඩුම වශයෙන් අට වතාවක් හෝ දොළොස් වතාවක් මව්කිරි දීම අවශ්‍ය දෙයක්. හැම අම්මා කෙනෙක්ම අලුත උපන් බිළිඳාට මව්කිරි දෙන්න කැමති වුණාත් ඇතැම් මව්වරුන්ට ප්‍රමාණවත් තරම් කිරි නැතිවීම, දරුවන්ට මව්කිරි නොගැළපීම වැනි හේතු නිසා මව්කිරි දෙන්න බැරි වෙන අවස්ථා තියනවා. එහෙම වෙලාවට බිළිඳාගේ පෝෂණය සඳහා කිරි පිටි දෙන්න තමයි තෝරාගන්නේ. ඒ නිසා පිටි කිරි හදලා කිරි පොවන්න Feeding bottle ඇතුළු උපාංග ඔයාගේ සිඟිත්තාට අවශ්‍ය උපාංග අතරට එක් කර ගන්න.

Milk Storage Bottle

දැන් කාලේ මව්වරුන් වැඩි දෙනෙක් කාර්යබහුලයි. ගොඩාක් දෙනෙක් ගෘහණියක් හැටියට ගත කරන ජීවිතයට අමතරව රැකියාවක නිරත වෙනවා. අලුතෙන් බිළිදෙක් ඉපදුණාට පස්සේ රැකියා කරන මව්වරුන්ට නිවාඩු ලැබෙන්නේ මාස 3ක් වැනි කාලයක් පමණයි. ඊට පස්සේ ජොබ් එකට යන්න පටන් ගත්තාම දරුවාට මව්කිරි සුපුරුදු පරිදි දෙන්න බැරි වෙනවා. හැබැයි මව්කිරි කුඩා බිළිඳෙකුට අවශ්‍යම දෙයක් නිසා මව්කිරි දොවලා බෝතලේකට දාලා තියන්න ඔයාට පුළුවන්. ඒ සඳහා Milk Storage Box එකක් කදිම උපකරණයක් වෙනවා.

Spoon Set

මාස 6ක් ගියාට පස්සේ පුංචි දරුවන්ට පොඩ්ඩ පොඩ්ඩ ආහාර දෙන්න පටන් ගන්නවා. හැබැයි ඉතිං පුංචි සිඟිත්තන්ගේ දත් හරියට වැඩිලා නැති නිසා ඝන ආහාර ගන්න අමාරුයි.ඒ නිසා බ්ලෙන්ඩ් කරලා තමයි පුංචි පොඩ්ඩන්ට කෑම කවන්නේ. කෑම කවද්දි ඔවුන්ට අපහසුතාවයක් දැනෙන්නැති වෙන්න මේ වගේ ප්ලාස්ටික් හැඳි සෙට් එකක්ම තියාගත්තාම වඩාත් වටිනවා නේද? Farlin වැනි වෙළෙඳ නාම වෙතින් සිඟිත්තන්ට අවශ්‍ය කරන මෙවැනි උපාංග තෝරාගන්න පුළුවන්.

Plastic Bowl

අම්මා කෙනෙක්ගේ හිතේ වැඩ කරන්නෙම තමන්ගේ පොඩ්ඩොන්ට කෑම කවලා ඔවුන්ට නිසි පෝෂණයක් ලබාදීම ගැනයි. පුංචි බබාලාට කෑම දෙන්න ඊට ගැළපෙන උපාංග තෝරගන්නත් වෙනවා. මේ වගේ Plastic Bowl පොඩ්ඩොන්ගේ කෑම දාන්න වඩාත් කදිමයි. අලුතෙන්ම කෑම කන්න පටන් ගන්න සිඟිත්තන්ට ගැළපෙන විදියට තමයි මේ Bowl වර්ග හදලා තියන්නේ. ඉතිං ඔයාත් දරුවාගේ පෝෂණය ගැන නිතරම සිතන අම්මා කෙනෙක් නම් බබාට අවශ්‍ය කරන කළමනා ලැයිස්තුවට මේ වගේ දේවල් එක්කර ගන්න අමතක කරන්න එපා.

Diapers

ආදරණීය මවක් හැටියට සිඟිති පැටියාගේ සුවපහසුව ගැන ඔයාට නිනරම හිතන්න වෙනවා නේද? සිඟිත්තාට දවස පුරා සුවපහසුවෙන් ඉන්න නම් තුනී බවක් තියන වැඩි උරා ගැනීමක් සහිත ඩයපර්ස් තෝරාගන්න අවශ්‍යයි. අලුත උපන් පුංචි බිළිඳුන්ට තියන්නේ හරිම සංවේදී,මෘදු සමක්. ඒ නිසා ඔවුන්ව පහසුවෙන් සිනාමුසු මුහණින් තියන්න නම්  හොඳ ඩයපර්ස් පාවිච්චි කරන්න වෙනවා. ඒ වගේම තමයි විවිධ ආසාත්මිකතා දරුවාට ඇතිවීම වළක්වන්න වරින් වර ඩයපර්ස් මාරු කරන එක වඩාත් හොඳයි. ඒ නිසා Marvel වැනි විශ්වාසනීය වෙළෙඳ නාම සහිත ඩයපර්ස් තෝරා ගැනීම වැදගත්.දිනකට ඩයපර්ස් කිහිපයක්ම පාවිච්චි කරන්න වෙන නිසා මේ දවස්වල WOW දීමනා සමගින් මාස කිහිපයකට ප්‍රමාණවත් ඩයපර්ස් පැකට් මිලදීගෙන තියාගමුද?

Baby Cologne

ආදරණීය සිඟිත්තන්ව සුව පහසුවට පිරිසිදුව ලස්සනට තියන්න ඕන වගේම සුවඳවත්ව තියන්නත් එපැයි. අලුත උපන් පුංචි බබාලා ගාව කොහොමත් සුවඳයි. ඉතිං එහෙම සුවඳ පුංචි බබාලාව තවත් සුවඳවත් කරන්න පුළුවන් Baby Cologne ටිකක් දාලා. ඇඟ සෝදවලා, නාවලා ගෙනාවාට පස්සේ Baby Cologne ටිකක් දැම්මාම බබාගේ සුවඳ තවත් වැඩි වෙනවා. Baby Cologne දරුවන්ගේ සමටත් හිතකර නිසා ඔයාගේ පුංචි දරු පැටියාට වඩාත් සුවඳවත් Cologne එකක් තෝරගන්න.

Baby Cream

පුංචි සිඟිත්තන්ගේ සම හරිම සුනිඳුයි. ඉතිං ඔවුන්ව තවත් සුමුදුව තියන්න පුළුවන් ක්‍රීම් ජාති ගෑවාම. සම හරිම සංවේදී නිසා ඔවුන්ගේ සමට හිතකර බේබි ක්‍රීම් තෝරාගන්න වෙනවා. පුංචි ළඳරුවන්ගේ සම හිරු එළිය, උණුසුම නිසා වියලුණොත් දරු පැටියාගේ සමට අපහසුතාවයක් දැනෙනවා. ඒ නිසා තමයි නාවලා ඉවර වුණාට පස්සේ ක්‍රීම් ජාති ඇඟ පුරාම ආලේප කරන්නේ. බාබාට අහිතකර කිසිඳු අමුද්‍රව්‍යක් අඩංගු නැති ආරක්ෂිත වෙළෙඳ සන්නාම ලෙස දිගු කාලයක් විශ්වාසය දිනා තිබෙන Baby Cheramy  ක්‍රීම් WOW සමඟින් Shop කරලා මිලදී ගන්න.

Baby Soap

අලුත උපන් බිළිඳුන්ට අවශ්‍ය වන කළමනා අතරේ බේබි සබන් අමතක කරන්නම බැරි දෙයක්. මල් පෙත්තක් වගේ මුදු සුමුදු සිඟිත්තන්ගේ සම රැකගන්න ළඳරු සමට හිතකර බේබි සබන් වර්ගයක් තෝරා ගැනීම මවකගේ වගකීමක්. බිළිඳු සම විෂබීජවලින් ආරක්ෂා කරලා මෘදු බව හා තෙතමනය රැක ගන්න බේබි සබන් උපකාරී වනවා.  බිළිඳු සමට ගැළපෙන ස්වභාවික ශාකසාරයන්ගෙන් සමන්විත බේබි සබන් එකක් වඩාත් ගැළපේවි.

Gum Soother

සිඟිත්තා උපන්දා ඉඳලාම සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට හුරු කිරීම වැදගත් වෙනවා. පුංචි බිළිඳුන් වයසින් ටික ටික වැඩෙද්දි දත් වැඩෙන්නත් පටන් ගන්නවා. කිරි දත් වැ‌ඩෙන්න පටන් ගත්තාට පස්සේ හැමතිස්සෙම මෙනාහරි හපන්න තමයි ඔවුන් කැමැති. හැබැයි අහුවෙන හැමදේම හපන්න දෙන්න බෑනෙ. ඒ නිසා දත් වැ‌ඩෙන වයසේ ඉන්න පුංචි සිඟිත්තෙක්ට Gum Soother වඩාත් සුදුසුයි.

Child Carry Cot

පුංචි සිඟිත්තන් එක්ක ගමන් යන එක ලේසි දෙයක් නෙවෙයි.ගොඩාක් වෙලාවට අලුත උපන්  බිළිදෙක්ව මාස 3ක් පමණ වෙනකම් අම්මලා එළියට එක්කන් යන්නේ නෑ. මාස 3 පහුවුණාට පස්සේ තමයි ගමන් එක්කන් යන්න බලන්නේ. කොහොම වුණාත් ගෙදරම තියනවාට වඩා වටපිටාව පෙන්නලා බබාව පරිසරයට හුරු කරන්න පිටතට එක්කන් යන එක වඩාත් හොඳ දෙයක්. එහෙම වෙලාවට මේ වගේ Child Carry Cot එකක් කදිම උපාංගයක්. බබාට වඩාත් සුවපහසු විදියට තමයි හදලා තියන්නෙත්. කොහේහරි ගමනක් ගියාම ඔයාගේ පුංචි සිඟිත්තාව මේ Cot එකේ නිදි කරවලා තියන්නත් පුළුවන්. මේ වගේ අයිටම්ස් ටිකක් මිල අධික නිසා මේ දිනවල WOW වෙතින් වට්ටම් සහිතව මෙවැනි උපාංග ඔයාගේ සිඟිත්තා වෙනුවෙන් මිලදී ගන්න.

තම සිඟිත්තන් වෙනුවෙන් ආදරණීය මව්වරුන්ගේ හොඳම තේරීම අතරට මෙම Best Baby Products Daraz වෙතින් ගෙදරටම ගෙන්න ගන්න. තව තවත් බලාගෙන ඉන්නැතුව WOW සමඟින් දැන්ම Shop කරන්න.

කාන්තාවන්ට ගැළපෙන හොඳම ලැප්ටොප් ගැන දැනගන්න Laptops for Ladies: 7 Best Computers for Women in 2022 (daraz.lk) ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php