The best android phones in Sri Lanka රු.35, 000ත් රු.75, 000ත් අතර

The best android phones in Sri Lanka රු.35, 000ත් රු.75, 000ත් අතර

The best android phones in Sri Lanka ඔබට තෝරා ගැනීමේ විවිධ මාදිලි කිහිපයක් පවතියි. වෙළෙඳපො‌ළෙන් හොඳම අතරමැදි මිල ගණන්වලට තිබෙන Phones ඔබේ සිතැඟි පරිදි තෝරා ගන්න.


The best android phones in Sri Lanka අතරමැදි මිලකට ඔබ සොයනවාද? ඔබගේ පහසුව උදෙසා අප ඔබට ඉදිරිපත් කරන්නේ වෙළෙඳපොළේ අතරමැදි මිල ගණන්වලට තිබෙන හොඳම Phones ලැයිස්තුවයි.


ඉහළ සන්නාම ලෙස සැළකෙන iPhone 12 Pro හෝ Samsung Galaxy S21 Ultra මිලදී ගැනීමේ හැකියාවක් සෑම කෙනෙකුම සතුව නැත. ඒ නිසාම අඩු විදයමකින් මාදිලි කිහිපයක් තෝරා ගැනීමේ අවස්ථාව දැන් උදා වී තිබෙන්නේ ඔබට සුවිශේෂී අත්දැකීමක් තිළිණ කරමින්ය.


අලුත් mobile එකක් මිලදී ගන්න ආසාව තියද්දි ඔබගේ බැංකු ගිණුමේ ශේෂය අඩු වී ඇත්නම් දුක් වෙන්න එපා. ඉහළ සන්නාම සහිත Phonesවල මිලෙන් භාගයකටත් වඩා අඩු මිලකට ඔබට මෙම Phones මිලදීගත හැකියි.
අප හඳුන්වාදෙන්නේ රු. 35,000ත් රු. 75, 000ත් අතර මිලකට ලබාගත හැකි හොඳම Phones කිහිපයක්ය. අපගේ ලැයිස්තුවෙන් අතරමැදි මිලකට ලබාගත හැකි හොඳම android phones මොනාවාද කියලා අපි බලමු. මේ අතුරින් ඔබට අවශ්‍ය ඕනෑම මාදිලියේ phones වර්ගයක් Daraz වෙතින් මිලදීගත හැකියි. විශ්වාසනීය සන්නාම සහිතව අඩුම මිලට 100%ක් නිරවද්‍ය නිෂ්පාදන. ඔබ සෑහීමකට පත් නොවුණොත් දින 14ක් ඇතුළත නැවත මාරු කර ගැනීමේ පහසුව සමඟින්.

Best Android Phones in Sri Lanka between Rs. 35,000 – Rs. 75,000

Phones between Rs. 35,000 – Rs. 75,000Price in Sri Lanka
Huawei Y7aRs. 41,318
OPPO A54Rs. 46,990
Huawei Nova 7i Rs. 48,663
Xiaomi MI Redmi Note 10 ProRs. 57,490
Poco X3 ProRs. 62,999
realme 8Rs. 64,999
Oppo F19 ProRs. 69,990

Huawei Y7a


මෙම ස්මාර්ට් phone එකේ තිබෙන වටිනාම අංගය වන්නේ දැවැන්ත 5000 mAH බැටරියයි. එය නිමක් නැති විනෝදජනක ලෝකයක් තුළ රැඳී සිටීමට ඔබට ඉඩ හසර ලබාදෙයි. මෙහි බැටරි ක්‍රියාකාරිත්වය ඉතා සංකීර්ණ වන අතර Al Power saving පද්ධතියෙන් 4G Calls සඳහා පැය 38ක් දක්වාත්, online video playback සඳහා පැය 16.6ක්, 4G web browsing සඳහා පැය 12ක කාලයකුත් පිරිනමයි.ඊට අමතරව 22.5w HUAWEI සුපර් චාර්ජරය නිසාම ඉක්මනින් බැටරිය චාර්ජ් කර ගන්නත් පුළුවන්.
ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථා මඟ නොහැර ඡායාරූප ගත කිරීමට හෝ රෙකෝඩ් කර ගැනීමට Huawei Y7aහි අඩංගු Quad Al කැමරාවෙන් ලැබෙන්නේ විශාල සහායකි. ස්වභාවික ඡායාරූපයක් හෝ ඔබේ දරුවාගේ ඡායාරූප ආදි ජීවිතයේ සන්ධිස්ථානමය අවස්ථා පිළිබඳ ඡායාරූප 48MP කාචයේ සොඳුරුව ඡායාරූප ගත කෙරෙනු ඇත. ඔබ දන්නවාද? මෙහි ඇති හොඳම වටිනාකම නම් සියලුම කැපී පෙනෙන විශේෂාංග සහිතව සාධාරණ මිලකට ගත හැකි හොඳම Phone එකක් වීමයි.


OPPO A54



අතරමැදි මිල ගණන් සහිත Phone වෙළෙඳපොළට වටිනාම නවතම හඳුන්වාදීමකි. 13Mp rear camera තුළින් ඉහළ ගුණාත්මකභාවයක් සහිත ඡායාරූප සහ වීඩියෝ රැසක් ලබාගන්න පුළුවන්. ඒවගේම 16 MP front HD Quality එකෙන් selfie ඡායාරූප ගැනිමේත් කදිම අවස්ථාවක් . 5000Mah බැටරියත් සමඟ එන OPPO F19න් පැය 16ක් දක්වා online video නැරඹිය හැකියි. විවධ පහසුකම් අත්විඳින්න Octa-core processor. ඊට අමතරව අඟල් 6.51 Eye Care Neo තිරය නිසා ඔබේ දෑස්වලටත් ආරක්ෂාවක්.

Huawei Nova 7i


Huawei Nova 7i rear කැමරා 4ත් සමඟ ඔබට සිතාගන්නටත් නොහැකි තරමටම ලෝකය පුළුල්, තියුණු හා සමීප වනු ඇත. Bokeh කාචය සමඟින් නාට්‍යමය දර්ශන නිර්මාණය වී macro කාචය හරහා ස්වභාවික පින්තූර ඔබට සමීප වේ. එය හරියට ඔබව චිත්‍රාගාරයකට රැගෙන යාමක් හා සමානය.

මෙය අඟල් 6. 4 තිරයකින් සමන්විත වන අතර ඉහළ ඉල්ලුමක් සහිත games මෙහෙයවීමේ ධාරිතාවක් පවතියි. අතරමැදි මිල ගණන්වලට තිබෙන හොඳම phone වර්ගයකි.

Xiaomi MI Redmi Note 10 Pro


Qualcomm Snapdragon 865 flagship-level ප්‍රෙසෙසරයෙන් වේගවත් හා ශක්තිමත් අංග කිහිපයක් ක්‍රියාත්මක වෙයි. ඊට අමතරව රත්වීම වළක්වා ගැනීමට නිසියාකාර තාප පාලනය සඳහා VC liquid cooling අඩංගු වේ. මෙම දුරකථනයේ තවත් ප්‍රමුඛතම අංගයක් වන්නේ mobile තාක්ෂණයේ පෙරළියක් වූ 100 MP rear කැමරාවක් පැවතීමයි. ඔබේ නිර්මාණශීලිත්වය දියුණු කර ගනිමින් වෘත්තිය ඡායාරූප ශිල්පියෙක් වීමට මෙය කදිම මෙවලමකි.
අඟල් 6.67 AMOLED තිරය නිර්මාණය කර ඇත්තේ තම සිතැඟි දේ නරඹමින් පරිශීලකයන්ට උපරිම වාසියක් අත් කර ගැනිමට හැකි පරිදියි. වීඩියෝ සාකච්ඡා සහ දුරස්ථ ඉගෙනීම් සඳහා මෙය වඩාත් යෝග්‍ය වේ.

Poco X3 Pro


POCO X3හි 64MP ප්‍රධාන කැමරාවක්, 13MP අල්ට්‍රා-වයිඩ් කෝණ කැමරාවක්, 2MP මැක්‍රෝ කැමරාවක් සහ 2MP ගැඹුර සංවේදකයක් ඇතුළත් විශිෂ්ට පසුපස quad-camera සැකසුමක් අන්තර්ගතය. දර්ශනීය රූප මෙන්ම සුවිශේෂී ගුණාත්මක සහ විස්තරාත්මක වීඩියෝ ග්‍රහණය කර ගැනීමට හැකි පරිදි නිපදවා ඇත. තවද, දුරකථනයේ ප්‍රධාන කැමරාව ප්‍රමුඛතම Sony IMX 682 වන අතර එය සවිස්තරාත්මක සහ ඇදහිය නොහැකි තරම් පැහැදිලි රූප නිපදවයි. ඉන්ස්ටග්‍රෑම්හි වටිනා සෙල්ෆි ඉවත් කිරීමට සහ පැහැදිලි වීඩියෝ සාකච්ඡා සඳහා දුරකථනයේ 20MP ඉදිරිපස කැමරාවක් ද පවතියි.

එපමණක් නොවෙයි POCO X3 විශාල 5,160mAh බැටරියකින් සමන්විත වන බැවින් එය සාමාන්‍ය භාවිතය යටතේ දින දෙකකට වඩා වැඩි කාලයක් පවත්වා ගත හැකියි. මීට අමතරව, 33W rapid charging නිසාම මිනිත්තු 65 කින් සම්පූර්ණයෙන්ම චාර්ජ් කර ගැනීමට හැකි වේ.

Realme 8


Realme යනු ලාභදායි මිලකට ලබාගත හැකි චීන ජංගම දුරකථන සන්නාමයකි. සැමට දැරිය හැකි මිලකට උසස් තත්ත්වයේ smart phone එකක් ලබාදීම මෙම සන්නාමයේ අරමුණයි. වෙළෙඳපොළට ඔවුන්ගේ නවතම හඳුන්වාදීම වන්නේ Realme 8. සෙල්ෆි කැමරාව waterdrop notch එකක් සහිත අඟල් 6.4 ක AMOLED සංදර්ශකයකින් සමන්විත වේ.
අලංකාර 64 MP ප්‍රාථමික කැමරාවක් සමඟ එන අතර ඕනෑම ආලෝක තත්ත්වයකදී පැහැදිලි රූප ලබා ගැනීමට ඔබට ඉඩ සලසයි. මීට අමතරව, 16MP ඉදිරිපස කැමරාව සමඟින් ඔබේ සෙල්ෆි ඡායාරූප ලබාගත හැකියි. මෙය අතරමැදි මිල ගණන්වලට තිබෙන තවත් අපූරු phone එකකි.

Oppo F19 Pro


අසමසම වීඩියෝකරණ හැකියාවන් සහිත සිත් ඇඳගන්නා කතා නිර්මාණ කිරීමට දක්ෂ නිර්මාණකරුවන්ට ප්‍රයෝජනවත් වන පරිදි මෙම ස්මාර්ට් phone වර්ගය නිර්මාණාත්මක වැඩිදියුණු කිරීම් සමඟින් නිපදවා ඇත.
AI Color Portrait Video සහ Monochrome විශේෂාංග සමඟින් ඔබේ නිර්මාණශීලිත්වය සහ පරිකල්පනය ඉදිරියට ගෙන යා හැකියි. දුරකථනයේ Dual-View වීඩියෝ ග්‍රහණය කිරීමේ විශේෂාංගය ද ඇත. එමඟින් ඉදිරිපස සහ පසුපස කැමරා දෙකෙන්ම එකවර දර්ශන පටිගත කිරීමට ඉඩ සලසයි.
OPPO F19 Pro 5000mAH බැටරිය පැය 16ක් දක්වා ඔන්ලයින් වීඩියෝ ප්ලේබැක් සඳහා සහාය වේ. බැටරිය මුළු දවසම පවතින අතර, Super power saving mode, Super nighttime standby සහ අධික ධාරිතාවයන්ගෙන් ආරක්ෂා වීමට බැටරි Guard එකකින්ද සමන්විත වේ. මෙම සියලු විශ්මයජනක විශේෂාංග සමඟින් එන 21 වැනි ශත වර්ෂයේ වඩාත්ම ලාභදායී දුරකථනය මෙයයි.


ඔබ අලුත් ස්මාර්ට් phone එකක් හෝ ඉලෙක්ට්‍රොනික් උපාංග සොයමින් සිටිනවාද? එහෙනම් Daraz App එක දැන්ම download කර shopping කරන්න පටන් ගන්න. මෙගා ඩීල්, විනෝදජනක games සහ සුවිශේෂී දීමනා අත් විඳින්න.
ඔබ ස්මාර්ට් phone එකක් සොයමින් සිටිනවා නම් The 10 Best Phones to Buy in 2021 On Daraz කියවන්නත් අමතක කරන්න එපා.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php