ඔබට අවශ්‍ය හැමදේම දැනගන්න – Daraz live හඳුන්වාදෙයි

ඔබට අවශ්‍ය හැමදේම දැනගන්න – Daraz live හඳුන්වාදෙයි

නවතම හා ආකර්ෂණීය shopping අත්දැකීමක් විඳින්න ඔබ සූදානම්ද? ශ්‍රී ලංකාවේ සජීවී විකාශන අත්දැකීම මීළඟ මට්ටමට ගෙනයාමට Daraz සූදානම්. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට සැප්තැම්බර් 24 වැනිදා සිට Daraz Live ආරම්භ විය.

Daraz Live යනු කුමක්ද?


Daraz Live යනු ඔබ කැමතිම නිෂ්පාදන සජීවී විකාශන අත්දැකීම ඔස්සේ තිළිණ කිරීමකි. ඔබට අවශ්‍ය නිෂ්පාදන මිලදී ගැනීමට පෙර ඉතා සමීපව එම නිෂ්පාදන දැක බලා ගැනීමේ අවස්ථාව මෙමඟින් උදා වෙයි. එය ඔබගේ සාප්පු සවාරි අත්දැකීම නව මාවතකට ගෙන යාමකි. ඔබ කැමති නිෂ්පාදන දැක බලා ගැනීමට පමණක් නොවෙයි සජීවී අත්දැකීම විඳින අතරවාරයේ ඔබට මතුවන ප්‍රශ්න ඇසීමටත් අවස්ථාව.


නවතම සාප්පු සවාරි ප්‍රවණතා සමඟ යාවත්කාලීනව සිටීමට මෙය අපූරු ක්‍රමයකි. තවද, Daraz Live වෙතින් ඔබ කැමති සියල්ල මඟ නොහැර අත්විඳිය හැකි විශේෂාංග ගණනාවක්ම හඳුන්වා දෙයි.

Daraz Live සතු විශේෂාංග

LIVESTREAM HOME PAGE

View Upcoming Videos
ඉදිරියට තිබෙන වීඩියෝ නැරඹීමේ විශේෂාංගයක් සහිතයි. ඔබ කැමති නිෂ්පාදන මඟ නොහැරව විදීමට හැකි අතර ප්‍රශ්න යොමු කිරීමටත් අවස්ථාව.

Self Reminders

Self Reminders නිසා ඔබට අවශ්‍ය episodes මඟ නොහැර බලන්න පුළුවන්. ඔබට නැරඹීමට අවශ්‍ය වීඩියෝවට අදාළ button එක මත click කළ පසු මිනිත්තු 10කට පෙර සජීවීව විකාශනය වූ සියල්ල තිරය මත දිස් වේ.

Replay Video
සජීවීව විකාශනය වූ වීඩියෝ ඔබට මඟහැරුණොත් පසුව ඔබට පහසු වෙලාවක එම වීඩියෝ නැවත නැරඹීමට හැකි පරිදි මෙම විශේෂාංගය සකසා ඇත.

Watch latest videos
අලුතින්ම upload කළ වීඩියෝ scroll කර ඔබට නැරඹිය හැකියි.

FOLLOWING SECTION

Follow your favourite streamer
ඔබගේ ප්‍රියතම වීඩියෝ මඟ නොහැර අත් විඳින්න. Tap කර follow button එක click කළ පසු එය සජීවීව නැරඹිය හැකියි.

Stay Up To date
ඔබට යමක් මඟ හැරුණොත් මේ විශේෂාංගය හරහා ඔබට එතෙක් නැරඹීමට අවශ්‍ය ඔබ කැමතිම වීඩියෝ නැවත නැරඹීමේ අවස්ථාවක්.

FEATURES ON LIVESTREAM VIDEOS

Exclusive vouchers එක්කර ගන්න
සජීවී විකාශය අතරතුරේ සුවිශේෂී දීමනා සහිත වවුචර් එකතු කර ගන්න. ඔබට අවශ්‍ය නිෂ්පාදන සොයන විට වවුචර් සඳහාත් apply කරන්න.

Click the Cart
Daraz Live නරඹන අතරතුරේ ඔබ කැමති නිෂ්පාදන සොයා cart එකට add කරන්න. ඔබට එය මිලදී ගැනීමට අවශ්‍ය වුණොත් ඒ මත click කරන්න. Cart එකට select කරලා ඔබට අවශ්‍ය නිෂ්පාදන ‌තෝරාගන්න. එය ඔබට සජීවීව භාණ්ඩ මිලදීගත හැකි කදිම අවස්ථාවකි.

Like, comment, interact
ඔබට අවශ්‍ය ප්‍රශ්න අසන අතරතුරේ සජීවීව විකාශනය වන වීඩියෝවලට like කරන්නත් අමතක කරන්න එපා. කෙටි පණිවිඩත් යොමු කරන්න.

කොහොමද Daraz Live නරඹන්නේ?


Daraz Live නැරඹීමේ පහසු ක්‍රම දෙකක් ඇත. පළමුවෙන්ම Daraz ඇප් එක download කර නව විශේෂාංග සහිත අත්දැකීම විඳගන්න. නැතිනම් කැමරාවක් සහිත icon එක tap කර Daraz Live මත click කරන්න. එවිට සජීවි, නවතම, සහ පටිගත කළ වීඩියෝ ආදි සියල්ල නැරඹිය හැකියි.
Daraz ඇප් එක download කර Daraz Live නරඹන්න. හැමවෙලේම හැමතැනම විනෝදජනක ලෙස සජීවී අත්දැකීම විඳගන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php