රැකියාවට යන කාර්යබහුල අයට උදේ ආහාරයට හදාගන්න ලේසිම රෙසිපි

රැකියාවට යන කාර්යබහුල අයට උදේ ආහාරයට හදාගන්න ලේසිම රෙසිපි

රැකියාව නිසා බොහෝදෙනෙක් අද ගොඩාක් කාර්යබහුල වෙලා. උදේට වැඩට යන කාන්තාවන්ට කෑම හදන එක හිතට ලොකු වදයක්. හැමදාම වැඩ ඇරිලා රෑට ගෙදර ආවාම හිතන්නේ හෙට උදේට මොනවාද හදන්නේ කියලා නේද? උදේට තියන වැඩත් එක්ක බොහොම පහසු විදියට උදේ කෑම හදාගන්න තියනවා නම් කොච්චර ලේසිද? ඒ නිසාම අද අපි හිතුවා බොහොම ලේසියෙන් උදේට හදාගන්න පුළුවන් රෙසිපි ටිකක් ඔබ‌ වෙත ඉදිරිපත් කරන්න. ඉක්මනට ලේසියෙන් හදාගත්තාට අවශ්‍ය පෝෂණ ගුණත් අමතක කරන්න හොඳ නෑ. බොහොම කාර්යබහුල ඔබට මේ රෙසිපි ගොඩාක් වැදගත් වේවි. ඒ නිසා ට්‍රයි කරලා බලන්න.

චීස් ක්‍රෙප්ස්‍

අවශ්‍ය ද්‍රව්‍ය:

1. ග්‍රේට් කරගත් මොසරැල්ලා චීස් ස්වල්පයක්

2. පාන්පිටි කෝප්ප 1

3. කෝන්ෆ්ලා මේස හැඳි 1

4. චොප් කර ගත් තක්කාලි ගෙඩි 1

5. චොප් කර ගත් ලූණු ගෙඩි මේස හැඳි 2

6. අමු මිරිස් කරල් 1

7. කොත්තමල්ලි කොළ ස්වල්පයක්

8. ලුණු හා ගම්මිරිස් කුඩු ස්වල්පයක්

9. වතුර කෝප්ප 1 ¼

සාදන ක්‍රමය:

• භාජනයකට පාන්පිටි, කෝන්ෆ්ලා, චොප් කර ගත් තක්කාලි, චොප් කර ගත් ලුණු, හීනියට කපා ගත් අමුමිරිස්, කොත්තමල්ලි ස්වල්පයක්, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, වතුර දාලා හොඳින් කලවම් කරන්න.

• දැන් පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් දාලා රත් වෙන්න තියන්න.

• ඊළඟට කලින් සාදා ගත් බැටර් එක දාලා ඕම්ලට් එකක් හදාගන්න. ඒකට උඩින් මොසරැල්ලා චීස් ටිකක් දාලා විනාඩි 3 -4 ක් මධ්‍යම ගින්නෙන් පිසගන්න.

• කෙටි වෙලාවකින් බොහොම පහසුවෙන් චීස් ක්‍රෙප්ස් හදාගන්න.

ස්ටෝබරි චීස් පෑන් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

1. පෑන්කේක් මික්ස් කෝප්ප 4
2. කිරි කෝප්ප 2
3. බිත්තර 4
4. ක්‍රීම් චීස්
5. ස්ට්‍රෝබරි ගෙඩි කිහිපයක්


සාදන ක්‍රමය:


• බෝල් එකකට පෑන්කේක් මික්ස් එක දාලා ඒකටම කිරි, බිත්තර දාලා හොඳින් මික්ස් කරන්න. දැන් ඒ බැටර් එක බටර් තවරාගත් බේකින් ට්‍රේ එකකට දාගන්න. ඊළඟට ඒකට උඩින් ක්‍රීම් චීස් කෑලි හා ස්ට්‍රෝබරි අතුරා ගන්න.
• සෙල්සියස් 180°ට විනාඩි 15 ක් විතර බේක් කරගන්න. අවශ්‍ය ගාණට කොටු කපලා නිවුණාම සිප්ලොක් බෑග්වල දාලා ෆ්‍රීස් කරන්න.
• අවශ්‍ය වෙලාවට විනාඩි 10ක් සෙල්සියස් 180°ට බේක් කරගන්න හෝ විනාඩියක් මයික්‍රොවේව් කරගන්න.
• ඒවෙලේම හදලාා කෑමට ගත්තාත් මේක මික්ස් කරගන්න යන්නෙ විනාඩි දෙක තුනක් නිසා මේ විදියට මික්ස් එක හදලා පෑන් එකේ පෑන් කේක් එක හදාගන්නත් පුළුවන්.

ෆ්‍රෙන්ච් ටෝස්ට් සොසේජස් රෝල්

අවශ්‍ය ද්‍රව්‍ය:


1. සොසේජස් කිහිපයක්
2. පාන් පෙති කිහිපයක්
3. බිත්තර 5ක්
4. ලුණු ස්වල්පයක්


සාදන ක්‍රමය:


• පාන්පෙත්තක කෙළවරට සොසේජස් එකක් තියලා රෝල් කරන්න.
• බිත්තරවලට ලුණු ටිකක් දාලා බීට් කරගන්න.
• හදාගත්ත රෝල්ස් බිත්තර මිශ්‍රණයේ දවටන්න.
• පෑන් එකක බටර් පොඩ්ඩක් රත් වෙන්න තියලා, පාන්පෙත්ත රෝල් කරගත්ත එකේ කෙළවර පෑන් එකේ යටට තියලා රෝල් එක සෙට් වෙන්න බැඳගන්න.
• ඊටපස්සෙ වටේම හොඳට බැදගන්න. මිනිත්තු තුනකින් උදේ කෑම ලෑස්තියි.

චීස් සැන්ඩ්විච්


අවශ්‍ය ද්‍රව්‍ය


1. පාන් පෙති කිහිපයක්
2. පැස්ටා සෝස්
3. සලාඳ කොළ ස්වල්පයක්
4. චීස් පෙති කිහිපයක්
5. තක්කාලි පෙති කිහිපයක්


සාදන ක්‍රමය


• මුලින්ම පාන්පෙතිවල පැස්ටා සෝස් ගාගන්න.
• ඉන්පසු සලාඳ කොළ සහ තක්කාලි ටික දාගන්න. ඊළඟට චීස් පෙත්තක් තියාගන්න.
• අනික් පාන් පෙත්තෙන් වහගන්න.
• පෑන් එකකට බටර් ටිකක් දාලා මෙල්ට් වුණාම සැන්ඩ්විච් එක දාලා දෙපැත්ත රන්වන්පාට වෙනකල් ෆ්‍රයි කරගන්න.

ෆ්‍රෙන්ච් ටෝස්ට් ජෑම්

අවශ්‍ය ද්‍රව්‍ය:


1. තරමක් මහතට කපාගත් පාන්පෙති කිහිපයක්
2. බිත්තර 2
3. කිරි කෝප්ප 1
4. වැනිලා ටිකක්
5. ස්ට්‍රෝබරි ජෑම් කෝප්ප 1
6. බටර් ටිකක්

සාදන ක්‍රමය:


• පාන් පෙත්තක් අරන් ඒකෙ එක පැත්තකින් පොකට් එක වගේ වෙන්න කැපුමක් දාගන්න හරස් අතට. ඒ පොකට් එකට ජෑම් පුරවගන්න.
• බිත්තර, කිරි හා වැනිලා දාලා මිස්ක් කරගන්න. දැන් පාන්පෙත්ත අරගෙන මේ කිරි මිශ්‍රණයෙන් පොඟවලා බටර් මෙල්ට් කරගත් පෑන් එකකට දාලා දෙපැත්ත බැදගන්න.
• බොහොම පහසුවෙන් හරිම ඉක්මනටම රස කෑමක මිහිර විඳින්න. පැණි රස නිසාම පුංචි දූලා පුතාලා උදේ කෑමට ෆ්‍රෙන්ච් ටෝස්ට් ජෑම් කන්න නම් ගොඩාක් කැමති වෙයි.

මේ හැම රෙසිපි එකක්ම ට්‍රයි කරන්න අවශ්‍ය වන භාණ්ඩ සියල්ල dMart වෙතින් මිලදී ගන්න පුළුවන්. දැන්ම Daraz app එක ඩවුන්ලෝඩ් කරලා dmart ඔස්සේ ඔන්ලයින් shopping අත්දැකීම අනගිව විඳින්නත් අමතක කරන්න එපා. dMart හරහා ඔබ ඇනවුම් කරන සියලුම භාණ්ඩ එදිනම ඔබේ දොරකඩටම.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php