මේ අවුරුද්දේ ඉඳන් පාසල් යන වයසේ දූලා පුතාලාගේ උපන්දිනේට දෙන්න සුදුසු තෑගි

මේ අවුරුද්දේ ඉඳන් පාසල් යන වයසේ දූලා පුතාලාගේ උපන්දිනේට දෙන්න සුදුසු තෑගි

ඔන්න දැන් 2022 වසරත් උදා වුණා. හැම අවුරුද්දකම උපන්දිනවලින් නම් අඩුවක් නෑ නේද? උපන්දින සාදවලට යද්දි ඇතිවෙන ගැටලුව තමයි තෑග්ගට මොනවාද ගෙනියන්නේ කියලා හිතන එක. තමන්ගේම වයස අයට නම් තෑග්ගක් තෝරන එක වැඩිය අමාරු නෑ. හැබැයි ගොඩාක් වෙලාවට පාසල් යන වයසේ පුංචි දූලා පුතාලාගේ උපන්දින සාදයකට ආරාධනා කළාම මොන වගේ තෑග්ගක්ද හොඳ කියලා තෝරගන්න හරි අමාරුයි. ඒ නිසා අපි හිතුවා පාසල් යන වයසේ පුංචි දූලා පුතාලාගේ උපන්දිනේකට ගන්න සුදුසු තෑගි ටිකක් හඳුන්වලා දෙන්න. අතේ තියන මුදලට මේ තෑගි ගන්න පුළුවන් වගේම පාසල් යන වයසේ දූලා පුතාලාට මේ වගේ තෑගි දෙන එක ගොඩාක් ප්‍රයෝජනවත් වේවි.

පාට පෑන් කට්ටලයක්


පාසල් යනකොට පෑන්, පැන්සල්, මකන, කටර් මේ හැමදේම නිතරම අවශ්‍ය වෙනවා. පුංචි ළමයින්ට කොච්චර මේ වගේ දේවල් තිබුණාත් මදි. සැරින් සැරේ දකින දකින හැමවෙලේම මේ වගේ දේවල් මිලදී ගන්නවා. ඉතිං ඒ නිසා මේ සියල්ලම එකට තියන සෙට් එකක්ම දෙන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා. ඒ වගේම ලස්සන සටහන් ලියන්න පාට පාට පෑන් භාවිතා කරන්නත් පුංචි ළමයි ගොඩාක් කැමතියි.පාට පෑන් කිහිපයක්ම තියන සෙට් එකක්ම දෙන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා. Fine Liner- 12 Colour wallet එක පාට 12කින් සමන්විත වෙනවා. තමන් කැමති වර්ණ තෝරාගෙන ලස්සන සටහන් ලියන්න මේ කට්ටලය යොදාගන්න පුළුවන්. ඒ නිසා මේ වගේ දෙයක් තෑග්ගක් හැටියට දුන්නොත් පාසල් වැඩවලට ගොඩාක් ප්‍රයෝජනවත් වේවි.

Pen Holder


පුංචි ළමයි පෑන්, පැන්සල් පෙන්සිල් කේස් එකේ දාගෙන පාසල් ගෙනිච්චාට ගෙදර තියන පෑන් පැන්සල් නම් පිළිවෙළකට තියන්නෙම නෑ. අතන මෙතන විසි කරලා දාලා අවශ්‍ය වෙලාවට හොයාගන්නවත් බැරි වෙනවා. ඒකට හොඳම විසඳුමක් තමයි Pen holder එකක් තියාගන්න එක. පුංචි ළමයින්ට pen holder එකක් දෙද්දි නිකම්ම එකක් දෙනවාට වඩා ආකර්ෂණයක් තියන විවිධ සතුන්ගේ හැඩයට හදපු pen holder එකක් දුන්නොත් ආසාවෙන් පාවිච්චි කරයි. පුංචි ළමයි හැමෝම සතුන්ට ආදරය කරන නිසා පුංචි දූලා පුතාලා pen holder එකට පෑන්, පැන්සල් පිළිවෙළකට දාලා සතුන්ව ආදරෙන් රකිනවා වගේ පෑන්, පැන්සලුත් පරිස්සම් කර ගනියි නේද? Dog shape එකට, අලියාගේ හැඩේට ඒ වගේම තවත් ලස්සන ලස්සන හැඩතලවටල හඳපු pen holder ගණනාවක්ම තියන නිසා පුංචි දරුවන්ට ආස හිතෙන එකක් තෝරගන්න පුළුවන්. සතුන්ගේ හැඩතල වගේම විවිධ ආකර්ෂණයක් තියන pen holder ගණනාවක්ම තියනවා.


සල්ලි ඉතිරි කරන කැට (Money Saving Box)

ඉතිරි කිරීම කියන්නේ හරිම හොඳ පුරුද්දක්. පුංචි ළමයින්ට පොඩි කාලේ ඉඳන්ම ඉතිරි කරන්න කියලා දෙන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා. දූලා පුතාලාට ඉතිරි කිරීම ගැන ලොකු අවබෝධයක් නැති නිසා ඔවුන්ට ඒ අදහස ලබාදෙන්න පුළුවන් එයාලා ආස දෙයක් එක්ක තමයි. පුංචි ළමයි Mickey Mouse, Pooh වගේ කාටුන් චරිතවලට ගොඩාක් ආදරය කරනවා. මේ Mickey Mouse, Pooh වගේ කාටුන් චරිත යොදාගෙන ලස්සනට නිර්මාණය කරපු Plastic box වගේ ඉතිරි කිරීමේ කැට දැන් තෑගි හැටියට දෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පිරිමි ළමයි කාර්වලට එහෙම ගොඩාක් කැමති නිසා කර් හැ‌ඩේට හඳපු ඉතිරි කිරීමේ කැටත් තියනවා. මේක ලස්සන තෑග්ගක් වගේම ගොඩාක් වටිනා තෑග්ගක් වේවි. පුංචි මුදලකට ලොකු සල්ලියක් ඉතිරි කරන්න මඟ කියා දෙන අගනා තෑග්ගක්.


පැන්සල් පෙට්ටියක්


පාසල් යන වයසේ ළමයි පැන්සල් පෙට්ටිවලට නම් හරිම කැමතියි. පෑන්, පැන්සල්, මකන මේ හැමදේම පිළිවෙළකට දාගෙන යන්නේ ලස්සන පැන්සල් පෙට්ටියක් තිබුණොත් තමයි. පැන්සල් පෙට්ටියක් ලස්සන වෙලා විතරක් මදි. හැම දෙයක්ම දාන්න පුළුවන් විදියට ඉඩ තියන්නත් අවශ්‍යයි. පැන්සල් පෙට්ටිය නිර්මාණය කරලා තියන්නේ හැම උපකරණයක්ම හරිම පිළිවෙළකට දාන්න පුළුවන් විදියටයි. පැන්සල් පෙට්ටියක් වගේම පර්ස් එකක් විදියටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රධාන පොකට් එකේ පැන්සල් රැසක් පිළිවෙළකට අඩුක් කරන්න ඉඩක් තියන එක හරිම වටිනවා. ඒ වගේම පුංචි Notebook එකක්, අඩි රූල, මකන මේ සියල්ලත් දාන්න පුළුවන් ලොකු ධාරිතාවක් තියනවා. High quality material එකක්, ඩබල් zipper දෙකකිනුත් සමන්විත වන නිසා ඇතුළේ තියන උපකරණවල ආරක්ෂාව අතින් කිසිම ගැටලුවක් නෑ. අරගෙන යන්නත් පහසුයි. මේ පැන්සල් පෙට්ටිය නම් පිළිවෙළකට හැම දෙයක්ම තියාගන්න ආස අයට ගොඩාක් වටිනා තෑග්ගක් වෙයි.දින පොතක්
පාසල් යන වයසේ දුවලා පුතාලාට දෙන්න තවත් සුදුසුම තෑග්ගක් Diary Book එකක්. මේක දින පොතක් වගේම සටහන් පොතක් හැටියටත් භාවිතා කරන්න පුළුවන්. බොහොම වර්ණවත් පෙනුමක් තියන නිසාම සටහන් පොතක් හැටියට පාවිච්චි කරන්න පුංචි දූලා පුතාලා ගොඩාක් කැමති වෙයි. පාසල් බෑග් එකටත් මේ වගේ පොතක් දැම්මාට වැඩිය බරක් දැනෙන්නෙත් නෑ. හරිම ආකර්ෂණීය විදියට පිට කවරය හදලා තියන නිසා මේ වගේ තෑග්ගක් දැක්කාම පුංචි දූලා පුතාලට තවත් ආස හිතෙයි. සාමාන්‍යයෙන් ලැබෙන දින පොතකට වඩා මේ වගේ ලස්සන දින පොතක් පුංචි දූලා පුතාලා කැමති වෙන වටිනා තෑග්ගක් වේවි.


වතුර බෝතලයක්



වතුර ගොඩාක් බොන තරමට තමන්ගේ ශරීර සෞඛ්‍යයටත් ගොඩාක් හොඳයි. ඒත් පුංචි දූලා පුතාලාට ගෙදරදි අම්මලා බලෙන් වතුර පෙව්වාට පාසල් ගියාම වතුර බොන්න හරිම හොරයි. හැබැයි ලස්සන වතුර බෝතලේක වතුර දාලා දුන්නොත් නම් ආසාවෙන් බොයි නේද? වතුර බෝතලයක් තෑග්ගක් හැටියට පුංචි ළමයින්ට දෙද්දි සාමාන්‍ය වතුර බෝතලයක් දෙන්න බෑනේ. වතුර බොන්න ආස හිතෙන්න ලස්සනට නිර්මාණය කරලා තියන වතුර බෝතලයක් දෙන්න අවශ්‍යයි. Star – wars perfect shaper bottle එක පුංචි ළමයින්ට තෑග්ගක් දෙන්න හොඳම උපකරණයක්. ලස්සන පෙනුමකුත් තියනවා. 100% Officially Licensed, Light Weight & Portable, Extra Wide Mouth, Screw on lid without rubber seal, Mix, pour, and store all in the same container විශේෂාංග සහිතයි. මේ වගේ වතුර බෝතලයක් තෑග්ගක් හැටියට දුන්නොත් පුංචි ළමයි ගොඩාක් ආසාවෙන් පාවිච්චි කරයි.


කෑම පෙට්ටියක්



පාසල් යන වයසේ පොඩිත්තන්ට දෙන්න හොඳ තවත් තෑග්ගක් තමයි කෑම පෙට්ටියක්. Paw Patrol Rectangular Lunch Box එක පුංචි දරුවන්ට කෑම ගෙනියන්න ආස හිතෙන ලස්සන කෑම පෙට්ටියක්. කෑම වර්ග කිහිපයක් වුණාත් දාන්න පුළුවන්. Clips තුනක්ම තියන නිසා කෑමවලට ආරක්ෂාවක් ලැබෙනවා වගේම උණුසුමත් රැඳිලා තියනවා. දිගු වේලාවක් වුණාත් කෑම නරක් වෙන්නැතුව කල් තබා ගැනීමේ හැකියාව තියන නිසා පුංචි දූලා පුතාලාට රසවත් කෑම මේ කෑම පෙට්ටියට දාලා යවන්න පුළුවන්. ඒ වගේම පොඩිත්තන්ට ආස හිතෙන පෙනුමකින් කෑම පෙට්ටිය නිර්මාණය කරලා තියන නිසා මේ කෑම පෙට්ටියෙන් කෑම ගෙනියද්දි බොහොම ආසාවෙන් කෑම කන්නත් හිතෙයි.UV Washable ස්ටිකරයක් තියන නිසා පුංචි ළමයි ගොඩාක් ආස වෙයි. ඒ නිසා මේකත් පුංචි දූලා පුතාලාගේ උපන්දිනේට දෙන්න කදිම තෑග්ගක්.


පාසල් බෑගයක්



පාසල් යන වයසේ ළමයින්ට දෙන්න තවත් හොඳ තෑග්ගක් තමයි පාසල් බෑගය. ලස්සන පාසල් බෑගයක පොත් පැන්සල් දාගෙන යන්න කවුරුත් හරිම ආසයිනේ. ගැහැණු ළමයි නම් ගොඩාක් ආස රෝස පාටට. පිරිමි ළමයි නම් වැඩියෙන් කැමති නිල් පාටට. පාට කොහොම වුණාත් තමන් ආස කරන කාටුන් චරිත ඉන්න unicorn බෑගයක් ගෙනියන්න පාසල් යන වයසේ ළමයි ගොඩාක් කැමති වෙයි. නිකම්ම නිකම් බෑගයකට වඩා පාට පාටට ලස්සන කාටුන් චරිත ඉන්න බෑග් එකක් කරේ දාගෙන යද්දි කොච්චර සතුටක් දැනෙයිද? ඉතිං ඒ සතුට ඇති කරන්න උපන්දිනේට ලස්සන පාසල් බෑගයක් අරන් දෙන්න.

Daraz සමඟින් Shopping කරලා DMall වෙතින් මේ ඕනෑම තෑග්ගක් මිලදී ගන්න පුළුවන්. මේ තෑගි අතරින් අතේ තියන මුදලට හරියන විදියට එකක් හෝ දෙකක් තෝරාගන්න. සුවිශේෂී දීමනා හා වට්ටම් සමඟින් shopping අත්දැකීම DMall වෙතින් විඳගන්න අදම Daraz ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php