නව වසරේ නව විලාසිතා: රු. 5000ට අඩු Fashion Trends 2022

නව වසරේ නව විලාසිතා: රු. 5000ට අඩු Fashion Trends 2022

දැන් 2022 අවුරුද්දත් උදාවෙලා තියන නිසා මේ අවුරුද්දේ මොනවාද අලුත් Fashion trends 2022 කියලා හැමෝම හොයනවා. දවසින් දවස අලුත් වෙන විලාසිතාවලට හැඩගැහෙන්න කාන්තාවන් හරිම කැමතියි. කාලෙන් කාලෙට දවසින් දවස විලාසිතාවන් වෙනස් වෙනවා.

නවතම Fashion trends 2022 මොනවද කියලා ඔබ දන්නවද? ඒ ගැන දැනුවත් වෙන්න මෙම ලිපිය කියවලා Daraz Fashion සමඟින් ෂොපින් කරන්න. Daraz Fashion තුළින් ලෝකය පුරා විසිරී තිබෙන අලුත්ම fashion ඔයාලාගේ ගෙදරටම ගෙන්වාගන්න.

පහුගිය අවුරුදු දෙකත් එක්ක shopping කරන විදිය ගොඩාක් වෙනස් වුණා. ඉස්සර වගේ shopping කරන්න සාප්පු ගාණේ දැන් රස්තියාදු වෙන්න ඕනෙ නෑ. ඔයා shopping කරන්න යනවා වෙනුවට දැන් Fashion trends 2022 ඔයාගේ ළඟටම ඇවිල්ලා. ඔන්ලයින් මාර්ගයෙන් ඇඳුම් මිලදී ගන්න දැන් හැමෝම පුරුදු වෙලා ඉන්නේ. shopping කරනවාත් එක්කම අපි හිතන්න ඕන තවත් දෙයක් තමයි budget එක. හැමෝටම මිල අධික ඇඳුම් ගන්න හැකියාවක් නෑ. හැබැයි අඩු ගාණට quality එකක් නැති ඇඳුම් අරගෙනත් වැඩක් නෑ. ඒ නිසා මිලයි, quality එකයි, fashionable ගතියයි හැමදේම ගැන අපි හිතන්න ඕන. ඒ නිසා අපි කියන්න හදන්නේ සාධාරණ මිලකට ගන්න පුළුවන් කාන්තාවන්ට සුදුසු හැඩකාර විලාසිතා කිහිපයක් ගැන.


Fashion trends 2022 Shop කරන්න පටන් ගන්න කලින් මේ Tips ටික මතක තියාගන්න.


Tip 1

මුලින්ම ඔයා කැමති මොන වගේ විලාසිතාවලට ද කියලා හිතන්න. ඔයා නිතර විලාසිතා කරනවා නම් ඔයා කැමති විලාසිතා වර්ග කිහිපයක් තියෙන්න පුළුවන්. ඔයාටම වෙන්වුණු විලාසිතා හිතේ තියෙද්දි කැමති දේ තෝර ගන්න පහසුයි.

Tip 2

වෙනස් වන විලාසිතා සමඟ ඔයාට ගැළපෙන විලාසිතා මොනවාද කියලා හඳුනාගන්න.


Tip 3

දීමනා හා වට්ටම් ගැන නිතර අවදානයෙන් ඉන්න.


සාමාන්‍ය ගමන්වලට සුදුසු විලාසිතා

ටී – ෂර්ට්


අපිට විවේකයක් ලැබුණාම නිදහසේ කොහේහරි යන්න හිතෙනවානේ. නිදහසේ ගමනක් යන්න නම් ඇඳගෙන යන්නත් හොඳ නිදහස් විදියට. සාමාන්‍ය ගමන්වලට ගැළපෙනම ඇඳුම තමයි ටී – ෂර්ට් එක. පිරිමි ළමයි වගේම දැන් ගැහැනු ළමයිනුත් ටී – ෂර්ට් අඳින්න හුරුවලා ඉන්නේ. ටී – ෂර්ට් එකක් ඇඳගෙන යද්දි අපේ ඇඟටත් හිතටත් හරි සැහැල්ලු ගතියක් දැනෙනවා. සැහැල්ලුවට ඇඳන් ගියාට stylish ටී – ෂර්ට් එකක් වෙන්නත් එපැයි. IELGY Short-sleeved t-shirt women loose literary print t-shirt එක ටී- ෂර්ට් අතුරින් අමුතුම පෙනුමක් දෙන ටී – ෂර්ට් එකක්. රෝස, කළු, සුළු, කහ, රතු වැනි වර්ණ රැසක් තියන නිසා ඔයා කැමතිම පාට තෝරගන්නත් පුළුවන්. හැඩකාර විලාසිතාවලට කැමති අයට මේ ටී – ෂර්ට් එක හොඳින්ම ගැළපෙනවා. මිලත් සාධාරණයි වගේම හොඳ quality ඇඳුමක් නිසා සැහැල්ලුවෙන් දවසම ඇඳගෙන ඉන්නත් පුළුවන්.

High – Waist Jeans


ටී – ෂර්ට්, බ්ලවුස් මේ හැම දෙයක් එක්කම ගැළපෙන්න අඳින්න පුළුවන් ඇඳුමක් තමයි Jeans එක. හැබැයි දැන් නම් ඉස්සර ඇඳපු ජීන්ස් වගේ නෙවෙයි අලුත් තාලේ Jeans ගොඩාක් තියනවා. High – waist එක සහිත පහළ ලිහිල් හැඩයක් තියන Jeans එක දැන් අලුත්ම trend එක වෙලා. ටිකක් කොට බ්ලවුස් එකක් හෝ ටී – ෂර්ට් එකක් එක්ක මේ වගේ Jeans නියමෙට ගැළෙපෙනවා. සමහර Jeans ඇන්දාම ඇඟට හිර ගතියක් දැනෙද්දි දවසම ඇඳගෙන ඉන්න අපහසුතායක් ඇති වෙනවා. ඒත් මේ Jeans එක හරිම සැහැල්ලුවෙන් ඇඳගෙන නිදහසේ ඔයාගේ යන්න කිසිම බාධාවක් වෙන්නේ නෑ.

Women’s Sports Shoes


කාන්තාවන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Sports shoes ගණනාවක්ම දැන් තියනවා. මේ Sports shoes පාවිච්චි කරන්නේ ක්‍රීඩාවලට විතරක් නෙවෙයි. දැන් මේ වගේ සපත්තු පළඳින එක විලාසිතාවක් වෙලා. ඇවිදින්න යද්දි කාන්තාවන් කොහොමත් Sports shoes දාගෙන යනවා.ඒ වගේම සාමාන්‍ය ගමනකට වුණාත් මේ වගේ සපත්තුවක් දාගෙන යාම පහසුයි. ශක්තිමත් material එකකින් හදලා තියන නිසා කකුල්වලට අපහසුතාවයක් දැනෙන්නෙත් නෑ.

Patchwork Hand Bag


අපි සාමාන්‍ය ගමනක් යද්දි සැහැල්ලු ඇඳුම් අඳිනවා. ඒ වගේම සැහැල්ලු සපත්තු දාගෙන යනවා. හැබැයි තව අඩු දෙයක් තියනවා නේද? ගැහැණු ළමයින්ට ළඟපාතකට ගියාත් ගෙනියන්න අත්‍යවශ්‍ය දේවල් කිහිපයක් තියනවා. පිරිමි ළමයින්ට වගේ සහැල්ලුවෙන් අත වන වන යන්න බෑනෙ. ඉතිං ඒ නිසා අවශ්‍ය බඩු ටික දාගෙන යන්න බෑග් එක්ක ගෙනියන්නම වෙනවා. හැබැයි ඉතිං සාමාන්‍ය ගමනක් යද්දි ලොකු හෑන් බෑග් උස්සගෙන යන්නත් අමාරුයිනේ. ඒ නිසා පොඩි හෑන්බෑග් එකක් තමයි හොඳ. ඒ සඳහා කදිම බෑගයක් තමයි මේ හඳුන්වාදෙන්නේ. ළඟපාතකට යනවා නම්, shopping යනවා නම්, යාළුවෙකුගේ ගෙදර යනවා නම් මේ වගේ බෑග් එකකට අවශ්‍යම දේවල් දාගෙන යන්න පුළුවන්. ඒ වගේම ආකර්ෂණීය පෙනුමක් තියන නිසා stylish බෑගයක් හැටියටත් මේ බෑගය සාමාන්‍ය ගමනකට හරිම කදිමයි.

ඔෆිස් එකට ගැළපෙන විලාසිතා

Chiffon Blouse


අත් දිගට දාපු කොට blouse අඳින එක දැන් style එකක් වෙලා. විවිධ වර්ගයේ jeans, office jeans, leggings එක්ක මේ වගේ Blouse අඳින්න පුළුවන්. විශේෂයෙන් high- waist ඩෙනිම් එක්ක වැඩියෙන් ගැළපෙනවා. ඔයාලා දැකලා ඇති ඔෆිස් යන තරුණ වයසේ ගැහැණු ළමයි ලස්සන කොට බ්ලවුස් ඇඳගෙන යනවා. ලස්සන මල් හැ‌‌ඩතල එක්ක හතරැස් කරක් සහිත chiffon blouse එක ඔෆිස් අඳින්න හොඳම ඇඳුමක්. ඒ වගේම සාමාන්‍ය ගමනක් වුණාත් ඇඳගෙන යන්න පුළුවන්.

Wrap Short Skirt


ඔෆිස් අඳින්න සුදුසුම ඇඳුමක් තමයි office skirts. Skirt එකක් ඇන්දාම official ගතියකුත් දැනෙනවා නේද? wrap short skirt එකත් දැන් ඔයිස් අඳින අලුත් විලාසිතාවක් වෙලා. සමහරු skirts අඳින්න ආස නැත්තේ ඇඳගෙන ඉන්නත් අපහසු නිසා. හැබැයි මේ skirt එකේ ඒ වගේ කිසිම අපහසුතාවයක් දැනෙන්නේ නෑ. තමන්ගේ ඇඟට ගාණට ෆිට් එකට තියන නිසා මේ වගේ skirt එකක් ඇන්දාම හොඳ පෙනුමකුත් ලැබෙනවා.

Box Heel Sandals


ඔෆිස් යද්දි ගොඩාක් වෙලාවට heel එකක් තියන සපත්තුවක් දාගෙන ගියාම තමයි ගතියක් තියන්නේ. හැබැයි heels දාද්දි තියන බය තමයි ලිස්සයිද කියලා හිතෙන එක. බස්වල, කෝච්චවල යන අයට ඒ බය වැඩියෙන් දැනෙනවා. බය නැතුව දාගෙන යන්න හොඳම heel එකක් තමයි Box heel එක. දැන් ඔෆිස් යන ගොඩාක් අය පුරුදු වෙලා ඉන්නෙත් මේ heel එකට. Box heel කකුලට පහසුයි වගේම හරිම ශක්තිමත්. හීනි හීල් එකක් දැම්මාව ලිස්සන අවදානම වැඩියි. හැබැයි Box heel හදලා තියන්නේ මහතට නිසා සුවපහසු බවක් හොඳින්ම දැනෙනවා. Box heel sandals එක දැම්මාම කකුලට පහසුයි වගේම කකුලට එළියකුත් ඇති වෙනවා. ඉතිං ඔෆිස් දාගෙන යන්න මේ වගේ සපත්තුවක් හොඳින්ම ගැළපෙනවා.

පාටියකට සුදුසු විලාසිතා


Floral Fashion Dress


දැන් ඉස්සර වගේ පාටිවලට දිලිසෙන ඇඳුම් අඳින්නේ නෑ. හරිම චාම් විදියට ඇඳගෙන යන්න හැමෝම පුරුදු වෙලා ඉන්නවා. පාටිවලට යද්දි කලිසම්, skirtsවලට වඩා ගවුම් අඳින එක දැන් විලාසිතාවක් වෙලා. පහසුවෙන් ඇඳගෙන ඉන්න පුළුවන් චාම් ගවුම් තමයි බොහෝදෙනා තෝරාගන්නේ. floral dress ගවුම දැන් අලුත්ම trend එකක් වෙලා. පොඩි heel එකක් තියන සපත්තුවක් එක්ක මේ වගේ ගවුමක් පාටියකට ගැළපෙනම විලාසිතාවක් වෙලා.

Cocktail Party Split Dress


Cocktail පාටියකට කියාපුම ඇඳුමක් තමයි Cocktail party split dress එක. හරිම සරල පහසු ඇඳුමක්. මේ ගවුමට ගැළපෙන්න ලස්සන Jewelry එහෙමත් පැළඳුවාම හොඳ පෙනුමක් ලැබෙනවා වගේම ගවුමේ වටිනාකමත් වැඩි වෙනවා.

Gold Slippers


පාටියකට යද්දි ලස්සන පෙනුමක් ඇති වෙන්න මේ Gold Slipper එක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. ගවුමක් ඇන්දත්, ස්කර්ට් ඇන්ඩ් බ්ලවුස් ඇන්දාත්, Jeans ඇන්දාත් මේ හැම ඇඳුමක් එක්කම ඊට ගැළපෙන්න සපත්තුවක් දාන්න අවශ්‍ය වෙනවා.ඉතිං පොඩි හීල් එකක් තියන gold colour Slipper එක ඔයාගේ ඇඳුමේ වටිනාකම තවත් වැඩි කරනවා.

දැන් මේ හැම විලාසිතාවක්ම රු.5000කට අඩු මුදලකට මිලදී ගන්න පුළුවන්. අපි හඳුන්වාදුන්නේ fashionable වගේම සාධාරණ මිලකට ගන්න පුළුවන් විලාසිතා කිහිපයක් තමයි. රු. 5000කට අඩු මෙම විලාසිතා සමඟ shopping අත්දැකීම අනඟිව විඳින්න. අදම Daraz ඇප් එක download කරගන්න. රු 2000ට අඩුවෙන් ෂොප් කරන්න කැමති අය Upgrade Your Wardrobe With Deals Under Rs. 1999 from Daraz Fashion කියවලා බලන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php