කුස්සියේ වැඩ පහසු කරවන Best Electric Kitchen Appliances

කුස්සියේ වැඩ පහසු කරවන Best Electric Kitchen Appliances

කුස්සියේ වැඩ පහසු කරවන Best electric kitchen appliances මොනවාද කියලා අපි හොයලා බලමු. කසාඳ බැඳලා පවුලක් වුණාම හැම කාන්තාවකටම ගෙදර දොරේ වැඩ නම් කරන්නම වෙනවා. ගෙදර දොරේ වැඩවලින් අමාරුම වැඩේ තමයි කුස්සියේ වැඩ.

අලුත බැඳපු ජෝඩුවක් අලුතින් ගෙදරකට යනකොට ගන්නම ඕන Best electric kitchen appliances මොනවාද කියලා ඔයාලා දන්නවාද?ඉතිං ඔන්න මේ උපකරණ ටික ගෙනිච්චොත් නම් කුස්සියේ වැඩ කටයුතු ලේසියෙන්ම කරගන්න පුළුවන් වේවි.

තමන්ගේම කියලා අලුතෙන් ගෙදරකට ගියාම උයන්න නම් පොඩි අසාවක් ඇති වෙනවා. හැබැයි දැන් කාන්තාවන් වැඩට යන නිසා උයන්න ලොකු වෙලාවක් වෙන් කරගන්න අමාරුයි. ඉස්සර කාලේ වගේ නෙවෙයි ඉවුම් පිහුම් පහසු කරවන නවීන ඉලෙක්ට්‍රික් උපකරණ ගණනාවක්ම දැන් තියනවා. ඒ වගේ උපකරණ පාවිච්චි කරොත් නම් වැඩි වෙලාවක් ගන්නෙ නැතුව ටක්ගාලා උයාගන්න පුළුවන්.

ඒ නිසා අද අපි ඉවුම් පිහුම් පහසු කරවන ඉලෙක්ට්‍රික් උපකරණ කිහිපයක් හඳුන්වාදෙන්න අපි හිතුවා. Daraz සමඟින් Shopping කරලා ඔයාට අවශ්‍ය වන Best electric kitchen appliances ගෙදරටම ගෙන්වාගන්න.

රයිස් කුකර් 

බත් උයන්න නම් දැන් ලේසිම විදිය තමයි රයිස් කුකර් එකක් පාවිච්චි කරන එක. ගෑස් ලිපේ බත් උයනවාට වාඩා දැන් ගොඩාක් අය බත් උයන්නේ රයිස් කුකර් එකේ. ඉක්මනින් උයාගන්න පුළුවන් වගේම රස්නයත් ගොඩාක් වෙලාවක් රැඳිලා තියෙනවා.ඒ නිසාම රසවත්, උණුසුම් බතක් හදාගන්න පුළුවන්. ඒ වගේම ඉලෙක්ට්‍රික් රයිස් කුකරයත් සමඟ ස්ටීමරයත් අඩංගු උපාංගයක් ගත්තාම එළවළු සහ මාළු ජාති වුණාත් රත් කරගන්න පුළුවන්.   මිනි රයිස් කුකරය භාවිතා කරලා පැස්ටා, සුප් වැනි ආහාරත් හදා ගන්න ලැබීම තවත් වාසිදායකයි.  තමන්ගේ පවුලේ ඉන්න ගාණ අනූව රයිස් කුකර් තෝරගන්න. අලුත බැඳපු ජෝඩුවකට නම් මිනි රයිස් කුකර් එකක් තමයි කියාපුම භාණ්ඩය.  මේ දවස්වල ගෑස් ප්‍රශ්නයත් තියන නිසා හැමෝම වගේ බත් උයන්න පාවිච්චි කරන්නේ රයිස් කුකර්.

ප්‍රෙෂර් කුකර්

අලුත් කුස්සියකට Pressure cooker එකත් තියෙන්නම අවශ්‍ය දෙයක්.  ඉවීමේදී කාලය ඉතිරි කරගන්න වගේම ගෑස් ඉතිරි කරගන්න පුළුවන් හොඳම උපකරණයක් හැටියට Pressure cooker එක හඳුන්වාදෙන්න පුළුවන්.  Pressure cooker නිර්මාණය කරලා තියන්නේ අලුමිනියම්වලින්. දිනපතා රසවත් ආහාර හදාගන්න පුළුවන් කදිම උපකරණයක්. පෑන් එක, ලිඩ් එක, වේට් එක වගේම ට්‍රේස් තුනකින් සමන්විත වෙනවා. ඒ නිසා එකවර කෑම ජාති තුනක් වුණාත් හදාගන්න ලැබීම ලොකු වාසියක්.  පුඩිමක් වගේ දෙයක් සාමාන්‍යයෙන් හදන්න වැඩි කාලයක් ගත වෙනවා.  හැබැයි ප්‍රෙෂර් කුකර් එකක් තිබුණොත් නම් විනාඩි 15ක් වගේ කෙටි කාලයක් ඇතුළත steam කරගන්න පුළුවන් හින්දා අමුත්තෙක් ආවාත් ඉක්මනින් අතුරුපසක් හදලා දෙන්න  ලැබෙන එක කොච්චර දෙයක්ද?  අපි හැමෝම දන්නවා ධාන්‍ය වර්ග ආහාරයට ගන්න එක ගොඩාක් ගුණදායකයි කියලා.හැබැයි ගොඩාක් අය උදේට ධාන්‍ය වර්ග එහෙම හදන්න අදිමදි කරන්නේ තම්බන්න ගොඩාක් වෙලා යන නිසා. pressure cooker එකක් තිබුණොත් ඉක්මනින් ධාන්‍ය වර්ගත් තම්බගන්න පුළුවන්. 

ඉන්ඩක්ෂන් කුකර්

මේ දිනවල හැමෝටම තියන ප්‍රශ්නයක් තමයි ගෑස් ගැටලුව. රටේ තියන තත්වයත් එක්ක බොහෝ දෙනෙක් දැන් ගෑස් ගන්න බය වෙලා ඉන්නේ. ගෑස් ලිප වෙනුවට හැමෝම දැන් වෙනත් විකල්ප මාර්ග හොයොගෙන යනවා. සමහරු දර ලිප් භාවිතා කරන්නත් පටන් අරන්. ඒත් දර ලිපේ උයන්න හැමෝටම පුරුදු නෑ. ඒ නිසා නුතන කාන්තාවන්ට හරිම පහසු විකල්පයක් තමයි කරන්ට් එකේ උයන්න පුළුවන් ඉන්ඩක්ෂන් කුකර් එකක් ගන්න එක. මේක නම් ගෑස් ගැටලුවට තියන හොඳම විසදුමක්.  කරන්ට් එක යන්නෙත් හරිම අඩුවෙන්. ප්‍රෝගෑම් කරලා තියන එක එක කෑමවලට විශේෂිත උෂ්ණත්ව සහ වෙලාවල් තියන නිසා පහසුවෙන් එදිනෙදා කෑම උයාගන්න පුළුවන්. කෑමවල ආරක්ෂාව අතිනුත් ඉතාම ඉහළයි. කුස්සියේ වැඩ පහසු කරවන හොඳම උපකරණයක් තමයි ඉන්ඩක්ෂන් කුකරය.

Coconut Scraper

ඉස්සර කාලේ අම්මලා නම් පොල් ගෑවේ පරණ තාලෙට හිරමනේ. ඒත් දැන් කුස්සිවල නම් හිරමන වැඩිය දකින්න නෑ. ඉස්සර වගේ පොල් ගෙඩිය අරන් බිඳලා පොල් ගාලා පොල් මිරිකලා කෑම හදන්න දැන් ඉන්න තරුණ අම්මලාට නම් වෙලාව නෑ. පොල් කිරි අවශ්‍ය වුණාම ගොඩාක් වෙලාවට පිටි කළ පොල් කිරි තමයි පාවිච්චි කරන්නේ. ඒත් සමහර කෑම ජාතිවලට නම් පොල් ගාන්නෙ නැතුව බෑ.  ගොඩාක් වෙලාවට ගෙදර ඉන්න තරුණ ගැහැණු ළමයින්ටත් අම්මලාගෙන් බේරෙන්න බෑ පොල් ගාලා දෙන්න කියලා. ඒ වගේම උදේට වැඩට යන අයට පොල් ගගා ඉන්න නම් වෙලාව නෑ. ඒකට හොඳම විසඳුම තමයි Coconut Scraper එකක් ගන්න එක. කෙලින්ම කරන්ට් එකට ගහලා තමන්ට අවශ්‍ය ගාණට වේගෙ හදාගෙන ගාගෙන ගාගෙන යන්න තමයි තියන්නේ.  ඉතිං ඒ නිසා Coconut Scraper එකක් තිබුණොත් පොල් ගාන වැඩේට කොච්චර ලේසිද කියලා හිතන්නකො.

Microwave Oven

මයික්‍රොවේව් එකකින් මොනවාද කරන්නේ කියලා දැන් කාලේ කවුරුත් දන්නවා.  මයික්‍රොවේව් එකක් කියන්නේ බහුකාර්ය අවන් එකක්. අද කාලේ හැමෝම හරිම කාර්යබහුල ජීවිතයක් තමයි ගත කරන්නේ. ඒ නිසා කාර්යබහුල අයට ගැළපෙනම උපකරණයක් තමයි මයික්‍රොවේව් අවන් එක.  අලුත බැඳපු ජෝඩුවකට වඩාත් සුදුසුයි වගේම කියා ගන්න බැරි තරම් වටිනවා. විශේෂයෙන්ම විවිධ වර්ගයේ කෑම උයන්නත් උයපු කෑම රත් කරන්නත් ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. කලින් දවසේ ඉතුරු වුණු කෑමක් වුණාත් මයික්‍රොවේව් එකක් තිබුණොත් පහුවදාට රත් කරලා කෑමට ගන්න පුළුවන් නිසා කෑම අහක යන්නෙත් නෑ.  නූතන යුගයේ කුස්සියකට අත්‍යවශ්‍යම උපාංගයක් හැටියට මයික්‍රොවේව් උඳුන ගැන කියන්න පුළුවන්.

ටෝස්ටරය

ටෝස්ටරයකින් මූලිකවම කරන්නේ පාන් ටෝස්ට් කරන එක. ගොඩාක් අය ලේසියෙන්ම හදාගන්න කෑමක් තමයි සැන්ඩ්විච්.  විවිධ වර්ගයේ සැන්ඩ්විච් අත්හදා බලන්න ටෝස්ටරය කදිම උපකරණයක්. පාන් ඇතුළට විවිධ ජාති දාලා සැන්ඩ්විච් හැඳුවාම ටිකක් වෙලා යද්දි ඒවායේ රසවත්භාවය නැති වෙනවා. හැබැයි ටෝස්ට් කරොත් නම් ගොඩාක් වෙලා වුනාත් ඒ සැන්ඩ්විච්වල රසවත් බවේ කිසි අඩුවක් නැතුවම තියාගන්න පුළුවන් වෙනවා. කරස් සද්දයත් එක්ක රසවත් පාන් පෙත්තක මිහිර විඳින්න පාන් ටෝස්ටරය නියම ඉලෙක්ට්‍රික් උපාංගයක්.

Food Processor

කුස්සියේ වැඩ කටයුතු පහසු කරවන තවත් ඉලෙක්ට්‍රික් උපකරණයක් ලෙස Food Processor හඳුන්වන්න පුළුවන්. ඉවුම් පිහුම්වල රස වැටිලා විවිධ වර්ගයේ රෙසිපි හදන අයට නම් මේ භාණ්ඩය ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. සංකල්පය අතින් ගොඩාක් දුරට බ්ලෙන්ඩරයකට සමානයි. හැබැයි බ්ලෙන්ඩරයකින් පුළුවන් දියර ජාති සාදාගන්න විතරනේ. මේකෙන් ඊටත් එහා ගිය කාර්යන් රැසක් කරගන්න පුළුවන් වෙනවා. සාමාන්‍ය බ්ලෙන්ඩරයකට වඩා තියුණු බ්ලේඩ් සහ ප්‍රබල මෝටරයකින් සමන්විත වෙනවා. මෙම Food Processor හරහා එළවළු හෝ පළතුරු වගේ දෙයක් බොහොම පහසුවෙන් කුඩාවට කෑලි කර ගන්න පුළුවන්.  විවිධ ආහාර සැකසුම් වැඩවලට විවිධ ජාතියේ බ්ලේඩ් එහෙමත් තියන නිසා බහුකාර්ය උපකරණයක් හැටියට යොදාගන්න පුළුවන්. ඒ නිසා Food Processor එකක් තිබුණොත් කුස්සියේ වැඩවලට ගොඩාක් පහසු වෙයි.

Electric Grill

මේ උපකරණය නම් එක අතකින් උයන පිහන වැඩවලට පහසුයි වගේම අනෙක් අතින් පාටි එකක් දාන්න නියම උපකරණයක්.‍ යාළුවෝ කිහිපදෙනෙක් හෝ නෑදෑයන් සමඟ පොඩි බාබකිවු පාටියක් දාන්න හිතෙන අවස්ථා තියනවා නේද? ඒ වගේ වෙලාවක Electric Grill එක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. මස්, මාළු එහෙම පිරිසිදුවට ‌ග්‍රිල් කරලා ගන්න කියාපු භාණ්ඩයක්. සෝස් පෑන් එකේ දාලා ෆ්‍රයි කරන්න ඕන දේවල් මේකෙ නිකම්ම බැඳගන්න පුළුවන්. ඒ නිසා සෞඛ්‍ය සම්පන්න බවිනුත් කිසිම ගැටලුවක් නෑ.  අලුත් ජීවිතයකට පිවිසිලා අලුතින් උයන පිහන වැඩවලට යොමුවෙලා ඉන්න අයට ඉලෙක්ට්‍රික් ග්‍රිල් එක ඉවුම් පිහුම් කලාවේ උනන්දුව තවත් වැඩි කරන උපකරණයක් කියන්න පුළුවන්.  

ඔබේ කුස්සියේ වැඩ කටයුතු පහසු කරගන්න මේ සියලු උපකරණ Daraz වෙතින් මිලදී ගන්න. දැන්ම Daraz ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. Daraz වෙතින් අනඟි Shopping අත්දැකීමක් විඳින්න. මේ උපකරණ ඔබේ එදිනෙදා ජීවිතය පහසු කරනවා වගේම අලුත් ජීවිතයක් ආරම්භ කරන්න අලුත් නිවසකට යන නව යුවළවලටත් ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. පහසු ජීවිතයට පහසු භාණ්ඩ Daraz වෙතින්ම ලබාගන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php