සුන්දර පෙනුමකින් හැඩ වෙන්න Makeup Bag Essentials.

සුන්දර පෙනුමකින් හැඩ වෙන්න Makeup Bag Essentials.

ලස්සනට ඉන්න කැමැති කාන්තාවන් ළඟ Makeup Bag Essentials තියනවාමයි. ඔවුන් හැම ගමනක්ම යන්නෙත් Makeup Bag Essentials ටික අරගෙනමයි.

ඔයාලා දන්නවාද කාන්තාවක් ළඟ තියන්නම තියන්නම ඕන Makeup Bag Essentials මොනවාද කියලා? අපි අද බලමු ලස්සනට ඉන්න ආස කරන කාන්තාවන් ගාව තිබිය යුතුම Makeup Bag Essentials ගැන.

පාටියකට වෙඩින් එකකට යද්දි නම් හැමෝම වගේ සැලූන් එකකට ගිහින් තමයි මේකප් දාගන්නේ. හැබැයි ඔෆිස් යද්දි සාමාන්‍ය ගමන් යද්දි අපිට හැමවෙලේම සැලූන්වලට යන්න බෑනේ. ඒ නිසා ඔයා නිතරම මේකප් පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාටම කියලා මේකප් සෙට් එකක් තියාගන්න එක ප්‍රයෝජනවත් වෙනවා.

ඔයාගේ මේකප් බෑග් එක හදාගන්න අවශ්‍ය  අයිතමයන් සියල්ල Daraz Mall වෙතින් මිලදී ගන්න පුළුවන්. ඒ නිසා අද අපි බලමු ලස්සනට හැමතැනම යන්න කැමති ඔයාට අවශ්‍ය වන Makeup Bag Essentials මොනවාද කියලා.කාන්තා දිනයත් ළඟම එන හින්දා කාන්තාවන්ගේ මේකප් බෑග් එකේ තියෙන්න අවශ්‍යම මේකප් අයිටම්ස් ගැන කියන්න අපි අද හිතුවා.

ෆවුන්ඩේෂන් ස්ටික්

ලස්සනට මේකප් එකක් දාගන්න අත්‍යවශ්‍යම දෙයක් තමයි ෆවුන්ඩේෂන් ස්ටික් එක. ගැහැණු ළමයින්ට ගොඩාක් වෙලාවට ඇතිවෙන ගැටලුවක් තමයි තමන්ගේ මුහුණේ ළප කැළැල් තිබිම. මේ කැළැල් පේන්නේනැති වෙන්න මේකප් එක දාගන්න තමයි කවුරුත් ආස. ඔන්න ඒකට හරියනම මේකප් අයිටම් එක තමයි ෆවුන්ඩේෂන් එක. තමන්ගේ සමේ පාට අනූව තමන්ගේ මුහුණට ගැළපෙන ෆවුන්ඩේෂන් එක තෝරගන්න පුළුවන්. ඉස්සර වගේ දියරමය ෆවුන්ඩේෂන් ගාන්න ඕන නෑ. දැන් ෆවුන්ඩේෂන් ස්ටික් එක තියන නිසා මේක හරිම පහසුවෙන් මුහුණේ ආලේප කරන්න හැකියාව තියනවා. ඒ නිසා තමන්ම මේකප් එක දාගන්නවා නම් ෆවුන්ඩේෂන් ස්ටික් එකක් ඔයාගේ ළඟම තියාගන්න.

කම්පැක්ට් පවුඩර්

ෆවුන්ඩේෂන් එක හරියට සීල් කරන්නේ කම්පැක්ට් පවුඩර් එකෙන්.  ඔයාගේ සමේ පැහැයට හරියන්න තමයි පවුඩර් එක තෝරගන්න ඕන. කහ, රෝස, අයිවරි වගේ විවිධ පාටවලින් පවුඩර් තියනවා. ඒ අතරින් ඔයාගේ සමට ගාලා බලලා ගැළපෙන පාටක් තෝරගත්තොත් හොඳයි. කම්පැක්ඩ් පවුඩර් එකෙන් පාට ටිකක් අඩු කෙනෙක්ට වුණාත් හොඳ පැහැයක් ලබාදෙනවා. මුහුණට හොඳ එළියක් ලැබෙන්න නම් මේකප් එකට කම්පැක්ට් පවුඩර් එකක් කියන්නේ නැතුවම බැරි දෙයක්. පවුඩර් පාවිච්චි කරද්දි සැලකිලිමත් වෙන්නම ඕන කරුණක් තියනවා. ඒ තමයි පවුඩර් එක ගාන්න ඕන ස්වභාවික පෙනුමක් ලැබෙන විදියටයි. නැත්තම් පවුඩර් වැඩි වුණාම ඒ මේකප් එකේ කෘතිම ගතියක් එනවා.

බ්ලෂ්

බ්ලෂ් කිරීමෙන් මේකප් එක තවත් ඔප් නංවනවා. මුහුණේ හැඩය නිවැරදිව හඳුනාගෙන තමයි බ්ලෂ් පාවිච්චි කරන්න ඕන. බ්ලෂ් කරාට පස්සේ ඔයාගේ මේකප් එක තවත් ලස්සනට පේන්න පටන් ගන්නවා. බ්ලෂ් එකත් ඔයාගේ මේකප් බෑග් එකේ තිබිය යුතු වටිනාම දෙයක්. ඒ නිසා ඔයාගේ මේකප් බෑග් එකට බ්ලෂ් එකක් දාගන්නත් අමතක කරන්න එපා.

අයිබ්‍රෝ පෙන්සිල්

මේකප් එකකදි අපි ඇස් දෙක ලස්සන කරගන්න එක ගැන ලොකු අවධානයක් යොමු කරනවා. අපේ අයිබ්‍රෝ දිගින් අඩු නම් ඝනට වැවිලා නැත්තම් අයිබ්‍රෝ පෙන්සින් එකකින් අයිබ්‍රෝ හැඩවැඩ කරගන්න පුළුවන්. අයිබ්‍රෝ ඉතාමත් ලස්සනට නීට් එකට පෙන්නන්න තමයි අයිබ්‍රෝ පෙන්සිල් එක භාවිතා කරන්නේ. ඉතිං අයිබ්‍රෝ ලස්සන කරගන්න එක මේකප් එකකටම වැදගත්ම දෙයක් නිසා අයි‌බ්‍රෝ පෙන්සිල් එකත් ඔයාගේ මේකප් බෑග් එකේ අනිවාර්යෙන්ම තියෙන්න අවශ්‍ය දෙයක්.

අයි ලයිනර්

ඇස් ලස්සන කරන්න පාවිච්චි කරන තවත් මේකප් අයිටම් එකක් තමයි අයි ලයිනර්. අයි ලයිනර් එකකින් කරන්නේ ඔයාගේ ඇහැ වටා වඩාත් පැහැදිලිව රේඛාවක් ඇඳීමයි. මේ ලයිනර් එකෙන් ඇස්වලට අමුතුම සුන්දරත්වයක් එකතු කරනවා. මේ අයි ලයිනර්ස් දියරමය වශයෙන් හෝ පෙන්සිල් වශයෙන් ඔයාට මිලදී ගන්න පුළුවන්.

අයි ෂැඩෝ

අයි ලයිනර්, අයිබ්‍රෝ පෙන්සිල් පාවිච්චි කරලා ඇස් දෙක ලස්සන කරාට ඔයාගේ ඇස්වල සුන්දරත්වය තවත් වැඩි කරලා පෙන්නන්න පුළුවන් අයි ෂැඩෝ එකකින්. අපි ඇහැට උඩින් ගාණ වර්ණකවලට තමයි අයි ෂැඩෝ කියන්නේ. අයි ෂැඩෝ විවිධ පාටවලින් තියනවා. ඔයාගේ ඇඳුමේ හා සමේ වර්ණය අනූව ගළපමින් ඔයාට අයි ෂැඩෝ එකක් තෝරගන්න පුළුවන්. විවිධ වර්ගයේ පාට තියන අයි ෂැඩෝ සෙට් එකක් ගත්තාම ඔයාගේ ඇඳුමේ පාටට හරියන්න අයි ෂැඩෝ ගාලා ඔයාගේ ඇස් දෙක ලස්සනට මේකප් කරගන්න අවස්ථාව තියනවා. ඒ නිසා ඔයාගේ මේකප් බෑග් එකේ අයි ෂැඩෝ සෙට් එකත් දාගෙන තියා ගත්තා නම් හොඳයි නේද?

මස්කාරා

මේකප් දානකොට ඇස් දෙක ලස්සන කරන්න තමයි මේකප් අයිටම්ස් කිහිපයක්ම පාවිච්චි කරන්නේ. ඒකට හේතුව, මේකප් එකක වටිනාකම වැඩියෙන් පෙන්නුම් කරන්නේ ඇස් දෙක මේකප් කරලා තියන විදිය නිසායි. සමහර අයගේ කම්මුල්, තොල් ලස්සනට මේකප් කරලා තිබුණාත් වැඩක් වෙන්නේ නෑ ඇස් දෙකේ මේකප් එක ලස්සනට තිබුණේ නැත්තම්. ඒ හින්දා අපි මේකප් එකක් කරද්දි ඇස් දෙක ලස්සන කරන එක ගැන වැඩියෙන් හිතන්න වෙනවා. ඇහි බැම, ඇහැ උඩ ලස්සන කරනවා වගේම මස්කාරා එකකින් කරන්නේ ඇහි පිහාටු ලස්සන කිරීමයි. ඔයාගේ ඇහි පිහාටු ලස්සනට දිගටියට නැත්තම් ඔයාගේ ඇහි පිහාටු චූටියි කියලා ඔයාට හිතෙනවා නම් ඔයාට පුළුවන් මස්කාරා එකකින් ඇස් පිහාටු නීට් කරන්න. ඉතිං ඔන්න ඒ හින්දා ඔයාගේ මේකප් බෑග් එකේ මස්කාරා එකකුත් තියාගන්න අමතක කරන්න එපා.

ලිප්ස්ටික්

ලිප්ස්ටික් කියන්නේ මේකප්වලින් අපි නිතරම පාවිච්චි කරන මේකප් භාණ්ඩයක්. ගැහැණු ළමයි නිතරම භාාවිතා කරන විලාසිතාවක් කියන්න පුළුවන්. ගොඩාක් ගැහැණු ළමයි අනිත් මේකප් ජාති භාවිතා කරේ නැතත් ලිප්ස්ටික් එකක් නම් කොහොමත් පාවිච්චි කරනවා. ලිප්ස්ටික් නම් විවිධ පාටවලින් තියනවා.ඔයාගේ ඇඳුමේ හා සමේ පාටට ගැළපෙන්න ලිප්ස්ටික් තෝරගන්න පුළුවන්. හැබැයි ගොඩාක් වෙලාවට හැම ඇඳුමකටම ගැළපෙන්න නිතරම භාවිතා කරන්නේ රතු, මෙරූන්, රෝස වගේ පාට තමයි. ඒ නිසා ඔයාගේ මේකප් බෑග් එකේ ඕන ඇඳුමකට හරියන්න පාට දෙක තුනක වගේ ලිප්ස්ටික් තියාගත්තා නම් හොඳයි. ඒ වගේම තමයි ගොඩාක් අය ලිප්ස්ටික් පාවිච්චි කරද්දි කෙලින්ම තොල්වල ආලේප කරනවා. ඒත් එහෙම ලිප්ස්ටික් එක කෙලින්ම තොල්වල ආලේප කරන එක හොඳ නෑ. ලිප්ස්ටික් ආලේප කරන්න බ්‍රෂ් එකක් භාවිතා කරන එක තමයි වැඩියෙන් සුදුසු.

ඒ වගේම තමයි නිතර ලිප්ස්ටික් පාවිච්චි කරද්දි හොඳ brand එකක ලිප්ස්ටික් එකක් තෝරගන්න ඕන. නැත්තම් තොල් කළු වෙනවා වගේම ගාන ලිප්ස්ටික් එක ඉක්මනින්ම මැකිලා යනවා. ඒ නිසා හොඳ brand එකක ලිප්ස්ටික් එකක් ඔයාගේ මේකප් බැග් එකේ තියාගන්න.

ක්ලෙන්සර්

ඔයාගේ මේකප් බෑග් එකේ තිබිය යුතු දේවල් අතරේ ක්ලෙන්සර් එකක් තිබීමත් ඉතා වැදගත්. ක්ලෙන්සර් එකකින් කරන්නේ මුහුණේ කුණු, දූවිලි, තෙල් ගතිය ඉවත් කරලා මුහුණ පිරිසිදු කරන එක. ඉතිං කලින් සඳහන් කරපු මේකප් අයිටම්ස්වලින් මේකප් කරන්න පටන් ගන්න කලින් ඔයා ක්ලෙන්සර් එකක් පාවිච්චි කරලා මුහුණ පිරිසිදු කරගෙන මේකප් දාන්න පටන් ගන්න එක ගොඩාක් වටිනවා. මේකප් ඉවත් කරාට පස්සේත් ඔයාට ක්ලෙන්සර් එකකින් මුහුණ පිරිසිදු කරගන්න පුළුවන්.

ටෝනර්

ටෝනර් එකක් කියන්නේ මුහුණ පිරිසිදු කරගත්තාට පස්සේ වැඩි ආරක්ෂාවට ආලේප කරන දියරමය ආලේපනයක්. මුහුණ පිරිසිදු කරන්න අපි ක්ලෙන්සර් පාවිච්චි කරනවා. ක්ලෙන්සර් එකෙන් මුහුණේ සම මත තියෙන අපේ පියවි ඇහැට පේන්නේ නැති ඉතා කුඩා සිඳුරු විවෘත වෙනවා. ඒවා විවෘත වෙලා කුණු, දූවිලි පිරිසිදු වෙලා ඉවතට ගියාට පස්සේ ඒ සිඳුරු ඉබේම වැහෙන්නේ නෑ. ඒ නිසා එළියට ගියාම ඉක්මනින් කුණු, දුවිලි මේ සිඳුරු තුළට ඇතුල් වෙනවා. එතකොට තමයි කුරුළෑ ඇති‌ වෙන්නේ. මේ ගැටලුව වළක්වන්න පුළුවන් ටෝනර් එකට.මුහුණ පිරිසිදු කරාට පස්සේ මුහුණේ සිදුරු වැසීම තමයි ටෝනර් එකෙන් කරන්නේ. ඒ නිසා ක්ලෙන්සර් පාවිච්චි කරන ඔයාගේ මේකප් බෑග් එකේ ටෝනර් එකකුත් මතක ඇතුව තියාගන්න.

ලස්සනට මේකප් එකක් ඔයාගේ අතින් දාගන්න ඔයා කැමති නම් මේ Makeup Bag Essentials ටික Daraz Mall වෙතින් මිලදී ගන්න. දැන්ම Daraz ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. අපගේ වට්ටම් හා දීමනා අත් විඳිමින් අඩුම මිලට මේ වටිනා මේකප් අයිටම්ස් ටික ලබාගන්න.

තවත් මේ වගේ රූපලාවණ්‍ය නිෂ්පාදන ගැන දැනගන්න Must-Have Eye Makeup Products of 2022 for Flawless Eyes ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php