සුපිරි අත්දැකීමක් විඳගන්න Best Laptop Brands In Sri Lanka

සුපිරි අත්දැකීමක් විඳගන්න Best Laptop Brands In Sri Lanka

පහසුවෙන් වැඩ කරගන්න නම් Best Laptop Brands in Sri Lanka පාවිච්චි කරන්න වෙනවා. දැන් ලැප්ටොප් එදිනෙදා ජීවිතයේ නැතුවම බැරි දෙයක් වෙලා.

ඔයා දන්නවාද පහසුවෙන් වැඩ කරගන්න පුළුවන් Best Laptop Brands in Sri Lanka මොනවාද කියලා? මේ අවුරුදු කාලේ ඔයාට ගන්න පුළුවන් Best Laptop Brands in Sri Lanka ගැන හඳුන්වාදෙන්න අපි හිතුවා.

Daraz අවුරුදු වාසි අත්විඳින්න

Daraz මිලියන 5කට වැඩි තෝරා ගැනීම් සඳහා 80%ක් දක්වා වට්ටම් සමඟින් Daraz අවුරුදු වාසි මාර්තු 25 වැනිදා සිට අප්‍රේල් 6 වැනිදා දක්වා.  බැංකු කාඩ් සඳහා අමතර 12%ක් තෙක් වට්ටම්. Daraz අවුරුදු වාසි වෙතින් ඔයාට මේ කාලෙට වටිනා ලැප්ටොප් එකක් වට්ටම් සහිතව මිලදී ගැනීමේ අනඟි අවස්ථාවක්. දැන්ම Daraz ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාට ගැළපෙනම ලැප්ටොප් එකක් මේ අතරින් තෝරාගන්න.

Acer, Apple, Dell, Assus, Canon, Daraz, Dell, Epson, E- tel, Fantech, Global brand, Xiami, Samsung, HP, Huawei ඇතුළු සන්නාම ගණනාවක් සඳහා 65%ක් දක්වා වට්ටම්. වවුචර්, නොමිලේ Shipping හා ලැප්ටොප් සඳහා Freebie bundles .

ගෙදර ඉඳන් වැඩ කරන්නත් අධ්‍යාපන කටයුතු කරන්නන් ඒ වගේම ගේමින්, ෆිල්ම්ස්වලට ආස කරන අයට ඒ අත්දැකීම විඳින්නත් හොඳ ලැප්ටොප් එකක් තියන්න ඕන. ඉතිං අපි අද බලමු මේ අවුරුදු කාලේ Daraz වෙතින් මිලදීගන්න හොඳම ලැප්ටොප් මොනවාද කියලා.

Asus Vivobook

ලැප්ටොප් සඳහා ඉහළ සන්නාමයක් දිනා තිබෙන Asusහි vivobook ගෙවන මුදලට අනූව ලොකු වැඩ කොටසක් කරගන්න පුළුවන් ලැප්ටොප් වර්ගයක්. නවතම intel core i7 තාක්ෂණය සමඟින් 8GBක මතක ධාරිතාවයක් තියන නිසා විශාල ප්‍රමාණයක දත්ත ගබඩා  කිරීමේ ඉඩක් තියනවා. 512 GB SSDකින් ද යුක්තයි. අඟල් 15.6ක වැඩි දියුණු කළ පුළුල් තිර තාක්ෂණය, විශේෂයෙන්ම පරිගණක ක්‍රිඩා, නිර්මාණ කටයුතු සහ අධ්‍යාපන කටයුතු සිදු කරන අයට පහසුවක් වෙනවා. ඒ වගේම 2GB Nvidia ග්‍රැෆික් ප්‍රෙසෙසරයෙනුත් සමන්විත වන නිසා ග්‍රැෆික් කටයුතු කරන අයට කියාපුම ලැප්ටොප් විශේෂයක්. විශේෂ ගුණාංග සහිත නවතම මෙහෙයුම් පද්ධතිය වන windows 11 හි උපරිම අත්දැකීම මෙහිදී විඳගන්න පුළුවන්.

මෙම ලැප්ටොප් එක නිර්මාණය කරලා තියන්නේ පහසුවෙන් එහා මෙහා ගෙනියන්න පුළුවන් ඉතා සැහැල්ලු ආකාරයේ සිහින් නිමාවක් සහිතවයි. ඒ්ත් ශක්තිමත්භාවයෙන් හා කල්පැවැත්මෙන් ඉදිරියෙන්ම සිටිනවා. මෙහි බැටරි ආයු කාලයත් වැඩි නිසා තමන්ගේ එදිනෙදා කටයුතු පහසුවෙන් කර ගන්න මේ අවුරුදු කාලේ මේ වගේ ලැප්ටොප් එකක් ගත්තා නම් හොඳයි නේද?  

Dell Inspiron

කොරෝනා වසංගත කාලයත් සමඟ ගෙදර සිට වැඩ කරන සහ ගෙදර සිට අධ්‍යාපන කටයුතු කිරීමේ සංකල්පය අපේ රටේත් බිහි වුණා . ඉතිං ගෙදර ඉඳන් වැඩ කරන්නත් අධ්‍යාපන කටයුතු කරන්නත් හොඳ ලැප්ටොප් එකක් තියෙන්නම අවශ්‍යයි. Dell සමාගමෙන් නිකුත් වූ Inspiron පවුලේ නවතම සාමාජිකයා වූ මෙම ලැප්ටොප් වර්ගය විශේෂයෙන්ම හදලා තියන්නේ ගෙදර සිට වැඩ කරන අය උදෙසා සහ අධ්‍යාපන කටයුතු සිදු කරන දරුවන් වෙනුවෙන්මයි. දත්ත ගබඩා කළ හැකි 1TB ප්‍රමාණයේ hard disk එකක්  හා 4GB ප්‍රමාණයේ මතක ධාරිතාවක් තියනවා. ගෙදර ඉදන් වැඩ කරද්දි මුහුණ දෙන ගැටලුවක් තමයි මැෂින් එක slow වෙන එක. ඉතිං ඒ ගැටලුවට මේ ලැප්ටොප් එක හොඳම විසඳුමක්. මෙහි තියන Ram එක නිසා  වැඩ කටයුතු වැඩි වේගයකින් කර ගැනීමේ පහසුව තියනවා. Full HD පුළුල් තිරයකින් ද සමන්විතයි. මේ ලැප්ටොප් එකත් එහෙමෙහෙ ගෙනියන්න පහසු විදියට බරකින් තමයි හදලා තියන්නේ.

MacBook Pro

ලෝකයේ සුපතළ සන්නාමයක් දිනා තිබෙන ඇපල් සමාගමෙන් නිකුත් කරන ලැප්ටොප් හඳුන්වන්නේ MacBook ලෙසයි.  MacBook Pro යනු එම ලැප්ටොප්වල තියන ඉහළම ඛාණ්ඩයයි. අන් කවර තිරයකට සමාන කළ නොහැකි අඟල් 13ක රෙටීනා තාක්ෂණය සහිත පුළුල් තිරයකින් සමන්විත වීම මෙහි තිබෙන විශේෂත්වයක්. දැනට තියන නවතම ප්‍රොසෙසරය වන M1 නිසා ඉහළ කාර්යක්ෂමතාවයකින් වැඩ කටයුතු කරගන්න පුළුවන්. Core 8කින් යුක්ත නවතම a1 ප්‍රොසෙසරයකින් ද සමන්විතයි. ඒ වගේම අදහාගත නොහැකි 8 core එකක ග්‍රැෆික් ප්‍රෙසෙසරය නිසා නිර්මාණාත්මක කටයුතු කරන්නත් ගේමින්වලටත් කියාපුම ලැප්ටොප් එකක්. බැටරි එකෙන් පැය 20ක් එක දිගට වැඩ කිරීමේ අවස්ථාව තියනවා. දැනට වෙළෙඳපාළේ තියන වැඩිම බැටරි ආයු කාලයක් තියන ලැප්ටොප් එක වන්නේද මෙයයි. Touch id තාක්ෂණය, blacklight keyboard හා Touch bar එකකුත් තියනවා.  නවතම MacOS මෙහෙයුම් පද්ධතිය මෙහිදී අත්විඳිය හැකියි.

MacBook Air

ඇපල් සමාගමෙන්ම නිපදවලා තියන MacBook Pro එකට වඩා MacBook Airහි තිබෙන වෙනස තමයි සිහින් නිමාවකින් යුක්ත වීම.ඒ නිසා එහෙ මෙහෙ ගෙනියන්න පහසුයි. වර්ණ ඛාණ්ඩ 3ක් තියන නිසා ඔයා කැමති වර්ණයෙන් තෝරාගන්න පුළුවන්. පැය 18ක බැටරි ආයු කාලයක් හා 8GB මතක ධාරිතාවක් තියනවා.  අගල් 13කින් සමන්විත true tone තාක්ෂණයෙන් යුත් රෙටීනා display එකක් තිබීම තව විශේෂත්වයක්. දත්ත ගබඩා කළ හැකි 256GB SSD එකකින් සමන්විතයි. Core 8ක ග්‍රැෆික් ප්‍රොසෙසරය සමඟින් නවතම MacOS මෙහෙයුම් පද්ධතිය මෙහිදී විදගන්න පුළුවන්. ෆ්‍රැෆික් වැඩ කටයුතු වේගයෙන් කරගන්න හොඳම ලැප්ටොප් එකක්. චිත්‍රපටයක් නැරඹීමේදී ඉහළ quality එකක් තියනවා වගේම Application වේගයෙන් open වෙනවා. ඒ නිසා වැඩ කරගන්න හරිම පහසුයි.  ගේම්ස් ගහන්නත් කැමති අයටත් මේ ලැප්ටොප් එක වඩාත් සුදුසුයි.

Lenevo Ideapad 3

lenevoහි idepad ඛාණ්ඩයේ තියන තුන්වැනි සාමාජිකයා ලෙස lenevo ideapad 3 හඳුන්වාදෙන්න පුළුවන්.  Intel i5 11gen ප්‍රෙසෙසරයක් තියන නිසා වැඩි වේගයකින් වැඩ කටයුතු කිරීමේ පහසුව තියනවා. dolby sounds පහසුකම නිසා සින්දු අහද්දි හා චිත්‍රපට බලද්දි උපරිම රසවින්දනයක් ලබාගන්න පුළුවන්. 720p HD වෙබ් කැම් එක නිසා අධ්‍යාපන කටයුතු සිදු කරන සිසුන්ට හා කාර්යාල වැඩකටයුතු කිරීමේදී  zoom ආදි තාක්ෂණය භාවිතා කිරීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා. ගොඩාක් වෙලාවට මැෂින් එකට ලොග් වෙද්දි පාස්වර්ඩ් එක අමතක වෙනවා නේද? ඒත් මේ ලැප්ටොප් එකේ Finger print තාක්ෂණය තියන නිසා පාස්වර්ඩ් නැතුව ඇඟිලි සලකුණෙන් ලොග් වෙන්න පුළුවන්. අගල් 14  ips තාක්ෂණයෙන් යුත් පුළුල් තිරයක් ද සමන්විතයි. කරන්ට් යන එක මේ දවස්වල තියන ලොකුම ගැටලුවක්. හැබැයි මේ ලැප්ටොප් එකේ blacklight keyboard  එකක් තියන නිසා රාත්‍රි කාලයේ හෝ අඳුරේ පවා පහසුවෙන් වැඩ කරන්න පුළුවන්.

Gaming laptop – ASUS ROG Zephyrus

ලැප්ටොප්වලින් ගේම් ගහන්න කවුරුත් හරිම කැමතියිනේ.  ගේම් ගහන්න කැමති අය වෙනුවෙන්ම Asus සමාගමෙන් තමයි ASUS ROG Zephyrus G15 හඳුන්වලා දීලා තියන්නේ. Asusලාගේ ගේමින්වලටම සුවිශේෂි වුණු rog තාක්ෂණය මෙහි අන්තර්ගත වෙනවා.  Zephyrus පවුලේ අලුත්ම හඳුන්වාදීම තමයි G15. ගේමින් සඳහා නිපදවූ AMD Ryzen 9 ඛාණ්ඩයේ ප්‍රෙසෙසරයක් අන්තර්ගත වෙනවා. මෙහි viewing angle එක දිගු පරාසයක් දක්වා විහිදෙනවා. Touch pad එක පෙර generation එකට වඩා 20%කින් විශාල වන අතර 40%කින් වේගවත්ය. ඒ නිසා Quick response හැකියාව තියනවා. වැඩ කටයුතු කරගන්න ඉතා පහුසයි.මෙහි නිමාව නිසා දිගු කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. AMd Ryzen 9 ප්‍රොසෙසරය හා NVIDA RTX ග්‍රැෆික් ප්‍රෙසෙසරයක් තියන හින්දා අනෙකුත් ලැප්වලට නොදෙවනි ලෙස ගේමින්වලටයි ග්‍රැෆික්වලටයි උපරිම performance එකක් ලබාදෙන සුපිරිම ලැප්ටොප් එකක් කියන්න පුළුවන්.

HP Laptop

Budget එකට හරියන්න ගන්න පුළුවන් ලැප්ටොප් එකක් හැටියට මේ ලැප්ටොප් එක හඳුන්වාදෙන්න පුළුවන්.  ලැප්ටොප් සඳහා කීර්තිමත් නාමයක් දිනා තිබෙන Hp Brand එකේ intel core i3 family එකට අයත් වෙනවා. 4Gb මතක ධාරිතාවක් ද පවතිනවා. දත්ත ගබඩා කරන්න පුළුවන් 1TB hard disk එකක් හා Windows 10 මෙහෙයුම් පද්ධතියත් ඔෆිස් 2019 අන්තර්ගතයි. මෙහි නිමැවුම plastic fiberවලින් හදලා තියන්නේ.ඒ නිසා බරින් අඩුයි. ඒ වගේම රත්වෙන ප්‍රමාණයත් අඩුයි.  බැටරි ආයු කාලයත් හොඳ නිසා කාර්යාල වැඩ කටයුතු සඳහාත් ඉගෙනගන්න සිසු සිසුවියන් සඳහාත්  budget එකට හරියන ලැප් එකක් කියන්න පුළුවන්.

අලුතින් ලැප්ටොප් එකක් ගන්න හොයන අයට අදහසක් දෙන්න තමයි අපි අද මේ Best Laptop Brands in Sri Lanka ටික හඳුන්වලාදුන්නේ. මේ අතරින් මිල අධික ලැප්ටොප් එකවර මිලදී ගැනීමේ අපහසුතාවයක් ඔයාලාට තියනවා නම් පසුතැවෙන්න හේතුවක් නෑ. දැන් Daraz වෙතින් පහසු ගෙවීමේ ක්‍රමයටත් ඔයාලාට මේ ලැප්ටොප් මිලදී ගන්න අවස්ථාව තියනවා. Daraz අවුරුදු වාසි සමඟින් අලුත් අවුරුද්දේ ඔයාගේ ලැප්ටොප් එකත් අලුත් කරගන්න.

තවත් ලැප්ටොප් පිළිබඳ දැනගන්න Best laptops for students in 2021 ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php