සිත් ඇඳගන්නා පෙනුමකින් හැඩවෙන්න New Fashion & Beauty Items

සිත් ඇඳගන්නා පෙනුමකින් හැඩවෙන්න New Fashion & Beauty Items

ලස්සනට ඉන්න නම් New Fashion & Beauty Items අවශ්‍යම වෙනවා. තරුණ ගැහැණු ළමයි, කාන්තාවන් වගේම පිරිමි උදවියත් New Fashion & Beauty Items ගැන උනන්දු වෙනවා.

ඔයාලාත් මේ දවස්වල New Fashion & Beauty Items සොයමින් ඉන්නවාද?ඔන්න එහෙනම් දැන් ඒ සඳහා හොඳම අවස්ථාව Savings සතියෙන් උදාවෙලා තියනවා.

Daraz Savings සතිය

Daraz එකේ Shop කරන ඔයාලාට ඉතුරුම් රැසක් ගෙනදෙන Daraz Savings සතිය මේ දිනවල අත්විඳින්න පුළුවන්. ප්‍රියතම වෙළෙඳ නාමයන් සඳහා 60%ක් දක්වා වට්ටම් සමඟින් අත්‍යවශ්‍ය භාණ්ඩ හැමදෙයක්ම අඩුම මිලට එකම තැනින් ලබාගැනීමේ හොඳම අවස්ථාවක් Daraz Savings සතිය වෙතින් හිමිවෙනවා.

මේ වගේ කාලෙක Shopping කරන්න යනකොට අපහසුතා රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒත් ඇඳුම් පැළඳුම් කියන්නේ මූලික අවශ්‍යතාවලින් එකක්. ඒ නිසා කොතරම් ගැටලුකාරී තත්වයන් තිබුණාත් අපිට ඇඳුම් පැළඳුම් මිලදී ගන්නම සිදු වෙනවා. Daraz Savings සතිය වෙතින් මිලදී ගන්න පුළුවන් New Fashion & Beauty Items මොනවාද කියලා අපි බලමු.

 සුන්දරව හැඩ වෙන්න Fashion

හැමෝම වයස් භේදයකින්, කාන්තා පිරිමි භේදයකින් තොරව Fashion කරන්න උනන්දු වෙනවා. මේ දවස්වල රටේ පවතින වාතාවරණයත් එක්ක සැහැල්ලු ඇඳුම් ඇඳගෙන ඉන්න එක තමයි වඩාත් සුදුසු.  Daraz Savings සතිය වෙතින් විලාසිතාවන් වෙනුවෙන් ඔබගේ ප්‍රියතම වෙළෙඳ නාමයන් වන Laveena, Embark, Avirate, TRENDY Clothing, TShirt Republic, Privi Fashion, Amante, IELGY, Louiswill, Jockey, Moose Clothing, TOFO, DSelect, Miika, Signature, Jezza, Kyra, Emerald Urban Roots, Atitude, Rugged Heads, Aracher, VYAYA, POLO Authentic, VANTAGE, Spring & Summer, AIMI Clothing, Lady Holton, Nora Reed, and Bellini Clothing සඳහා 75%ක් දක්වා වට්ටම් දිනා ගැනීමේ අවස්ථාව තියනවා. එපමණක් නෙවෙයි නොමිලේ වවුචර්ස්, නොමිලේ ඩිලිවර් වගේම තවත් තෑගි රැසක්. බැංකු කාඩ්පත් සඳහා අමතර 12%ක වට්ටමකුත් හිමිවෙනවා.

Draraz සමඟින් Shop කරන ඔයාලාට Savings සතියෙන් තෝරාගන්න පුළුවන් මන බඳිනා සැහැල්ලු විලාසිතා මොනවාද කියලා අපි බලමු.

Vivian Dress

Stylish විදියට අඳින්න කැමති ගැහැණු ළමයින්ට ගැළපෙන ඇඳුමක් තමයි මේ වගේ Vivian Dress එක. මේ වගේ ඇඳුමක් ඕනම තැනකට ගැළපෙනවා. මේ Dress එකට Sandals  දෙකක් Court Shoes දෙකක් වගේ දැම්මාම හොඳ පෙනුමක් එනවා. ඒ වගේම තමයි මේ වගේ Dress එකක් ඇන්ඳාම ඇඟට කිසිම අපහසුතාවයක් දැනෙන්නෙත් නෑ. හරිම පහසුවෙන් මුළු දවසම වුණාත් ඇඳගෙන ඉන්න පුළුවන්.

Wide Leg Pants

ගැහැණු ළමයි Pants අඳින්න පුරුදු වෙලා ඉන්නෙම සැහැල්ලු ගතිය නිසායි. කලිසමක් ඇන්ඳාම බොහොම පහසුවෙන් ඉන්න පුළුවන්. බලන්නකො මේ වගේ Pant එකක් ඔයාගේ ඇඟට කොතරම් පහසු වෙයිද කියලා. හිරට තදට අඳිනවාට වඩා සැහැල්ලුවෙන් අඳින්න කැමති අයට ගැළපෙන්නෙම මේ වගේ Pant එකක්. ලස්සන Blouse එකක් මේ වගේ Pant එකකට match කරලා අඳින්න පුළුවන්.

Stylish Tops

ඩෙනිමකට ඕනම Trouser එකකට අපි විවිධ විදියේ Tops අඳිනවා. ඒ අතරින් මේ වගේ Stylish Top එකක් කාගේත් සිත් ඇඳගන්නා ඇඳුමක් වේවි. අත් දිගට දාලා V- neck එකත් එක්ක පුංචි සමනලයෙකුත් දිස්වෙන මේ වගේ Top එකක් ඩෙනිමක් එක්ක ඇන්දාම හොද Look එකක් ඔයාගේ පෙනුමට එකතු වෙනවා. Daraz Fashion වෙතින් ඔයාට මේ වගේ Stylish Tops තෝරගන්න පුළුවන්. Casual ගමන්බිමන්වලට මේ වගේ ඇඳුමක් වඩාත් ආකර්ෂණීය වේවි.

Court Shoes

විලාසිතා ගැන කතා කරද්දි ඇඳුම් විතරක් නෙවෙයි තවත් අංග ගණනාවක්ම අපේ මතකයට එනවා. කාන්තා විලාසිතාවන් අතර තවත් ජනප්‍රියම අංගයක් තමයි පාවහන් විලාසිතා. ‌‌ඩෙනිමකට, ගවුමට, Skirt & Blouse එකට මේ හැමදේටම Court Shoes දෙකක් හොඳින් ගැළපෙනවා. මේ වගේ Court Shoes දෙකක් ඔයාට ඔෆිස් එකටත් සාමාන්‍ය ගමන්බිමන්වලටත් ඕනම තැනකට දාගෙන යන්න පුළුවන්. Court Shoes දැම්මාම කකුළට බරක් දැනෙන්නෙත් නැති ඔයාට සැහැල්ලුවක් දැනෙයි. ඔයාගේ පාද දෙකට අලුත් එළියක් මේ වගේ Court Shoes දෙකකින් එකතු කරනවා.

Sarees

බොහොම සැහැල්ලු ඇඳුම් අඳින්න ගොඩාක් දෙනෙක් කැමති වුණාට සාරි අඳින්නත් කැමති පිරිසක් ඉන්නවා.සමහර රැකියාවල ස්වභාවය අනූව ඇතැම් පිරිසකට දිනපතා සාරි අඳින්න සිදු වෙනවා. ඒ වගේම දිනපතා සාරි අඳින්න සිදු වෙන්නැති පිරිසට වුණාත් විශේෂ අවස්ථාවලදී නම් සාරි අඳින්න වෙනවා. ඒ වගේම සාරියක් කියන්නේ කාන්තාවකගේ පෙනුමට ගෞරවයක් එකතු කරන විලාසිතාවක් කියන්නත් පුළුවන්. ගොඩාක් වෛවාරණ නැති මේ වගේ චාම් සාරි Daraz Fashion වෙතින් ඔයාට තෝරගන්න පුළුවන්.

Casual T- Shirts

පිරිමි ළමයි කොහේ ගියාත් ලේසියට T- Shirt එකක් දාගෙන යන්න තමයි කැමති. හැබැයි ටී ෂර්ට්ස් අඳිනකොට Brand එක ගැනත් හිතන්න වෙනවා. හොඳ Brand එකේ ටී ෂර්ට්ස් තෝරගත්තොත් තමයි අපිට දිගු කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නෙත්. බොහොම සැහැල්ලුවෙන් ඇඳගෙන ඉන්න පුළුවන් ඔයාගේ Look එකට ගතියකුත් එකතු කරන මේ වගේ ප්‍රියතම වෙළෙඳ නාමයන් සහිත ටී ෂර්ට්ස් Daraz Savings සතියෙන් තෝරගන්න.

Men’s Shirt

ඔෆිස් යනකොට සහ විවිධ උත්සව අවස්ථාවලදී Formal Shirts තමයි පිරිමි ළමයි අඳින්න තෝරගන්නේ. පිරිමි ළමයින්ගේ කඩවසම් බව තවත් කැපිලා පේන්නේ අඳින ඇඳුම් අනූවයි. මේ වගේ Shirt එකක් පිරිමි ළමයින්ගේ පෞරුෂත්වය තවත් වැඩි කරන විලාසිතාවක් වේවි. හොඳ Trouser එකක් එක්ක මේ වගේ Shirt එකක් යට කරලා ඇන්දාම ඔයාගේ Look එකට ආකර්ෂණීයත්වයක් එකතු වෙනවා.  ඔයා කැමති පාටකින් හොඳ කොලිටි Material එකක් තියන Branded Shirts මිලදී ගන්න.

සුමුදු පෙනුමකට Health & Beauty Products

ඔයාගේ පෙනුම ලස්සනට තියාගන්න Health & Beauty Products සොයනවාද? එහෙනම් ඔන්න Savings සතියෙන් ඒ සඳහාත් අවස්ථාව තියනවා. Janet, Nature’s Secret, Ponds, Dove, Kumarika, GOLD, Velvet, Vivya, Goya, CORSX, Rotho, Orion, Iris Garden, Luvesence, CCUK, and Vaseline වැනි වෙළෙඳ නාම සඳහා 20%ක් දක්වා වට්ටම්. නොමිලේ ඩිලිවරි සහ වවුචර්ස්. Daraz Savings සතියෙන් ඔයාට ගැළපෙන Beauty Products තෝරගමු.

Moisturizer Cream

කාන්තාවන් නිතරම තමන්ගේ සම ගැන හිතනවා. ඉතිං ඔයාලාගේ සම ආරක්ෂා කරගන්න නම් Moisturizer Cream එකක් පාවිච්චි කරන්න වෙනවා. දිවා කාලයේත් ඔයාගේ සම ආරක්ෂා කරගන්න විටමින් බහුලව අඩංගු Moisturizer Cream එකක් තෝරගන්න. මේ වගේ Cream එකක් ඕන සමකට ගැළපෙනවා. ඒ වගේම තමයි Moisturizer Cream එකක් පාවිච්චි කරොත් ඔයාගේ සම සිනිඳුව නැවුම්ව තියන්න පුළුවන්.

Face wash

ෆේස් වොෂ් එකක් කියන්නේ අපි නිතර මුහුණ පිරිසිදු කරන්න භාවිතා කරන රූපලාවණ්‍ය නිෂ්පාදනයක්. ෆේස් වොෂ් එකකින් මුහුණ සේදුවාම අපේ සමේ තියන කුණු දූවිලි සියල්ල ඉවත්වෙලා යනවා. සමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය අඩංගු වෙලා තියන නිසා කුරුළෑ වැනි ආසාදිත තත්වයන් පවා වැළකෙනවා.  ඔයා නිතරම ගමන්බිමන් යනවා නම් හෑන් බෑග් එකේත් ෆේස් වොෂ් එකක් දාගෙන තියාගන්න එක වඩාත් හොඳයි. ෆේස් වොෂ් එකෙන් මුහුණ සේදුවාම දවස පුරාම ඔයාගේ මුහුණ නැවුම්ව පිරිසිදුව තියාගන්න පුළුවන්. ඒ නිසා Savings සතියෙන් ඔයාගේ සමට ගැළපෙන ෆේස් වොෂ් එකක් මිලදී ගන්න.

Shampoo

ගැහැණු ළමයෙක්ගේ ලස්සන වැඩි කරන්න වරලසේ තියන ආකර්ෂණයත් බලපානවා. ඉතිං ඒ නිසා කොණ්‌ඩෙ ලස්සනට තියාගන්න විවිධ වර්ගයේ ෂැම්පු භාවිතා කරනවා. ෂැම්පුවල අඩංගු සංඝටක නිසා කොණ්ඩය සිනිඳුව තබනවා වගේම කොණ්ඩයට ආරක්ෂාවත් සපයනවා. හැබැයි අපි නිතරම අපේ කොණ්ඩයට ගැළපෙන විදියේ ෂැම්පු එකක් තෝරගන්න අවශ්‍යයි. තමන්ගේ කොණ්ඩයේ ස්වභාවය අනූව ගැළපෙන ෂැම්පු එකක් Daraz වෙතින් තෝරගන්න ඔයාට අවස්ථාව තියනවා.

Body Mist

විවිධ රූපලාවණ්‍ය Products පාවිච්චි කරලා ලස්සන වුණාට විතරක් මදි. අපි සුවඳවත්ව ඉන්නත් එපැයි. කෙනෙක්ගේ ආකර්ෂණය දිනාගන්න පෙනුම ලස්සන වෙන්න ඕන වගේම ළඟ ඉන්නකොට සුවඳක් දැනෙන්නත් අවශ්‍යයි. ඒ නිසා ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම සුවඳවත්ම ඉන්න ගැළපෙන දෙයක් තමයි Body Mist එකක් පාවිච්චි කරන එක.ඔයාගේ සුවඳට අනිත් අයගේ හිත ඇඳෙන විදියේ සුවඳ වර්ග අඩංගු Body Mist එකක් Daraz සමඟින් Shop කරලා අදම ගෙදරට ගෙන්වා ගන්න.

ලස්සනට ඉන්න කැමති හැමෝටම අදහසක් දෙන්න තමයි අපි අද New Fashion & Beauty Items ඔයාලාට හඳුන්වාදුන්නේ. Daraz Savings සතියේ දීමනා අත්විඳින්න තව තියන්නේ සුළු වෙලාවක් පමණයි. ඒ නිසා තව තවත් බලාගෙන ඉන්නේ නැතුව Savings සතිය සමඟින් Shop කරලා ඔයාට ගැළපෙන Fashion සහ Beauty Products දැන්ම ඕඩර් කරන්න.

Daraz Savings සතියෙන් මිලදී ගන්න පුළුවන් Tech ගැජට්ස් ගැන දැනගන්න Saving සතිය වෙතින් තෝරගන්න ජනප්‍රිය Best Tech Products ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php