පොකට් එකට ලාභදායි ගතට සැහැල්ලු Casual Outfit Ideas

පොකට් එකට ලාභදායි ගතට සැහැල්ලු Casual Outfit Ideas

සුවපහසු විදියට අඳින්න Casual Outfit Ideas ගැන හිතන්න වෙනවා. Casual Outfit Ideas දැනගෙන හිටියාම හරිම සැහැල්ලු විදියට ඉන්න පුළුවන් වෙනවා.

ඔයාලාත් මේ දවස්වල Casual Outfit Ideas සොයමින් ඉන්නවාද? Daraz Fashion සමඟින් Shop කරලා රු. 2999ට අඩු මුදලකට මිලදී ගන්න පුළුවන් Casual Outfit Ideas ගැන කියන්න අපි අද හිතුවා.

ඇඳුම් පැළඳුම් කියන්නේ අපේ මූලික අවශ්‍යතාවලින් ප්‍රධානම එකක්. මොනතරම් අමාරු කාලයක වුණාත් ඇඳුම් පැළඳුම් අපිට නැතුවම බැරි දෙයක් වෙලා. Fashion කරන්න ගැහැණු පිරිමි භේදයකින් තොරව, වයස් භේදයකින් තොරව හැමදෙනාම විශාල උනන්දුවක් දක්වනවා. අපිට එකම ඇඳුම හැමතැනටම අදින්න බෑ. එක එක අවස්ථාව අනුව අපි අඳින ඇඳුමත් වෙනස් කරන්න වෙනවා. ඔෆිස් එකට, සාමාන්‍ය ගමන්බිමන්වලට, විශේෂ උත්සව අවස්ථාවලට ආදි වශයෙන් විවිධ අවස්ථාවලට අපිට විවිධ ඇඳුම් අඳින්න තෝරගන්න සිදු වෙනවා. මේ අතරින් අපිට වැඩිපුරම Casual ඇඳුම් පැළඳුම් තමයි ඕන වෙන්නේ.

ගෙදරට ඇඳගෙන ඉන්නත්, සාමාන්‍ය ගමන්බිමන් යන්නත්, පොඩි පාටිවලටත්, ළඟ පාතකට යන්නත් අපිට වැඩි වශයෙන් අවශ්‍ය වෙන්නේ Casual ඇඳුම්. Casual ඇඳුම් තෝරගනිද්දි අපිට සුවපහසුව ගැනත් හිතන්න වෙනවා.  ඒ වගේම ගොඩාක් දෙනා Casual ඇඳුම්වලට ලොකු වියදමක් දරන්නත් කැමැති වෙන්නේ නෑ. ටිකක් අඩු මුදලකට තමයි Casual ඇඳුම් පැළඳුම් තෝරාගන්නේ. හැම වියදමක්ම වැඩිවෙලා තියන මේ කාලේ ඇඳුම් පැළඳුම්වල මිල ගණනුත් ඉහළ ගිහිල්ලා. හැබැයි ඉතිං අපිට විලාසිතා නොකර ඉන්න බෑනෙ. ඉතිං ඒ නිසා රු. 2999ට අඩු මුදලකට ඔයාලාට Daraz වෙතින් මිලදී ගන්න පුළුවන් Casual Outfit Ideas ගැන කියන්න අපි අද හිතුවා. Daraz Fashion සමඟින් Shop කරලා ඔයා කැමතිම විලාසිතා ගෙදරටම ගෙන්වා ගන්න.

රු.2999ට අඩු Casual කාන්තා විලාසිතා

Stylish Dress

ගවුම් අඳින එක දැන් ගැහැණු ළමයි අතර ජනප්‍රිය විලාසිතාවක් වෙලා. සාමාන්‍ය ගමන්බිමන්වලට ගවුමක් කියන්නේ හරිම පහසු ඇඳුමක්. බලන්නකො මේ වගේ Dress එකක් කොතරම් සැහැල්ලු ඇඳුමක් වෙයිද කියලා. Front Open එකක් තියන මේ ගවුමේ හොඳ Stylish ගතියකුත් තියනවා. ඔයාගේ පෙනුමට ආකර්ෂණීයත්වයක් එකතු කරනවා. Flat Slippers දෙකක් එක්ක මේ වගේ ගවුමක් Casual ගමන්වලට කදිමෙට ගැළපෙනවා.

Casual Pant

සැහැල්ලුවෙන් අඳින එක ගැන හිතන හැමෝම Pants අඳින්න පුරුදු වෙලා ඉන්නවා. සාමාන්‍ය ගමන්බිමන්වලට අපිට බොහොම පහසු Pants තෝරගන්න පුළුවන්. ඩෙනිම්ස්, ඔෆිස් කලිසම්වලට වඩා Casual ගමන්බිමන්වලට ගැළපෙන වෙනම්ම Pants තියනවා. Linen Material එකෙන් මහලා තියන මේ Pant එක හරිම පහසුවෙන් දවසම ඇඳගෙන ඉන්න පුළුවන්. Short Blouse එකක් එක්ක මේ වගේ සැහැල්ලු Pant එකක් ඇන්දාම හොඳ Look එකක් එකතු වෙනවා.

Lase Top

Casual ගමන්වලට විවිධ විදියේ Styles තියන ලස්සන Tops තරුණ ගැහැණු ළමයි තෝරගන්නවා. Casual ගමන්වලට සැහැල්ලු බව ගැන හිතනවා වගේම Fashionable ගතියකුත් තියෙන්න එපැයි. ඉතිං සැහැල්ලුවයි Fashionable ගතියයි දෙකම ගැන හිතට අයට ගැළපෙන ඇඳුමක් තමයි මේ Lase Top එක. ඩෙනිමක් එක්ක මේ වගේ Top එකක් නියමෙට ගැළපෙනවා. අඩු මුදලකට මේ වගේ Stylish Top එකක් ගන්න ලැබෙන එක කොයි තරම් සහනයක්ද?

Mid Skirt

Skirts අඳින්න දැන් ඉන්න තරුණ ගැහැණු ළමයි ටිකක් මැලිකමක් දක්වනවා. Tied Skirts එහෙම ඇන්දාම අපහසුතාවයක් දැනෙන නිසා තමයි Skirts අඳින්න ඇතැම් දෙනා අදිමදි කරන්නේ. ඒත් මේ වගේ High Waist Mid Skirt එකක් බොහොම සැහැල්ලුවෙන් කිසිම අපහසුතාවයක් නැතුව ඇඳගෙන ඉන්න පුළුවන්. මේ Skirt එකේ හොඳ Fashionable Look එකකුත් තියනවා . Short Blouse එකක්, Crop Top එකක් එක්ක මේ Skirts මැච් කරලා අඳින්න පුළුවන්.

Casual Short

Casual Outfits ගැන කතා කරද්දි Short එකත් අපිට අමතක කරන්න බෑ. ගෙදරට පහසුවෙන් ඇඳගෙන ඉන්න Short එකක් හොඳට ගැළපෙනවා. ඒ වගේම යාළුවෝ කට්ටියත් එක්ක ට්‍රිප් එකක් එහෙම ගියාම මේ වගේ Short එකක් ඇඳගෙන හරිම සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. බොහොම ලාභදායි මිලට මේ වගේ Stylish ඇඳුම් Daraz Fashion වෙතින් තෝරගන්න ඔයාලාට අවස්ථාව තියනවා.

Mini Blossom

Casual ගමන්බිමන් යද්දි සැහැල්ලු ඇඳුම් පැළඳුම් තෝරගන්න වෙනවා වගේම කොණ්ඩය වුණාත් සැහල්ලුවෙන් දාගෙන ඉන්න එපැයි. තරුණ ගැහැණු ළමයි කොණ්‌ඩෙට එක එක මෝස්තර දැම්මාට Casual ගමන් යද්දි නම් කොණ්ඩෙත් පහසු විදියට තමයි දාගෙන යන්නේ.  බලන්නකො මේ Mini Blossom Queen සෙට් එක ඔයාට කොණ්‌ඩෙ සැහැල්ලුවෙන් දාගෙන ඉන්න ප්‍රයෝජනවත් වෙනවා. හරිම අඩු මුදලකට මේ වගේ Fashionable Items Daraz වෙතින්ම තෝරගන්න.

රු. 2999‌ට අඩු Men’s Casual විලාසිතා

Slim Pant

කාන්තාවන් එක එක විදියේ මෝස්තර තියන ඇඳුම් පැළඳුම් තෝරද්දි පිරිමි ළමයි වැඩිපුරම සොයන්නේ සැහැල්ලු ඇඳුම්. ඒ නිසා කොහේ ගියාත් සැහැල්ලුවට ඇඳගෙන යන්න තමයි ඔවුන් වැඩි කැමැත්තක් දක්වන්නේ. ඉතිං සාමාන්‍ය ගමන්වලට මේ වගේ Slim Pant එකක් ඇන්ඳාම පිරිමි ළමයින්ගේ Smart ගතිය තව වැඩි කරනවා.

Casual Shirt

ගොඩාක් වෙලාවට පිරිමි ළමයින්ගේ Personality එක කැපිලා පේන්නේ අඳින ඇඳුම් අනූවයි. ගැහැණු ළමයින්ගේ ආකර්ෂණය දිනා ගන්න නම්, පිරිමි ළමයින්ට ලස්සනට අඳින්න වෙනවා. සමහරු කොහේ ගියාත් ඩෙනිමයි, ටී ෂර්ට් එකයි දාගෙන යන්න පුරුදු වෙලා හිටියාට සමහර පිරිමි ළමයි නම් හරිම උනන්දුවෙන් Fashion කරනවා. ඉතිං කොහේ ගියාත් ලස්සනට ඇඳගෙන යන්න කැමති අය Casual ගමනක් යද්දිත් ආකර්ෂණීය විදියට ඇඳගෙන යන්න උත්සාහ කරනවා. මේ වගේ Handloom Shirt එකක් Smart ගතිය වැඩි කරන කදිම විලාසිතාවක් වෙනවා. Cotton Material එකෙන් මහලා තියන නිසා ඇඟටත් සුවපහසු ගතියක් දැනෙනවා. සුවපහසු Smart ඇඳුම් හොයන පිරිමි ළමයින්ට මේ වගේ Shirt Daraz Fashion වෙතින් පොකට් එකටත් හරියන මුදලකට ගන්න ලැබෙන එක ඔයාලාට ලැබෙන ලොකු වාසියක්.

T – Shirt

පිරිමි ළමයි කොහේ ගියාත් ලේසියට ටී ෂර්ට්ස් දාගෙන යන්න නම් කැමතියි. ඉතිං ඒ නිසා Casual ගමන්වලට වැඩිපුරම තෝරගන්නේ ටී ෂර්ට්ස් තමයි.හැබැයි ඉතිං ටී ෂර්ට්ස් අඳිනවා කියලා නිකම්ම නිකම් ටී ෂර්ට්ස් අඳින්න බෑනෙ. Brand එක ගැනත් අපිට හිතන්න වෙනවා. හොඳ Branded ටී ෂර්ට්ස් තෝරගත්තොත් තමයි අපිට වැඩි කාලයක් අඳින්න පුළුවන් වෙන්නෙත්. විවිධ මෝස්තර සහිත ටී ෂර්ට්ස් හොයන ඔයාලාට මේ වගේ Printed ටී ෂර්ට් එකක් නියමෙට මැච් වෙයි නේද? Fashionable Look එකක් එක් කරන මේ වගේ ටී ෂර්ට්ස් 2999ට අඩුවෙන් මිලදී ගන්න ලැබෙන එක ඔයාගේ පොකට් එකට ගොඩාක් ලාභදායි වෙයි. ඩෙනිමක් එක්කත්, Short එකක් එක්කත් ඕන විදියකට ගැළපෙනවා. සැහැල්ලුවෙන් දවසම වුණාත් ඇඳගෙන ඉන්න පුළුවන් වගේම අමුතුම Look එකක් ඔයාගේ පෙනුමට එක් කරනවා.

Men’s Cap

පිරිමි ළමයින්ගේ Casual ගමන්වලදී වරදින්නැති දෙයක් තමයි Cap එක. යාළුවෝ එක්ක සෙට් වෙලා ගමන් යද්දි, ට්‍රිප් යද්දි, ළඟ පාතකට එහෙට මෙහෙට යද්දි ගොඩාක් වෙලාවට පිරිමි ළමයි Caps පාවිච්චි කරනවා. දැන් ඉතිං අලුත් අලුත් ස්ටයිල්ස්වල Caps තියෙන නිසා තෝරාගැනීම් රැසක් අතරින් තමන්ට ගැළපෙන Cap එකක් ගන්න පුළුවන්. Daraz Fashion වෙතින් ඉතා ලාභදායි මුදලට Stylish ගතියක් තියන මේ වගේ Caps ඔයාගේ Casual ගමන්බිමන්වලට දාගෙන යන්න අදම තෝරගන්න.

Casual ගමන්බිමන්වලට අඳින්න පළඳින්න විලාසිතා හොයන ඔයාලාට අදහසක් දෙන්න තමයි අපි අද Casual Outfit Ideas ඔයාලාට හඳුන්වාදුන්නේ. දැන් කවුරුත් තමන්ගේ පොකට් එකට හරියන ගාණට තමයි හැමදෙයක්ම හොයන්නේ. අපි අද හඳුන්වලා දීපු මේ  විලාසිතාවල  තියන විශේෂත්වය තමයි රු. 2999ට අඩු මුදලකට Daraz Fashion වෙතින් ඔයාලාට මේ Outfits මිලදී ගන්න පුළුවන්. මේ කාලයේ මේ වගේ මුදලකට Fashion කරන්න ලැබෙන එක ඔයාලට ලොකු සහනයක් නේද? ප්‍රියතම වෙළෙඳ නාම සඳහා සුවිශේෂී වට්ටම් සහිතම අඩුම මිලට කදිම විලාසිතා තෝරගන්න. දැන්ම Daraz Fashion සමඟින් Shop කරන්න පටන් ගන්න.

උත්සව අවස්ථාවලට ගැළපෙන ආකාර්ෂණීය විලාසිතා ගැන දැනගන්න  චමත්කාරයෙන් සැරසෙන්න Special Occasion Outfits Ideas ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php