නිරෝගිමත් දිවියකට උපකාරයක් සපයන Best Supplements for Optimal Health

නිරෝගිමත් දිවියකට උපකාරයක් සපයන Best Supplements for Optimal Health

යහපත් සෞඛ්‍යයක් සඳහා අතිරේක පෝෂණයක් ලබාගන්න Best Supplements for Optimal Health භාවිතා කරන්න වෙනවා. මූලික ආහාර වේල්වලින් ලබාගන්න පෝෂණයට වඩා අතිරේක පෝෂණයක් Best Supplements for Optimal Health මඟින් ලබාදෙනවා.

ඔයාලාත් යහපත් දිවියක් සඳහා Best Supplements for Optimal Health සොයනවාද? Daraz Mall වෙතින් මිලදී ගන්න පුළුවන් Best Supplements for Optimal Health ගැන කියන්න අපි අද හිතුවා.

නිරෝගිකම උතුම්ම සම්පතයි කියලා අපි අහලා තියනවානේ. අපිට අනෙකුත් සම්පත්වලටත් වඩා වටින්නේ නිරෝගිකමයි.  නිරෝගිමත් දිවියකට ආහාරපාන අවශ්‍යම දෙයක්. අපි ප්‍රධාන වශයෙන් දිනකට ආහාර වේල් තුනක් ගන්නවා. මේ ආහාර වේල් තුනෙන් අපිට අවශ්‍ය පෝෂණ පදාර්ථ සියල්ල ලැබෙන්නේ නැත්තම් අතිරේක පෝෂණ වෙත යොමු‌වෙන්න සිදු වෙනවා.

ඇතැම් දෙනා අතිරේක පෝෂණ වෙත යොමුවෙන්න යම් බියක් දක්වනවා. නමුත් අතිරේක පෝෂණ ලබාගන්න බයක් ඇතිකර ගන්න අවශ්‍ය නෑ. තමන්ගේ ශරීර සෞඛ්‍යට ගැළපෙන විදියට Supplements තෝරාගන්න පුළුවන්. ඔයාලාගේ හිතේ පෝෂණ අතිරේකයක් තෝරාගන්න යම් හෝ චකිතයක් තියනවා නම් තමන්ගේ වෛද්‍යවරයාගේ උපදෙස් ලබා ගැනීමත් වඩාත් සුදුසු වෙනවා‍. කොහොම වුණාත් අපේ ශරීරයට අවශ්‍ය පෝෂණ පදාර්ථ Supplements හරහා ලබාදෙනවා. බාල, මහලු, තරුණ වයස්‌ භේදයකින් තොරව ඕනම කෙනෙක්ට යහපත් ශරීර සෞඛ්‍යයක් පවත්වාගෙන යන්න විවිධ Supplements භාවිතයට ගන්න පුළුවන්.

නිරෝගිමත් සෞඛ්‍යයක් වෙනුවෙන් හැමෝගෙම අවශ්‍යතාවයන්ට ගැළපෙන Daraz Mall වෙතින් මිලදී ගන්න පුළුවන් Best Supplements for Optimal Health මොනවාද කියලා අපි බලමු.

Weight Loss Supplements

ශරීරය සිහින්ව තියාගෙන ඉන්න තරමට ඇඟට සැහැල්ලුයි. ඇඟ මහත වුණාම ශරීරයට බර ගතියක් දැනෙනවා. ඒ නිසා මහත අය ගොඩාක් වෙලාවට බර අඩු කරගන්න උත්සාහ කරනවා. ඉතිං ඔයාත් බර අඩු කරගන්න උත්සාහ කරන කෙනෙක් නම්, ඊට ගැළපෙන Supplement එකක් පාවිච්චි කරන්න වෙනවා. බර අඩු කරන Supplements මඟින් මේදය දහනය කරනවා වගේම කෑම රුචිය අඩු කිරීමටත් උපකාරී වෙනවා.

Natural way slim right Shake සෞඛ්‍ය සම්පන්න ආහාර හා ව්‍යායාම් ක්‍රමය සමඟ බර අඩු කරගැනීමේ ඉලක්කය සම්පූර්ණ කරගන්න සහායක් වෙනවා. Supplements ‌බොන්න අදිමදි කරන කෙනෙක් නම්, රසවත් Supplement එකක් නම් හොයන්නේ එහෙනම් මේක හොඳට ගැළපෙනවා. ස්ට්‍රෝබෙරි රසය අඩංගු වෙලා තියන නිසා කිසිම අරුචියක් නැතුව බොන්න පුළුවන්. දිනකට ආහාර වේල් දෙකක් හෝ එකක් වෙනුවට මේ Supplement එක පාවිච්චි කරලා බලන්නකො.

Weight & Muscle Building Supplements

සමහර අය බර අඩු කරගන්න උත්සාහ කරද්දි ඇතැම් අය උනන්දු වෙන්නේ බර වැඩි කරගන්න. බර වැඩි කරගෙන Muscle එහෙමත් හදාගන්න කැමැත්තක් දක්වන අයට මේ වගේ Supplement එකක් හොඳින් ගැළපෙනවා. පිරිමි ළමයි කැමතියිනේ Muscle එහෙම හදාගෙන හොඳ පෞරුෂයකින් ඉන්න.  Serious Mass කියන්නේ, විවිධ ආකාරවලින් කැලරි අවශ්‍යතාවය සපුරා ගන්න පාවිච්චි කරන්න පුළුවන් බර වැඩි කරන අතිරේකයක්. කැලරි සහිත ආහාර වේලක් සඳහා සහාය වෙන්න ආහාර වේල් අතර මෙය පාවිච්චි කරන්න. ඒ වගේම ව්‍යායාම් කිරීමෙන් විනාඩි 30-45ත් අතර කාලයේද මෙය පානය කරන්න පුළුවන්.

Stress Relief Supplements

මේ කාලයේ ගොඩාක් දෙනෙක් දැඩි ආතතියකට පත්වෙලා ඉන්නවා. රටේ පවතින තත්වයත් එක්ක ආර්ථික වශයෙනුත් අනෙක් පැතිවලිනුත් හැමදෙනාම පීඩාවට පත්වෙලා ඉන්න කාලයක් තමයි ගතවෙන්නේ. හිතේ දැඩි පීඩනයක් තියෙද්දි ගොඩාක් දෙනෙක්ට රෑට නින්ද යන්නෙත් නැති වෙනවා. ඊට විසඳුමක් දෙන අතිරේකයක් තමයි Ashwagandha. මෙය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දිගු කාලයක් භාවිතා කරලා තියනවා. රෝගවලට එරෙහිව සටන් කරන්නත් ආතතිය කළමනාකරණය කරන්නත් සහායක් වෙනවා. ආතතිය දුරු කිරීමෙන් සුවබර නින්දක් ලබන්න Ashwagandha අතිරේකය මඟින් හැකි වෙනවා.

Digestive supplements

නිසි සෞඛ්‍යයක් පවත්වාගෙන යන්න ආහාර ජීර්ණ එන්සයිම අවශ්‍ය වෙනවා. ආහාර ගන්නා විට පෝෂණ පදාර්ථ අවශෝෂණය කරගන්න ඒවා උපකාරී වෙනවා. සමහර ආහාර ගත්තාට පස්සේ ආහාර ජීර්ණය වීම හරියට සිදුවෙන්නේ නෑ. ඊට විසඳුමක් හැටියට Tipson වැනි පානයක් පාවිච්චි කරන්න පුළුවන්. කිසිඳු රසකාරයක් අඩංගු නැති ස්වභාවික ඖෂධවලින් හදලා තියෙන මෙය ශක්තිජනක පානයක්. ශරීරයට ප්‍රබෝධයක් ලබාදීලා ආහාර දිරවීමේ අපහසුතාවය මඟ හරවා ගැනීමට උපකාරයක් වෙනවා.

Cardiac Health Supplements

බොහෝ දෙනෙක් හෘද රෝගවලින් පීඩා විඳිනවා. හෘද මට්ටම හොඳින් පවත්වාගෙන යන්න පෝෂණය වගේම ව්‍යායාම් කිරීම ද වැදගත් වෙනවා. හෘද සෞඛ්‍ය යහපත්ව පවත්වාගෙන යන්න Coenzyme Q10 (CoQ10), fish oil, green tea, garlic, සහ folic acid වැනි පෝෂණ පදාර්ථ වැදගත් වෙනවා. Fish oil මඟින් කොලෙස්ටරෝල්, රුධිර පීඩනය, හෘද රෝග වැනි රෝගවල අවධානම අඩු කරනවා.

 Fish oil පානය කරන පුද්ගලයින්ට හෘද රෝග ඇතිවීමේ අවධානම අඩු බව අධ්‍යයනවලින් පවා හෙළි වෙලා තියනවා. මෙයින් හෘද රෝග අවදානම් සාධක ගණනාවක් අඩු කරනවා.

Memory Enhancing Supplements

වයසට යද්දි ගොඩාක් දෙනෙක්ගේ මතක ශක්තිය අඩු වෙනවා. ඒ නිසා ඇල්සයිමර් රෝගය වැනි මතක ශක්තිය අඩුවුණාම හැදෙන රෝගවලට වුණාත් ගොඳුරු වෙන්න පුළුවන්. මතක ශක්තිය අඩුවීමෙන් වයසට යන බොහෝ දෙනා අපහසුතාවයට පත්වෙනවා.  නමුත් ඊට ගැළපෙන Supplement එකක් කල්තියාම පාවිච්චි කරොත් එය අවම කරගන්න පුළුවන්. Brain supplementවල ඔමේගා 3 මේද අම්ල, විටමින් E, විටමින් B හා විවිධ සංයෝජන අඩංගු වෙනවා. මතකය වැඩිදියුණු කරගන්න මේ වගේ Supplement එකක් පාවිච්චි කරන එක කදිම විසඳුමක්.

Immunity Boost Supplements

කාලෙන් කාලෙට විවිධ වෛරස් රෝග මතුවෙද්දි අපේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය හොඳින් ඊට ඔරොත්තු දෙන විදියට පවත්වාගෙන යන්න වෙනවා.පහුගිය කාලය පුරාම කෙරෝනා වසංගත රෝගයෙන් පීඩා වින්ඳා වගේම මේ වෙද්දිත් සමාජයේ විවිධ රෝග පැතිරෙනවා.   ඒ නිසාම මේ රෝගවලට ගොඳුරු වීම අවම කරගන්න ප්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩි දියුණු කරගන්න වෙනවා. ඒ සඳහා Immunity Boost Supplement එකක් පාවිච්චි කරන එක වඩාත් යෝග්‍යයි.  ආහාර වේලට විටමින් සී, විටමින් ඩී, සින්ක් ආදිය ඇතුළත් අතිරේකයක් තෝරගැනීම සුදුසුයි.  බොහෝදෙනෙක් සෙම්ප්‍රතීශියාව වැනි රෝගවලින් පීඩා විඳින්නෙත් ප්‍රතිශක්තීකරණය මදි නිසායි. ඊට හොඳ විසඳුමක් හැටියට Nature’s Way Immune Support භාවිතා කරන්න.

Multi Vitamin Supplements

අපේ සිරුරට අවශ්‍ය වන විටමින් වර්ග කිහිපයක් තියනවා. සාමාන්‍ය සෞඛ්‍යයකට හා යහපැවැත්මට Multi Vitamin අත්‍යවශ්‍ය වෙනවා. අප දිනපතා ගන්නා ආහාර වේල් මඟින් අවශ්‍ය විටමින් ශරීරයට ලැබෙන්නේ නැත්තම් විවිධ රෝගවලට ගොඳුරු වීමේ අවදානමක් තියනවා. ඒ නිසා ශරීරයට අවශ්‍ය සියලු විටමින් අඩංගු මේ වගේ Supplement එකක් වඩාත් සුදුසු වෙනවා. පෝෂණ පදාර්ථවලින් ලැබෙන්නේ නැති ශක්තිය Multi Vitamin හරහා ලබාගන්න පුළුවන්.

Beauty Supplements

කාන්තාවන් ශරීර සෞඛ්‍යයේ පෝෂණ මට්ටම ගැන වගේම තමන්ගේ කෙස් කළඹේ පෝෂණය ගැනත් නිතරම සිතනවා. තමන්ගේ කෙස් කළඹ ලස්සනට තියාගන්න කාන්තාවන් කවුරුත් කැමතියි. යහපත් සෞඛ්‍යයක් පවත්වාගෙන යන්න පෝෂණ පදාර්ථ අවශ්‍ය වෙනවා වගේම කෙස් කළඹේ වර්ධනය සඳහාත් නිසි පෝෂණ පදාර්ථ ශරීරයට ලැබිය යුතු වෙනවා. හැබැයි තමන් ගන්න ආහාර වේල් මඟින් හරි පෝෂණයක් ලැබෙන්නේ නැත්තම් මේ සඳහා විශේෂයෙන්ම  Beauty Supplement එකක් තෝරගන්න පුළුවන්. Nature’s way Hair growth support එකේ බයෝටීන් හා සිලිකෝන් අඩංගු නිසා හිසකෙස් වර්ධනයට උපකාරයක් වෙනවා. ඒ වගේම ඝනකම් සහිත ශක්තිමත් කෙස් කළඹක් ලබාදෙනවා.

නිරෝගී සම්පත්තිය හැම සැප සම්පතකටම වඩා කවුරුත් බලාපොරොත්තු වෙන දෙයක්. නිරෝගී ශරීර සෞඛ්‍යක් පවත්වාගෙන යන තරමටම අපේ මනසක් නිරෝගීව තබාගන්න පුළුවන්. නිරෝගිමත් දිවියකට සහායක් වෙන්න අදහසක් දෙන්න තමයි Best Supplements for Optimal Health අපි අද හඳුන්වාදුන්නේ. යහපත් සෞඛයක් සඳහා ප්‍රධාන ආහාර වේල්වලට අමතරව Supplements පාවිච්චි කරන එක ශරීර සෞඛ්‍යයට බෙහෙවින් වැදගත්‌ වෙනවා.  ඔයාලාගේ අවශ්‍යතාවය අනූව කැමති Supplements Daraz Mall වෙතින්ම තෝරාගන්න පුළුවන්. දැන්ම Daraz සමඟින් Shop කරන්න.

පුංචි සිඟිත්තන්ට ගැළපෙන Baby Care Products ගැන දැනගන්න සිඟිති පැටියාගේ සුව පහසුවට Online වෙතින් Best Baby Care Products ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php