නිවසේ සිට පාඩම් වැඩ කරන පොඩ්ඩන්ට Fun Snack Ideas

නිවසේ සිට පාඩම් වැඩ කරන පොඩ්ඩන්ට Fun Snack Ideas

මේ දවස්වල නිවසේ සිට පාඩම් වැඩ කරන පුංචි දූලා පුතලාට දෙන්න Fun Snack Ideas අවශ්‍ය වෙනවා. ගෙදර හිටියාම වැඩියෙන් කන්න හොයන පොඩ්ඩන්ට Fun Snack Ideas ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි.

ඔයාලාගේ දූලා පුතාලාට දෙන්න පුළුවන් Fun Snack Ideas ගැන හිතනවාද? සැරින් සැරේ කඩවල් ගානේ දුවන්නැතුව Daraz Mart වෙතින් මිලදීගන්න පුළුවන් Fun Snack Ideas ගැන කියන්න අපි හිතුවා.

රටේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මේ දවස්වල පාසල් වසා දාලා ළමයින්ට නිවසේ සිට ඔන්ලයින් ඔස්සේ අධ්‍යාපන කටයුතු කරන්න සිදුවෙලා. පුංචි ළමයි ගෙදර ඉන්නවා කියන්නේ අම්මලා තාත්තලාට ලේසි දෙයක් නෙවෙයි. එයාලාව බලාගන්නවා වගේම ගෙදර ඉන්නකොට නිතර නිතර කන්න බොන්න හොයද්දි ඒ හැමදේමත් ලබාදෙන්න වෙනවා. කොතරම් රසට ගුණදායක කෑම ජාති හදලා දුන්නාත් පොඩ්ඩොන්ට කවාගන්න නම් ලේසි නෑ. බත් කනවාට වඩා හැමවෙලේම අනංමනං කෑම කන්න තමයි පොඩ්ඩො වැඩිපුර කැමැත්තක් දක්වන්නේ.

මේ දවස්වල නිවසේ සිට ඔන්ලයින් ඔස්සේ අධ්‍යාපන කටයුතු කරද්දි පොඩ්ඩන්ව එක තැන දිගු වෙලාවක් තියාගන්න අම්මලාට ලොකු වෙහෙසක් දරන්න සිදු වෙනවා. ගෙදර ඉන්නකොට වැඩිපුර සෙල්ලම් කරන්න, ටීවි බලන්න යොමුවෙන නිසා පාඩම් වැඩ කරන්න අවධානය යොමු කරන්නේ හරිම අඩුවෙන්. ඒ නිසාම පොඩ්ඩන්ව පාඩම් වැඩවලට යොමු කරන්න විවිධ උපක්‍රම පාවිච්ච් කරන්න වෙනවා. ඒ උපක්‍රමවලින් එක දෙයක් තමයි පොඩ්ඩො කන්න ආස දෙයක් දෙන එක. චොකලට් ජාති, බිස්කට්, චිප්ස් වැනි පොඩි පොඩි Snacks ජාති කන්න පොඩ්ඩන් ලොකු කැමැත්තක් දක්වනවා. ඉතිං ඒ නිසා මේ දවස්වල නිවසේ සිට පාඩම් වැඩ කරන පුංචි දූලා පුතාලාට අවශ්‍ය වෙන Snacks වර්ග ගෙදර ගෙනත් තියාගත්තොත් හොඳයි නේද?

දෛනික අත්‍යවශ්‍ය භාණ්ඩ පහසුවෙන් මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙන Daraz Mart වෙතින් දැන් ඔයාගේ ගෙදර ඉන්න පොඩ්ඩන්ට අවශ්‍ය කරන් Snacks වර්ගත් තෝරාගෙන ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්. මේ දවස්වල නිවසේ සිට පාඩම් වැඩ කරන පොඩ්ඩන්ට Daraz Mart වෙතින් තෝරාගන්න පුළුවන් Fun Snack Ideas මොනවාද කියලා අපි බලමු.

Chocolate Biscuits

පොඩ්ඩො කන අනංමනං කෑම ජාති අතරේ ජනප්‍රියම දෙයක් තමයි බිස්කට්. විවිධ ජාතියේ බිස්කට් වර්ග දැන් වෙළෙඳපොළට ඇවිත් තියනවා. කොතරම් බිස්කට් ජාති තිබුණාත් චොකලට් බිස්කට් කන්න කවුරුත් ආසයි. විශේෂයෙන්ම පොඩ්ඩොන්ගේ ප්‍රියතම බිස්කට් වර්ගය වෙලා තියන්නේ චොකලට් බිස්කට්.  පාඩම් කරොත් අද චොකලට් බිස්කට් එකක් අරන් දෙන්නම් කියලා කී වතාවක් නම් පොඩ්ඩොන්ට කියලා ඇති නේද? ඒ නිසා මේ දවස්වල නිවසේ සිට පාඩම් වැඩ කරන ඔයාලාගේ පොඩ්ඩන්ට දෙන්න චොකලට් බිස්කට් පැකට් ගෙනත් තියාගන්න.

Savory Biscuits

සමහර පොඩ්ඩන් පැණිරසට වැඩිපුර ආස කරද්දි ඇතැම් පොඩ්ඩො ටිකක් දැවිල්ල රසට ආස කරනවා. පුංචි වුණාත් දැවිල්ල කන්න ආස අය ඉන්නවානේ. ඉතිං එහෙම අයට මේ වගේ Savory Biscuit එකක් ගැළපෙනවා. පාඩම් වැඩ කරන ගමන් සැරින් සැරේට කන්න පිඟානකට දාලා මේ වගේ Biscuit එකක් දුන්නොත් පොඩ්ඩොන්ට වැඩ ටිකත් ඒ ගමන්ම කරන්න උනන්දුවක් ඇති වෙයි.

Chocolates

චොකලට් කන්න ඉතිං කවුද ආස නැත්තේ? ලොකු පොඩි කවුරුත් චොකලට් කන්න ආසයි. පොඩ්ඩො ඉන්න ගෙදරකට ගියාත් චොකලට් එකක් අරගෙන යන්න කවුරුත් අමතක කරන්නේ නෑ. බත් කෑවාට පස්සේ චොකලට් වගේ දෙයක් කන්න පොඩ්ඩො පුරුදු වෙලා ඉන්නවා. ගොඩාක් වෙලාවට පුංචි දූලා පුතාලාට බත් කවා ගන්නෙත් බත් කෑවාට පස්සේ චොකලට් දෙන්නම් කියලා පෙරොන්දු වෙලා තමයි. ඒ නිසා මේ දවස්වල නිවසේ සිට පාඩම් වැඩ කරන්න අදිමදි කරනවා නම් මේ වගේ Chocolate ටිකක් ගෙනත් තියාගෙන හොඳට පාඩම් වැඩ කරොත් මේ චොකලට් දෙනවා කියන්න පුළුවන්. විවිධ Flavors සහිත චොකලට් වර්ග තෝරාගන්න Daraz Mart වෙතින් අවස්ථාව තියනවා.

Tipi Tip

ටිපිටිප් කියන්නේ Snacks වර්ග අතර තවත් ජනප්‍රියම දෙයක්. ඒ වගේම පොඩ්ඩො වැඩියෙන්ම හොයන දෙයක් තමයි ටිපිටිප්. පාඩම් වැඩ කරන ගමන් වුණාත් ටිපිටිප් එකක රස බලන්න පුළුවන්. එක දිගට ඔන්ලයින් පංතිවල ඉඳලා විවේකයක් ගන්න වෙලාවට පුංචි පොඩ්ඩන්ට කන්න ටිපිටිප් වගේ දෙයක් දුන්නොත් ආස වෙයි නේද? Onion ඇතුළු විවිධ රසයන් සහිත ටිපිටිප් වර්ග Daraz Mart වෙතින්ම මිලදී ගන්න.

Mixed Nuts

නිතර ගන්න Snacks ජාතිවලට අමතරව මේ වගේ Snacks වර්ගත් ඔයාගේ පොඩ්ඩන් වෙනුවෙන් හඳුන්වාදෙන්න පුළුවන්. කජු කියන්නේ කවුරුත් කන්න ආස වගේම ශරීරයටත් ගුණදායක ආහාරයක්. මේ පැකට් එකේ කජු, ආමන්ඩ් වගේ ජාති කිහිපයක්ම අඩංගු වෙනවා. ආමන්ඩ් ශරීරයට ශක්තියක් සපයන ආහාරයක්. මේ වගේ Snack එකක් පොඩ්ඩන්ට දෙන එක එයාලාගේ ශරීර සෞඛ්‍යයටත් හොඳයි. පාසල් ගියේ නැති වුණාත් නිවසේ සිට ඉගෙනීම් වැඩ කරද්දි වෙහෙස ගතියක් දැනෙනවා. ඒ නිසා ආමන්ඩ්, කජු අඩංගු  මේ වගේ පැකට් එකක් විවේකයක් ගන්න වෙලාවට කදිමයි වගේම පොඩ්ඩොන්ගේ ශරීර සෞඛ්‍යටත් හිතකරයි.

Breakfast Mix

පාසල් යද්දි නම් පොඩ්ඩන්ට උදේට කොහොමහරි කවලා යවාගන්න පුළුවන් වුණාට ගෙදර ඉන්න දවස්වලට නම් උදේට කවාගන්න එක අමාරු වැඩක්. හැබැයි ඉතිං අනංමනං කෑමක් කිව්වොත් නම් පොඩ්ඩන් හරිම කැමැත්තෙන් කන්න උනන්දු වෙනවා. බලන්නකො මේ Breakfast Mix එක උදේට කන්න දෙන්න පුළුවන් Snack වර්ගයක්. කජු, ආමන්ඩ් වගේම වියලුණු පළතුරුත් මෙහි අඩංගු වෙනවා. මේ පැකට් එක සාමාන්‍ය විදියට කන්න පුළුවන් වගේම කැමති නම් Bake කරලා ආහාරයට ගන්නත් සුදුසුයි.

Broad Beans

නිවසේ සිට වැඩ කරන පුංචි දූලා පුතාලා නිතර අනංමනං කෑම හොයද්දි ගුණයෙන් පිරි Snack වර්ග දෙන්න ලැබෙනවා නම් වැඩියෙන් වටිනවා.  ගුණදායක කෑමක් සාමාන්‍යයෙන් බත් වගේ දෙයක් එකක් දුන්නාම කන්න අදිමදි කරාට මේ විදියට දුන්නාම රසවත් බව නිසාම හරිම උනන්දුවෙන් කන්න හිතෙයි. BBQ Broad Beans රසවත් වගේම ගුණදායක ආහාරයක්. Snacks වර්ගයක් හැටියට බැඳලා ආස හිතෙන විදියට පැක් කරලා තියන නිසා මේ වගේ දෙයක් පොඩ්ඩන්ට පාඩම් වැඩ කරන ගමන් ආසාවෙන් ආහාරයට ගන්න පුළුවන්.

Choco Bites

චොකලට් කන්න ආස කරන පොඩ්ඩන්ට Choco Bites කොතරම් රසවත් Snack වර්ගයක් වෙයිද කියලා හිතාගන්න පුළුවන්නේ. චොකලට් වගේම කෙසෙල් රසයත් අඩංගු කරලා හදලා තියන මේ Snacks එක පොඩ්ඩන්ට වෙනස්ම රසයක් ගෙනදෙන කෑමක් වෙයි. කෙසෙලුත් අඩංගු වෙන නිසා රසවත් වගේම ගුණයෙනුත් සපිරි ආහාරයක් කියන්න පුළුවන්. මේ වගේ රසයෙන් ගුණයෙන් සපිරි අලුත්ම විදියේ Snacks වර්ග Daraz Mart වෙතින්ම තෝරාගන්න.

Milo

නිතර පොඩි පොඩි කෑම ජාති පුංචි දූලා පුතාලා හෙව්වාට ඔවුන්ට ශක්තියක් සපයන ආහාරපාන ලබාදෙන එක ගැනත් අපිට හිතන්න වෙනවා. පාඩම් වැඩ කරන්න හැම දරුවෙක්ටම ජවයක් ශක්තියක් අවශ්‍ය වෙනවා. පාසල් ගිහින් අධ්‍යාපන කටයුතු කරන්න වගේම නිවසේ සිට ඔන්ලයින් ඔස්සේ අධ්‍යාපන කටයුතු කරද්දීත් පාඩම් ධාරණය කරගන්න හොඳ මතක ශක්තියක් තියෙන්න අවශ්‍යයි. ජවයක් ශක්තියක් සපයන අද්විතීය රසයක් සහිත මයිලෝ බොහෝ දෙනාගේ තේරීම වෙලා තියනවා. නැවුම් කිරි, මෝල්ට්, කොකෝවා, බී විටමින්වලින් අනූන Milo පානය ක්‍රියාශීලීව කටයුතු කිරීමට ශක්තිය ලබාදෙනවා. ඒ නිසා ඔයාලගේ පොඩ්ඩන්ට දෙන Snacks වර්ග අතරට Milo වැනි පානයන් එකතු කරගන්නත් අමතක කරන්න එපා.

Mixed Fruit Drink

චොකලට් රසවලට ඇතැම් පොඩ්ඩන් ආස කරද්දි තවත් පොඩ්ඩන් පළතුරු රසයට වැඩි කැමැත්තක් දක්වනවා. මේ දවස්වල රස්නෙ ගතියත් වැඩි නිසා නිවසේ සිට ඉගෙනීම් කටයුතු කරන පුංචි දූලා පුතාලා තිබහාට බොන්න බීම වර්ග ඉල්ලනවා නේද? ඔන්න එහෙම වෙලාවට දෙන්න මේ වගේ බීම වඩාත් කදිමයි. පළතුරු කන්න අපේ පොඩ්ඩො අදිමදි කරාට පළතුරු මිශ්‍රවෙලා තියන මේ වගේ බීම ජාති බොන්න නම් අදිමදි කරන්නේ නෑ. ඒ නිසා පොඩ්ඩන්ට තිබහා වෙලාවට දෙන්නත් පාඩම් වැඩ කරන ගමන් දෙන්නත් මේ වගේ Mixed fruit drink ටිකක් ගෙනත් තියාගමු.

මේ දවස්වල නිවසේ සිට පාඩම් වැඩ කරන ඔයාලාගේ පුංචි දූලා පුතාලා වෙනුවෙන් අරන් දෙන්න තමයි Fun Snack Ideas හඳුන්වලා දුන්නේ. මේ හැම Snack වර්ගයක්ම Daraz Mart වෙතින් මිලදීගෙන ගෙදරටම ගෙන්වා ගන්න අවස්ථාව තියනවා. ඔයාලාගේ නිවසට වුවමනා කරන දෛනික අත්‍යවශ්‍ය භාණ්ඩ අඩුම මිලට පහසුවෙන් සොයාගන්න දැන්ම Daraz Mart සමඟින් Shop කරන්න.

Daraz Mart වෙතින් මිලදී ගන්න පුළුවන් රු. 499ට අඩු ගේදොර පිරිසිදු කරන House Cleaning Products ගැන දැනගන්න මුළු ගෙදරම පිරිසිදුව තියාගන්න Best House Cleaning Products ලිපියත් කියවන්න

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php