මේ කාලයේ අඟනා දීමනා සමඟින් තෝරගන්න Cool Tech Gadgets

මේ කාලයේ අඟනා දීමනා සමඟින් තෝරගන්න Cool Tech Gadgets

පහසුවෙන් වැඩ කරන්න Cool Tech Gadgets අපිට අවශ්‍ය වෙනවා.  අද කාලේ හැමෝගෙම වැඩ කටයුතු Cool Tech Gadgets මඟින් පහසු කරනවා.

ඔයාලාත් මේ දවස්වල Cool Tech Gadgets සොයනවාද? අඩුම මිලට විශේෂ වට්ටම් සමඟින් Cool Tech Gadgets Daraz Mid-Year Madness වෙතින් තෝරාගන්න දැන් අවස්ථාව තියනවා.

Daraz Mid-Year Madness සමඟින් Shop කරන්න

වසර මැද දැවැන්තම ඔන්ලයින් සේල් එක දැන් ඔයාගේ දොරඩටම ඇවිත්. Daraz සමඟින් Shop කරන ඔයාලාට වාසි රැසක් ගෙනදෙන Mid-Year Madness ජූලි 26 සිට අත්විඳින්න. ඉලෙක්ට්‍රොනික්ස්ස් විලාසිතා, එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ, ගෘහ උපකරණ ඇතුළු නිෂ්පාදන සඳහා මිලියන 50ක් වටිනා වට්ටම් හිමිකර ගන්න. බැංකු වට්ටම් හා මාසික වාරික වශයෙන් ගෙවීමේ පහසුකම් ද රැසක්.

Daraz Mall සමඟින් Shop කරලා ප්‍රියතම වෙළෙඳ නාම සඳහා වට්ටම් දිනාගන්න.Daraz Mall වෙතින් හොඳම ගුණාත්මක භාණ්ඩ අඩුම මිලට. 100%ක් විශ්වාසනීය නිෂ්පාදන, වේගවත් ඩිලිවරි සහ දින 14ක් ඇතුළත මාරු කිරීමේ හැකියාව.

මේ දවස්වල තමන්ට අවශ්‍ය කරන බඩු භාණ්ඩ මිලදී ගන්න බැරුව ගොඩාක් දෙනෙක් අපහසුතාවයට පත්වෙලා ඉන්නවා. දැන් සියලුම භාණ්ඩවල මිල ගණන් වැඩිවෙලා නිසා ඉලෙක්ට්‍රොනික් උපකරණ මිලදී ගන්නේ කොහොමද කියලා හිතාගන්නවත් බෑ නේද? ඒත් එදිනෙදා වැඩ කටයුතු පහසුවෙන් කරගන්න දැන් තාක්ෂණික උපකරණ නැතුවම බැරි දෙයක් වෙලා. රටේ පවතින ඉන්ධන අර්බුදයත් සමඟ මේ දවස්වල ගොඩාක් දෙනෙක් නිවසේ සිට වැඩ කටයුතු කරන්න නැවතත් පටන් අරන් තියනවා. ඉතිං නිවසේ සිට වුණාත් පහසුවෙන් හා සැහැල්ලුවෙන් වැඩ කරන්න නම් Tech උපාංග බොහොමයක් අවශ්‍ය වෙනවා. Mid- Year Madness වෙතින් ඔයාට අවශ්‍ය කරන Tech උපාංග price drops, mega deals සහ flash sales සමඟින් අඩුම මිලට තෝරාගන්න අවස්ථාව උදාවෙලා තියනවා.

Computer & Laptops

ලැප්ටොප්, පරිගණක  කියන්නේ අද කාලයේ නැතුවම බැරි තාක්ෂණික උපකරණ. ඔෆිස් එකේ වැඩ කටයුතු, අධ්‍යාපන කටයුතු මේ හැමදේටම ලැප්ටොප් අත්‍යවශ්‍ය වෙලා තියනවා. රටේ දැන් පවතින ආර්ථික තත්වය සමඟ මේ කාලයේ ලැප්ටොප් එකක් මිලදී ගන්න එක අමාරු දෙයක් නේද? ඒත් දැන් Daraz Mid- Year Madness වෙතින් Acer, Assus, HP ඇතුළු වෙළෙඳ නාම සඳහා සුවිශේෂී වට්ටම් සහිතව හොඳම ලැප්ටොප් තෝරාගන්න පුළුවන්. එපමණක් නෙවෙයි, Freebies -Acer i7 ලැප්ටොප් සඳහා නොමිලේ Printer, Canon Printers සඳහා රු.10,000ක් දක්වා වට්ටම්, Cartridge සඳහා 15%ක් දක්වා වට්ටම්, Air Purifiers සඳහා 20%ක් දක්වා වට්ටම් හා නොමිලේ ඩිලිවිරි ඇතුළු අමතර වාසි. ඔයාගේ වැඩ පහසුවෙන් කරගන්න අවශ්‍ය තාක්ෂණික උපාංග මේ අතරින් තෝරාගන්න. 

HP Laptop

මේ දවස්වල ගොඩාක් දෙනෙක් නිවසේ සිට වැඩ කටයුතු කරනවා. ඒ වගේම අධ්‍යාපන කටයුතුත් වැඩිපුර කෙරෙන්නේ ඔන්ලයින් හරහායි. ඒ නිසා වැඩ පහසුවෙන් කරගන්න අලුත් ලැප්ටොප් එකක් ඔයා හොයනවා නම් මෙය වඩාත් ගැළපේවි. ලැප්ටොප් සඳහා කීර්තිමත් නාමයක් දිනා තිබෙන Hp Brand එකේ intel core i3 family එකට මේ ලැප්ටොප් එක අයත් වෙනවා. 4GB මතක ධාරිතාවක් ද දත්ත ගබඩා කරන්න පුළුවන් 1TB hard disk එකකින් ද සමන්විතයි. Windows 10 මෙහෙයුම් පද්ධතියත් අන්තර්ගතයි. මෙහි නිමැවුම plastic fiberවලින් හදලා තියන්නේ.ඒ නිසා බරින් අඩුයි. ඒ වගේම රත්වෙන ප්‍රමාණයත් අඩුයි.  බැටරි ආයු කාලයත් හොඳ නිසා කාර්යාල වැඩ කටයුතු සඳහාත් ඉගෙනගන්න සිසු සිසුවියන් සඳහාත් හරියන ලැප් එකක් කියන්න පුළුවන්. මේ දැවැන්ත සේල් එකෙන් වෙනදාට වඩා අඩු මුදලකට මේ ලැප්ටොප් එක මිලදී ගන්න අවස්ථාව තියනවා.

Acer Laptop

Laptop සඳහා සුපතළ Acerහි 11 Generation එකට අයත් මේ ලැප්ටොප් එක මේ කාලයේ වට්ටම් සමඟින් මිලදී ගන්න ලැබීම ඔයාට ලැබෙන සුවිශේෂී වාසියක්. Intel Core i5-1135G7 ප්‍රොසෙසරය සමඟ වැඩ කටයුතු වඩාත් වේගයෙන් කරගන්න පුළුවන්. වැඩ කටයුතු වැඩි කාර්යක්ෂමතාවයකින් කරගන්න කැමති අයට වගේම ගේම් ගහන්න කැමති අයට Gaming සඳහාත් මේ ලැප්ටොප් එක කදිමෙට ගැළපෙනවා. Full HD IPS තිරය සමඟින් වැඩි දියුණු කළ තාක්ෂණික අත්දැකීම් රැසක් විඳගන්න මෙවැනි ලැප්ටොප් එකක් තෝරගන්න.

MacBook Pro

ඇපල් සමාගමෙන් නිකුත් කරන ලැප්ටොප් හඳුන්වන්නේ MacBook ලෙසයි.  MacBook Pro යනු එම ලැප්ටොප්වල තියන ඉහළම ඛාණ්ඩයයි. මේ කාලයේ MacBook Pro එකක් මිලදී ගන්න හිතාගන්නවත් බෑ නේද? ඒත් Mid-Year Madness වෙතින් මෙැවනි ලැප්ටොප් එකක් වුණාත් වට්ටම් සහිතව මිලදී ගන්න අවස්ථාව ලැබෙනවා.

 අන් කවර තිරයකට සමාන කළ නොහැකි අඟල් 13ක රෙටීනා තාක්ෂණය සහිත පුළුල් තිරයකින් සමන්විත වීම මෙහි තිබෙන විශේෂත්වයක්. දැනට තියන නවතම ප්‍රොසෙසරය වන M1 නිසා ඉහළ කාර්යක්ෂමතාවයකින් වැඩ කටයුතු කරගන්න පුළුවන්. 8 core එකක ග්‍රැෆික් ප්‍රෙසෙසරය නිසා නිර්මාණාත්මක කටයුතු කරන්නත් ගේමින්වලටත් කියාපුම ලැප්ටොප් එකක්. බැටරි එකෙන් පැය 20ක් එක දිගට වැඩ කිරීමේ අවස්ථාව තියනවා. ඒ නිසා නිවසේ සිට පහසුවෙන් වැඩ කරන්න මේ වගේ ලැප්ටොප් එකක් මිලදී ගන්න එක ඔයාට ගොඩාක් ප්‍රයෝජනවත් වේවි.

Canon Printer

ඩිජිටල් තාක්ෂණයේ භාවිතයත් සමඟ Printers දැන් අත්‍යවශ්‍යම දෙයක්. නිවසේ සිට වැඩ කරද්දි වගේම අධ්‍යාපන කටයුතුවලදී වැඩි වශයෙන් print out ගන්න සිද්ධ වෙනවා. ඉතිං ඔයා තාමත් හැමවෙලේම Print out ගන්න Communication ගානේ දුවනවාද? ඔයාගේ ගෙදරට Printer එකක් තිබුණොත් වැඩ කටයුතු කරගන්න වැඩි පහසුවක් වෙයි නේද? විශේෂ මිල අඩු කිරීම් සමඟින් මෙම තාක්ෂණික ගැජට්ස් මිලදී ගන්න හොඳම අවස්ථාව තමයි දැන් උදාවෙලා තියන්නේ.

Hard Disk

Hard Disk එකක් කියන්නේ documents, files සුරක්ෂිතව තියාගන්න පුළුවන් තාක්ෂණික උපාංගයක්. මෙම hard disk එක මැක් සහ වින්ඩෝස් සඳහාත් හොඳින් ගැළපෙනවා. High resolution ඡායාරූප සහ වීඩියෝ වැඩි ඉඩක් සහිතව Save කරගන්න පුළුවන්. බොත්තමක් එබීමෙන් දත්ත මාරු කළ හැකි ආකාරයෙන් නිර්මාණය කරලා තිබීම විශාල පහසුවක්. නැවත සම්බන්ධ වීමට අවශ්‍ය හැම අවස්ථාවකදීම පරිගණකයට hard disk එක විසන්ධි කර නැවත ඇතුල් කිරීමට අවශ්‍ය නෑ. උපරිම දත්ත ගබඩා කිරීමේ හැකියාව සමඟින් විශ්වසනීයව දත්ත ගබඩා කරන්න මෙවැනි Hard disk එකක් වඩාත් ඵලදායි උපාංගයක්.

Laptop Stand

ලැප්ටොප් එකේ එක දිගට වැඩ කරද්දි ඇතිවෙන ගැටලුවක් තමයි බෙල්ල රිදෙන්න පටන් ගැනීම. ඒකට හේතුව තමයි මේසයේ ලැප්ටොප් එක තියාගෙන බෙල්ල පහත් කරගෙන දිගු වේලාවක් වැඩ කරද්දි ඉබේම බෙල්ල රිදෙන්න ගන්නවා. මේකට හොඳම විසඳුම Laptop Stand එකක් පාවිච්චි කරන එක. Laptop Stand එකේ ඔයාගේ ලැප්ටොප් එක ඔයාට වැඩ කරන්න පහසු විදියට සෙට් කරලා තියාගත්තාම බෙල්ලට කිසිම අපහසුතාවයක් නැතුව නිවැරදි ඉරියව්වකින් වැඩ කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා Mid-Year Madness වෙතින් හොඳ discount එකකට පහසුවෙන් වැඩ කරන්න Laptop Stand එකක් මිලදීගන්න.

TV, Audio & Gaming

Mid-Year Madness වෙතින් TV, Audio & Gaming උපාංග සඳහාත් 20%ක් දක්වා වට්ටම් හා 20 New Bundle offers, Price Slasher Upto 40%, Unlimited voucher codes.

Apple Airpod

ඇපල් පාවිච්චි කරන අය ඇපල් එයාර්පොඩ්ස් ගැනත් හොඳින්ම දන්නවානේ. නිවසේ සිට වැඩ කරද්දි මීටින්ස්වලට එහෙම සම්බන්ධ වෙන්න Airpod එකක් පාවිච්චි කරන එක වඩාත් පහසුයි.  ඒ වගේම සින්දු අහන ගමන් විනෝදයෙන් වැඩ කරන්න කැමති කෙනෙක්ටත් මේ වගේ Airpod එකක් වඩාත් ගැළපෙනවා. හරිම සරල ටැප් කිහිපයකින් මේක පාලනය කරන්න පුළුවන්. මේ එයාර්පොඩ් එක චාර්ජින් කේස් එකත් එක්කම තමයි එන්නේ. මේක එක පාරක් චාර්ජ් කරාම පැය 5ක් විතර එක දිගට සින්දු අහන්න පුළුවන්. ඒක නම් සංගීතයට කැමති අයට ලොකු වාසියක්. දැන් මේ වගේ අයිටම්ස්වල ගණන් වැඩිවෙලා තිබුණාට මෙවැනි Airpod එකක් පාවිච්චි කරන්න ආසාවක් තියනවා නම් මේ දැවැන්ත ඔන්ලයින් සේල් එක තමයි ඒ ආසාව ඉටු කරගන්න හොඳම තැන.

Samsung Galaxy Buds

වයර් පටලැවෙන කරදරෙන් බේරෙන්න හොඳම විසඳුම තමයි වයර්ලස් ගැජට්ස් පාවිච්චි කරන එක. Samsung Galaxy Buds Live කියන්නේ වෙළෙඳපොළේ තියන කොලිටි ඉයර්බඩ් ස්ටයිල් වයර්ලස් හෙඩ්සෙට් එකක්. මේකෙ හැඩේත් එක්ක කණට වඩාත් පහසු විදියටයි හදලා තියන්නේ. එක පාරක් චාර්ජ් කරාට පස්සේ එක  දිගට පැය 8ක් වගේ දිගු කාලයක් භාවිතා කිරීමේ හැකියාව තියනවා. material quality එක වගේම reliability එක අතින් ඉස්සරහින්ම තියන ඉයර්බඩ් එකක් කියන්න පුළුවන්. හයි කොලිටි ඩීටේල් එක්ක සවුන්ඩ් කොලිටි එක ගන්න පුළුවන් ස්පීකර්ස් දෙකක්ම තියනවා. ඒ නිසා බොහොම පහසුවෙන් හා විනෝදයෙන් වැඩ කරන්න මේ වගේ උපාංග වඩාත් ගැළපෙනවා නේද?

JBL Speaker

සින්දු අහන්න අපි කවුරුත් කැමතියිනේ. ඇතැම් දෙනා වැඩ කරන ගමන් වුණාත් සින්දු අහනවා.අතේ ගෙනියන්න පුළුවන් මේ වගේ ස්පීකර් එකක් තිබුණොත් ඔයාට ඕනම වැඩක් කරන ගමන් වුණාත් සංගීතයට සවන්දෙන්න පුළුවන්. නිවසේ සිට වැඩ කරද්දි සින්දු අහන ගමන් බොහොම සැහැල්ලුවෙන් වැඩ කටයුතුත් කරගන්න අවස්ථාව තියනවා.  ඒ වගේම වැඩ ඉවරවෙලා මනස සැහැල්ලු කරගන්නත්, ගෙදර හැමෝම සමඟ සින්දු රස විඳින්නත්, පුංචි සාද අවස්ථාවලදීත් Bluetooth Speaker එකක් ප්‍රයෝජනවත් වෙනවා. මොබයිල් ‌ෆෝන් එකට, ලැප්ටොප් එකට, TV එකටත් ලේසියෙන් සම්බන්ධ කරන්න පුළුවන්.

Smart TV

මුළු දවසම වෙහෙස මහන්සි වෙලා වැඩ කරලා මනසට විවේකයක් ගන්න ගොඩාක් දෙනා තෝරගන්නේ රූපවාහිනිය. දැන් නවීන තාක්ෂණයත් සමඟ සාමාන්‍ය රූපවාහිනියට එහා ගිය ස්මාර්ට් TV කරලියට ඇවිත්. ඔයාලා කැමති නාට්‍ය මාලා, ක්‍රිකට් මැච්, විවිධ වැඩසටහන් නැරඹීමේදි ඉස්සරට වඩා දියුණු අත්දැකීමක් විඳගන්න ස්මාර්ට් TV  හරහා ඉඩ හසර ලැබිලා තියනවා. HDMI, USB සම්බන්ධ කිරීමේ හැකියාවත් තියනවා. ඒ වගේම Wi-Fi හරහා අන්තර්ජාලයට සම්බන්ධ වීමේ හැකියාව, සමාජ මාධ්‍ය භාවිතා කිරීම, Games Play කිරීම, චිත්‍රපට ඩවුන්ලෝඩ් කිරීම ආදි වැඩි දියුණු කළ තාක්ෂණයේ උපරිම වින්දනයක් ලබාගන්න පුළුවන්. අඟනා Smart TV එකක් Daraz Mid-Year Madness වෙතින් සුවිශේෂී වට්ටම් සහිතව තෝරගන්න.

මේ දවස්වල වැඩ කටයුතු කරගන්න ඉලෙක්ට්‍ර්‍රොනික් උපාංග හොයන ඔයාලාට අදහසක් දෙන්න තමයි ‌ Cool Tech Gadgets හඳුන්වලා දුන්නේ. Mid-Year Madness වෙතින් පහසු මිලට ඔයාට අවශ්‍ය කරන ‌උපාංග මිලදීගෙන ගෙදරටම ගෙන්වා ගන්න.

Daraz Mid-Year Madness වෙතින් පහසු මිලට ගන්න පුළුවන් නිවස සුන්දර කරන කළමනා ගැන දැනගන්න මුළු නිවසම සුන්දර කරගන්න Best Deals on Home Items ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php