ඕනම තැනක සිට ඕනම ගෙවීමක් : Daraz Pay

ඕනම තැනක සිට ඕනම ගෙවීමක් : Daraz Pay

හැම ගෙවීමක්ම එකම තැනකින් කරගන්න ලැබෙනවා නම් කොයිතරම් පහසුයිද කියලා හිතන්නකො. දැන් Daraz App එකෙන්  ඔබේ බිල්පත් ගෙවීම්,මොබයිල් රීලෝඩ්,  ප්‍රසංග හා උත්සවවලට අදාළ විවිධ ටිකට්පත් මිලදී ගැනීම ඇතුළු බොහෝ දේ පහසුවෙන් සිදුකර ගන්න අනඟි අවස්ථාවක් තියනවා.

වේගවත්, ආරක්ෂිත හා පහසුවෙන් පිවිසිය හැකි ඔන්ලයින් ගෙවීම් ක්‍රමයක් ඔබ සොයනවාද? ඔබේ දිවියේ එදිනෙදා කටයුතු පහසු කරවන Daraz Pay ගැන දැනගන්න මේ ලිපිය කියවන්න.

Daraz Pay යනු කුමක්ද?

සියලුම Daraz පාරිභෝගිකයන්ට Daraz App එක හරහා ඔන්ලයින් ගෙවීම් සිදු කළ හැකි සේවාවකි. මේ හරහා ඔබ‌ කොතැනක හිටියාත් ඔබේ බිල්පත් ගෙවීම් හෝ මිලදී ගැනීම් පහසුවෙන් කරගැනීමේ අත්දැකීම විඳගන්න.

Daraz Pay භාවිතා කරන්නේ ඇයි?

මොබයිල් එකට රීලෝඩ් එකක් දාගන්න හෝ බිල්පත් ගෙවන්න දිගු වෙලාවක් පෝලිම්වල රැඳී ඉඳලා තියනවා නම් එය කොයිතරම් වෙහෙසක්ද කියලා ඔබ දන්නවානේ. එත් Daraz Pay හරහා එක් Tap කිරීමකින් ඕනම ගෙවීමක් ආරක්ෂිතව කරගැනීමේ පහසුව පවතිනවා. ඔබ විවේකයෙන් ඉන්න වෙලාවට හෝ නිවාඩුවක් ගත කරන්න පිට පළාතකට ගිහින් ඉන්න වෙලාවකට බිල්පත් ගෙවන්න තියනවා කියලා එකවරම මතක් වෙන අවස්ථා තියනවා නේද? ඔන්න එහෙම වෙලාවට Daraz Pay හරහා ඔන්ලයින්ම ගෙවීම් සිදුකර ගන්න.

Daraz App එකේ ඔබේ සියලුම තොරතුරු Save කරලා තියාගත්තාම ගෙවීම් සිදු කිරීමේදී හා Checkout එකේදී තවත් පහසුයි.

ඔබේ කාඩ්පත් හෝ Daraz Points භාවිතා කරලා ගෙවීම් කරද්දි විශේෂී වට්ටම් ලබාගන්න. ඒ විතරක් නෙවෙයි Discounts Vouchers Collect කරලා සේල් කාලයේදී රීලෝඩ්, බිල්පත් ගෙවීම්,ඩිජිටල් කළමනා මිලදී ගැනීම්වලදී මුදල් හා කාලය වැඩියෙන් ඉතිරි කරගන්න.

ඊට අමතරව Daraz Club Gems Discounts Apply කරලා තවත් වැඩියෙන් ඉතිරි කරගන්න පුළුවන්. ඔබේ සම්පූර්ණ ගෙවීම් එකවර සිදු කරන්න අපහසු නම්, පොලියක් නොමැතිව වාරික වශයෙන් ගෙවන්න තෝරගන්න. KOKO හරහා මාසික වාරික 3ක් ලෙස ගෙවීමේ පහසුවත්.

කොහේ හිටියාත් ඕනම ගෙවීමක් පහසුවෙන් කරගන්න Daraz Pay භාවිතා කරන්න.

Daraz Pay භාවිතා කරන්නේ කොහොමද?

Daraz App එක Tap කරලා Home Page එක Open කරන්න. Sliding බැනර්ස්වලට පහළින් වම් කෙළවරේ Daraz Pay Icon එක එවිට දිස්වේ. Icon එක Tap කරලා Daraz Pay Home page එකට පිවිසෙන්න.

Home page එකට පිවිසුණාට පසු Daraz Pay හරහා ලබාගත හැකි සියලු සේවාවන් පෙන්නුම් කරයි. විදුලි බිල්පත්,ජල බිල්පත්,රීලෝඩ්, ඩිජිටල් උපකරණ, පරිත්‍යාගයන් මේ සියල්ලට අදාළ Icon එක Tap කරලා පිවිසෙන්න. ඉන්පසු ඔබේ සියලු තොරතුරු ඇතුළත් කරන්න.

Daraz Pay වෙතින් අත්විඳිය හැකි සේවාවන් මොනවාද කියලා අපි බලමු.

බිල්පත් ගෙවීම්

ඔබ‌ කොහේ හිටියාත් විදුලි බිල්පත්, ජල බිල්පත් මේ සියල්ල Daraz Pay හරහා ගෙවන්න. මේ සරල ක්‍රම අනුගමනය කරන්න.

රීලෝඩ් සහ පසුගෙවීම්

ෆෝන් එකේ සල්ලි ඉවර වෙලාද? Daraz App එකෙන් ලේසියෙන්ම Daraz Pay Tap කරලා ඔබට අවශ්‍ය සේවාව තෝරාගන්න. ඔබේ ගෙවීම් විස්තර App එකේ ආරක්ෂිත Save කරලා තියාගන්න.

අනුග්‍රාහක උත්සව හා ප්‍රසංග සඳහා ටිකට්

සංගීත ප්‍රසංග, විනෝදාස්වාද වැඩසටහන් වැනි විවිධ උත්සවවලට අදාළ ටිකට්පත් Daraz Pay වෙතින් මිලදී ගන්න. ඔන්ලයින් මිලදීගන්න පුළුවන් ටිකට්පත් පිළිබඳ දැනගන්න Daraz pay home page එක පරික්ෂා කරන්න.

ඩිජිටල් කළමනා

Windows 11 Pro, Malware security software, Adobe Photoshop, Canva ඇතුළු ඔබේ ප්‍රියතම ඩිජිටල් මෘදුකාංග මිලදී ගන්නා විට සුවිශේෂී වට්ටම් දිනාගන්න.  Netflix, Spotify, Amazon Prime වැනි විනෝදාස්වාද Platform සඳහා premium passes මිලදී ගන්න. ඔබ ගේම් Play කරන්න කැමති කෙනෙක්ද? පරිගණක ක්‍රීඩා කරන්නන්ට අවශ්‍ය උපාංග ඇතුළු ගැජට්ස් Digital Goods Section එකෙන් සොයාගන්න.

තෑගි වවුචර්ස්, පරිත්‍යාග පිරිනැමීම් සහ ඩිජිටල් කූපන්

ඔබේ ආදරණීය කෙනෙක්ට දෙන්න තෑග්ගක් ගැන හිතනවාද?වටිනා තෑග්ගක් ලෙස Daraz Gift Card එකක් හෝ Gaming Gift Card එකක් පිරිනමන්න. ඔබට Xbox සඳහා ක්‍රීඩා අවසරපත් සහ Disney Plus, Apple TV සහ Spotify වැනි විනෝදාස්වාද Platform සඳහා සාමාජිකත්ව සක්‍රීය කිරීමේ game passes මිලදී ගන්නත් පුළුවන්.

Daraz Cares හරහා ඔබේම සමාජය වෙනුවෙන් විවිධ පරිත්‍යාගයන් කරන්න කැමති නම්  ඒ සඳහාත් Daraz Pay වෙතින් දායක වෙන්න.

ඉතිං ඇයි තවත් බලා සිටින්නේ? දැන්ම Daraz App එක ඩවුන්ලෝඩ් කරලා Daraz Pay සමඟින් පහසු ගෙවීම් ක්‍රමයක අපූරු අත්දැකීම විඳගන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php