“Lanka Premier League 2022” ටිකට්පත් දැන් Daraz වෙතින්

“Lanka Premier League 2022” ටිකට්පත් දැන් Daraz වෙතින්

“ලංකා ප්‍රිමියර් ලීග් 2022” තරග සජීවීව නරඹන්න ඔබත් කැමතිද? ලංකාවේ කොහේ හිටියාත් දැන් Daraz App එකට පිවිසිලා ටිකට්පත් මිලදී ගන්න අනඟි අවස්ථාවක් තියනවා.

ක්‍රිකට් ලෝලීන්ට ක්‍රිකට් තරගයක් නරඹනවා කියන්නේ ඊට වඩා කුතුහලයක් දනවන තවත් දෙයක් නැති තරම්. ප්‍රියතම පිතිකරුවා හතරේ පහරක් ගහද්දි, ප්‍රියතම කණ්ඩායම තීරණාත්මක කඩුල්ලක් ලබා ගනිද්දි හිතට එක් කරන්නේ අමුතුම සතුටක්.

ක්‍රිකට් ක්‍රීඩාවට වැඩියෙන් ඇලුම් කරන්නන්ට ක්‍රීකට් ක්‍රීඩා නැරඹීම ඔවුන්ගේ ජීවිතයේ කොටසක් බවට පත්වෙලා. ඔවුන් එයින් ලබන්නේ වඩාත් තෘප්තිමත් අත්දැකීමක්.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ‌ක්‍රීඩා ක්ෂේත්‍රයේ දියුණුව අරමුණු කරගෙන පැවැත්වෙන “ලංකා ප්‍රිමියර් ලීග් 2022” දෙස් විදෙස් ක්‍රීඩා ලෝලීන්ගේ ආකර්ෂණය දිනාගත් තරගයක් බවට පත්වෙලා තියෙනවා.

ඔබත් ක්‍රිකට් ලෝලියෙක් නම් මෙය වඩාත් සතුටුදායක ආරංචියක් වේවි. දැන් “ලංකා ප්‍රිමියර් ලීග් 2022” තරග නැරඹීම සඳහා ටිකට්පත් හරිම පහසුවෙන් Daraz App එකෙන් මිලදී ගන්න පුළුවන්.

ටිකට්පත් මිලදී ගන්න මේ පියවර අනුගමනය කරන්න.

  1. Daraz App එකට ලොග් වෙලා LPL ටිකට්පත් Cart එකට Add කරන්න.
  2. SMS හා ඊමේල් වෙතින් QR කේතයක් ලැබේ.
  3. තරග දිනයේ අදාළ ක්‍රීඩා පිටිය වෙත ගොස් QR කේතය පෙන්වා ටිකට්පත ලබාගන්න.

Jaffna Kings, Colombo Stars, Dambulla Aura, Galle Gladiators සහ Kandy Falcons යන කණ්ඩායම් LPL T20 කුසලානය සඳහා තරග වැදීමට එක්වෙයි. 2022 දෙසැම්බර් 6 සිට දෙසැම්බර් 23 දක්වා T20 තරග 24ක් කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය, පල්ලේකැලේ ක්‍රීඩාංගණය සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය යන අන්තර්ජාතික ක්‍රීඩාංගණයන්හිදී පැවැත්වීමට නියමිතයි.

“Lanka Premier League 2022” තරග කාලසටහන

දිනයවේලාවතරග විස්තරය
දෙසැබ්ර් 10 සෙනසුරාදාප.ව.7.306 වැනි තරගය – Kandy Falcons සමඟින් Jaffna Kings
දෙසැම්බර් 11 ඉරිදාප.ව. 3.007 වැනි තරගය – Colombo Stars සමඟින් Galle Gladiators
 ප.ව. 7.308 වැනි තරගය – Jaffna Kings සමඟින් Dambulla Aura
දෙසැම්බර් 12 සඳුඳාප.ව.3.009 වැනි තරගය – Kandy Falcons සමඟින් Galle Gladiators
 ප.ව. 7.3010 වැනි තරගය – Colombo Stars සමඟින් Jaffna Kings
දෙසැම්බර් 13 අඟහරුවාදාප.ව. 3.0011 වැනි තරගය – Dambulla Aura සමඟින් Kandy Falcons
 ප.ව.7.3012 වැනි තරගය – Galle Gladiators සමඟින් Colombo Stars
දෙසැම්බර් 14 බඳාදාප.ව.3.0013 වැනි තරගය – Jaffna Kings සමඟින් Kandy Falcons
 ප.ව.7.3014 වැනි තරගය – Colombo Stars සමඟින් Dambulla Aura
දෙසැම්බර් 17 සෙනසුරාදාප.ව.3.0015  වැනි තරගය – Dambulla Aura සමඟින් Galle Gladiators
 ප.ව.7.3016  වැනි තරගය – Kandy Falcons සමඟින් Colombo Stars
දෙසැම්බර් 18 ඉරිදාප.ව.3.0017  වැනි තරගය – Galle Gladiators සමඟින් Jaffna Kings
 ප.ව.7.3018  වැනි තරගය – Kandy Falcons සමඟින් Dambulla Aura
දෙසැම්බර් 19 සඳුදාප.ව.3.0019  වැනි තරගය – Jaffna Kings සමඟින් Colombo Stars
 ප.ව.7.3020  වැනි තරගය – Galle Gladiators සමඟින් Dambulla Aura
දෙසැම්බර් 21 බඳාදාප.ව.3.00Qualifier 1
 ප.ව.7.30Eliminator
දෙසැම්බර් 22 බ්‍රහස්පතින්දාප.ව. 7.30Qualifier 2
දෙසැම්බර් 23 සිකුරාදාප.ව. 7.30අවසාන තරගය

මේ අවස්ථාව මඟහැර ගන්න එපා. දැන්ම Daraz App එකට පිවිසිලා ඔ‌බේ ටිකට්පත් වෙන්කර ගන්න. LPL තරගවල උණුසුම සජීවීව විඳගන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php