උත්සව කාලේ සිත්ගත් පෙනුමකට ගැළපෙන Eid Fashion Trends

උත්සව කාලේ සිත්ගත් පෙනුමකට ගැළපෙන Eid Fashion Trends

ළඟම එන රාමසාන් උත්සවයට සැරසෙන්න Eid Fashion Trends ගැනත් හිතන්න වෙනවා. රාමසාන් උත්සවයට සූදානම් වෙද්දි Eid Fashion Trends කාගේත් අවධානයට යොමුවෙන දෙයක්.

ඔයාලාත් මේ දවස්වල Eid Fashion Trends හොයනවාද? සිත්ගත් පෙනුමකින් හැඩවෙන්න මේ උත්සව සමයේ ඔයාට ගැළපෙන Eid Fashion Trends මොනවාද කියලා දැනගනිමු.

මාසයක් පුරාවට උපවාස කාලයක නිරත වෙලා සිටින මුස්ලිම් බැතිමතුන් මේ දිනවල ළඟම එන Eid උත්සවය සඳහා සූදානම් වෙනවා. හැම උත්සව කාලයත් සමඟම හැමෝම උනන්දු‌ වෙන අංගයක් තමයි විලාසිතා. පහුගිය දවස්වල අපේ රටේ ජනතාව සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් විවිධ විලාසිතා සොයන්න පටන් ගත්තා. දැන් ඊළඟට උදාවෙලා තියන්නේ රාමසාන් උත්සව කාලයයි. Eid උත්සවය සඳහා සිත්ගත් පෙනුමකින් හැඩවෙන්න ඔයාලාත් කැමතියි නේද? දැන් ඉස්සර වගේ කඩවල් සාප්පු ගානේ ඇඳුම් හොය හොයා මහන්සි වෙන්න අවශ්‍ය නෑ. ඔයාලට ගැළපෙන විලාසිතා Online Order කරලා ගෙදරටම ගෙන්න ගන්න.

Eid උත්සවය සඳහා සූදානම් වෙන ඔයාලාට ආකර්ෂණීය පෙනුමෙකින් හැඩවෙන්න ගැළපෙන Eid Fashion Trends මොනවාද කියලා අපි බලමු.

Shalwar

විවිධ උත්සව අවස්ථාවලට ගැළපෙන  ethnic wear ගණනාවක් තියනවා. ඒ අතරින් Eid උත්සව සමයේදී බොහෝ කාන්තාවන් තෝරාගන්නා විලාසිතාවක් තමයි Shalwar. දකුණු ආසියාතික රටවල කාන්තාවන් Shalwar තෝරාගැනීමට හේතුවක් තමයි, එම ඇඳුමේ විනීත භාවයක් තිබීම. දැන් new shalwar design ගණනාවක්ම තියන නිසා සුන්දර පෙනුමකින් හැඩවෙන්න ෂල්වාරි කදිම විලාසිතාවක්. Shalwar ඇන්ඳාම කාන්තාවකගේ සුන්දරත්වය තවත් වැඩි කරනවා. ඔයාට ගැළපෙන වර්ණවලින් විවිධ මෝස්තර සහිත හැඩකාර ෂල්වාරි විලාසිතා තෝරගන්න. Shalwar සමඟම Lehenga Eid උත්සවය සඳහා අඳින කාන්තා විලාසිතා අතර ජනප්‍රියයි. සාම්ප්‍රදායික විදියට අඳින්න කැමති නම් මේ වගේ විලාසිතා ඔයාට වඩාත් ගැළපේවි.

Maxi Dress

ඇතැම් දෙනා අදාළ උත්සවවලට ගැළපෙන්න සාම්ප්‍රදායික ඇඳුම්වලින් සැරසෙද්දි තවත් පිරිසකගේ තෝරා ගැනීම වෙන්නේ ආකර්ෂණීය විලාසිතායි. තරුණියන් කොහොමත් විවිධ හැඩකාර විලාසිතාවලට ප්‍රිය කරනවා. දිග ගවුම් අඳින එක දැන් තරුණියන් අතර ජනප්‍රිය විලාසිතාවක් වෙලා. උත්සව කාලෙට අඳින්න Maxi Dress එකක් වඩාත් සුදුසු ඇඳුමක්. රාමසාන් වැනි උත්සවයක් සඳහා කාන්තාවන් විනීත විදියට සැරසෙන්න වැඩියෙන් හිතන නිසා මේ වගේ Long Maxi Dresses  වඩාත් ගැළපේවි. Floral ගතියක් තියන මේ වගේ  Maxi Dress ඔයාගේ පෙනුමට මොන තරම් චමත්කාරයක් එකතු කරයිද කියලා හිතලා බලන්න.

Jumpsuit

විශේෂ උත්සව අවස්ථාවලට අඳින්න විවිධ විදියේ ගවුම් විලාසිතාවන් ඇතැම් කාන්තාවන් තෝරගත්තාට ගවුම් අඳින්න අකමැති පිරිසකුත් ඉන්නවානේ. ඔන්න එහෙම අයට ගැළපෙන ඇඳුමක් තමයි Jumpsuit. හරිම සැහැල්ලුවෙන් ඇඳගෙන ඉන්න පුළුවන් වගේම වෙනස්ම Look එකක් තියනවා.  මේ රාමසාන් කාලයේ තරුණියන් වෙනස් විදියේ විලාසිතාවන් සොයනවා නම් Jumpsuit වැනි විලාසිතා තෝරගන්න පුළුවන්.

Kurta

Eid උත්සවය සඳහා පිරිමි පාර්ශ්වයට ගැළපෙන විලාසිතාවක් තමයි Kurta Tops.  Kurta for men සොයනවා නම් දැන් Online මේ අනර්ඝ විලාසිතා සොයාගන්න අවස්ථාව තියනවා. පිරිමි ළමයි කොහොමත් වැඩිය Shopping කරන්න යන්න කැමති නෑනෙ. ඒ නිසා මේ රාමසාන් උත්සව කාලේ සිත් ඇඳගන්නා පෙනුමෙන් හැඩවෙන්න අවශ්‍ය විලාසිතා Online මිලදී ගන්න ලැබෙන එක වඩාත් පහසුවක් වේවි. කලිසමක් සමඟින් මේ වගේ දිග Kurta Tops ඇන්ඳාම පිරිමි ළමයින්ගේ පෞරුෂත්වය තවත් කැපී පේනවා. ඒ වගේම මෙය උත්සව කාලෙට ගැළපෙනම විලාසිතාවක් හැටියටත් හඳුන්වන්න පුළුවන්.

Sandals

සිත්ගත් පෙනුමකින් හැඩවෙන්න ඇඳුම් වගේම පාවහන් ආදියත් අවශ්‍යම විලාසිතාවක්. පහසු පාවහන් විලාසිතාවන් සොයනවා නම් Slippers ආදිය තෝරාගන්න පුළුවන්. ෂල්වාරි ආදියත් සමඟ සාමාන්‍ය Slippers පළඳිනවාට වඩා Girls sandals දෙකක් දැම්මාම ඇඳුමේ පෙනුමට තව Look එකක් එකතු වෙනවා.  එවැනි පාවහන් පහසු වගේම ආකර්ෂණීය විලාසිතාවක් වෙනවා.

Heel Shoes

ඇතැම් දෙනා Flat Slippers ආදිය පැළඳුවාට තවත් කාන්තාවන් Heels තියන සපත්තු පළඳින්න වැඩි කැමැත්තක් දක්වනවා. Ladies Shoes අතර අඩි උස සපත්තු බොහෝ කාන්තාවන්ගේ පාවහන් විලාසිතා අතරට එකතු වෙනවා.  විශේෂයෙන් Dress එකක් වගේ ඇඳලා High Heels සපත්තු දෙකක් දැම්මාම අමුතුම ගතියක් ඔයාගේ පෙනුමට එක් වේවි. මේ උත්සව සමයේ තමන්ගේ ඇඳුම් විලාසිතාවලට ගැළපෙන සපත්තු ආදිය තෝරගන්නත් අමතක කරන්න එපා. 

Casual Shoes

Men’s Shoes සොයනවා නම් පිරිමි ළමයින්ට වඩාත් ගැළපෙන්නේ Casual Shoes. කොහේ ගියාත් සැහල්ලුවෙන් ඇඳගෙන යන්න තමයි පිරිමි ළමයි වැඩිපුර කැමති. ඉතිං මේ රාමසාන් උත්සව සමයේ ගමන්බිමන් යද්දි සැහැල්ලුවෙන් පළඳින්න Casual Shoes for Men සොයනවා නම්, මේ වගේ සපත්තු තෝරාගන්න. සපත්තුවක් තෝරගන්දිද අලංකාර බව වගේම සුවපහසුව ගැන හිතන්න වෙනවා. ඒ නිසා හොඳ කොලිටියේ සපත්තුවක් පෙනුමට ආකර්ෂණයක් එකතු කරනවා වගේම ඔයාටත් සුවපහසුවක් ගෙනදෙයි.

Kid’s Shoes

උත්සව කාලයක් උදාවෙද්දි වැඩිපුරම සතුටු වෙන්නේ පුංචි ළමයින්. අලුත් ඇඳුම් පැළඳුම්වලින් හැඩවෙන්න ඔවුන් වැඩියෙන් ප්‍රිය කරනවා. පුංචි ළමයින්ට ගැළපෙන Shoes online සොයාගන්න ලැබෙන එක ලොකු පහසුවක් නේද? Eid සඳහා ලෑස්ති වෙන්න පුංචි ළමයින්ට අලුත් ඇඳුම් සොයනවා වගේම මේ වගේ සපත්තු ආදියත් තෝරගන්න. කකුලේ ප්‍රමාණයට අනූව කැමති වර්ණවලින් හොඳම කොලිටියේ සපත්තු Online මිලදී ගන්න Shop කරන්න.

Eid වෙනුවෙන්ම Slay, Yoo, Shoely, Trendy වැනි වෙළෙඳ නාම වෙතින් විශේෂ වට්ටම් රැසක්. දැන්ම Daraz Fashion සමඟින් Shop කරලා රාමසාන් උත්සවයට හැඩවෙන්න අවශ්‍ය සිත්ගත් විලාසිතා Online සොයාගන්න.

ආකර්ෂණීය පෙනුමෙන් හැඩවෙන්න හොඳම විලාසිතා වෙළෙඳ නාම ගැන දැනගන්න සිත් ඇඳගන්නා අයුරින් හැඩවෙන්න Top Fashion Brands ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php