අව්වට – වැස්සට ගැළපෙන විදියට තෝරාගන්න Best Outfit Ideas

අව්වට – වැස්සට ගැළපෙන විදියට තෝරාගන්න Best Outfit Ideas

වෙනස්වෙන කාලගුණත් සමඟ ඊට ගැළපෙන්න Best Outfit Ideas තෝරගන්න අපිට හිතන්න වෙනවා. කාන්තා, පිරිමි භේදයකින් තොරව Best Outfit Ideas ගැන කවුරුත් උනන්දුයි.

අව්වට – වැස්සට හරියන්න අඳින්න මේ දවස්වල Best Outfit Ideas ඔයාත් හොයනවාද? කාලගුණය උණුසුම් වුණාත්, සීතල වුණාත් ඊට ගැළපෙන්න අඳින්න නම්, Best Outfit Ideas ගැන දැනගෙන ඉන්න වෙනවා.

පහුගිය දවස්වල තිබුණේ දරාගන්න අමාරු උණුසුම් කාලගුණයක්. ඒත් මේ දවස්වල නම් ඒ තත්වය වෙනස් වෙලා වැසි සහිත කාලගුණයක් තමයි අපිට විඳගන්න වෙලා තියන්නේ. කාලගුණික තත්වය වෙනස් වෙද්දි අපිට තියන ගැටලුව තමයි, ඊට අනූව අපේ විලාසිතාත් වෙනස් කරගන්න සිදුවීම. එක් එක් කාලගුණික තත්වය අනූව අපිට ඊට ගැළපෙන විදියට අඳින්න පළඳින්න සිදුවෙනවා.  සීතළ කාලගුණයකදී උණුසුමක් ගෙදෙනෙ විලාසිතාත්, උණුසුම් කාලගුණයකදී රස්නය දැනෙන්නැති වෙන්න සැහැල්ලු ඇඳුම් තෝරාගන්නත් ඔයා හිතනවා‌ නේද?

විලාසිතා කරන්න අපි කවුරුත් කැමතියිනේ. හැබැයි විලාසිතා කරද්දි ආකර්ෂණීයත්වය වගේම සුවපහසුව, අවස්ථාවට ගැළපෙන විදියට අඳින එක වගේ විවිධ කරුණු ගැන අවධානය යොමු කරන්න වෙනවා. මේ දවස්වල කාලගුණය කොයිවෙල් වෙනස් වෙයිද කියලා අපිට හිතාගන්න බෑ. එක් වරුවක ගිගුරුම් සහිත වැසි වැහැලා පරිසරය සීතළ වෙනවා වගේම තවත් සුළු මොහොතකින්, අව්වත් පායලා උණුසම් දේශගුණයක් ඇති වෙනවා. ඒ නිසා අව්වට – වැස්සට මේ දෙකටම හරියන විදියට විලාසිතා අපි ළඟ තියාගත්න එක ඇඟට ගුණයි.  අව්වට – වැස්සට දෙකටම හරියන්න ගැළපෙන්න Online තෝරාගන්න පුළුවන් Best Outfit Ideas ගැන අපි හොයලා බලමු.

Cold Weather Outfits

Sweater for Women

සීතල කාලගුණයකදී උණුසුමක් දැනෙන්න කවුරුත් තෝරගන්න ඇඳුමක් තමයි Sweater. Hoodies ටයිප් එකේ Sweaters තමයි දැන් නවීනතම විලාසිතාව වෙලා තියන්නේ. Sweater for Women සොයනවා නම් දැන් අලංකාර තෝරාගැනීම් රැසක්ම තියනවා. ඇතැම් අය ස්ටයිල් එකටත් මේ වගේ Sweaters අඳින්න දැන් පුරුදු වෙලා ඉන්නවා. ඒත් සීතළ කාලගුණයකදී කාන්තාවන්ට තමන් ඇඳගෙන ඉන්න බ්ලවුස් හෝ ටී -ෂර්ට් එකට උඩින් මේ වගේ Sweater එකක් අඳින්න පුළුවන්.  සීතළෙන් ආරක්ෂා කරනවා වගේම ස්ටයිල් එකට අඳින්න මෙය කදිම විලාසිතාවක්.

Cardigans

කාන්තාවන් ස්ටයිල් කරන්න කොහොමත් කැමැතියිනේ. විවිධ ආකර්ෂණීය විලාසිතා ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් අතරට එකතු වෙනවා. Sleeveless Blouses වගේ ඇඳුම් අඳින්න තරුණියන් වඩාත් ප්‍රිය කරනවා. හැබැයි සීතළ කාලගුණයකදී ඒ වගේ ඇඳුමක් ඇඳගෙන යන්න බෑ නේද? ඒත් ඒ සඳහා තියන හොඳම විසඳුම තමයි, උඩින් Cardigans අඳින එක. දැන් විවිධ වර්ණවල මෝස්තර සහිත Cardigans sweater තියන නිසා ඔයාගේ Blouse එකේ පාටට ගළපලා Cardigans for women තෝරගන්න පුළුවන්. අලංකාර  විදියට අඳින එක ගැනත්, පවතින කාලගුණයට ඔරොත්තු දෙන එක විදියට විලාසිතා කරන එක ගැනත් ඔයා හිතනවා නම් මේ වගේ ඇඳුම් ඔයා ළඟ තියාගන්න අමතක කරන්න එපා.

Sweater for Men

පිරිමි ළමයි වැඩිපුරම කැමති සැහැල්ලු විදියට අඳින්නයි. Sweater for Men හොයනවා නම්, ඔවුන් අතරත් දැන් ජනප්‍රිය විලාසිතාවක් තමයි Hoodies. ඩෙනිමත් එක්ක Hoodie එකක් ඇන්ඳාම තරුණයන්ගේ පෙනුමට අමුතුම ගතියක් එකතු වෙනවා. ස්ටයිල් එකට Hoodies ඇන්ඳාට මේ සීතළ කාලේ sweater hoodie වගේ විලාසිතා ඔයා ළඟ තියනවා නම් වඩාත් ප්‍රයෝජනවත් නේද? ඔයා ගාව තාමත් Hoodie එකක් නැත්තම් ඒ වගේ විලාසිතා මිලදී ගන්න දැන් කාලෙ හරි. ඇඳුම් තෝරාගනිද්දි එක එක්කෙනා කැමති හා ඔවුන්ගේ සමට ඔබින විවිධ වර්ණ තියනවා. ඒ නිසා ඔයාට කැමති පාටවලින් හොඳ කොලිටියේ Hoodies Online තෝරගන්න.

Maxi Dress

කාලගුණය වෙනස් වුණාට අපිට යන්න වෙන ගමන් නම් වෙනස් කරගන්න බෑනෙ. කාලගුණය කොයි විදියට තිබුණාත් දිනපතා ඔෆිස් යන්න සිද්ධ වෙනවා. ඒ වගේම විවිධ සාද ආදි ගමන්බිමන්වලටත් යන්න සිදු වෙනවා. සීතළ කාලෙට ඇඟ වැහෙන්න ඇඳුම් අඳින එක තමයි වඩාත් සුදුසු. තරුණියන් අතර දිග ගවුම් අඳින එක දැන් විලාසිතාවක් වෙලා.  විලාසිතාවක් හැටියට ඔයා දිග ගවුම් ඇන්ඳාට මේ සීතළ කාලෙට දිග ගවුම් තෝරාගන්න එක ඔයාගේ ශරීර සෞඛ්‍යයටත් වඩාත් හොඳයි. කකුල් අත,පය වැහෙන ඇඳුම් ඇන්දාම ඔයාට සීතළ දැනෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා මේ කාලෙට ඔෆිස් යන්න, ගමන්බිමන් යන්න මේ වගේ ඇඳුම් අඳින එක වඩාත් ගැළපෙයි නේද කියලා හිතලා බලන්න.

Long Sleeve T- Shirts

සාමාන්‍ය ගමන්බිමන් යද්දි ඩෙනිමයි ටී – ෂර්ට් එකයි අඳින එක තමයි පිරිමි ළමයින්ගේ ජනප්‍රිය ඇඳුම වෙලා තියන්නේ.  ටී – ෂර්ට් අඳින්න කැමැති තරුණයන්ට සීතළ දේශගුණයකදී අත්දිග ටී – ෂර්ට්ස් තෝරාගන්න පුළුවන්.  මේ වගේ ටී -ෂර්ට්ස් අඳින එක සීතළ දේශගුණයකට වඩාත් ගැළපෙනවා වගේම ස්ටයිලිෂ් ගතියකුත් ඔයාගේ පෙනුමට එකතු වෙනවා. ‌ඩෙනිම් කලිසමක් එක්ක අඳින්න කැමති පාටවලින් මේ වගේ සුවපහසු ටී- ෂර්ට්ස් තෝරාගන්න.

Covered Shoes

වැසි කාලෙට එළියට බහිනවා කියන්නෙම කාටත් එපා වෙන දෙයක්. ඇඳුම් වගේම සපත්තු වැස්සට තෙමුණාම සවුත්තු වෙලා, කැඩිලා යනවා.  ඒ නිසා කොලිටියක් තියන සපත්තු දෙකක් මේ කාලෙට පළඳින්නම වෙනවා. සීතළ දැනෙන ගතිය අඩුවෙන්න අපි කණ් වැහෙන්න Hoodies අඳිනවා වගේම කකුල් හොඳට ආවරණය වෙන සපත්තු දෙකක් පැළඳීමත් හොඳ අදහසක්. ඒ නිසා මේ කාලෙට මේ වගේ කකුල් හොඳින් ආවරණය වන Leather Shoes දෙකක් ඔයාගේ විලාසිතා අතරට එකතු කරගන්න.

Hot Weather Outfits

Summer Dress

උණුසුම් කාලගුණයක් තියෙද්දි කවුරුත් හොයන්නේ summer dresses.  සාමාන්‍ය ගමනකට ඇඳගෙන යන්න casual summer dresses හොයනවා නම් මේ වගේ අලංකාර summer frocks ඔයාට ගැළපෙයි නේද? හරිම සැහැල්ලුවෙන් ඇඳගෙන ඉන්න පුළුවන් වගේම අමුතුම විදියේ ආකර්ෂණීයත්වයකුත් මෙවැනි ගවුම් විලාසිතාවල දකින්න ලැබෙනවා. beach dress for women හොයනවා නම්, මේ වගේ ගවුමක් Beach පාටියකට ඇඳගෙන යන්න පුළුවන්.  

Summer Pant

උණුසුම් කාලගුණයකදී සිසිලසක් ලබන්න අපි බොහෝ වෙලාවට මුහුදු වෙරළ වගේ ස්ථාන තෝරගන්නවා. ඒ වගේම බොහෝදෙනා ගත හිත සැහැල්ලු කරගන්නත් මුහුදු වෙරළේ ඇවිදින්න පුරුදු වෙලා ඉන්නවා.  මුහුදු වෙරළේ ඇවිදින්න යනවා නම්, ඊට ගැළපෙන ඇඳුම් අදින්න අවශ්‍යයි. දිග ඇඳුම් ඇඳගෙන අපිට මුහුදු වෙරළේ ඇවිඳින්න බෑනෙ. තරුණියන්ට Beach outfit එකක් හැටියට මේ වගේ Short Pants වැනි විලාසිතාවලින් හැඩවෙන්න  අවස්ථාව තියනවා.

Crop Top

Summer clothes ඔයා හොයනවා නම්, Crop Top කියන්නේ අපිට අමතක කරන්නම බැරි විලාසිතාවක්. තරුණියන් අතර Crop Top අඳින එක නවතම විලාසිතාවක් හැටියට ජනප්‍රියයි.  විලාසිතාවක් විදියට Crop Top ඇන්ඳාට රස්නෙ කාලෙට මේ වගේ ඇඳුම් සැහැල්ලු විලාසිතා හැටියට ප්‍රයෝජනවත් වෙනවා. Trouser එකක් හෝ Short එකක් එක්ක Crop Top එකක් ඇන්ඳාම අමුතුම stylish look එකක් එකතු වෙනවා. හැබැයි රස්නෙ කාලෙට ස්ටයිලිෂ් ගතිය ගැන හිතලා විතරක් නෙවෙයි, සුවපහසුව ගැනත් හිතලාම මේ වගේ විලාසිතාවලින් හැඩවෙන්න.

Sundress

Sun dresses for women හොයනවා නම්, දැන් සිත්ගත් මෝස්තර විලාසිතා ගණනාවක්ම පවතිනවා. උණුසුම් කාලගුණයකදී  වඩාත් සුදුසු Short sleeve sun dress.  තරුණියන්ට සාදයකට අඳින්නත් මේ වගේ strappy dresses ආකර්ෂණීයත්වයක් එකතු කරයි නේද? Outdoor පාටියකට එහෙම යනවා නම්, මේ වගේ ගවුම්ක් තෝරාගන්න එක අමුතුම එළියක් ගෙනදෙයි වගේම ඔයාටත් සුවපහසුවක් වේවි. මේ වගේ Sundress ඇඳගෙන යද්දි අඩි උස සපත්තු දෙකකුයි, අලංකාර ජුවලරිස් එහෙම පැළඳුවාම ඇඳුමේ වටිනාම තවත් වැඩිවෙනවා.

Men’s Shorts

නිතර එහෙමෙහ ගමන්බිමන් යන පිරිමි ළමයින්ගේ විලාසිතා අතර Shorts වරදින්නේ නෑ. වැඩිපුරම තරුණයන් ගාව තියන ඇඳුම් මොනවාද කියලා ඇහැව්වොත් Shorts කියන උත්තරේ ගොඩාක් දෙනෙක්ගෙන් ලැබෙන්න තියන ඉඩකඩ වැඩියි. ළඟපාතකට යනවා නම් Casual Outfits හැටියට ගොඩාක් තරුණයන් තෝරගන්නේ කොට කලිසමයි ටී – ෂර්ට් එකයි.  පිරිමි ළමයින්ට ගැළපෙන Beach outfit එකක් හැටියටත් Shorts වැනි විලාසිතා හඳුන්වන්න පුළුවන්. රස්නෙ ගතිය වැඩිය දැනෙන්නැති වෙන්න උණුසුම් කාලගුණයක් පවතින වෙලාවක මේ වගේ ඇඳුම් තමයි වැඩිපුර අඳින්න වඩාත්ම සුදුසු වෙන්නේ.

Beach Hat

Summer outfits අතර ඔයා අඳින ඇඳුම් සමඟින් මේ වගේ Hat එකතු කරගන්නත් පුළුවන්. රස්නෙ කාලෙට කූල් වෙන්න මුහුදු වෙරළට ඔයා යන්න හිතුවාත් අව්ව වැඩියි කියාල යන්න බැහැයි කියලා හිතෙන අවස්ථාත් තියෙනවා නේද? ඔන්න එහෙම වෙලාවට මේ වගේ fordable hat එකක් තියනවා නම්, වඩාත් ප්‍රයෝජනවත් වෙනවා. Short Dress එකක් හෝ Pant එකයි Short top එකයි ඇඳලා මේ විදියේ hat එකකුත් දැම්මාම ඔයාගේ පෙනුමටත් cute ගතියක් එකතු වෙනවා.  ඒ නිසා අව්ව කාලෙට ගැළපෙන විලාසිතා අතර මේ වගේ උපාංගත් මතක ඇතුවම එකතු කරගන්න.

මේ Best Outfit Ideas ගැන හිතලා බලලා වෙනස් වෙන කාලගුණයට ගැළපෙන්න ඔයාගේ විලාසිතා තෝරාගෙන ගෙදරටම ගෙන්න ගන්න. දැන්ම Daraz Fashion සමඟින් Shop කරන්න.

කඩවසම් පෙනුමක් සඳහා තරුණයන්ට ගැළපෙන විලාසිතා උපාංග ගැන දැනගන්න කැපී පෙනෙන වෙනසකට Men’s Accessories ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php