සති අන්තයේ වැඩ පහසු කරවන Laundry Room Organization Ideas

සති අන්තයේ වැඩ පහසු කරවන Laundry Room Organization Ideas

සති අන්තයේ වැඩ කටයුතු අතර Laundry Room Organization Ideas ගැනත් අපිට හිතන්න වෙනවා. Laundry Room Organization Ideas ගැන දැනගෙන හිටියොත් Laundry වැඩ පහසු කරගන්න පුළුවන්.

ඔයාත් Laundry Room Organization Ideas ගැන හිතනවාද? රෙදි  සෝදලා වේලගන්න Laundry Room Organization Ideas අතරට අවශ්‍ය වන උපාංග මොනවාද කියලා අපි බලමු.

නිවසක සිදු කරන වැඩ කටයුතු අතර රෙදි සේදීම කාටත් කරන්න සිදුවන කාර්යක්. ගොඩාක් වෙලාවට ගෙදරදොරේ රාජකාරි වැඩි ප්‍රමාණයක් කරන්න වෙලා තියන්නේ ගෘහණියන්ටයි. මේ අතරින් රෙදි හෝදන වේලන වැඩේත් පැවරිලා තියන්නේ ඔයාටමද? සතියේ දිනවල රැකියාවේ කටයුතුත් එක්ක බොහෝදෙනෙක් කාර්යබහුල වෙනවා. ඒ නිසා සති අන්තයේ තමයි ගෙදරදොරේ වැඩ කටයුතු කරන්න වෙලාව ඉතුරු වෙන්නේ.

ගෙදර ඉන්න සෙනසුරාදා, ඉරිදා දවස් දෙකේ ගෙදර අනෙකුත් වැඩ කටයුතු සමඟ රෙදි හෝදලා වේලගන්න වැඩේත් කරන්න වෙනවා නේද? ඇතැම් වෙලාවට අම්මා තමයි ගෙදර හැමෝගෙම රෙදි ටික එකතු කරලා සති අන්තයේ හෝදන්නේ. දැන් ඉස්සර වගේ රෙදි හෝදන වැඩේ අමාරු නෑ. Washing Machine එකට දාලා හැමෝගෙම රෙදි ටික හරිම පහසුවෙන් එකවර හෝදගන්න පුළුවන්. හැබැයි මෙහෙම හෝදන රෙදි ටික වේලගන්න වැඩේ තමයි අමාරුම. Laundry කටයුතු හරියට කරන්න නම්, Best Laundry Room Organization Ideas ගැන අපිට හිතන්න වෙනවා.

Cloth Drying Racks

රෙදි වේලගන්න අත්‍යවශ්‍ය උපාංගයක් තමයි Cloth Rack. අපි ගොඩාක් වෙලාවට රෙදි වේලෙන්න දාන්නේ නිවසේ පිටතයි.  තදින් අව්ව වැදෙන පැත්තක රෙදි ටික දැම්මාම  ඉක්මනින්ම රෙදි වේලෙනවා. එළියේ රෙදි වේලෙන්න දාන්න මේ වගේ Rack තමයි ගොඩාක් දෙනා පාවිච්චි කරන්නේ. අපේ රටේ කාලගුණය ගැන අපිට හිතාගන්න බෑ. සමහර දවස්වලට එක දිගටම වහින්න පටන් ගන්නවා. ඒ වගේ වෙලාවක අපිට රෙදි ටික වේලගන්න වෙන්නේ ගේ ඇතුලේමයි. නිවසක Laundry Room එකක් වෙන් කරලා තියාගන්න වෙන්නේ මෙන්න මේ හේතුව නිසාමයි. Laundry Room Ideas ගැන හිතනවා නම් Laundry Room එකකට අත්‍යවශ්‍ය උපකරණ එකතු කරගන්නත් අමතක කරන්න එපා.

ගේ ඇතුලේ රෙදි වේලනවා නම් මේ වගේ Cloth Dryer Stand වඩාත් ප්‍රයෝජනවත් වේවි. ඇඳුම් ටික මේ Stand එකේ එල්ලලා පහසුවෙන් වේලගන්න පුළුවන් වෙනවා. Cloth Rack Price in Sri Lanka සොයනවා නම්, අඩුම මිලට හොඳ කොලිටියේ Cloth Drying Rack Daraz වෙතින් තෝරගන්න.

Laundry Basket & Cloth Clips

Laundry Room storage solutions අතරට කිලිටු ඇඳුම් නිසියාකාරව Store කරලා තියාගන්න Laundry Basket අවශ්‍ය වෙනවා. එහෙමෙහෙ කිලිටි ඇඳුම් විසි කරලා දාලා තිබුණාම මුළු කාමරේ පුරාවටම දකින්න ලැබෙන්නේ අපිළිවෙළ ගතියක්. දිනපතා ඇඳුම් හෝදන්න හැමෝටම වෙලාව ලැබෙන්නේ නෑනෙ. කිලිටි ඇඳුම් Laundry Basket එකක දාලා තිබුණාම සති අන්තයේ ඇඳුම් හෝදන වෙලාවට මේ Basket එකෙන් ඇඳුම් ටික අරගෙන එකවර හෝදන්න පුළුවන්. ඒ නිසා Simple Laundry Room Storage Ideas අතරට මේ වගේ Items එක්කර ගන්න.

ඇඳුම් වේලන්න අපි ඇඳුම් Rackවල දාලා තියනකොට Clips ගහන්නත් අමතක කරන්න එපා.  එළියේ ඇඳුම් දාලා තියද්දි තද සුළඟක් එහෙම ආවාම  ඇඳුම් ටික Rack එකෙන් වැටෙන්න පුළුවන්. ඒ නිසා Rack එකට ඇඳුම් දැම්මාට පස්සේ Clips ගහලා තියන්නත් වෙනවා. මේ Clips වැඩිපුර අවශ්‍ය වෙන නිසා වැඩි ප්‍රමාණයක් තියන Clips Set එකක්ම මිලදී ගන්න එක ඔයාට වාසියක් වේවි.

Hangers

අපි පිළිවෙළට ඇඳුම් ඇඳගෙන යන්න නම් හොඳට හෝදලා වේලලා පිරිසිදුව ඇඳුම් තියාගන්න වෙනවා. ඇඳුම් හෝදලා හරි විදියට වේලගන්න Hangers පාවිච්චි කරන්න වෙනවා. Hangersවල දාලා ඇඳුම් වේලුවාම ඒ ඇඳුම්වල කොලිටිය නැති වෙන්නෙත් නෑ.  සති අන්තයේ ගෙදර හැමෝගෙම ඇඳුම් වේලන්න මේ වගේ Hangers ඔයාගේ නිවසේ තියාගන්නම වෙනවා. Cloth Dryer Stand එකක ඇඳුම් එල්ලලා වේලගන්නත් Hangers උපකාරී වෙනවා. එළියේ වගේම ඇතුළත ඇඳුම් වේලනවා නම්, මේ වගේ අලුතින් හඳුන්වා දී තියෙන Adjustable String Hangers භාවිතා කරන්නත් පුළුවන්. ඇඳුම් ඉක්මනින්  නිසි විදියට වේලගන්න මෙවැනි Hangers භාවිතා කරන්න.

Iron Board

ඇඳුම් හෝදලා වේලුවාට පස්සේ ඊළඟ කාර්ය තමයි ඇඳුම් මදින එක. අපි ඇඳුමක් ඇඳගෙන යද්දි කාගේත් ආකර්ෂණය ඇතිවෙන්නේ ඒ ඇඳුම හරි විදියට මැදලා පිළිවෙළට ඇඳගෙන ගියාමයි. Laundry Room Organizing Tips අතරට Iron Board වැනි උපාංගත් එකතු කරගන්න එක වඩාත් හොඳ අදහසක්. ඔයාගේ Laundry Room එකේ ඇඳුම් වේලන්න අවශ්‍ය උපාංග වගේම ඇඳුම් මදින්න අවශ්‍ය කරන උපාංගත් තියන එක ඔයාට වඩාත් පහසුවක් වේවි. අපි ඇඳුම් මදින්නේ Iron Board එකක තියලායි.  හැබැයි Iron board එකක ඇඳුම් දාලා මදිද්දි Board එකේ මොනාහරි කුණු, දූවිලි වගේ දෙයක් තිබුණොත් ඇඳුම්වල ගෑවෙන්න පුළුවන්. ඒ නිසා Iron Board එකට Iron board cover භාවිතා කරන එක ඇඳුම්වල ආරක්ෂාවට වඩාත් හොඳ උපාංගයක්. ඇඳුම් වැඩියෙන් රත්වීමත් මේ හරහා අඩු කරනවා. Iron Boardවලට අමතරව දැන් Iron Cupboard වැනි උපාංගත් අලුතින් හඳුන්වාදී තියෙනවා. ඇතැම් අයට මේ වගේ Cupboard එකක ඇඳුම් මදින එක පහසු වෙන්න පුළුවන්. තමන්ට ඇඳුම් මැදීමේ කාර්ය පහසුවෙන් කරගන්න මේ වගේ උපාංග එකතු කරගන්න.

සති අන්තයේ ගෙදර හැමෝගෙම රෙදි හෝදන වේලන වැඩ කටයුතු ලේසියෙන්ම කරගන්න මේ Items මිලදීගෙන තියාගන්න. ඔයාට අවශ්‍ය කරන මේ සියලු උපාංග දැන් Daraz වෙතින් Order කරලා ගෙදරටම ගෙන්න ගන්න අවස්ථාව තියනවා.

ගෙවතු වගා සඳහා අවශ්‍ය කරන Gardening Tools ගැන දැනගන්න Top Gardening Tools For Gardening Enthusiasts ලිපිය කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php