Beauty Tools භාවිතා කරලා තමන්ගේ අතින්ම හැඩවෙන්න

Beauty Tools භාවිතා කරලා තමන්ගේ අතින්ම හැඩවෙන්න

සැලූන් නොයා ගෙදර ඉඳන්ම හැඩවෙන්න දැන් විවිධ Beauty Tools වෙළෙඳපොළේ තියනවා. තමන්ගේ රූ සපුව ගැන උනන්දු වෙන අයට රූපලාවණ්‍ය කියන්නේ අමතක කරන්නම බැරි දෙයක්.

ඔයාත් හැඩට රුවට ඉන්න  Beauty Tools  සොයනවාද? තමන්ගේ අතින් ගෙදරදීම හැඩවෙන්න විවිධ Beauty Tools භාවිතා කරන්න පුළුවන්.

ලස්සනට ඉන්න කවුරුත් කැමතියිනේ. Beauty ගැන වැඩියෙන් උනන්දු වෙන්නේ කාන්තාවන්. කොහේහරි විශේෂ ගමනක් යන්න තියනවා නම් සැලූන් ගිහින් හැඩවෙන්න කාන්තාවන් පුරුදු වෙලා ඉන්නවා. ඒත් දැන් සැලූන්වලට වියදම් කරන මුදල ඉතිරි කරගන්න හොඳම විදිය තමයි Beauty Tools තමන් ගාවම තියාගැනීම. 

Beauty Tools & Accessories යොදාගෙන තමන්ගේ අතින් ගෙදර ඉඳන් හැඩවෙන්න ඔයාට අවස්ථාව තියනවා. Women’s Beauty Tools අතර මේ Top Beauty Tools ඔයාගේ ගෙදර තාමත් නැත්තම් දැන්ම මේ New Beauty Tools සොයාගන්න Daraz සමඟින් Shop කරන්න. ඔයාට සුන්දරව හැඩවෙන්න අවශ්‍ය Trendy Beauty Tools  හොයන්න එහෙමෙහෙ ඇවිද ඇවිද මහන්සි වෙන්නේ නැතුව Online Order කරලා ගෙදරටම ගෙන්න ගන්න.  ගෙදර ඉඳන් ඔයාගේ අතින් හැඩවෙන්න ඔයා ළඟ තියෙන්න අවශ්‍ය Beauty Tools මොනවාද කියලා අපි බලමු.

Hair Dryer  

Click to Buy

කොණ්ඩෙ හරියට Set කරගන්න තරුණියන් භාවිතා කරනම උපකරණයක් තමයි Hair Dryer. Hair Dryer එකක් පාවිච්චි කරන්න වෘත්තිය රූපලාවණ්‍ය ශිල්පියෙක් වෙන්න අවශ්‍ය නෑ. එය ඕනම කෙනෙකුට කොණ්ඩය සකසාගන්න බොහොම පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් උපාංගයක්. සාමාන්‍යයෙන් Hair Dryer එකක් පාවිච්චි කරන්නේ කොණ්ඩය වේලගන්නයි.  ඒ වගේම ඇතැම් වෙලාවට කොහේහරි ගමනක් යද්දි කොණ්ඩය විහිදෙන එක අවම කරලා ලස්සනට Set කරගන්න Hair Dryer එකක් යොදාගන්නවා. Hair Dryer එකක් අලුතෙන් මිලදී ගන්නවා නම් වැඩි කාලයක් පාවිච්චි කරන්න හොඳ කල්පැවැත්මක් තියන Hair Dryer එකක් තෝරගන්න.  විශ්වාසනීය වෙළෙඳ නාම වෙතින් හොඳ කොලිටියේ Hair Dyer එකක් Daraz වෙතින්ම සොයාගන්න.

Hair Straightener

Click to Buy

කොණ්ඩය හැඩ කරගන්න විවිධ Hair Styling Tools ඔයාත් හොයනවාද? ස්ටයිල් එකට ඉන්න කැමති අය කොණ්ඩය Straight කරගන්න වැඩි කැමැත්තක් දක්වනවා. ඒ නිසාම තරුණියන් අතර කොණ්ඩෙ Straight කිරීම ජනප්‍රිය දෙයක්. Permanent විදියට කොණ්ඩෙ Straight කරනවා නම්, සැලූන් එකකට ගිහින් තමයි කරන්න වෙන්නේ. ඒත් කොහේ හරි විශේෂ ගමනක් යද්දි තාවකාලිකව කොණ්ඩය Straight කරගන්න අවශ්‍ය වෙනවා නම්,  Hair Straightener එකක් තිබුණොත් ඔයාටම Straight කරගන්න පුළුවන්.  ඒ නිසා Hair Straightener එකක් ඔයා ළඟ මිලදීගෙන තියාගන්න එක ඔයාට ප්‍රයෝජනවත් වෙයි නේද?  Affordable beauty tools සොයනවා නම් Daraz වෙතින් මෙවැනි ප්‍රයෝජනවත් උපකරණ අඩුමි මිලට තෝරාගන්න.

Curling Iron

Click to Buy

ඔයා කැමති Straight කොණ්ඩෙකටද නැත්තම් Curly කොණ්ඩෙකටද? කොණ්ඩෙ Curly  ගතියක් තියද්දි ගොඩාක් දෙනෙක් කියන්නේ හරිම Cute කියලායි.  හැමෝටම උපතින් Curly කොණ්ඩයක් ලැබෙන්නේ නෑ. ඒත් ඔයාට කොණ්ඩෙ Curl කරගන්න ආස නම් Curling iron එකකින් කොණ්ඩෙ Curl කරගන්න පුළුවන්. සමහර හෙයාර් මූස් ගෑවාම කොණ්ඩෙ ටික වෙලාවකට Curly කරගන්න පුළුවන්.  ඒත් කොහේහරි විශේෂ ගමනක් යද්දි කොණ්ඩෙ Curly හැඩයට හදාගෙන යන්න  ඕන නම් මේ වගේ Curling Iron එකක් භාවිතා කරන්න වෙනවා. සැලූන් එකකට ගිහින් කොණ්ඩෙ Curly කරගන්න වැඩි ගාණක් ගෙවනවාට වඩා මේ වගේ ගැජට් එකක් ඔයාටම තිබුණොත් නියමයි නේද?

Hair Trimmer

Click to Buy

රූපලාවණ්‍ය ගැන කතා කරද්දි අපිට තරුණයන් ගැනත් අමතක කරන්න බෑනෙ. ගැහැණු ළමයි තරම්ම පිරිමි ළමයි රූපලාවණ්‍ය ගැන උනන්දු වුණේ නැති වුණාට ස්ටයිල් එකට ඉන්න ඔවුනුත් කැමතියිනේ.  කොහේහරි යනවා නම් කොණ්ඩෙ කපලා පිළිවෙළකට යන්න ඕන කියලා හිතනවා නේද? ඉතිං විවිධ ගමන් යද්දි කොණ්ඩෙ කපන්න සැලූන්වලට යනවාට වඩා තමන්ට ගෙදරදීම කොණ්ඩෙ කපාගන්න පුළුවන් නම් හොඳයි නේද? ඔන්න ඒ සඳහා මේ වගේ Hair Trimmer  එකක් පිරිමි ළමයින්ගේ ගැජට්ස් අතරට එක්කර ගන්න පුළුවන්. හරිම ලේසියෙන් ගෙදරදීම කොණ්ඩෙ ගාණට කපාගන්න මෙය කදිම උපකරණයක්.

Eyebrows Remover

Click to Buy

හැම මාසෙම Eyebrows ගැලවීම කාන්තාවන් පුරුද්දක් හැටියට කරන දෙයක්. ඇතැම් දෙනා සති දෙකකට වතාවක් පවා Eyebrows Remove කරන අවස්ථා තියනවා. ඒ වගේම විශේෂ උත්සව අවස්ථාවකට යනවා නම් තමන්ගේ පෙනුම ගැන හිතන කාන්තාවන්  Eyebrows pluck කරගෙන යන එක නොවරදවාම කරන දෙයක්. ඉතිං ඔයා තාමත් Eyebrows pluck කරන්නේ සැලූන්වලට ගිහිල්ලාද?  Hair Remover එකක් ඔයා ගාව තියනවා නම් ඔයාටම තනියෙන් ඔයාගේ Eyebrows pluck කරගන්න පුළුවන්. ඔයාට අවශ්‍ය ප්‍රමාණයට ඔයාගේ ඇහි බැමි සකසාගන්න මේ වගේ දෙයක් ළඟම තිබුණා නම් වටිනවා නේද?  ඔයාට Eyebrows වැවිලා වැඩියි කියලා හිතෙන ඕනම වෙලාවක මේකෙන් Eyebrows Shape කරගන්න පුළුවන්.

Facial Massage

Click to Buy

සම පැහැපත්ව තියාගන්නත් ලේ ගමනාගමනය හරියට වෙන්නත් මුහුණ සම්බාහනය කිරීම වඩාත් සාර්ථක දෙයක්. ඉලෙක්ට්‍රික් Face Massager කුරුළෑ අඩු කිරීමටත්, මුහුණේ මාංශ පේශි ලිහිල් කිරීමටත් වඩාත් උපකාරී වෙනවා. බාම් සහ තෙල් සමඟත් මෙය භාවිතා කරන්න පුළුවන්. මුහුණ පිරිසිදු කරලා නැවුම් පෙනුමක් Facial Massage එකකින් එක් කරනවා. ඒ වගේම තමයි තරුණ බව රැකගන්නත් මෙය කදිම Beauty Tool එකක්.  මුහුණේ රැළි ඇතිවීම අවම කරලා මුහුණට දීප්තියක් මෙයින් ලබාදෙනවා. Beauty Tools for Face සොයනවා නම් Facial Massage එකක් එකතු කරගන්නත් අමතක කරන්න එපා.

Pedicure Kit

Click to Buy

ගැහැණු ළමයෙක්ගේ මුහුණට අමතරව ලස්සනට හා පිරිසිදුව තියෙන්න අවශ්‍ය දෙයක් තමයි කකුල්.  නියපොතු වැවිලා අවපැහැ වෙලා තිබුණොත් තරුණියකගේ සුන්දරත්වයට එය බලපෑමක් වෙනවා. කකුල් පිරිසිදුව හා අලංකාරව තියාගන්න දැන් ගොඩාක් තරුණියන් සැලුන් ගිහින් Pedicure කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඒත් Pedicure Tool Set එකක් ඔයා ළඟ තිබුණොත් ඔයාට තනියම Pedicure කරගන්න පුළුවන්. දැන් සැලූන් එකකට ගිහින් Pedicure එකක් කරගන්නවා නම් ඔයාට ඒ වෙනුවෙන් වැඩි වියදමක් දරන්න වෙනවා. ඒ නිසා Pedicure කරන ක්‍රමය හරියට දැනගෙන මේ වගේ Pedicure set එකක් ඔයාගේ Beauty Tools අතර තියාගන්න.

Blackhead Remover

Click to Buy

සම පැහැපත්ව තියාගන්න තරුණියන් වඩාත් උනන්දු වෙනවා. මුහුණේ ළප, කැළැල් ආදිය ඇතිවීම කාන්තාවන්ට තියන ලොකුම ගැටලුවක්. ඒ වගේම බ්ලැක්හෙඩ්ස් කියන්නෙත්  මුහුණේ පැහැපත්භාවයට බාධාවෙන තවත් දෙයක්. මේ බ්ලැක්හෙඩ්ස් ඉවත් කරන්න ගොඩාක් දෙනා Facial එකක් කරන්න යොමු වෙනවා. ඒත් Facial එකක් කරාට පසුවත් නැවතත් බ්ලැක්හෙඩ්ස් එන අවස්ථා තියනවා. ඒ නිසා මේ බ්ලැක්හෙඩ්ස් ගැටලුවට හොඳම විසඳුම තමයි  Facial Cleaning Tool අතරට Blackhead Remover එකක් භාවිතා කිරීම. ඔයාගේ මුහුණේ බ්ලැක්හෙඩ්ස් මතුවුණාම මේ Tool යොදාගෙන බ්ලැක්හෙඩ්ස් ඉවත් කරලා මුහුණ නැවුම් කරගන්න පුළුවන්.

ගෙදර ඉඳන් තමන්ගේ අතින්ම හැඩවෙන්න අදහසක් දෙන්න තමයි මේ Beauty Tools අපි ඔයාලාට හඳුන්වා දුන්නේ. මේ රූපලාවණ්‍ය උපකරණ භාවිතා කරලා ඔයාත් සුන්දර පෙනුමෙන් හැඩවෙන්න.

කෝමාරිකා සාරය අඩංගු Beauty Products ගැන දැනගන්න ඖෂධීය ගුණ පිරි Aloe Vera Products සමඟින් දිදුලන සමක් ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php