සින්දු අහන්න ගැළපෙනම Best Wireless Earbuds

සින්දු අහන්න ගැළපෙනම Best Wireless Earbuds

අද කාලේ වැඩ කටයුතුත් එක්ක බැලුවාම අපේ වැඩ කටයුතු කරගන්න Best wireless earbuds එකක් තිබුණොත් තවත් පහසු වෙනවා.වයර් පටලැවෙන කරදරෙන් බේරෙන්න තියන හොඳම විසඳුම තමයි wireless earbuds එකක් පාවිච්චි කරන එක.

ඔයා නිතරම සින්දු අහන්න කැමති කෙනෙක් නම් කිසිම බාධාවක් නැතුව සින්දු අහන්න හොඳ Best wireless earbuds මොනවාද කියලා දන්නවාද? කණට අපහසුතාවයක් නැතුව සින්දු අහන්න තෝරගන්න පුළුවන් හොඳම wireless earbuds මොනවාද කියලා අපි බලමු.

වයර් තියෙන ජැක් එකෙන් ෆෝන් එකට සෙට් වෙන හෙඩ්සෙට් පාවිච්චි කරන පිරිසක් තාමත් ඉන්නවා. හැබැයි ඉතිං දැන් තියන කාර්යබහුලත්වයත් එක්ක හරියන්මනෙම වයර්ලස් හෙඩ්සෙට් තමයි. බෑග් එක ඇතුලේ වයර් පැටලැවිලා වයර් කැඩිලා හෙඩ්සෙට් විසි කරන්න සිද්ධ වෙන්නේ නෑ වයර්ලස් හෙඩ්සෙට් පාවිච්චි කරොත්. වයර්ලස් හෙඩ්සෙට් අතර දැන් ජනප්‍රියම වෙලා තියන්නේ ඉයර්බඩ්.

වයර් තියන හෙඩ්සෙට් එකක අපහසුව වයර්ලස් හෙඩ්සෙට් එකක ඇත්තෙම නෑ. කර්යබහුලත්වයත් එක්ක stress වෙන හැමෝම stress එකෙන් මිදෙන්න ගොඩාක් වෙලාවට සින්දු අහන්න පුරුදු වෙලා ඉන්නවා. සංගීතයත් එක්කම බැඳිලා ඉන්න නිතරම සින්දු අහන්න කැමති අයට ගැළපෙන්නෙම වයර්ලස් හෙඩ්සෙට් එකක් හෝ ඉයර්බඩ් එකක්. වයර්ලස් ඉයර්බඩ් එකක් තිබුණොත් ඕනම වැඩක් කරන ගමන් වුණාත් ෆෝන් එක පැත්තකින් තියලා සින්දු අහන්න පුළුවන්. ඒ නිසා තමයි අද අපි ඔයාලාට Best wireless earbuds ටිකක් හඳුන්වලා දෙන්න හිතුවේ.

Huawei Free Buds 4

ගාණ ටිකක් වැඩි වුණාට Huawei Free Buds 4 කියන්නේ හොඳ බැටරි ධාරිතාවක් තියන ඉයර්බඩ් එකක්. එක පාරක් චාර්ජ් කරාට පස්සේ පැය 4ක් එක දිගට පාවිච්චි කිරීමේ අවස්ථාව තියනවා‌ වගේම කේසින් එකේ බැටරි එකත් එක්ක ගත්තාම පැය 22ක් වුණාත් භාවිතා කරන්න පුළුවන්. Call noise cancellation පහසුකමත් තියන නිසා අපි ඉන්න පරිසරයේ noises තිබුණාත් ඒවා ඇහෙන්නැතිව කතා කරන්න ලැබීම ලොකු වාසියක්. Mini size modern look එකක් එන විදියට තමයි මේකෙ කේස් එකත් හදලා තියන්නේ. හයි කොලිටි ස්පීකර් එකකුත් තියනවා. රබර් නොබ් එක නිසා කණට ගොඩාක් පහසුයි. ඒ නිසා ඕන තරම් වෙලාවක් මිහිරි සංගීතය රසවිඳින්න පුළුවන්. Sounds qualities හොඳට තියන නිසා හොඳම කොලිටියකට සින්දු අහන්න හොඳම ඉයර් බඩ් එකක් කියන්න පුළුවන්.  පැය ගාණක් දාගෙන හිටියාත් කණට කිසිම අපහසුතාවයක් දැනෙන්නේ නෑ.

OPPO Enco W31

OPPO කියන්නේ දැන් ලංකාවේ තරුණ අයගේ විශ්වාසය හොඳටම දිනලා තියන බ්‍රෑන්ඩ් එකක්. එම බ්‍රෑන්ඩ් එකෙන් හඳුන්වලා දීපු ඉහළ විශ්වාසයක් තියන හොඳම වයර්ලස් හෙඩ්සෙට් එකක් තමයි OPPO Enco W31. මේකෙ තියන binaural low latency Bluetooth තාක්ෂණය නිසා වෙළෙඳපොළේ තියන මේ මට්ටමේ වයර්ලස් හෙඩ්සෙට්වලට සාපේක්ෂව වැඩි වේගයෙන් හඩ සම්ප්‍රේෂණය සිදු වෙනවා. Bass mode එකකුත් තියන නිසා හොඳ මියුසික් අත්දැකීමකට කදිම ඉයර්බඩ් සෙට් එකක්. දිගු බැටරි ධාරිතාවයක් තියන නිසා එක දිගට ගීත 200කට වුණාත් සවන්දෙන්න පුළුවන්. කවරය විවෘත කරාම ඔටෝ හෙඩ්සෙට් එක කනෙක්ට් වෙනවා. නැවත කවරයට දැම්මාම ඔටෝ ඩිස්කනෙක්ට් වෙනවා.  ඉයර්බඩ් එක ඉවතට ගත්තාම සංගීතය නැවතෙන අතර නැවත කණට දැම්මාම දිගටම වාදනය වෙනවා. ඇපල් සහ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන දෙකටම මේ ඉයර්බඩ් එක support කරනවා.

OPPO Enco W11

OPPOලාගේ තවත් ඉයර්බඩ් ස්ටයිල් එකේ වයර්ලස් හෙඩ්සෙට් එකක් තමයි මේ.  මේකෙ තියන විශේෂත්වය තමයි කලින් කියපු හෙඩ්සෙට් එකට වඩා දිගින් අඩු සංයුක්ත නිමාවකින් යුක්ත වීම. මේකෙ OPPOලාගේ binaural low latency Bluetooth තාක්ෂණයත් තියනවා. මේකෙත් noise reduction පහසුකම තියන හින්දා ඇමතුම් ගන්න අතරවාරයේ noises ඇහෙන්නෙත් නෑ.  ඒ වගේම තමයි ඉහළ කොලිටි එකක බේස් හඩත් එක්කම හොඳ මියුසික් එක්ස්පීරියන්ස් එකක් ලබාගන්න තියන හොඳම ඉයර්බඩ් සෙට් එකක්.

JBL Tune Wireless

සාමාන්‍යයෙන් JBL කියන බ්‍රෑන්ඩ් එක දැක්ක හැටියේ අපේ හිතට එන කාරණාව තමයි ෂුවර් එකටම සුපිරි කොලිටියට මියුසික් අහන්න පුළුවන් කියන එක. JBL විශ්වාසය දිනාගෙන තියන්නේම ඒ වෙනුවෙන්මයි. ඒ හින්දාම JBL Tune wireless ඉයර්බඩ් එක ගැනත් ඒ විශ්වාසයම තියාගන්න පුළුවන්. මේකෙ තියන JBL Pure Bass Sound ඉතාම ඉහළ කොලිටියකට මියුසික් අහන්න ඉඩ ලබාදෙනවා. පැය 19ක් දක්වාම playback පහසුකම තියනවා. පැය 3ක් ඉයර්බඩ් එකේත් පැය 16ක් පොකට් එකේත් බැටරි ධාරිතාව රැඳිලා තියනවා. ඒ වගේම මේකෙ ඩිසයින් එකත් හරිම ආකර්ෂණීයයි.

Xiaomi Redmi Airdots

මේක ටිකක් අනිත් ඉයර්බඩ් එක්ක බලද්දි ටිකක් ලාබෙට ගන්න පුළුවන් වයර්ලස් හෙඩ්සෙට් එකක් නැතිනම් වයර්ලස් ඉයර්බඩ් එකක් කියන්න පුළුවන්. හැබැයි ගාණ අඩු වුණාට කොලිටියේ නම් කිසිම අඩුවක් නෑ. සමහර හෙඩ්සෙට්වල දාඩිය, වතුර ගෑවුණොත් ටක්ගාලා වැඩ කරන්නේ නැතුව යනවා. හැබැයි දාඩිය දාන වෙලාවක වුණාත් පොද වැස්සක වුණාත් මේ ඉයර්බඩ් දෙක දාගෙන ගියාට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මේකෙ පාලනයට බට්න්ස් දෙකක් තමයි තියන්නේ. කෝල්ස්වලට විතරක් එක ඉයර්බඩ් එකක් පාවිච්චි කරන්න පුළුවන්.noise isolation පහසුකම තියන හින්දා බාහිර ශබ්ද ඇහෙන්නෙත් නෑ. සරල style එකකට වෙනස් හැඩයකට තමයි මේ ඉයර්බඩ් එක හදලා තියන්නෙත්. ප්‍රිමියම් ස්ටීරියෝ විශේෂාංගය තියන හින්දා උසස් සංගීතයක් රසවිඳින්නත් පුළුවන්. ඉතිං නිතරම සංගීතයත් එක්ක ඉන්න කෙනෙක්ට නියමෙටම ගැළපෙන හෙඩ්සෙට් එකක්.

Apple Airpods

 ඇපල් පාවිච්චි කරන අය ඇපල් එයාර්පොඩ්ස් ගැනත් හොඳින්ම දන්නවානේ. මේකෙ ඩුවල් බීම් ෆෝර්මින් මයික්‍රොෆෝන් වගේම ඩුවල් ඔප්ටික් සෙන්සර්ත් තියනවා. ඒ වගේම චලනයන් අඳුරගන්නත් කතා කරනවා කියලා අඳුරගන්නත් ඇක්සෙලොමීටර් සෙන්සර් දෙකකුත් තියනවා. හරිම සරල ටැප් කිහිපයකින් මේක පාලනය කරන්න පුළුවන්. මේ එයාර්පොඩ් එකත් චාර්ජින් කේස් එකත් එක්කම තමයි එන්නේ. මේක එක පාරක් චාර්ජ් කරාම පැය 5ක් විතර එක දිගට සින්දු අහන්න පුළුවන්. ඒක නම් සංගීතයට කැමති අයට ලොකු වාසියක්. මේ එයාර්පොඩ් එකේ තියන sound කොලිටි එක නිසා හරිම පැහැදිලි හැඟීමකින් මිහිරි සංගීතය විඳින්න ඉඩ ලැබෙනවා. පැය 3ක් විතර එක දිගට කිසිම බාධාවකින් තොරව ෆෝන් කෝල් එකක කතා කරන්නත් පුළුවන්.

Samsung Galaxy Buds Live

Samsung Galaxy Buds Live කියන්නේ වෙළෙඳපොළේ තියන තවත් කොලිටි ඉයර්බඩ් ස්ටයිල් වයර්ලස් හෙඩ්සෙට් එකක්. සැම්සුන්ලාගේ මේ Buds Live කියන ඉයර්බඩ් එක අමුතුම හැඩේකට තමයි හදලා තියන්නේ. හරියට පෙනුමෙන් බෝංචි ඇටයක් වගේ. මේකෙ පැකින් එකේ පිටිපස්සේ අර්ගොනොමික් ෆිට් කියලා ගහලා තියනවා. මේකෙ හැඩේත් එක්ක කණට වඩාත් සුදුසු හැඩයක් හැටියට තමයි නම් කරලා තියන්නේ. එක පාරක් චාර්ජ් කරාට පස්සේ එක  දිගට පැය 8ක් වගේ දිගු කාලයක් භාවිතා කිරීමේ අවස්ථාව තියනවා. ඒ වගේම කෝල් කොලිටි එක වැඩි කරන්න මයික්‍රොෆෝන් තුනක් තියනවා. material quality එක වගේම reliability එක අතින් ඉස්සරහින්ම තියන ඉයර්බඩ් එකක් කියන්න පුළුවන්. මේක කන් දෙකේ දාගත්තාට පස්සේ දාගෙන ඉන්නේ කියලා දැනගන්න පුළුවන් සෙන්සර්ස් තියනවා. හයි කොලිටි ඩීටේල් එක්ක සවුන්ඩ් කොලිටි එක ගන්න පුළුවන් ස්පීකර්ස් දෙකක්ම තියනවා. Base ගතිය හා clarity එකත් ඉතා ඉහළයි.

Haylou GT5 TWS Earbuds

 අඩු ගාණකට වැඩිපුර features තියන Earbuds දෙකක් හොයන ඔයාට ගැළෙපෙනම ඉයර්බඩ් එකක් තමයි මේ. Touch enable කරලා තියනවා. ඒ නිසා මේ device එක ගොඩාක් ලේසියෙන් control කරන්න පුළුවන්. මේකෙ තියන sense එක හින්දා ඉයර්බඩ් එක ගැලෙව්වාම සින්දුව නැවතෙනවා. නැවතත් කනෙක්ට් කරාම සින්දුව play වෙනවා. එක ඉයර්බඩ් එකක පැය 4ක චාර්ජින් එකක් තියන හින්දා එක දිගට පැය 4ක් පාවිච්චි කරන්න පුළුවන්. කේසින් එකේ පැය 24ක චාර්ජින් කාලයක් තියන නිසා සම්පූර්ණයෙන් පැය 28ක් භාවිතා කිරීමේ හැකියාව තියනවා. ඉයර්බඩ් එක චාර්ජ් කරගන්න පැය 2කුත් කේසින් එක චාර්ජ් කරගන්න පැය 3ක් වගේ යනවා. ඊට පස්සේ පැය 28ක් එක දිගට භාවිතා කරන්න පුළුවන්. මේ ඉයර්බඩ් එක උසස් මට්ටමේ සංගීත අත්දැකීමක් ගන්න කියාපුම හෙඩ්සෙට් එකක්. විවිධ ශබ්ද පැහැදිලිව විදගැනීමේ අවස්ථාව තියනවා. ඒ නිසා ගාණේ හැටියට විශේෂාංග ගණනාවක් තියන ඉයර්බඩ් එකක් හැටියට හඳුන්වා දෙන්න සුදුසුයි.

නිතරම පැය ගණන් සින්දු අහන්න කැමති අයට කණට අපහසුවක් නැතුව සංගීතය රස විඳිමින් ජීවිතේ විඳින්න අදහසක් දෙන්න තමයි Best wireless earbuds ටික අපි හඳුන්වලා දුන්නේ. ඉයර්බඩ් වර්ගයේ මේ හැම හෙඩ්සෙට් එකක්ම ඔයාට Daraz වෙතින් මිලදීගන්න පුළුවන්. ඒ වගේම මේවා පහසු ගෙවීමේ ක්‍රමය යටතේ Daraz වෙතින් ලබා ගැනීමේ අවස්ථාවත් තියනවා. සුවිශේෂී වට්ටම් හා දීමනා අත්විඳිමින් Daraz සමඟින් shopping කරලා ඔයාට ගැළපෙනම හෙඩ්සෙට් එක හෝ ඉයර්බඩ් එක තෝරගන්න. දැන්ම Daraz ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.

තවත් මේ වගේ ඉලෙක්ට්‍රික් ගැජමැටික්ස් ගැන දැනගන්න Top 10 Electronic Gadgets You Should Own in 2022 (daraz.lk)ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php