අවුරුද්දම එළිය කරන මන බඳිනා Avurudu Fashion Ideas

අවුරුද්දම එළිය කරන මන බඳිනා Avurudu Fashion Ideas

අවුරුදු කාලෙට Avurudu Fashion Ideas ගැන හිතන්න හැමෝම උනන්දු වෙනවා. අවුරුදු සිරිය වැඩිකර ගන්න අලුත් ඇඳුම් අඳින්න කවුරුත් ආසයිනේ.

ඉතිං ඔයාලා දන්නවාද අවුරුදු කාලෙට තවත් හැඩ වැඩ වෙන්න පුළුවන් Avurudu Fashion Ideas මොනවාද කියලා? අපි අද බලමු අවුරුදු සිරිය අපේ හිතට වැඩියෙන් දැනෙන්න තෝරගන්න සුදුසු Avurudu Fashion Ideas මොනවාද කියලා.

සිංහල අවුරුද්ද වෙනුවෙන් අලුතින් ඇඳුම් ගන්න යන්න අපේ උදවිය පටන් ගන්නේ මාර්තු මාසේ ඉඳන්. මාර්තුවල ඉඳන්ම ඇඳුම් සාප්පු ජනතාවගෙන් පිරෙනවා. අවුරුදු දවසට අලුතින් ඇදුම් අදින්නත්, නෑගම් යද්දි අලුත් ඇඳුම් අඳින්නත්, අවුරුද්දෙන් පස්සේ ඔෆිස් එකට, කැම්පස් එකට යද්දි අලුතින් ඇඳුම් අඳින්නත් තමයි පෝලිම්වල ඉඳන් කට්ටිය ඇඳුම් ගන්න පුරුදු වෙලා තියන්නේ.රටේ තියන කොවිඩ් තත්වයක් එක්ක සෙනඟ අස්සේ ඇඳුම් හොයන්න යන එකේ ලොකු අවධානමක් තියනවා.

දැන් ඉස්සර වගේ ඇඳුම් හොය හොයා සාප්පු ගානේ යන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඔයා ආස කරන විලාසිතා දැන් ඔයාගේ ළඟටම ගෙන්වා ගන්න පුළුවන්.

Daraz අවුරුදු වාසි සමඟින් අවුරුද්දට විලාසිතා

මිලියන 5කට වැඩි තෝරා ගැනීම් සඳහා 80%ක් දක්වා වට්ටම් සමඟින් Daraz අවුරුදු වාසි මාර්තු 25 වැනිදා සිට පටන් ගන්නවා.  බැංකු කාඩ් සඳහා අමතර 12%ක් තෙක් වට්ටම්. දැන්ම Daraz ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඔයා කැමතිම විලසිතා Daraz Fashion වෙතින් සොයා ගැනිමේ අනඟි අවස්ථාවක් තියනවා. ළඟම එන අලුත් අවුරුද්දට හැඩවැඩවෙන්න ඔයා කැමතිම විලාසිතා Daraz වෙතින් තෝරාගෙන ගෙදරටම ගෙන්වා ගන්න.

Laveena, Embarak, Avirate, Trending Clothing, Amante, IGLGY, Louiswill, Signature, Vantage ඇතුළු සන්නාම ගණනාවක් සඳහා 75%ක් දක්වා වට්ටම් සමඟින් නොමිලේ Delivery. වචුචර් ඇතුළු තවත් දීමනා රැසක්.  

අලුත් අවුරුද්දට හැමෝගෙම ආකර්ෂණය දිනාගන්න පුළුවන් විදියට හැඩවැඩවෙන්න Daraz වෙතින් තෝරගන්න පුළුවන් Avurudu Fashion Ideas මොනවාද කියලා අපි බලමු.

අවුරුදු දවසට විලාසිතා

Multi-Printed Dresses

අවුරුදු දවසට ලස්සන ඇඳුමකින් සැරසෙන්න කවුරුත් පුරුදු වෙලා ඉන්නවා.  සාමාන්‍යයෙන් ගෙදරට අඳින ඇඳුම් ගැන අපි එච්චර හිතන්නේ නෑ. ඒත් අවුරුද්ද දවසට නම් අපි විශේෂ ඇඳුමක් තමයි ගෙදරට අඳින්නෙත්. අවුරුදු චාරිත්‍ර ඉටු කරද්දිත්, අවුරුදු කැවිලි පෙවිලි බෙදන්න ගෙවල් ගාණේ යන්න තියන නිසාත් ගෙදරට නෑදෑයෝ එන නිසාත් එදාට ලස්සන ඇඳුමකින් අපි සැරසිලා ඉන්න අවශ්‍යයි. දැන් ගැහැණු ළමයි අතරේ ගවුම් අඳින එක අලුත් Fashion එකක් හැටියට ජනප්‍රිය වෙලා තියනවා. අවුරුද්ද දවසට තරුණ ගැහැණු ළමයි ගොඩාක් වෙලාවට ලස්සන ගවුමක් තමයි අඳින්න තෝරගන්නේ. සැහැල්ලු ගතියක් තියන Multi printed මේ වගේ dress එකක් අවුරුද්දම එළිය කරන ඇඳුමක් වේවි.

ආකර්ෂණීය T-Shirts

පිරිමි ළමයි කොහොමත් ආස සැහැල්ලු ඇදුම් ඇඳගෙන ඉන්න. ඒ නිසා ගොඩාක් වෙලාවට පිරිමි ළමයි අතර ජනප්‍රිය වෙලා තියන්නේ ටී ෂර්ට්ස්. හැබැයි ටී ෂර්ට් සැහැල්ලු වෙන්නේ හොඳ Quality material එකක් තිබුණොත් තමයි. Quality ටී ෂර්ට් හොයන ඔයාට ගැළපෙනම ටී ෂර්ට් තමයි Embark ටී ෂර්ට්. අවුරුදු දවසට මේ වගේ ටී ෂර්ට් එකක් ඇන්දොත් දවසම සැහැල්ලුවෙන් ගත කරලා අවුරුදු සමරන වැඩ කටයුතු කරගන්න පුළුවන්. දැන් Daraz වෙතින් ඔයාට Embark නිෂ්පාදන මිලදී ගැනීමේ අවස්ථාව තියනවා.

Dress Pants

ගොඩාක් වෙලාවට පිරිමි ළමයි ගෙදරට ඇඳගෙන ඉන්නේ කොට කලිසම්. හැබැයි අවුරුදු දවසට ගෙදරට නෑදෑයෝ එහෙම එද්දි ෂෝටක් ගහගෙන හිටියොත් හරි නෑ නේද? ඒ නිසා එදාට දිග කලිසමක් අඳින එක වැඩියෙන් සුදුසුයි. සැහැල්ලු ටී ෂර්ට් එකක් එක්ක මේ වගේ කලිසමක් අවුරුදු දවසට අඳින්න ගැළපෙන කදිම ඇඳුමක් හැටියට හඳුන්වාදෙන්න පුළුවන්. මේ pant එකේ හොඳ පෙනුමකුත් තියන නිසා මේ වගේ කලිමසමක් ඇන්දොත් අවුරුදු දවසට ඔයාගේ Smart look එක තවත් වැඩි වේවි.

අලුත් අවුරුද්දේ ඔෆිස් යන්න විලාසිතා

Sarees

අලුත් අවුරුද්දෙන් පස්සේ ඔෆිස් යන පළවෙනි දවසේ අලුත් ඇඳුමක් තමයි අපි කවුරුත් ඇඳගෙන යන්නේ. අවුරුද්දට ඔෆිස් යන පළවෙනි දවසේ සාරියක් ඇඳගෙන යන්න පුළුවන් නම් අවුරුදු අසිරිය තවත් වැඩියෙන් දැනෙයි නේද? අලුත් අවුරුද්ද කියන්නේ සිංහල චාරිත්‍රවලට මුල්තැනක් ලැබෙන උත්සවයක් නිසා සිංහල අපිට ගැළපෙනම ඇඳුමක් වුණු සාරියකින් එදාට සැරසෙන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා. දැන් තරුණ ගැහැණු ළමයින්ට ඔබින විදියේ අලුත් මෝස්තර සහිත සාරි ගණනාවක්ම තියන නිසා වර්ණවත් සාරියක් තෝරගන්න පුළුවන්. හැමදාම Skirt & Blouse, Jeans අඳින ඔයා අලුත් අවුරුද්දේ ඔෆිස් එකට සාරියක් ඇඳගෙන ගියොත් අලුත්ම වෙනසක් වෙයි.

Shirts

පිරිමි ළමයි වැඩිපුර කැමැති සැහැල්ලුවෙන් ඇඳගෙන ඉන්න වුණාට ඔෆිස් යනකොට නම් Formal විදියට ඇඳගෙන යන්න වෙනවා. අලුත් අවුරුද්දට Shopping කරද්දි ඔෆිස් එකට අලුතෙන් ඇඳගෙන යන්න Shirt එකක් ගන්නත් අමතක කරන්න එපා. Formal විදියට ඔෆිස් යන අයට මේ වගේ Shirt එකක් හොඳින්ම ගැළපෙනවා. පිරිමි ළමයි කොහොමත් Personality එක ගැන හිතනවානේ. ඉතිං තමන්ගේ Personality එක රැකගන්න ඔයා කැමති පාට, ප්‍රමාණය අනූව මේ වගේ ෂර්ට් එකක් අලුත් අවුරුද්දට Daraz වෙතින් මිලදී ගන්න. මේ වගේ Shirt එකක් ගැහැණු ළමයින්ගෙත් ආකර්ෂණය වැඩි කරන අඳුමක් කියන්න පුළුවන්.

Blouses

ඔෆිස් එකට ගැහැණු ළමයි ලස්සන ලස්සන Blouse විලාසිතාවන් ඇඳගෙන එනවානේ. අලුත් අවුරුදේ ඔෆිස් එකට යන පළවෙනි දවසේ අලුත් ලස්සන Blouse එකක් අඳින්න එපැයි. මෙදා සැරේ රැකි රක්ෂා සඳහා පිටත් වන නැකතේ පාට වෙලා තියන්නේ සුදු පාට. ඒ නිසා ‌ඔන්න ඔයා චාරිත්‍ර වාරිත්‍ර ගැන ගොඩාක් හිතන කෙනෙක් නම් මේ පාර අලුත් අවුරුද්දේ ඔෆිස් යන්න සුදු පාට Blouse එකක් ගන්නත් පුළුවන්.

අවුරුදු ගමන්බිමන් සඳහා විලාසිතා

Casual Coats

අවුරුදු කාලේ ගමන් බිමන්වලින් නම් අඩුවක් වෙන්නේ නෑ. නෑගම් යන්න,  අවුරුදු සාද මේ හැමෙද්ම  මේ කාලෙට වැඩි වෙනවා.  මේ යන ගමන් බිමන්වලට තවත් ඇඳුම් හොයන්න එපැයි. අපිට හැමතැනම එකම විදියට ඇඳගෙන යන්න බෑනේ. ඔෆිස් ඇඳගෙන යනවාට වඩා වෙනසක් පාටියකට, Casual ගමනකට යද්දි තියෙන්න ඕන. බලන්නකො මේ වගේ Coat එකක් ඔයාට ඔබින අලුත් විලාසිතාවක් වේවි නේද? ඇතුළට ස්කිනී එකක් ඇඳලා උඩින් මේ වගේ Coat එකක් ඇන්දොත් අමුතුම විදියේ පෙනුමක් ලැබෙයි.

Skinny Jeans

‌‌ඩෙනිම් ජීන්ස් එකක් කියන්නේ කාටත් සැහැල්ලු ඇදුමක්. අවුරුදු කාලෙට ඒ මාසේ පුරාවටම අපිට නෑගම්,සාදවලට යන්න තියන නිසා මේ වගේ Jeans එකක් ගත්තොත් වඩාත් පහසු වේවි. යන යන හැම ගමනටම අපිට අලුතින් ඇඳුම් ගන්න බෑනේ. මෙන්න වගේ මේ වගේ Jeans එකක් ගත්තොත් ඔයාට ටීෂර්ට්ස්, බ්ලවුස් එක්ක මාරු කර කර අඳින්න පුළුවන්. ඒ වගේම මේ Skinny Jeans ඇඟටත් හරි පහසු නිසා අවුරුදු කාලේ ඕනම  ගමනක් ඇඳන් ගිහින් කිසිම අපහසුතාවයක් නැතුව ඔයාට සැහැල්ලුවෙන් විනෝදෙන් ඉන්නත් පුළුවන්.

Formal Dresses

අවුරුදු කාලෙට නෑදෑ හිතමිතුරන්ගේ ගෙවල්වල පුංචි පුංචි අවුරුදු සාදවලට නිතරම ආරාධනා ලැබෙනවානේ.  ඉතිං ඔන්න සාමාන්‍ය  විදියේ සාදවලට ගැළෙපෙනම ඇදුමක් හැටියට මේ Dress එක ඔයාට හඳුන්වාදෙන්න පුළුවන්.  අමුතුම විදියේ Stylish පෙනුමක් මේ Frock එකේ තියනවා. ඒ වගේම තමයි දැන් ඉස්සර වගේ පාටිවලට දිලිසෙන ගවුම් අදින්නේ නෑනේ. මේ වගේ චාම් ගවුම් තමයි තරුණ ගැහැණු ළමයි අඳින්නේ. ඉතිං මේ අවුරුදු කාලේ පාටිවලට අඳින්න මේ වගේ චාම් ගවුමක් Daraz Fashion වෙතින් අදම තෝරගන්න.

Stylish & Casual T-Shirts

පිරිමි ළමයි ඇඳුමක් තෝරගනිද්දි මුල්තැන දෙන්නේ සැහැල්ලුකමට. පාටිවලට ගියාත් ඔවුන් ඇදන් යන්න ආස සැහැල්ලු ඇඳුම්. හැබැයි ඉතිං ගැහැණු ළමයින්ගේ ආකර්ෂණය දිනාගන්න Style විදියට අඳින්නත් කැමතියි. ඔන්න ඒ නිසා Style එකට සැහැල්ලුවට අඳින්න කැමති පිරිමි ළමයින්ට අවුරුදු කාලේ ගමන් බිමන් ඇඳන් යන්න සුපිරියටම ගැළෙපන ටී ෂර්ට් එකක් තමයි මේ. මේ වගේ ටී ෂර්ට් එකක් අමුතුම ගතියක් තියන නිසා Smart එකට අඳින්න කැමැති අයට වඩාත් සුදුසු ඇඳුමක් කියන්න පුළුවන්.

අලුත් අවුරුද්දට අලුත් විදියට හැඩවැඩ වෙන්න කැමති ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම අදහසක් දෙන්න තමයි අපි Avurudu Fashion Ideas හඳුන්වලා දුන්නේ. කඩවල් සාප්පු ගාණේ යන්නේ නැතුව Daraz සමඟින් Shopping කරලා Daraz අවුරුදු වාසි වෙතින් සුවිශේෂී වට්ටම් සහිතව මේ ඇඳුම් ඔයාගේ ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්.

තවත් Fashion Ideas ගැන දැනගන්න Online Dress Shopping in Sri Lanka Made Affordable with Daraz Fashion ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php