අවුරුදු සිරියෙන් පිබිදෙන්න Best Health & Beauty Products

අවුරුදු සිරියෙන් පිබිදෙන්න Best Health & Beauty Products

හැමදේම අලුත් වෙන අලුත් අවුරුද්දේ ඔයාගේ පෙනුමත් අලුත් කරගන්න නම් Best Health & Beauty Products භාවිතා කරන්න වෙනවා. ලස්සන වෙන්න කැමති කවුරුත් Best Health & Beauty Products නිතර භාවිතා කරනවා.

මේ අවුරුද්දේ සුවිශේෂී වට්ටම් සමඟින් මිලදී ගන්න පුළුවන් Best Health & Beauty Products මොනාවාද කියලා දන්නවාද? අපි බලමු ලස්සනට ඉන්න ආස කරන ඔයාට ගැළපෙන Best Health & Beauty Products මොනවාද කියලා.

Daraz අවුරුදු වාසි සමඟින් Shop කරන්න

මිලියන 5කට වැඩි තෝරා ගැනීම් සඳහා 80%ක් දක්වා වට්ටම් සමඟින් Daraz අවුරුදු වාසි මාර්තු 25 වැනිදා සිට.  බැංකු කාඩ් සඳහා අමතර 12%ක් තෙක් වට්ටම්. Daraz අවුරුදු වාසි වෙතින් ඔයාගේ රුව ගත ලස්සන කරගන්න Health & Beauty Products රැසක් සුවිශේෂී වට්ටමකට මිලදී ගන්න දැන් අවස්ථාව තියනවා. දැන්ම Daraz ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන Shop කරන්න පටන් ගන්න.

Dove, Tre semme, Ponds, Rexona, Vaseline, St.Ives, Axe, Revelon, Janet, Nature’s Secret ඇතුළු රූපලාවණ්‍ය හා සෞඛ්‍ය නිෂ්පාදන සඳහා 30%ක් දක්වා වට්ට්ම් සහිතව Delivery නොමිලේ. වචුචර් ඇතුළු තවත් දීමනා රැසක්.

අලුත් අවුරුද්දට ලෑස්ති වෙන අතරතුරේ ඔයාගේ පෙනුම ගැන අවධානය යොමු කරන්නත් අමතක කරන්න එපා. අපි නිරන්තරයෙන්ම අපේ පෙනුම ගැන හිතන්න ඕන. ලස්සනට පිරිසිදුව පිළිවෙළකට ඉන්නකොට තමයි කාගේත් ආකර්ෂණය දිනා ගන්න පුළුවන් වෙන්නේ. සුන්දර පෙනුමකට හොඳ quality එකක් තියන Health & Beauty Products භාවිතා කරන්න වෙනවා. මේ අවුරුදු කාලේ නෑගම් යද්දි, අවුරුදු පාටිවලට යද්දි ඔයාගේ පෙනුමත් ලස්සනට තිබුණොත් තමයි නෑදෑ හිත මිතුරන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙන්නෙත්. ඒ නිසා මේ අවුරුදු කාලේ Daraz වෙතින් විශේෂ වට්ටම් සහිතව මිලදී ගන්න පුළුවන් Best Health & Beauty Products මොනවාද කියලා අපි බලමු.

Face Wash

ෆේස් වොෂ් එකක් කියන්නේ අපි නිතර මුහුණ පිරිසිදු කරන්න භාවිතා කරන රූපලාවණ්‍ය නිෂ්පාදනයක්. ෆේස් වොෂ් එකකින් මුහුණ සේදුවාම අපේ සමේ තියන කුණු දූවිලි සියල්ල ඉවත්වෙලා යනවා. සමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය අඩංගු වෙලා තියන නිසා කුරුළෑ වැනි ආසාදිත තත්වයන් පවා මෙයින් වළක්වනවා.  ඉතිං මේ අවුරුදු කාලේ ඔයාගේ ගමන් බිමන් තවත් වැඩි වෙනවා නේද? නිතරම එහෙමෙහෙ යන මේ කාලේ ඔයාගේ හෑන් බෑග් එකේ ෆේස් වොෂ් එකක් දාගෙන තියාගන්න. ෆේස් වොෂ් එකෙන් මුහුණ සේදුවාම දවස පුරාම ඔයාගේ මුහුණ නැවුම්ව පිරිසිදුව තියාගන්න පුළුවන්.

Body Wash

කොහේ ගිහින් ආවාත් Wash එකක් දාගත්තාට පස්සේ තමයි අපිට ඇඟට fresh ගතියක් දැනෙන්නේ. ඉස්සර කාලේ නම් හැමෝම පිරිසිදු වෙන්න භාවිතා කළේ සබන් වර්ගයක්. ඒත් හැමදේම අලුත් වෙලා තියන මේ කාලේ භාවිතා කරන රූපලාවණ්‍ය අයිතමයනුත් අලුත් වෙලා තියනවා. දැන් සබන් වෙනුවට ගොඩාක් දෙනා පාවිච්චි කරන්නේ බොඩි වොෂ්. බොඩි වොෂ් දාලා ඇඟ සේදුවාම ඇඟේ තියන සියලුම විෂබීජ නැතිවෙලා යනවා. අපි නිරන්තරයෙන්ම ගමන් යද්දි අපේ ශරීරයට විෂබීජ ඇතුල් වෙන ප්‍රමාණයත් වැඩි වෙනවා. අවුරුදු කාලේ කියන්නේ ඉතිං ගමන් බිමන් වැඩි වෙන මිසක් අඩුවෙන කාලයක් නෙවෙයිනේ. මේ කාලේ ගමන්බිමන් ගිහින් ආවට පස්සේ හොඳ බොඩි වොෂ් එකක් පාවිච්චි කරලා වොෂ් එකක් දාගත්තාම මහන්සිය ගතිය නැතිවෙලා ඔයාගේ ඇඟට fresh ගතියක් දැනෙයි. ඒ වගේම විෂබීජවලිනුත් ඔයාව ආරක්ෂා වෙනවා.

Shampoo

ෂැම්පු එකක් කියන්නේ අද කාලේ තරුණ තරුණියන් භාවිතා කරනම රූපලාවණ්‍ය නිෂ්පාදනයක්. ෂැම්පුවල අඩංගු සංඝටක නිසා කොණ්ඩය සිනිඳුව තබනවා වගේම කොණ්ඩයට ආරක්ෂාවක් සපයනවා. හැබැයි අපි නිතරම අපේ කොණ්ඩයට ගැළපෙන විදියේ ෂැම්පු එකක් තෝරගන්න අවශ්‍යයි. ගැහැණු ළමයෙක්ගේ පෙනුමේ සුන්දරත්වය වැඩි කරන්න කොණ්ඩයේ තියන ආකර්ෂණයත් බලපානවා. මේ අවුරුදු කාලේ අවුරුදු කුමරි තරගයට එහෙම යන්න ඉන්නවා නම් කොණ්ඩයට සාත්තු කරන එක ගැනත් හිතන්න වෙයි. ඔන්න ඒ නිසා ඔයාට ගැළපෙනම ෂැම්පු වර්ගයක් Daraz වෙතින් මිලදී ගන්න.

Perfume

රූපලාවණ්‍ය නිෂ්පාදනවලින් ලස්සන වුණාට විතරක් මදි. අපි සුවඳවත්ව ඉන්නත් එපැයි. කෙනෙක්ගේ ආකර්ෂණය දිනාගන්න පෙනුම ලස්සන වෙන්න ඕන වගේම ළඟ ඉන්නකොට සුවඳක් දැනෙන්නත් අවශ්‍යයි. ඒ නිසා ගැහැණු පිරිමි දෙපාර්ශ්වයම Perfume නම් පාවිච්චි කරනවා. ගොඩාක් වෙලාවට පිරිමි ළමයි විවිධ සුවඳ සහිත Perfume ගහගෙන යන්නේ ගැහැණු ළමයින්ගේ අවධානය දිනාගන්නම තමයි. මේ අවුරුදු කාලේ ගමන් බිමන් යද්දි හොඳ සුවඳක් තියන Perfume එකක් පාවිච්චි කරන්නත් අමතක කරන්න එපා. ඔයාගේ සුවඳට අනිත් අයගේ හිත ඇඳෙන විදියේ Perfume එකක් Daraz වෙතින් සොයාගන්න.

Face Cream

මේ අවුරුදු කාලේ ගමන්බිමන් වැඩි වුණාට පෙනුම ලස්සනට තියාගන්න එකත් අමතක කරන්න බෑනෙ. මුහණ ලස්සනට තියාගන්න නම් ෆේස් ක්‍රීම් එකක් පාවිච්චි කරන්නම වෙනවා. ඔයාට තියන්නේ සංවේදී සමක් නම් Fairness cream එකක් තමයි ඔයාට ගැළපෙන්නෙම. මුහුණ පැහැපත්ව තියාගන්න ගැහැණු ළමයි කොහොමත් ආසයිනේ. මුහුණේ ළප කැළැල් තියන එක ගොඩාක් දෙනෙක්ට ගැටලුවක්. හැබැයි මේ වගේ ක්‍රීම් එකක් පාවච්චි කරොත් මුහුණේ ළප කැළැල් ඉවත් කරලා මුහුණ මෘදුව තබනවා. ඒ නිසා මේ අවුරුදු කාලේ අවුරුද්දට ලෑස්ති වෙන ගමන් ඔයාගේ සමට ගැළෙපෙන ෆේස් ක්‍රීම් එකක් Daraz සමඟින් shop කරලා තෝරගන්න.

Vaseline

සම ආරක්ෂා කරගන්න තරුණ තරුණියන් නිතරම උනන්දු වෙනවා.  අපි‌ වැඩ කරන්නේ Air condition තියන ඔෆිස්වල නිසා අපේ සම නිතරම වේලෙනවා. නිරන්තරයෙන් සම වේලීමෙන් ආරක්ෂා වීමට සුදුසුම රූපලාවණ්‍ය නිෂ්පාදනය තමයි Vaseline. Vaseline මඟින් සම තෙතමනයක් සහිතව නිරෝගීව තබනවා. මෙහි අඩංගු විටමින් B3 නිසා සමට දීප්තියක් රැකදෙනවා. ඒ නිසා Vaseline එකක් පාවච්චි කරොත් ඔයාගේ සම වේලෙන එකෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. ඔයාගේ මුහුණ වගේම ශරීරයත් සිනිඳුව පැහැපත්ව තියාගන්න නම් මේ වගේ රූපලාවණ්‍ය නිෂ්පාදනයක් භාවිතා කරන්නම වෙනවා.

Lipstick

ලිප්ස්ටික් කියන්නේ ගැහැණු ළමයි නිතරම පාවිච්චි කරන රූපලාවණ්‍ය අයිතමයක්. ගොඩාක් ගැහැණු ළමයි අනිත් මේකප් ජාති භාවිතා කරේ නැතත් ලිප්ස්ටික් එකක් නම් කොහොමත් පාවිච්චි කරනවා. ලිප්ස්ටික් විවිධ පාටවලින් තියන නිසා ඔයාගේ ඇඳුමේ හා සමේ පාටට ගැළපෙන්න ලිප්ස්ටික් තෝරගන්න පුළුවන්. හැබැයි ගොඩාක් වෙලාවට හැම ඇඳුමකටම ගැළපෙන්න නිතරම භාවිතා කරන්නේ රතු, මෙරූන්, රෝස වගේ පාට තමයි.  අවුරුදු කාලේට ඔයාට ඉතිං ගෙදර කට්ට්යත් එක්ක, යාළුවොත් එක්ක නිතරම ගමන් බිමන් යන්න සිදු වෙනවානේ. ඔයා ලොකුවට මේකප් දාගෙන ගියේ නැති වුණාට ලිප්ස්ටික් එකක් වගේ දෙයක් ගාලා සුළු මේකප් එකකින්වත් සැරසිලා යන්න වෙනවා.

ඒ වගේම තමයි නිතර ලිප්ස්ටික් පාවිච්චි කරද්දි හොඳ brand එකක ලිප්ස්ටික් එකක් තෝරගන්න ඕන. නැත්තම් තොල් කළු වෙනවා වගේම ගාන ලිප්ස්ටික් එක ඉක්මනින්ම මැකිලා යනවා. ඒ නිසා Daraz අවුරුදු වාසි වෙතින් හොඳ Brand එකක ලිප්ස්ටික් එකක් විශේෂ වට්ටම් සහිතව මේ අවුරුදු කාලේ මිලදී ගන්න පුළුවන්.

Deodorant

ලස්සන පෙනුමකින් හැඩ වුණාත් ඔයාගේ ගාවින් දාඩිය ගඳක් ආවොත් කවුරුත් ඔයාගෙන් ඈත් වෙනවා. ඒ නිසා පෙනුම ගැන හිතද්දි සුවඳ ගැනත් හිතන්නම වෙනවා. මේ අවුරුදු කාලේ ගමන්බිමන් වැඩි වෙනවා විතරක් නෙවෙයි අවුරුදු උත්සව වගේ දේවල්වලටත් සහභාගී වෙන්න‌ වෙනවා. එතොකො ඉතිං නිතරම දාඩිය දානවානේ. ඔයාගේ ළඟින් දාඩිය ගඳක් ආවොත් ඔයාගේ ලස්සන පෙනුමෙන් වැඩක් වෙන්නෙත් නෑ. මේකට හොඳම විසඳුම තමයි Deodorant එකක් පාව්ච්චි කරන එක. සමහර දවස්වලට අපිට මුළු දවසම එකම ඇඳුම ඇඳගෙන ඉන්න වෙනවා. ඉතිං දවසම කොහේ ගියාත් Deodorant එකක් පාවිච්චි කරොත් කොච්චර දාඩිය දැම්මාත් ඔයාගේ ගාවින් දාඩිය ගඳක් එන්නැතුව ශරීරයේ සුවඳවත් බවක් රැඳිලා තියනවා. ඒ නිසා මේ අවුරුදු සමයේ හොඳ Deodorant එකක් ඔයාගේ රූපලාවණ්‍ය නිෂ්පාදන මිලදී ගැනීමේ ලැයිස්තුවට එකතු කරගන්න.

බඩුමුට්ටු ගන්න ඇඳුම් පැළඳුම් ගන්න Shopping කරන මේ අවුරුදු කාලේ ඔයාට මිලදීගන්න සුදුසු Best Health & Beauty Products ගැන දැනුවත් කරන්න තමයි අපි මේ නිෂ්පාදන ටික හඳුන්වලා දුන්නේ. Daraz අවුරුදු වාසි සමඟින් Shop කරලා මේ අතරින් ඔයාට අවශ්‍ය රූපලාවණ්‍ය හා සෞඛ්‍ය නිෂ්පාදන සුවිශේෂී වට්ටම් සහිතව මිලදීගන්න.

මෙදා සැරේ අවුරුද්දට Daraz අවුරුදු වාසි වෙතින් මිලදී ගන්න පුළුවන් විලාසිතා ගැන දැනගන්න අවුරුද්දම එළිය කරන මන බඳිනා Avurudu Fashion Ideas ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php