අවුරුදු මෙගා වාසි වෙතින් තෝරගන්න: Easiest Smart Phones to use

අවුරුදු මෙගා වාසි වෙතින් තෝරගන්න: Easiest Smart Phones to use

අවුරුදු කාලේ අලුත් ෆෝන් එක මාරු කරන්න හිතෙනවා නම් Easiest Smart Phones to use ගැන දැනගන්න එක හොඳයි. අලුත් ෆෝන් එකකට මාරු වෙද්දි පරණ ෆෝන් එකට වැඩියෙන් features තියනවා නම් තමයි අපිට වාසියක් වෙන්නේ.

‌මේ අවුරුදු කාලේ මිලදී ගන්න පුළුවන් Easiest Smart Phones to use ගැන ඔයා සොයමින් ඉන්නවාද? එහෙනම් අපි බලමු Easiest Smart Phones to use මොනවාද කියලා.

Daraz අවුරුදු වාසි සමඟින් දීමනා රැසක්

මිලියන 5කට වැඩි තෝරා ගැනීම් සඳහා 80%ක් දක්වා වට්ටම් සමඟින් Daraz අවුරුදු වාසි දැන් Live විඳගන්න. බැංකු කාඩ් සඳහා අමතර 12%ක් තෙක් වට්ටම්. Daraz අවුරුදු වාසි වෙතින් ඔයාගේ ඔයාගේ වැඩ කටයුතුවලට පහසු ජංගම දුරකථනයක් සුවිශේෂී වට්ටම් සහිතව මිලදී ගන්න දැන් අවස්ථාව තියනවා. දැන්ම Daraz ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන Shop කරන්න පටන් ගන්න.

Vivo, Samsung, Xiaomi, Apple, OPPO, Realme, Nokia, Huawei, Sony ඇතුළු වෙළෙඳ නාම ගණනාවක් සඳහා 20%ක් දක්වා වට්ටම්. නොමිලේ ඩිලිවරි ඇතුළු තවත් දීමනා රැසක්.

අලුත් අවුරුද්දේ හැමදේම අලුත් වෙනවා. අපේ ඇඳුම් පැළඳුම්, ගෙදරදොරේ භාණ්ඩ, කෑම ජාති මේ හැමදේම අලුත් වෙද්දි අපි පාවිච්චි කරන ඉලෙක්ට්‍රික් ගැජමැටික්සුත් අලුත් කරගන්න සමහර අය උනන්දු වෙනවා. අවුරුදු කාලෙට විශේෂ වට්ටම් හා දීමනා තියන නිසා මේ කාලේ තමයි අලුත් ෆෝන් එකකට, අලුත් ලැප්ටොප් එකකට වගේ අලුත් ඉලෙක්ට්‍රික් උපාංගවලට මාරු වෙන්න හොඳම කාලය.

දැන් ෆෝන් හොය හෙයා එහෙමෙහෙ shops ගානේ යන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඔයා කැමතිම ෆෝන් එක Daraz ඇප් එකෙන් තෝරගෙන ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. අලුතෙන් ෆෝන් එකක් ගනිද්දි ඒ ෆෝන් එකේ තියන features, බැටරිය, මිල ගණන් මේ හැමදේ ගැනම හිතන්න ඕන. ඒ වගේම තමයි අපිට පහසුවෙන් අවශ්‍ය වැඩ ටික කරගන්නත් පුළුවන් වෙන්න ඕන.  ඒ නිසා අපි බලමු මෙදා සැරේ Daraz අවුරුදු වාසි වෙතින් විශේෂ වට්ටම් සහිතව මිලදී ගන්න පුළුවන් Easiest Smart Phones to use ගැන.

iPhone 13

ලෝකයේ විශිෂ්ට ගණයේ ජංගම දුරකථන නිෂ්පාදකයන් වන ඇපල් සමාගමේ නවතම version එක තමයි iPhone 13. මෙහි A15 ඇපල් ප්‍රොසෙසරයක් අඩංගු වෙනවා. ඒ නිසා වැඩ කිරීමේදී වේගය වැඩියි. Application හරිම ඉක්මනින් open වෙනවා. පැය 17ක් එක දිගට වීඩියෝ නැරඹීමේ හැකියාවක් තියනවා. කැමරාව ගැන කියද්දි 12MP 4k front කැමරාවක් තියන නිසා වීඩියෝ කොන්ෆරන්ස් සඳහා වඩාත්ම සුදුසු ෆෝන් එකක් හැටියට හඳුන්වාදෙන්න පුළුවන්. Back කැමරාව 12MP 4k වන අතර HD Recording පහසුකම තියනවා. නවතම වැඩිදියුණු කළ Night mode විශේෂාංගය තියන නිසා කළුවරේ වුණාත් පැහැදිලිව ෆොටෝ ගන්න පුළුවන්. ඩිසයින් එක Ceramic තාක්ෂණයෙන් හදලා තියනවා වගේම ෆෝන් එකත් ගොඩාක් ශක්තිමත්. Hard use කරන්න ගැළපෙනම ෆෝන් එකක්. කල්පැවැත්ම වැඩියි. IP68 තාක්ෂණය නිසා වතුරට වුණාත් ඔරොත්තු දෙනවා. අලුත් features සමඟින් මෙහෙයුම් පද්ධතිය IOS 15 සමඟ භාවිතයට පහසු User friendly ෆෝන් එකක්. Magsafe උපාංගයෙන් සමන්විත වන නිසා vireless චාර්ජින්වලට support වෙලා ඉක්මනින් චාර්ජ් වෙනවා. iPhone එකකට මාරු වෙන්න හිතෙනවා නම්, බැංකු කාඩ් සඳහා අමතර 12%ක වට්ටමක් සමඟින් විශේෂ මිල අඩු කිරීමකට මේ කාලේ මේ ෆෝන් එක ගන්න.

Samsung Galaxy A12

Samsung සමාගමේ නවතම සංස්කරණය තමයි A12 series එක. 128GB ROM එක නිසා වැඩිපුර දත්ත ගබඩා කිරීමේ හැකියාව තියනවා. වීඩියෝ, කැමරා, document ගොඩාක් තියාගන්න පුළුවන්.  Application ගොඩාක් වේගවත්ව openබවෙනවා. 4GB මතක ධාරිතාවයක් අන්තර්ගත හින්දා application ඉක්මනින් respond කරනවා. නවතම IPS තාක්ෂණය සමඟින් Display එකෙන් real full HD Colour එකක් ලබාදෙනවා. 8MP full HD කැමරාවක් තියනවා. වැඩිදියුණු කළ Back cam එක 48MP.ඒ නිසා ultrawide තාක්ෂණයෙන් ෆොටෝ ගන්න පුළුවන්. ඕනම අවස්ථාවකදි මතක ධාරිතාව වැඩිකරගන්න memory card එකක් සම්බන්ධ කිරීමේ හැකියාවත් තියනවා. Dual sim support කරනවා. වැඩි දියුණු කළ 5000mAh බැටරිය නිසා වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.

VIVO Y20

VIVOහි නවතම හඳුන්වාදීම වන y20 එකේ විශේෂ features ගණනාවක් තියනවා. ෆෝන් එක හරිම slim. අඟල් 6. 5ක HD පුළුල් තිරයකින් සමන්විත වෙනවා. ෆෝන් එක දිහා එක දිගට බලාගෙන හිටියාම ඇස්වලට හොඳ නෑ කියලා අපි අහලා තියනවානේ. ඒත් මේ ෆෝන් එකේ eye protection feature එක අන්තර්ගත නිසා ගේම් ගහන අයට ඉගෙනීම් කටයුතු සිදු කරන අයට ඇස්වලට වෙහෙසකාරිත්වයක් නැතුව වැඩ ටික කරගන්න පුළුවන් විදියට ආරක්ෂාවක් ලබාදෙනවා. 5000mAh බැටරියක් තියන නිසා වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. 8MP front camera එකක් සහ back කැමරා 3ක් තියනවා. නවතම Fun touch මෙහෙයුම් පද්ධතියෙන් සමන්විත නිසා ඉතා පහසුනේ වැඩ කරගන්න පුළුවන් ආකර්ෂණිය නිමාවක් ඇස ගැටෙන ෆෝන් එකක්.

Xiaomi Redmi Note 10S

Xiaomi වෙළෙඳ නාමයේ Redmi Note 10S ෆෝන් එකේ විශේෂත්වය තමයි වැඩිදියුණු කළ කැමරාවක් තියනවා. 64mp full HD පහසුකම නිසා ෆොටෝ ගන්න කැමති අයට හොඳම ෆෝන් එකක්. අඟල් 6ට වැඩි Amoled  HD display එක නිසා වීඩියෝස් පැහැදිලිව නරඹන්න පුළුවන්. 128GB දත්ත ගබඩා කිරීමේ ධාරිතාවයත් ඉතා ඉහළයි. මතක ධාරිතාවය 8GB. 33w fast charging තියන නිසා ඉතා කෙටි කාලයකින් චාර්ජ් වෙනවා. මෙහෙයුම් පද්ධතිය Android 11 සමඟින් ඉතා කාර්යක්ෂමව වැඩ කටයුතු කරගන්න පුළුවන්. විවිධ මාදිලියේ වර්ණවලින් සමන්විත  නිසා සිතැඟි පරිදි තෝරා ගැනීමේ අවස්ථාව තියනවා.

OPPO F19

Oppo සන්නාමයේ F Series මාදිලියේ නවතම මොඩල් එක තමයි F19. විශේෂ ගුණාංග රැසකින් සමන්විතයි. නවතම තාක්ෂණයෙන් යුත් Gualcomm snap dragon චිප් එක සමඟින් තාක්ෂණයෙන් ඉහළ මට්ටමක තියනවා. දත්ත ගබඩා කිරීමේ ධාරිතාවය 128GB. මතක ධාරිතාවය 6GB නිසා වැඩ කටයුතු වේගයෙන් කරගන්න පුළුවන්. උපරිමය 256GB දක්වා මෙමරි කාඩ් එකක් භාවිතා කරන්න පුළුවන් වීම මේකෙ තියන අලුත් විශේෂාංගයක්. ඒ වගේම තමයි සුපිරි Amoled තාක්ෂණය නිසා screan එක පහැදිලිව ආකර්ෂණීයව පේනවා. අලුත්ම update එක වන මෙහෙයුම් පද්ධතිය Android 11 තියන නිසා වැඩිදියුණු කළ විශේෂාංග රැසක අත්දැකීම ලබාදෙනවා. Prism black හා Midnight blue වර්ණ දෙක අතරින් ඔයා කැමතිම වර්ණයෙන් තෝරගන්න.

Nokia CO1 Plus

අවුරුදු ගණනාවක් තිස්සේ ජනප්‍රිය නාමයක් දිනා තියෙන Nokia පවුලෙන් අලුතෙන්ම නිකුත් කළ ෆෝන් වර්ගයක් තමයි CO1 Plus. අඟල් 5. 45 විශාලත්වයෙන් IPs තාක්ෂණයෙන් සමන්විත නිසා Screan එක විශාලව පේනවා. 2GB මතක ධාරිතාවයක් හා 16GB දත්ත ගබඩා ධාරිතාවයක් අඩංගු වෙනවා. අවශ්‍ය පරිදි මෙමරි කාඩ් එකක් දාගන්නත් පුළුවන්. 3000mAh බැටරියෙන් වැඩි ආයු කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. නවතම සංස්කරණය වන Android 11 නව අත්දැකීමක් ලබාදෙනවා. ගෙදර ඉඳන් අධ්‍යාපන කටයුතු කරන සිසු සිසුවියන්ට හා ගෙදර සිට වැඩ කරන අයට අඩු මුදලකින් ගන්න පුළුවන් බජට් ෆෝන් එකක් හැටියට මේ ෆෝන් එක විශේෂයෙන්ම හඳුන්වලා දීලා තියනවා.

Realme C11

Realme බ්‍රෑන්ඩ් එකේ C11හි අඟල් 6. 5ක විශාලත්වයක් සහිත Screan එකක් තියනවා. Helio G35 ගේමින් ප්‍රොසෙසරයකින්ද සමන්විත නිසා ගේම් ගහන අයට විශේෂයෙන් හදපු ෆෝන් එකක් කියන්න පුළුවන්. Night scape ද්විත්ව කැමරාවකින් යුක්තයි. ඒ නිසා සුපැහැදිලි දසුන් ලබාගන්න කදිම ෆෝන් එකක්. රාත්‍රි කාලයේ ගන්න ෆොටෝස් වුණාත් පැහැදිලිව පේනවා. 5000mAh අති විශාල බැටරියකින් සමන්විත වන නිසා අනිකුත් ෆෝන් වලට සම කළ නොහැකි දවස් 40ක් දක්වා Standby Mode එකෙන් තියාගන්න ලැබීම මෙයින් ලැබෙන වැඩි වාසියක්. මෙහෙයුම් පද්ධතිය Realme UI නිසා නවතම features හා අත්දැකීමක් විඳගන්න ඉඩ සලසා දෙනවා.

අලුත් අවුරුද්දේ අලුත් ෆෝන් එකකට මාරු වෙන්න හිතෙන අයට ෆෝන්ස් ගැන අලුත් අදහසක් දෙන්න තමයි ‌අපි Easiest Smart Phones to use හඳුන්වලා දෙන්න හිතුවේ. මේ අවුරුදු කාලේ Daraz අවුරුදු වාසි සමඟින් Shop කරලා සුවිශේෂී වට්ටම් අත්විඳිමින් අලුත් ෆෝන් එකක් මිලදී ගන්න.

මතකයන් අලුත් කරගන්න වගේම හොඳ ඡායාරූප අත්දැකීමක් විඳින්න කැමැති අයට මිලදී ගන්න සුදුසු කැමරා පිළිබඳ දැනගන්න අවුරුදු සමයේ සුවිශේෂී වට්ටම් සහිතව මිලදී ගන්න Best camera for photography ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php