නිමක් නැති අත්දැකීම සමීප කරවන Best Smart Watches For 2022

නිමක් නැති අත්දැකීම සමීප කරවන Best Smart Watches For 2022

වෙලාව බලා ගැනීමට එහා ගිය කාර්යක් Best Smart watches for 2022 මඟින් ඉටු කරනවා. පැළඳුම් පරිගණක උපාංග ලෙස හඳුන්වන Best Smart watches for 2022 අලුත්ම අත්දැකීමක් තිළිණ කරනවා.

ලෝකයේ අලුත්ම උපාංගයක් වෙලා තියන Best Smart watches for 2022 ගැන ඔයාලා හොයමින් ඉන්නවාද? තරුණ පිරිස අතර ජනප්‍රිය වෙලා තියන Best Smart watches for 2022 මොනවාද කියලා අපි බලමු.

ඔරලෝසුව කියපු ගමන් අපිට මතක් වෙන්නේ වෙලාව. ඔරලෝසුවක් කියන්නෙම වෙලාව බලාගන්න පුළුවන් උපාංගයක්. ඒත් ස්මාර්ට් ඔරලෝසුවක් කියන්නේ වෙලාව බලා ගැනීමෙන් ඔබ්බට ගිය වැඩි දියුණු කළ තාක්ෂණයේ සුපිරි අත්දැකීමක් ලබාදෙන ගැජමැටික් එකක්. ස්මාර්ට් ජංගම දුරකථන වගේම ගණනය කිරීම් කරන්න, පරිගණක ක්‍රීඩා කරන්න, සින්දු අහන්න, ෆොටෝස් ගන්න වගේම වැඩ ගොඩාක් ස්මාර්ට් වොච් එකකින් කරගන්න පුළුවන්. ස්මාර්ට් වොච් එකකින් එදිනෙදා ජීවිතය සෑහෙන්න පහසු කරගන්නත් පුළුවන්කම තියනවා. මේ ස්මාර්ට් වොච්වලට සෞඛ්‍ය ක්‍රියාකාරකම් අධීක්ෂණය කරන්නත් පාලනය කරන්නත් පුළුවන්කම තියනවා.

දැන් කාලේ හැමදේම ස්මාර්ට් වෙලා තියනවා. අපි පාවිච්චි කරන ෆෝන් එකේ ඉඳන් කුස්සියේ තියන උපකරණ දක්වා සියල්ල ස්මාර්ට් වෙලා. එතකොට අතේ බඳින ඔරලෝසුවත් ස්මාර්ට් වෙන්න එපැයි. ස්මාර්ට් ඔරලෝසුවක් ගනිද්දි හිතන්න ඕන කාරණා ගණනාවක්ම තියනවා.  මේ ස්මාර්ට් වොච් එකෙන් අපිට කරගන්න අවශ්‍ය දේවල් මොනවාද, ෆෝන් එකත් එක්ක වැඩ වෙනවාද, බැටරි ලයිෆ් එක, පෙනුම වගේම ඔයාගේ බජට් එකට ගැළපෙනවාද කියලා බලන්න ඕන . 

තරුණ පිරිස අතර ස්මාර්ට් ෆෝන් තරමටම දැන් ස්මාර්ට් වොච් ජනප්‍රිය වෙලා. ඒ නිසා ස්මාර්ට් වොච් එකක් ගන්න හිතෙන කෙනෙක්ට Daraz වෙතින් තෝරගන්න පුළුවන් Best Smart watches for 2022 අපි හඳුන්වලා දෙන්න හිතුවා.

Apple Watch

ඇපල් සමාගමෙන් හදපු අලුත්ම ස්මාර්ට් වොච් Series එක තමයි Apple Watch 7. මේ වොච් එකේ Screen එකේ ප්‍රමාණය අඟල් 1.9ක් වෙනවා. OLED තාක්ෂණයෙන් යුක්තයි. වොච් එකේ මුහුණත ක්‍රිස්ටල් Glass එකකින් නිමවලා තියන නිසා ශක්තිමත්භාවයෙන් ඉහළයි.  ඒ වගේම තමයි ඇපල් S7 Dual core ප්‍රොසෙසරයකින් සමන්විත වන නිසා කාර්යක්ෂමතාවයත් වැඩියි. ඇපල් සඳහාම වෙන්වූ මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණය වන Apple watch OS 8. 5.1 අන්තර්ගත වෙන නිසා සුපිරි අත්දැකීමක් මේ වොච් එකෙන් අත්විඳින්න පුළුවන්. මෙහි Built in GPS තාක්ෂණය ද සමඟ ECG Function එක තියන නිසා ECG එක පවා බලාගන්න ලැබීම ඉතා වටිනවා. IP 6x තාක්ෂණය තියන නිසා මීටර් 50ක් දක්වා Water Resistant Feature එකත් තියනවා. ස්ටයිල්වලට වැඩියෙන් කැමති කෙනෙක් නම් ඔයාගේ ඇඳුමේ පාටට බෑන්ඩ් මාරු කිරීමේ හැකියාවත් තියනවා. ඇපල් ෆෝන් එකේ තියන සියලුම features සමඟින් I message, Whatsapp message, ෆේස්බුක්වල අප්ඩේට්, මැප් එකේ පහසුකම, නොටිෆිකේෂන්ස් මේ වොච් එකෙන් අත්විඳින්න පුළුවන්. වයර්ලස් චාර්ජින් පහසුකම තියනවා. දත්ත ගබඩා කළ හැකි 32GB Internal memory එකකින් ද සමන්විතයි.

Huawei Watch

Huawei සමාගමෙන් නිකුත් කළ නවතම ස්මාර්ට් වොච් වර්ගය GT 2e. අඟල් 1.4ක AMOLED display එකකින් සමන්විත වන නිසා පැහැදිලි වර්ණ සහිතව ඉහළ කොලිටි එකකින් තිරය බලාගන්න පුළුවන්. මේ වොච් එක Casual wear වගේම Sports wear සඳහාත් සුදුසුයි. වයර්ලස් චාර්ජින් සපෝට් කරනවා. ඒක පාරක් චාර්ජ් කරාම දවස් 14ක් වගේ කාලයක් එක දිගට පාවිචිචි කරන්න පුළුවන් දිගු බැටරි ආයු කාලයක් තියනවා. Android සහ IOS සියලුම දුරකථන සමඟ support වෙන නිසා භාවිතයට ඉතා පහසුයි. Stainless steelවලින් හදලා තියන නිසා වැඩි ශක්තියක් තියනවා. කළු, රතු කොළ යන වර්ණ තුනෙන්ම කැමති වර්ණයෙන් තෝරගන්න. අපිටම Customize කරගන්න පුළුවන් Skins හා Themes තිබීම තව විශේෂත්වයක්. ඒ නිසා ෆෝන් එකේ තියන හැමදේම වොච් එකෙන් බලාගන්න පුළුවන්.

Haylou Watch

Xiaomi සමාගමෙන් හදපු Haylou බ්‍රෑන්ඩ් එකේ මේ වොච් එක අඩු මුදලකට විශේෂාංග රැසක අත්දැකීම තිළිණ කරන වොච් එකක්. අඟල් 1.4ක ටච් ස්ක්‍රීන් එකක් තියනවා. දවස් 20ක් වගේ කාලයක් එක චාර්ජ් එකකින් පාවිච්චි කරන්න ලැබීම ලොකු වාසියක්. Casual wear හා ක්‍රීඩා කටයුතු සඳහාත් පාවිච්චි කරන්න පුළුවන්. සෞඛ්‍ය පැත්තෙන් ගත්තාම ECG පහසුකමත් Sleep monitor පහසුකමත් තියනවා. Heart Rate එක ගැනත් බලන්න පුළුවන්. මේ වොච් එකේ අන්තර්ගත වෙලා තියන Health App එක නිසා ඇගේ උණ ගතියක් තියනවා නම් ඒ ගැන දැනුම් දෙනවා.ක්‍රිඩාවේ නියුතු අයට විශේෂයෙන් හදපු වොච් එකක් කියන් පුළුවන්. සෙල්ලම් කරන වෙලාවට අවස්ථාවනුකූලව වෙනස් වෙන Sports mode 12ක් තියනවා. තම්නට කැමති විදියට බෑන්ඩ් මාරු කිරීමේ පහසුකමත් තියනවා. ජංගම දුරකථනයට ලැබෙන නොටිෆිකේෂන්ස් ලැබෙනවා වගේම ෆෝන් එකට එන කෝල් answer කරන්නත් පුළුවන්. Photos, Calenders හැමදේම ෆෝන් එක ළඟ නැති වුණාත් බලා ගැනීමේ පහසුකම තියනවා. Water Resistant තාක්ෂණය තියන නිසා වතුරටත් දූවිලිවලටත් හොඳින් ඔරොත්තු දෙනවා.

Amazfit Watch

Amazfit බ්‍රෑන්ඩ් එකේ Version 5 තමයි Amazfit Band 5 වොච් එක. මේක Fitness tracker එකක්  විදියට පාවිච්චි කරන්න, ක්‍රීඩා කටයුතු කරන අයට විශේෂයෙන් හදපු වොච් එකක්. පැය 24ම Heart rate එක Monitor වෙනවා. Sleep Tracker monitor කරනවා.  Blood oxygen saturation එකත් මනින නිසා තමන්ගේ කායික තත්වය තේරුම් ගන්න පුළුවන්. ව්‍යායාම් කටයුතු කරන අයට ‌බෙහෙවින් උපකාරි වෙනවා. වෛද්‍යවරයෙක් ළඟ ඉන්නවා හා සමානව අපේ සෞඛ්‍ය තත්වය අධ්‍යනය කරනවා. රෝග තත්වයක් මතුවීගෙන එනවා නම් ඒ ගැන දැනුම් දෙනවා. ඒ නිසා මේ වගේ වොච් එකක් පාවිච්චි කරනවා නම් සෞඛ්‍ය තත්වය ගැන බය වෙන්නත් අවශ්‍ය වෙන්නේ නෑ. දිගු බැටරි ආයු කාලයක් තියන නිසා දවස් 15ක් නොකඩවා පාවිච්චි කිරීමේ හැකියාවත් තියනවා. ස්මාර්ට් ජංගම දුරකථනය සම්බන්ධ කරලා ෆෝන් එකට එන Messages, alarm, timer, weather condition මිස් කරගන්නැතුව බලාගන්න පුළුවන්. නිතර සංගීතය රසවිඳින අයට ෆෝන් එක නැතුව වොච් එක හරහා සින්දු Play කරන්න ලැබෙන එක කොච්චර වටිනවාද? Water resistant පහසුකම, බෑන්ඩ් මාරු කිරීමටත් අවස්ථාව තියනවා. වොච් එකක් අතේ බැඳගෙන ඉන්නකොට ඇතැම් විට අපහසුතාවයක් දැනෙන්න පුළුවන්. ඒත් මේ වොච් එක අතේ තියනවාද කියලා දැනෙන්නෙවත් නැති තරමට හරි පහසුයි. උසස් නිමාවෙන් හා කල්පැවැත්මෙන් ඉතා ඉහළයි. වයස් භේදයකින් තොරව ලොකු කුඩා සැමට පාවිච්චි කරන්න පුළුවන් වොච් එකක් කියන්න පුළුවන්.

Xiaomi Watch

Xiaomi සමාගමෙන් නිපදවලා තියන මේ වොච් තවත් සුපිරි ස්මාර්ට් වොච් එකක් හැටියට හඳුන්වන්න පුළුවන්. අඟල් 1.2 ක HD තාක්ෂණයෙන් යුත් Display එකක් මෙහි අඩංගු වෙනවා. Metal Body එකක් වගේම Alloi හා IML coating තාක්ෂණය යොදාගෙන තියන නිසා ශක්තිමත් වොච් එකක් හැටියට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මේ වොච් එක පැළඳුවාම Stylish look එකක් එකතු වෙනවා. Sports modes 13ක් අන්තර්ගත නිසා ඒ ඒ ක්‍රීඩා ශෛලිය අනුව Mode එක වෙනස් කරගැනීමේ හැකියාවත් තියනවා. Water proofing තාක්ෂණය ඇතුළත්ව හදලා තියන නිසා ජල ක්‍රීඩාවලදීත් දාගෙන හිටියාට ගැටලුවක් වෙන්නේ නෑ. 340mAh බැටරියකින් සමන්විත වන නිසා අවම වශයෙන් දින 30ක් එක දිගට පාවිච්චි කරන්න ලැබීම තවත් වාසියක්. දොස්තර කෙනෙක් ළඟ ඉන්නවා වගේ Fitness tracker එකක කාර්යත් ඉටු කරනවා. ඔෆිස් වෙයාර්, කැෂුවල් වෙයාර් වගේම ඕන තැනකට දාගෙන යන්න පුළුවන් බජට් එකටත් හරියන කදිම ස්මාර්ට් වොච් එකක්.

Samsung Galaxy Watch

ස්මාර්ට් ගැජමැටික්ස්වලටම සුපතළ Samsung සමාගමෙන් තමයි මේ වොච් එක නිපදවලා තියන්නේ. ඔවුන්ගේ නවතම Wear OS මෙහෙයුම් පද්ධතියෙන් සමන්විත නිසා වැඩි දියුණු කළ විශේෂාංග රැසක් සමඟින් නව අත්දැකීමක් ලබාදෙනවා. 1.36ක සුපැහැදිලි Display එකක් අන්තර්ගත නිසා තිරය පැහැදිලිව බලාගන්න පුළුවන්. ඒ සමඟම  Gorilla glass තාක්ෂණයත් අන්තර්ගත වන නිසා වොච් එකේ වීදුරුව ශක්තිමත්භාවය හා කල්පැවැත්ම වැඩියි. ඒ වගේමයි Sportsවලටයි casual දෙකටම පාවිචිච් කිරීමේ හැකියාව තියනවා. මේ වොච් එකත් Health tracker එකක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. වයිෆයි හා Bluetooth ගුණාංගයන්ගෙන් සමන්විතයි.වයර්ලස් චාර්ජින් පහසුකමෙන් ද යුක්තයි. එක් චාර්ජරයකින් පැය 40ක් පාවිච්චි කිරීමේ හැකියාව තියනවා.

හැමදාම අලුත් ගැජමැටික්ස් හොයන අයට අලුත් ස්මාර්ට් වොච් එකක් තෝරගන්න අදහසක් දෙන්න තමයි අපි මේ ස්මාර්ට් වොච් ටික හඳුන්වලා දුන්නේ. Daraz සමඟින් Shopping කරලා සුවිශේෂී වට්ටම් සමඟින් ඔයාට ගැළපෙනම ස්මාර්ට් වොච් එක මිලදීගන්න. අදම Daraz ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.

තවත් ස්මාර්ට් වොච් ගැන අදහසක් ලබාගන්න Best Smartwatches That Will be in the Spotlight this Year ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php