හැඩට වැඩට ඔෆිස් යන්න ගත පුබුදුවන Best Office Outfits

හැඩට වැඩට ඔෆිස් යන්න ගත පුබුදුවන Best Office Outfits

ඔෆිස් යන අය Best Office Outfits ගැන නිරන්තරයෙන්ම හොයන්න උනන්දුවක් දක්වනවා. ලස්සනට ඔෆිස් යන්න නම් Best Office Outfits අඳින්නම වෙනවා.

මේ කාලේට ලස්සනට ඔෆිස් යන්න හොඳ Best Office Outfits මොනවාද කියලා ඔයා දන්නවාද? අපි හොයලා බලමු හැඩට වැඩට ඔෆිස් යන්න කැමති ඔයාට ගැළපෙන Best Office Outfits ගැන.

අවුරුදු නිවාඩුවත් ඉවර වෙලා තියන නිසා දැන් ආයෙත් සුපුරුදු විදියට ඔෆිස් යන්න පටන් අරගෙන තියනවානේ. ඇඳුම් හොයන්න කඩවල් සාප්පු ගානේ ගිහින් ඇතිවෙලාද? දැන් Shopping කරන්න ඒ තරම් කරදර වෙන්න අවශ්‍ය නෑ. ඔයාට අවශ්‍ය කරන ඇඳුම් පැළඳුම් ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඔයාට තියන්නේ Daraz ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න විතරයි. Daraz Fashion වෙතින් හරිම පහසු විදියට අලුත්ම Shopping අත්දැකීමක් විඳගැනීමේ අවස්ථාව තියනවා.

ගෙදර ඉන්නවා වගේ නෙවෙයි ඔෆිස් යද්දි කවුරුත් ලස්සනට ඇඳගෙන යන්න කැමතියි. වැඩ කරන තැනට ලස්සනට ඇඳගෙන ගියාම ඔයාට තවත් වටිනාකමක් එකතු වෙනවා. ඔෆිස් එකක අපි වැඩ කරන්නේ පිරිසක් එක්ක නිසා අනිත් අය අතරින් කැපී පෙනෙන්න ඇඳුම් පැළඳුම් බලපානවා. වයස් භේදයකින් තොරව වගේම ගැහැණු පිරිමි දෙපාර්ශ්වයම ඔෆිස් යද්දි ලස්සනට ඇඳගෙන යන්න කැමැත්තක් දක්වනවා.  කාන්තාවන් කොහොමත් Fashion කරන්න හරිම කැමතියිනේ. ඒ වගේම තමයි පිරිමි ළමයිනුත් ඔෆිස් යනකොට Smart එකට ඇඳගෙන යන්න ආසයි. පිළිවෙළකට ඇඳගෙන ගියාම අපි කරන ජොබ් එකේ ගරුත්වයත් තවත් වැඩි වෙනවා.

ඔෆිස් ඇඳගෙන යන ඇඳුම් ලස්සන ආකර්ෂණීය වෙන්න ඕන වගේම මුළු දවසම ඇඳගෙන ඉන්න නිසා සැහැල්ලු වෙන්නත් ඕන. ඒ නිසා ඔෆිස් යන්න ඇඳුම් තෝරගනිද්දි මේ හැමදෙයක් ගැනම හිතන්න වෙනවා.  අද අපි කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම හැඩට වැඩට ඔෆිස් යන්න ගැළපෙන Best Office Outfits ගැන කියන්න හිතුවා.

කාන්තාවන්ට ගැළපෙන විලාසිතා

Embroidery Blouse

ඔෆිස් එකට ඇඳන් යන ඇඳුම්වල official ගතියක් තියෙන්න එපැයි. බලන්නකො මේ වගේ blouse එකක් ඔෆිස් එකට ගොඩාක් ගැළපෙන ඇඳුමක් වෙයි නේද? ඔෆිස් එකට ඇඳගෙන යද්දි ගොඩාක් වෛවාරණ නැතුව චාම් විදියට අඳින එක තමයි වැඩියෙන් හොඳ. මේ වගේ චාම් ගතියක් තියන ඒ වගේම Formal පෙනුමක් තියන Blouse එකක් ඔයාගේ ආකර්ෂණය වැඩි කරන ඇඳුමක් වේවි.

මේ වගේ ඔෆිස් අඳින්න සුදුසු Blouses IELGY,JumperJuser, Yfashion, Zanzea, Redcolourful, Bellylady, Esogoal, Avirate, Milka, BestGo,ALLGOOD වැනි Brandsවලින් Daraz fashion වෙතින් තෝරා ගැනීමේ අවස්ථාව තියනවා.

Hip Skirt

ඔෆිස් එකට Skirt & blouse අඳින එකත් දැන් විලාසිතාවක් වෙලා. විවිධ විදියේ Blouse එක්ක අඳින්න ස්ටයිලිෂ් Skirt එකක් තෝරගන්න ඕන. නිකම්ම Skirt එකක් අඳිනවාට වඩා පොඩි ස්ටයිල් ගතියක් තියන Skirt එකක් ඇන්දාම හොඳ look එකක් එනවා. Hip එකටම තියන මේ වගේ Printed Skirt එකක් එක්ක Blouse එකක් යට කරලා වුණාත් අඳින්නත් පුළුවන්. ඒ වගේම Short blouse  එකක් එක්කත් මේ වගේ Skirt එකක් හොඳට ගැළපෙනවා.

Daraz fashion සමඟ Shopping කරන ඔයාට BestGo,ALLGOOD, Jovani Couture, Milka, Aditi, BRADOO, Bloque, Jumperjuser වැනි Brands අතරින් ඔෆිස් අඳින්න සුදුසු Skirt එකක් තෝරගන්න පුළුවන්.

Frock

තරුණ ගැහැණු ළමයි අතරේ ගවුම් අඳින එකත් දැන් හරිම ජනප්‍රියයි. ඔෆිස්වලටත් ගොඩාක් අය දැන් ගවුම් අඳින්න පුරුදු වෙලා. සැහැල්ලු ගවුමක් ඇන්දාම දවසම සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. දැන් අලුත් විදියේ Fashionable ගවුම් ස්ටයිල්ස් තියන නිසා තමන්ගේ ශරීරයේ හැඩයට ගැළපෙන ගවුමක් තෝරා ගැනීමේ අවස්ථාව තියනවා. චාම් පෙනුමක් තියන මේ වගේ ගවුමක් ඔයාට ඔෆිස් අඳින්න  පහසු ඇඳුමක් වෙයි නේද?

මේ වගේ විවිධ විලාසිතා සහිත ගවුම් Topup, Kolaba, De Charles, yoyo’clothing, Mera, Oreo Fashion, SL වැනි Brandsවලින් Daraz සමඟින් Shop කරලා තෝරාගන්න.

Office Trouser

ඔෆිස් එකට කලිසම් අඳින්නේ ගොඩාක් දෙනා පහසුව නිසාමයි.  Trouser එකත් එක්ක Blouse වගේම T- Shirt එහෙමත් අඳින්න පුළුවන්. T- shirt, Blouse එක්ක මාරු කර කර අඳින්න ඒ නිසා Trousers ටිකක් වැඩිපුර ගත්තොත් හොඳයි නේද? ‌ඩෙනිම් කලිසමක් අඳිනවාට වඩා ඔෆිස් එකට මේ වගේ කලිසමක් අඳින එක තමයි වැඩියෙන් සුදුසු. අපි ඩෙනිම් කලිසම් ගොඩාක් වෙලාවට අඳින්නේ සාමාන්‍ය ගමන්බිමන්වලටනේ. හැබැයි ඔෆිස් යද්දි ඊට වඩා Professional ගතියත් තියන මේ වගේ කලිසම් තමයි තෝරගන්න ඕන. මහත, කෙට්ටු ඕන ශරීර හැඩයකට මේ වගේ කලිසම් හොඳින් ගැළපෙනවා.

Bellylady, BestGo, ALLGOOD, Zanzea,Celmia, ETOP, Joylife, Pinberry, lelectronics වැනි Brands අතරින් ඔයාට ඔයාගේ T-Shirt, blouseවලට හරියන Trousers සහ Pants මිලදී ගැනීමේ අවස්ථාව තියනවා.

Hand Bag

ඔෆිස් යන හැම කාන්තාවක් අතේම වරදින්නැතුව තියන දෙයක් තමයි හෑන් බෑග් එක. ඔෆිස් විලාසිතාවන් අතරේ හෑන් බෑග් හරිම ජනප්‍රියයි. තමන්ගේ බඩුමුට්ටු ඔක්කොම දාගෙන යන්න විවිධ විදියේ හෑන්බෑග් පළඳින්න කාන්තාවන් පුරුදු වෙලා ඉන්නවා. ඒ වගේම හෑන් බෑග් මිලදී ගනිද්දි අඩුම කුඩුම දා ගැනීමේ පහසුව විතරක් නෙවෙයි Stylish ගතිය ගැනත් හිතනවා. ඒ නිසා ඔෆිස් එකට ලස්සන ලස්සන ඇඳුම් ඇඳගෙන යනවා වගේම Fashionable හෑන් බෑග් කිහිපයකුත් තෝරගන්න වෙනවා. මේ වගේ බෑග් එකක් ගත්තොත් බෑග් එකත් එක්කම Pouch එකත් ලැබෙන නිසා පොඩි පොඩි අයිටම්ස් ඔක්කොම Pouch එකේ පිළිවෙළට දාගෙන යන්න පුළුවන්.

AG Fashions, BAG- MART, A & P online shop, FE වැනි brands වෙතින් Daraz සමඟින් Shopping කරලා ඔයාට ගැළපෙන හෑන්බෑග් ඔයාගේ ඇඳුම්වල පාටට අනූව මිලදී ගන්න.

ඔෆිස් එකට සුදුසු පිරිමි විලාසිතා

Long Sleeve Shirt

කාන්තාවන් හැඩකාර බව, ලස්සන ගැන හිතද්දි පිරිමි ළමයි කැමති Smart එකට ඇඳගෙන ඔෆිස් යන්න. සාමාන්‍ය ගමන්වලට යද්දි Shirts එහෙම උඩින් දාගෙන ගියාට ඔෆිස් යනකොට එහෙම යන්න බෑනෙ. ටිකක් Formal විදියේ Shirts ඔෆිස් එකට ඇන්දොත් තමයි Professional look එකක් ලැබෙන්නේ. ඒ නිසා Long sleeve තියන මේ වගේ Shirt එකක් ඔයාගේ Smart පෙනුම වැඩි කරන ඇඳුමක් වේවි.

Rugged heads, Signature, Dilly & Carlo, MNS SHIRTS, Emeralds, BestGO වැනි Brandsවලින් Daraz Fashion වෙතින් T shirts තෝරාගැනීමේ අවස්ථාව තියනවා.

Office Pant

පිරිමි ළමයින්ගේ Personality එක කැපිලා පේන්නේ අඳින ඇඳුම් අනූවයි.  Smart එකට ඔෆිස් යන්න නම් Shirts වගේම Trousers එහෙමත් professional විදියට අඳින්න එපැයි. එහෙට මෙහෙට යද්දි ලේසියට ඩෙනිම් කලිසමක් ගහගෙන ගියාට ඔෆිස් යනකොට ඩෙනිම් කලිසම් අඳින්න බෑනෙ. ඔෆිස් ෂර්ට්ස්වලට ගැළපෙන්න මේ වගේ කලිසමක් තෝරගත්තා නම් හොඳයි නේද? මේ විදියේ Pant එකක් ඇන්දා නම් ඔයාගේ Smart ගතිය තවත් වැඩි වෙනවා. මේ වගේ Pants ඔයාගේ සිරුරේ හැඩයට හොඳට ෆිට් වෙයි. ඔයා අඳින ෂර්ට්ස්වල පාටට ගැළපෙන්න Pants තෝරගන්න පුළුවන්.

Select by Daraz, Moose, TRE, Bestone, BestGo. BP fashion, Bellylady, ALLGOOD, Yfashion වැනි Brandsවලින් Daraz වෙතින් තවත් අඟනා Trousers Select කරගන්න.

Linen Shirt

සමහර ඔෆිස්වලට ටිකක් Casual විදියට ඇඳගෙන යන්න පුළුවන්. ඒ වගේම ගොඩාක් වෙලාවට සිකුරාදා දවස්වලට Casual විදියට අඳින්න ඔෆිස්වලින් අවස්ථාව දීලා තියනවා. හැබැයි Casual විදියට අඳිනවා කියලා නිකම් ටී ෂර්ට්ස් ඇඳගෙන ඔෆිස් යද්දි ගතියක් නෑනෙ. ඔන්න ඒ වගේ දවසකට ඇඳගෙන යන්න නියමෙටම ගැළපෙනවා මේ වගේ Linen Shirt එකක්. මේ වගේ Shirts ඇඳගෙන ගියාම ගැහැණු ළමයින්ගේ ආකර්ෂණයත් වෙනදාට වඩා වැඩියෙන් ලැබෙයි.

INCERUN, TAAN, Yfashion, A- Detail, Dilly & Carlo, Kidlove, Vintage Glow, JUMP, ALLGOOD, VSGO  වැනි Brandsවලින් මේ වගේ තවත් Linen Shirts Daraz වෙතින් මිලදී ගැනීමේ අවස්ථාවද ඔයාට තියනවා.

Men’s Shoes

පිරිමි ළමයින්ගේ ඔෆිස් විලාසිතා ගැන කතා කරද්දි අමතක කරන්නම බැරි දෙයක් තමයි සපත්තු. Shirts කලිසම් විතරක් Smart එකට ඇඳලා මදිනේ. ඇඳන් යන ඇඳුම වගේම පළදින සපත්තු දෙකේත් Professional ගතියක් තිබුණොත් තමයි ඔයාගේ look එක අංග සම්පූර්ණ වෙන්නේ.  ඉතිං ඒ නිසා ඔෆිස් එකට ගැළපෙන Fashion තෝරගනිද්දි ඔයාගේ ඇඳුමට තවත් වටිනාකමක් එකතු කරගන්න පුළුවන් හොඳ Shoes දෙකක් ගන්නත් අමතක කරන්න එපා.

Daraz Fashion සමඟින් Shopping කරලා ඔන්ලයින්ම DSI, Bata, Leatherline, BestGo, Nike, Trendy, Crocodile, Adidas, KDAM වැනි Brandsවලින් ඔයාට ගැළපෙන Shoes තෝරගන්න.

ඔෆිස් එකට හැමදාම එකම විදියට ඇඳගෙන යන්න කවුරුත් ආස නෑනෙ. ඉතිං ඒ නිසා ඔෆිස් යන හැමෝටම නිතර දැවෙන ප්‍රශ්නයක් තමයි අද මොනවාද අඳින්නේ? හෙට මොනවාද අඳින්නේ කියන එක. ඔෆිස් අඳින්න ඇඳුම් හොයන ඔයාලාට පහසුවක් වෙන්න තමයි අපි අද මේ Best Office Outfits ටික හඳුන්වාදුන්නේ. Daraz Fashion සමඟින් Shopping කරලා මේ අතරින් ඔයාට ගැළපෙන ඇඳුම් තෝරා ගැනීමේ අවස්ථාව තියනවා. දැන්ම Daraz ඇප් එක ඩවුන්ලෝඩ් කරලා Shop කරන්න පටන් ගන්න. සුවිශේෂී වට්ටම් හා දීමනා සමඟින් දැරිය හැකි මිලකට හොඳම ඇඳුම් ඔයාගේ ගෙදරටම ගෙන්වා ගන්න.

තවත් විලාසිතා ගැන අදහසක් ගන්න Get Ready to Turn Heads With The Latest Fashion Trends 2022 ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php