ආදරණීය අම්මාට සතුටක් මුසු කරන Best Mother’s Day Gifts

ආදරණීය අම්මාට සතුටක් මුසු කරන Best Mother’s Day Gifts

ළඟම එන මව්වරුන්ගේ දිනය වෙනුවෙන් Best Mother’s Day Gifts හොයන්න කවුරුත් උනන්දු වෙනවා. අම්මාගේ ආදරය එක දවසකට සීමා කරන්න බැරි වුණාට එදා දවසට Best Mother’s Day Gifts එකක් දුන්නොත් හැම අම්මා කෙනෙක්ම ගොඩාක් සතුටු වෙයි.

මේ දවස්වල තමන්ගේ අම්මා වෙනුවෙන් Best Mother’s Day Gifts ඔයාලා හොයමින් ඉන්නවාද? අපි අද බලමු මෙදා සැරේ මව්වරුන්ගේ දිනයට ඔයාලාගේ අම්මා වෙනුවෙන් දෙන්න සුදුසු Best Mother’s Day Gifts මොනවාද කියලා.

ගෙදර බුදුන් අම්මා කියලා අපි කියන්නේ මේ ලෝකයේ ඉන්න වටිනාම වස්තුව අම්මා වන නිසායි. අම්මා නොසිටින්න දරුවෙකුගේ ජීවිත එළිය නොවෙන්න ඉඩ තියනවා. තමන්ගේ දරුවන් වෙනුවෙන් මුළු ජීවිතයම කැප කරන අම්මාගේ ගුණ සුවඳ මහමෙරක් වගෙයි. උපදුණු දා ඉඳලා දරුවන් උස් මහත් වෙනකම් සෑම අම්මා කෙනෙක්ම සිදු කරන්නේ අසීමිත කැපකිරීමක්. ඒ කැපකිරීම කිසිදාක මිල කරන්න බැරි තරම් වටිනවා. 

සෑම මැයි මාසයකම දෙවන ඉරිදා දිනය‌ ලෝක මව්වරුන්ගේ දිනය ලෙස සැළකෙනවා. ඒ අනුව මේ අවුරුද්දේ මව්වරුන්‌ගේ දිනය යෙදිලා තියන්නේ මැයි 8 වැනිදාටයි. අම්මාගේ ආදරය,කරුණාව, සෙනෙහස අපිට මුළු ජීවිත කාලය පුරාවටම ලැබෙනවා. ඉතිං ඒ නිසා අම්මා සිහිපත් කරන්න එක් දවසක් විතරක් සීමා කරන්න බැරි වුණාට ලෝක මව්වරුන්ගේ දිනය වෙනුවෙන් අම්මා සතුටු කරවන යමක් කරන්න පුළුවන් නම් වටිනවා නේද?

මව්වරුන්ගේ දිනය වෙනුවෙන් තමන්ගේ අම්මාට තෑග්ගක් තිළිණ කරොත් පුංචි දේට පවා සතුටු වන ඔයාලාගේ අම්මලා ඒ වගේ දේකට ගොඩාක් සතුටු වේවි. මව්වරුන්ගේ දිනය වෙනුවෙන් අම්මාට තිළිණ කරන්න තෑග්ගක් ගැන ඔයා හිතමින් ඉන්නවා නම් මේ තෑගි අදහස් ටික බලන්න. Daraz Mallවෙතින් ඔයාට මේ හැමදෙයක්ම පහසුවෙන්ම ගෙදරටම ගෙන්වාගෙන අම්මාට තෑගි කිරීමේ අවස්ථාව තියනවා.

Fashion Jewellery

කාන්තාවන් ආභරණ පළදින්න හරිම කැමතියි. ඒත් මේ දවස්වල රත්තරන්වල මිල ගණන් වැඩිවෙන විදියට රන් ආභරණ නම් පළඳින එක හීනයක් වෙලා . ඉතිං ඔයාගේ අම්මාත් ආභරණවලට ගොඩාක් කැමති නම් අම්මාව සතුටු කරවන්න කරාබු දෙකක් මාලයක් වගේ දෙයක් දුන්නොත් ගොඩාක් සතුටු වෙයි නේද? රත්තරන් ආභරණ දෙන්න අමාරු නිසා ඒ වගේ පෙනුමක් තියන මේ වගේ ආභරණ වටිනා තෑග්ගක් වේවි. මේ වගේ ආභරණ විවිධ සාදවලට, උත්සවවලට පැළඳගෙන ඔයාගේ අම්මලාට ලස්සනට යන්න පුළුවන්.

Saree

සාරියක් කියන්නේ කාන්තාවකගේ ගෞරවාන්විතභාවය වැඩි වෙන ඇඳුමක්. ඒ නිසා අම්මලා ගොඩාක් වෙලාවට සාරි අඳින්න උනන්දුවක් දක්වනවා. උත්සව අවස්ථාවලදී, දරුවන්ගේ විශේෂ කටයුත්තකදී වගේ විවිධ අවස්ථාවලදී කාන්තාවන් සාරි අඳිනවා. Skirt & Blouse, Frocks අඳිනවාට වඩා සාරියක් ඇන්ඳාම අම්මා කෙනෙක්ගේ පෙනුමට තවත් වටිනාකමක් එකතු වෙනවා. ඔයාගේ අම්මාත් වැඩියෙන් සාරි අඳින්න කැමැත්තක් තියන කෙනෙක් නම් සාරියක් තෑගි කරොත් වටිනා තෑග්ගක්‌ වෙයි නේද?

Beauty Care

අම්මලා නිතරම ගෙදරදොරේ වැඩ කටයුතු, තමන්ගේ දරුවන්ගේ වැඩ කටයුතු වෙනුවෙන් මහන්සි වෙනවා මිසක් තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන එතරම් උනන්දු වෙන්නේ නෑ. මව්වරුන්ට තමන්ට වඩා වටින්නේ තමන්ගේ දරුවන්.  ඔවුන් වෙනුවෙන් තම ජීවිතයම කැප කරන අම්මලාට තම රූ සපුව ගැන හිතන්නවත් වෙලාවක් නැති තරම්. ඉතිං ඒ නිසාම මව්වරුන්ගේ දිනයටවත් ඔවුන්ගේ රූ සපුව ගැන සිහි කරන තෑග්ගක් දෙමුද? බලන්නකො මේ pack එක. Cream, Lotion, Scrub, Face wash, Deo මේ සියල්ල මෙහි අඩංගු වෙනවා.

Induction Cooker

තමන්ගේ අම්මලාට ආදරෙයි නම් ඔවුන්ගේ වෙහෙස මහන්සිය ගැනත් අපි හිතන්න ඕන . මේ දවස්වල ඔයාගේ අම්මලාත් ගෑස් නැතුව උයන පිහන වැඩවලින් හෙම්බත් වෙලා නේද ඉන්නේ? මව්වරුන්ගේ දිනය වෙනුවෙන් අම්මාගේ වැඩ කටයුතු පහසු කරවන තෑග්ගක් තිළිණ කරන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා. Induction cooker එකක් කියන්නේ ලේසියෙන් කෑම ජාති උයාගන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික් උපකරණයක්. ඒ නිසා මෙදා සැරේ මව්වරුන්ගේ දිනයට වෙනස් විදියේ තෑග්ගක් හැටියට ඔයාගේ අම්මාගේ කුස්සියේ වැඩ කටයුතු පහසු කරවන්න Induction Cooker එකක් Daraz Mall වෙතින් තෝරාගෙන තෑගි කරමුද?

Smart Phone

වේගයෙන් දියුණුවෙන තාක්ෂණය සමඟ ජීවත් වෙන්න වයස් භේදයකින් තොරව දැන් හැමෝම හුරු වෙලා. ඒ නිසා හැම අම්මා කෙනෙක්ගෙම අතේ දැන් මොබයිල් ෆෝන් එකක් තියනවා. හැබැයි සාමාන්‍ය ෆෝන් එකකට වඩා නව තාක්ෂණයේ පහසුකම් අත්විඳින්න ස්මාර්ට් ෆෝන් එකක් ඔයාගේ ආදරණීය අම්මාට මව්වරුන්ගේ දිනය වෙනුවෙන් තෑගි කරමුද? මුළු දවසම අපි වෙනුවෙන් මහන්සි වෙලා ගෙදරදොරේ වැඩ කටයුතු කරන අම්මාට වැඩ ඉවරවෙලා විවේකයෙන් ඉන්න වෙලාවට බණ අහන්න, ඇය කැමති වැඩසටහන්, ටෙලිනාට්‍ය, සින්දු රසවිඳින්න Smart Phone එකක් තෑගි කරොත් ගොඩාක් සතුටු හිතෙයි.

Rechargeable Fan

මේ දවස්වල පවර් කට් එකෙන් හැමෝම අපහසුතාවයට පත්වෙලා ඉන්නේ. හැබැයි කරන්ට් ගියා කියලා නෙවෙයිනේ අම්මලා නම් ගෙදර වැඩ කටයුතු නවත්තන්නේ නෑ. දාඩියත් දාගෙන හරිම අමාරුවෙන් හරි ගෙදර වැඩ කටයුතු කරනවා. ඒ නිසා ඔයා ගොඩාක් ආදරය කරන ඔයාගේ අම්මාට කරන්ට් ගිය වෙලාවට අපහසුතාවයක් නැතුව වැඩ කරගන්න Rechargeable Fan එකක් දෙන එක මේ කාලෙට ගැළපෙනම තෑග්ගක් වෙයි.

Washing Machine

අම්මාට වැඩියෙන් ආදරය කරන අපි අම්මලාගේ පහසුව ගැනත් හිතන්න ඕන. කුස්සියේ වැඩ විතරක් නෙවෙයි ගෙදරදොරේ හැම වැඩක්ම අම්මාගේ කරපිටට පැටවිලා. ගොඩාක් වෙලාවට ගෙදර හැමෝගෙම ඇඳුම් එකතු කරගෙන රෙදි කන්දක් අම්මලා හෝදනවා ඔයාලා දැකලා ඇති නේද? තාමත් ඔයාගේ ගෙදර Washing Machine එකක් නැත්තම් මේ පාර මව්වරුන්ගේ දිනය වෙනුවෙන් ඔයාගේ අම්මාට Washing Machine එකක් තෑගි කරමුද? කිසිම මහන්සියක් නැතුව හරිම පහසුවෙන් රෙදි ටික හෝදගන්න හොඳ Washing Machine එකක් Daraz වෙතින් මිලදීගෙන අම්මාට තෑගි කරන්න.

Wall Art

ගෙදරට එන අයගේ සිත් ඇඳගන්නා විදියට තමන්ගේ නිවස ලස්සනට තියාගන්න කාන්තාවන් ගොඩාක් ආස කරනවා. ගෙදර අලංකාර වුණාම ඒ ගෙදර අසිරිය තවත් වැඩි‌වෙනවා. බලන්නකො මේ Wall Art ඔයාලාගේ නිවස ලස්සන කරයි නේද? ඉතිං ඔයාගේ අම්මාට මේ වගේ තෑග්ගක් මව්වරුන්ගේ දිනය වෙනුවෙන් දෙන්න කදිම තෑග්ගක් වෙයි. ගෙදර ලස්සන කරන දෙයක් කියන්නෙම හැම අම්මා කෙනෙක්ගෙම හිත සතුටු වෙන තෑග්ගක් තමයි.

Storage Box

නිවස හැඩි කරගන්නැතුව තියාගන්න නම් ගෙදරදොරේ නිතර පාවිච්චි කරන්නැති බඩු භාණ්ඩ පිළිවෙළකට අඩුක් කරලා තියාගන්න වෙනවා. නිතර භාවිතා නොවන හැමදේම ගෙදර පුරාවට විසිරිලා තිබුණාම ගෙදර පිළිවෙළ ගතිය අඩු වෙනවා. ඒ නිසා වැඩිපුර ඇඳුම් එහෙම පිළිවෙළකට Store කරලා තියාගන්න ඔයාගේ ආදරණීය අම්මාට ප්‍රයෝජනවත් තෑග්ගක් ලෙස Storage Box එකක් දෙමුද?

Hand Bag

හෑන් බෑග් කියන්නේ කාන්තාවන්ගේ හිත් ගත් විලාසිතාවක්. තරුණ ගැහැණු ළමයි ඇඳුම්වලට ගැළපෙන විවිධ විදියේ හෑන් බෑග් විලාසිතාවන්ට කැමති වුණාට අම්මලා නම් හැමදාම එකම බෑග් එක දාගෙන තමයි හැම ගමනක්ම යන්නේ. ඉතිං ඒ නිසා විශේෂ ගමන්බිමන් යනකොට අරගෙන යන්න fashionable ගතියක් තියන මේ වගේ හෑන් බෑග් එකක් තෑගි කරමු.

Sandals

විලාසිතාවන් අතර පාවහන් විලාසිතාවලටත් කාන්තා අවධානය වැඩියෙන් ඇඳිලා යනවා. තරුණ වයසේ ගැහැණු ළමයි අඩි උස සපත්තු දාගෙන ගියාට අම්මලා කැමති සුව පහසු සපත්තු දෙකක් හෝ සෙරෙප්පු දෙකක් දාගෙන ඉන්නයි. ඒ නිසාම මැදිවිය වයසේ ඉන්න අම්මලාට මේ වගේ සෙරෙප්පු දෙකක් බොහොම සුවපහසු වෙයි. සාමාන්‍ය ගමන්බිමන්වලට බොහොම පහසුවෙන් දාගෙන යන්න මේ වගේ Sandals දෙකක් මව්වරුන්ගේ දිනය වෙනුවෙන් තෑගි කරමුද?

 Watches

තෑග්ගක් දෙද්දි ලස්සන දෙයක් වගේම දිගු කාලයක් පාවිච්චි කරන්න පුළුවන් දෙයක් දෙනවා නම් ගොඩාක් වටිනවා. එහෙම වුණාම තමයි ඒ ලබාදුන්න තෑග්ග දිගු කාලයක් මතකයේ රැඳිලා තියන්නේ. සාමාන්‍ය ගමන්බිමන්වලට යන්න මේ වගේ සිම්පල් ඩිසයින් එකක් තියන Watch එකක් ඔයාගේ අම්මාගේ මතකයේ රැඳෙන තෑග්ගක් වේවි.

ළඟම එන මව්වරුන්ගේ දිනයට තමන්ගේ ආදරණීය අම්මාට දෙන්න තෑග්ගක් හොයන ඔයාලාට අදහසක් දෙන්න තමයි අපි අද Best Mother’s Day Gifts හඳුන්වලා දුන්නේ. මේ හැම තෑග්ගක් ඔයාලාට Daraz Mall වෙතින් සුවිශේෂී වට්ටම් සහිතව ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්. Daraz සමඟින් Shop කරලා ඔයාගේ අම්මාට ගැළපෙන හොඳම තෑග්ගක් තෝරගන්න.

අලුත් මව්වරුන්ට අලුත් උපන් බිළිඳුන් වෙනුවෙන් ගන්න අවශ්‍ය අයිටම්ස් ලැයිස්තුව ගැන දැනගන්න Prepare For Your Baby With This Newborn Baby Items List in Sri Lanka ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php