වෙසක් දිනය ආලෝකමත් කරන Vesak Decoration Accessories

වෙසක් දිනය ආලෝකමත් කරන Vesak Decoration Accessories

වෙසක් මංගල්‍යය වෙනුවෙන් නිවස සරසාගන්න Vesak decoration accessories යොදාගන්න වෙනවා. බෞද්ධ ජනතාව මෙන්ම අනෙකුත් ආගම් අදහන ජනතාවත් මේ කාලෙට Vesak decoration accessories ගැන උනන්දු වෙනවා.

මෙදා සැරේ වෙසක් මංගල්‍යය වෙනුවෙන් සැරසෙන්න Vesak decoration accessories ඔයාලා හොයමින් ඉන්නවාද? ඔන්ලයින් වෙතින්ම මිලදී ගන්න පුළුවන් Vesak decoration accessories ගැන අපි අද කියන්න හිතුවා.

සම්බුදු තෙමඟුල සමරන වෙසක් මංගල්‍යය

ලොව පුරා සිටින බොදු ජනයා විසින් සමරන ප්‍රමුඛතම උත්සවය වන්නේ වෙසක් මංගල්‍යයයි. බුදුන් වහන්සේගේ ජීවිතයට සම්බන්ධ ප්‍රධාන සිද්ධි 3ක් මුල්කරගෙන වෙසක් මංගල්‍ය සමරනවා. එනම් බුදුන් වහන්සේගේ උපත සිදුවීම, සම්බුද්ධත්වයට පත්වීම හා බුද්ධ පරිනිර්වාණයයි.

එපමණක් නෙවෙයි, කිඹුල්වත් නුවරදී ශාක්‍යයන් ඉදිරියේ යමාමහ පෙළහර පෑම, බුදුන් වහන්සේ තුන්වැනි වරට ශ්‍රී ලංකාවේ කැළණියට වැඩම කිරීම, ආනන්ද හිමියන් පිරිනිවන් පෑම, සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත සමනල කන්ද මුදුනේ බුදු සිරිපා පිහිටුවීම, බොහෝ සිංහල බෞද්ධ රජවරු සිය අභිෂේක මංගල්‍ය සිදු කිරීම වැනි ඵෙතිහාසික සිදුවීම් රැසක් වෙසක් පොහොය දිනයේදී සිදු වී තිබෙනවා.

සම්බුදු තෙමඟුල සිහිපත් කරමින් අපේ රටේ ජනතාව වෙසක් මංගල්‍යය උත්සවශ්‍රීයෙන් සැමරීමට එදා සිටම විශාල උනන්දුවක් දක්වනවා. රට පුරා වෙසක් උත්සව, දන්සල්, දාන ශීල භාවනා වැඩසටහන්, භක්ති ගීත සංදර්ශන ඇතුළු ආගමික ක්‍රියාකාරකම් රැසක් මේ කාලෙට සංවිධානය වෙනවා. නමුත් අවුරුදු කිහිපයක් තිස්සේ රටේ පැවති තත්වයත්, කොරෝනා වසංගතයත් නිසා වෙසක් මංගල්‍යය හරි ආකාරයට සමරන්නට අපේ රටේ ජනතාවට බැරි වුණා. මේ කාලය තුළත් උත්සවශ්‍රීයෙන් වෙසක් මංගල්‍ය සමරන්නට බැරි වුණාත් අපිට පුළුවන් අපේ නිවෙස් වෙසක් අසිරියට ගැළපෙන්න සරසාගන්න.

රටේ තියන තත්වයත් එක්ක වෙසක් මංගල්‍යය වෙනුවෙන් නිවස සරසාගන්න අවශ්‍ය සැරසිලි උපාංග හොය හොයා කඩවල්, සාප්පු ගානේ ඇවිදින්න බෑනේ. දැන් ඔයාට ඔන්ලයින් ඔස්සේ පහසුවෙන් වෙසක් සැරසිලි උපාංග  Daraz වෙතින් මිලදීගෙන ගෙදරටම ගෙන්වා ගන්න අවස්ථාව තියනවා. අපි බලමු වෙසක් මංගල්‍යය ආලෝකමත් කරගන්න අවශ්‍ය Vesak decoration accessories මොනවාද කියලා.

Fairly Lights

බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සමරන වෙසක් මංගල්‍ය මුල් කරගෙන මුළු පරිසරයම ආලෝකමත් කරගන්න හැමදෙනාම උනන්දු වෙනවා. වෙසක් උත්සවය වෙනුවෙන් තමන්ගේ නිවස අලංකාර කර ගන්න විවිධ සැරසිලි යොදා ගන්නවා. ඒ අතරින් ලයිට් වැල් කියන්නේ වෙසක් කාලෙට පරිසරය කලඑළි කරගන්න බහුලව යොදාගන්න උපාංගයක්. මේ දවස්වල කරන්ට් කපන ප්‍රශ්නයත් තියන නිසා බැටරි ආධාරයෙන් ක්‍රියාත්මක වන මේ වගේ ලයිට් සෙට් එකක් ගන්න එක වඩාත් සුදුසුයි නේද? එළිය විහිදුවන මේ බල්බ් වැල් සෙට් එකෙන් ඔයාගේ නිවසට වෙසක් අසිරිය කදිමෙට එක් කරනවා.

Battery Operated String Lights

වෙසක් උත්සවය වෙනුවෙන් ආගම් භේදයකින් තොරව හැම කෙනෙක්ම තමන්ගේ නිවස සුළු හෝ ආකාරයකින් සරසගන්න උත්සහ කරනවා. නිවසට එළියක් එක් කරගන්න බොහෝ විට බල්බ් වැල් තමයි යොදාගන්නේ. LED තාක්ෂණය යොදාලා තියන බැටරියෙන් ක්‍රියාත්මක වන මේ ලයිට් වැල උත්සව අලංකාර කිරීම සඳහා විශිෂ්ට සැරසිල්ලක් හැටියට භාවිතා කරන්න පුළුවන්. ඔයාගේ නිවස අලංකාර කරගන්න ලයිට් වැල් මේ වෙසක් කාලයේ සොයමින් ඉන්නවා නම් දැන් Daraz වෙතින් ඔයාගේ නිවසට ගැළපෙන String Lights සෙට් එකක් තෝරාගන්න පුළුවන්.

Flameless Candles

වෙසක් උත්සවය සමරන්න ලොකු, පොඩි කවුරුත් වයස් භේදයක් නැතුව උනන්දු වෙනවා. වෙසක් මංගල්‍යයේ ආලෝකයට මුල්තැනක් ලැබෙනවා. හැම විදියකින්ම පරිසරය ආලෝකමත් කරන්න කරලා වෙසක් අසිරිය සුන්දර කරන්න තමයි කවුරුත් උත්සාහ කරන්නේ. ආලෝකය ලබාගන්න අපි පාවිච්චි කරන තව උපාංගයක් තමයි ඉටිපන්දම්.  ඉටිපන්දමක් දැල්වීමෙන් කලඑළියක් ඇති වෙනවා. ඉතිං අපි සාමාන්‍ය ඉටිපන්දම් දල්වනවා වෙනුවට වෙසක් මංගල්‍යය වෙනුවෙන් නිවස සරසද්දි ගිනි රහිත ඉටිපන්දම් දල්වන්න පුළුවන්.  බොත්තමක් එබීමෙන් මේ ඉටිපන්දම් ක්‍රියාත්මක වෙනවා. සැබෑ ඉටිපන්දම්වලින් එන ගිනි අවදානම මේකෙ නැති නිසා පුංචි ළමයින්ට වුණාත් කිසිම බයක් නැතුව මේ වගේ ඉටිපන්දම් දල්වන්න දෙන්න පුළුවන්. පුංචි ළමයිනුත් වෙසක් කාලෙට හරිම සතුටින් ඉන්නවානේ. ඔවුන් කොහොමත් වෙසක් සැරසිලි වැඩවලට මේ කාලේදී හරිම කැමත්තෙන් එක් වෙනවා. මේ ඉටිපන්දම් වර්ණ රැසකින් තියන නිසා ඔයාගේ මිදුල වෙසක් දවස්වලට මේ ඉටිපන්දම් දල්වලා ලස්සනට සරසා ගැනීමේ අවස්ථාව තියනවා.

Bluetooth Speaker

බණ, පිරිත්, භක්ති ගීත වෙසක් කාලෙට වැඩිපුර ඇහෙන්න පටන් ගන්නවා. මේ කාලේ උත්සවශ්‍රීයෙන් අපිට වෙසක් උත්සවය සමරන්න බැරි වුණාට ගමේ අසල්වැසියන් සමඟ එකට එක් වෙලා වෙසක් සමරන්න හැකියාව තියනවා. ඉතිං ඔයාට පුළුවන් මේ වගේ Bluetooth Speaker එකක් මිලදීගෙන හැමෝටම ඇහෙන්න බණ, පිරිත්, භක්ති ගීත ප්‍රචාරය කරන්න. කුඩාවට හෝ වෙසක් උත්සව දන්සල් ආදිය සංවිධානය කරනවා නම් අසල්වැසියන් ඒකරාශි වෙලා ඉන්න තැන්වල මේ වගේ ස්පීකර් එකකින් බණ, පිරිත්, බෞද්ධ ගීත ඇහෙන්න ප්‍රචාරය කරන්න පුළුවන්.

Vesak Lanterns

වෙසක් කාලේදී හැමතැනම වගේ පහන් කූඩු දැකගන්නට ලැබෙනවා. ඒ අතර අටපට්ටම් කූඩුව, නෙළුම් මල ඇතුළු විවිධ වර්ගයේ කූඩු හදලා ප්‍රදර්ශනය කරනවා. ඊට අමතරව මහා පරිමාණයේ දර්ශනීය කූඩු ද වෙසක් මංගල්‍යය වෙනුවෙන් නිර්මාණය කරන්න අපේ රටේ ජනතාව පුරුදු වෙලා ඉන්නවා. මේ පහන් කූඩු අතරින් වැඩිපුරම දැකගන්න පුළුවන් වෙන්නේ අටපට්ටම් කූඩුවයි. ඒ අටපට්ටම් කූඩුව පහසුවටත් චාම් ලෙසත් සකස් කරලා ප්‍රදර්ශනය කරන්න හැකියාව තියන නිසායි. පහසුවෙන් නිර්මාණය කරන්න පුළුවන් වුණාට මේ අටපට්ටම් කූඩුවෙන් බුදු දහමේ උත්තරීතර දර්ශනය පෙන්නුම් කරනවා. සංසාර ගමනත් අවසානයේ දී නිවන පිළිබඳවත් මෙම අටපට්ටම් කූඩුව අපට කියා දෙනවා.

අටපට්ටම් කූඩුවේ විවිධ වර්ණවලින් යුතු රැළි මාලාවෙන් (ලෝභය, ද්වේශය, මෝහය),  කූඩුවේ උඩ සහ යට හිස්ව තබා එයින් උපත හා මරණයත්,  සංසාර ගමන තුළ නැවත නැවත පුනරුත්පත්තිය ගැන කියැවෙන (ජාති, ජරා, ව්‍යාධිය, මරණය) සතර අත සත රැස් කොටු මගින් පෙන්වා දෙනවා. ඊට අතිරේකව ඉහළ පහළ තුන් හුලස් හැඩය ගත් කොටස් අට අපූරුවට අපට කියා දෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳවයි. ඒ අරියඅට්ට මග ඔස්සේ (දුක, දුක ඇතිවීම, දුක නැතිකිරීම, දුක නැතිකිරීමේ මාර්ගය) චතුරාර්ය සත්‍යය සිව් දෙස අපට අටපට්ටම් කූඩුවේ ඉතා පැහැදිලව කියා දෙනවා. අටපට්ටම් කූඩුවේ සව්කොළ කඩදාසිය මැද අපට පෙන්නුම් කර දෙන්නේ නිරාමිස ආලෝකයෙන් නිවන බව වටහා දීමයි. 

වෙසක් කාලෙට වෙසක් කූඩු සෑදීම සැමදෙනා එකට එකතු වෙලා සිදු කරාත් වර්තමනායේ තියන කාර්යබහුල ජීවන රටාවත් එක්ක මේ සඳහා කාලයක් වෙන් කර ගැනීමට අපහසු වෙලා තියනවා. දැන් ඒ නිසා Daraz වෙතින් වර්ණවත් වෙසක් පහන් කූඩු ඔන්ලයින්ම ගෙන්වා ගැනීමේ අවස්ථාව උදා වෙලා තියනවා.

Vesak Buckets

වෙසක් කාලෙට පහන් කූඩුවලට අමතරව බකට් පත්තු කිරීමත් හරිම ජනප්‍රියයි. විවිධ හැඩයන් හා වර්ණවලින් බකට් තෝරාගන්න පුළුවන්. මේ ඇතැම් බකට්වල සුබ පැතුම් පවා ලියලා තියනවා. ඉටිපන්දම් භාවිතා කරලා හරිම පහසුවෙන් මේ බකට් දල්වන්න පුළුවන් නිසා පුංචි ළමයින්ට වුණාත් බකට් පත්තු කරන්න ඉඩ දෙන්න පුළුවන්. වෙසක් උත්සවය සඳහා සරල වෙසක් සැරසිලි සොයන ඔයාලට මේ වගේ බකට් කදිම සැරසිලි උපාංගයක් වේවි.

Buddhist Flag

වර්ණ හයකින් නිර්මාණය වෙලා තියන බෞද්ධ කොඩිය බෞද්ධාගමේ සංකේතයක් ලෙස සැළකෙනවා. බෞද්ධ කොඩිය බිහි වෙලා තියන්නේ බුදු දහම, බෞද්ධ සමාජය, බොදු හැකියාව, බෞද්ධත්වය, බෞද්ධ සංස්කෘතියේ අනන්‍යතාවය පිළිඹිබු කිරීම සඳහායි. නීල – නිල්, පීත – කහ, ලෝහිත – රතු, ඕදාත – සුදු, මාංජේෂ්ඨ – තැඹිලි, ප්‍රභාස්වර – සියලු වර්ණයන්ගේ එකතුව හැටියට බෞද්ධ කොඩියේ වර්ණ සැකසිලා තියනවා. වෙසක් උත්සවය වෙනුවෙන් බෞද්ධ කොඩියක් එසවීම සෑම ගෙදරකම සිදු කරනවා. විශාල බෞද්ධ කොඩි වගේම කුඩා බෞද්ධ කොඩි ද වෙසක් සැරසිලි සඳහා යොදාගන්න පුළුවන්. ඔයාලාට අවශ්‍ය ප්‍රමාණයේ බෞද්ධ කොඩි Daraz වෙතින් දැන් ඔන්ලයින්ම ගෙන්වා ගැනීමේ පහසුකම තියනවා.

Pooja Essentials

බෞද්ධ සියලු දෙනා වෙසක් පොහොය වෙනුවෙන් පන්සල් යාම සිදු කරනවා. එදා දවසට පන්සලට යන්න බැරි වුණාත් තමන්ගේ ගෙදර හෝ ආගමික වතාවත් සිදු කරනවා. ආගමික වතාවන් සිදු කිරීමට අවශ්‍ය හඳුන්කූරු, පහන්තිර, ආදිය ද දැන් Daraz වෙතින් මිලදී ගැනීමේ අවස්ථාව තියනවා. හඳුන්කූරු සුවඳින් මුළු පරිසරයම නැහැවෙද්දි අපේ හිත්වලත් වෙසක් අසිරිය දැනෙන්න පටන් ගන්නවා.

Oil Lamp

බුදු පහන දල්වන්න විවිධ අලංකාර පහන් යොදා ගන්න පුළුවන්. ඒ වගේම වෙසක් පොහොය දවසේ පන්සල් ගිහින් පහන් දල්වන්නත්, තමන්ගේ නිවස වෙසක් අසිරියෙන් සරසාගන්නත් පහන් යොදා ගන්නවා. මේ වගේ අලංකාර පහන් ඔබේ හදවතේ භක්තියෙන් දල්වන්න Daraz වෙතින් තෝරාගන්න.

ළඟදී එන වෙසක් මංගල්‍යයත්, ඉදිරි මාසයේදී එන පොසොන් පොහොයත් වෙනුවෙන් මේ ‌ Vesak decoration accessories Daraz වෙතින් මිලදීගන්න දැන් ඔයාලාට අවස්ථාව තියනවා. Daraz සමඟින් Shop කරලා මෙදා සැරේ වෙසක් මංගල්‍යයට ඔයාගේ නිවස අලංකාරව සරසාගන්න.

නිතර විදුලිය විසන්ධි කරන මේ කාලයේ Power cut schedule එකේ වැඩ පහසු කරවන ඉලෙක්ට්‍රොනික් උපාංග ගැන දැනගන්න Power Cut Schedule එකට කදිමෙට ගැළපෙන ඉලෙක්ට්‍රොනික් උපාංග ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php