සිඟිති පැටියාගේ සුව පහසුවට Online වෙතින් Best Baby Care Products

සිඟිති පැටියාගේ සුව පහසුවට Online වෙතින් Best Baby Care Products

ආදරණීය පොඩිත්තන් සුව පහසුවෙන් තියන්න හැම දෙමාව්පියෙක්ම Best Baby Care Products හොයන්න උනන්දු වෙනවා. සුරතල් පොඩිත්තන්ව සුව පහසුවට තියන්න Best Baby Care Products අත්‍යවශ්‍යම දෙයක්.

ඔයාලාත් ශ්‍රී ලංකාවේ තියන Best Baby Care Products සොයමින් ඉන්වාද? දැන් Daraz Mart වෙතින් මිලදී ගන්න පුළුවන් Best Baby Care Products ගැන කියන්න අපි අද හිතුවා.

Daraz Mart යනු, දෛනික අත්‍යවශ්‍ය භාණ්ඩ Online හරහා මිලදී ගන්න සුදුසුම ස්ථානයයි. Grocery Items, Health & Beauty Products, Pet supplies, Snacks හා Baby Products ඇතුළු එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය හැමදේම Daraz Mart වෙතින් ඔයාගේ දොරකඩටම ගෙන්වා ගන්න අවස්ථාව තියනවා. කෙටි කාලයකින් ඔයාට ඕන කරන හැමෙද්ම ගෙදරටම ගෙන්වා දෙමින් පහසු Shopping අත්දැකීමක් Daraz Mart වෙතින් පිරිනමනවා.

මාතෘත්වය යනු, කාන්තාවකට ලබන්න පුළුවන් උතුම්ම පදවියයි. මව්වරුන්ගේ ලෝකය වන්නේ තමන්ගේ දරුවන්ය. කුඩා කාලයේ ඉඳන්ම හැම දෙමාව්පියෙක්ම තමන්ගේ දරුවන්ව බලා ගන්නේ ඇහැක් වගෙයි. මවක් දරුවෙකුගේ ජීවිතයේ සියලු වගකීම් හා බැඳී සිටිනවා. දරුවෙක් උපන්දා ඉඳන්ම ඔවුන්ව බලාගන්න හැම අම්මා කෙනෙක්ම දරන්නේ අපරිමිත වෙහෙසක්. ඒ වගකීම් අතර පළමු වගකීම පටන් ගන්නේ දරුවා උපන්දා සිටයි. කුඩා දරු පැටියාගේ රැකවරණය, සනීපාරක්ෂාව හා සුවපහසුව ගැන මවකට නිතරම සිතන්න වෙනවා. ඒ නිසා තම සිඟිත්තා වෙවෙවෙන් හොඳම නිෂ්පාදන භාවිතා කිරීමට හැම මවක්ම උනන්දු වෙනවා. ඒ සඳහා හොඳම නිෂ්පාදන සොයන අම්මලාට කදිම තැන Daraz Martය.

පුංචි දරුවන් ඉන්න හැම අම්මා කෙනෙක්ම සිඟිත්තන්ගේ වැඩ කටයුතුත් එක්ක ගොඩාක් කාර්යබහුල වෙනවා. ඒ නිසාම තම සිඟිත්තන්ගේ සියලු අවශ්‍යතා සපුරාලීමට වෙහෙසන අම්මලාට දරුවාට අත්‍යවශ්‍ය Baby Care Products, Online මිලදී ගන්න ලැබෙන එක කොතරම් නම් පහසුවක්ද? අපි බලමු Daraz Mart වෙතින් ඔයාගේ සිඟිත්තා වෙනුවෙන් මිලදී ගන්න පුළුවන් Best Baby Care Products මොනවාද කියලා.

Diapers

දරු පැටියාගේ සුව නින්ද, සැප පහසුව සහ රැකවරණය ගැන නිතරම සිතන දෙමාව්පියන්ගේ තේරීම වන්නේ ඉතා තුනී බවක් තියන, වැඩි උරා ගැනීමක් සහිත බේබි ඩයපර්ස්ය. අලුත උපන් පුංචි බිළිඳුන්ට තියන්නේ හරිම සංවේදී, සියුම් හමක්. ඒ නිසා ඔවුන්ව පහසුවෙන් සිනාමුසු මුහණින් තියන්න නම්  හොඳ ඩයපර්ස් එකක් පාවිච්චි කරන්න වෙනවා. ඒ වගේම තමයි විවිධ ආසාත්මිකතා දරුවාට ඇතිවීම වළක්වන්න පැය 2කට වතාවක්වත් ඩයපර්ස් මාරු කරන්න වෙනවා. ඒ නිසා විශ්වාසනීය වෙළෙඳ නාම සහිත ඩයපර්ස් තෝරා ගැනීම වැදගත්. දැන් Daraz Mart වෙතින් Baby Cheramy, Velona Cuddles, Marvel Baby, Farlin වැනි වෙළෙඳ නාමවලින් දැරිය හැකි මිලකට ඔයාගේ පැටියාට සුදුසු Diapers තෝරාගන්න පුළුවන්.

Baby Food

කුඩා දරුවන්ට එකපාර බර ආහාර දෙන්න බෑ. සුළු ආහාරවලින් තමයි පුංචි දරුවන්ට කෑම දෙන්න පටන් ගන්නේ. පුංචි කාලයේ ඉඳන්ම කෑම කන්න හැම දරුවෙක්ම අදිමදි කරනවා. ඒ නිසා විවිධ ආකර්ෂණීය කෑම ජාතිවලින් තමයි ඔවුන් තුළ කෑම රුචියක් ඇති කිරීමට පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි කුඩා අවධියේ ඉඳන්ම දරුවන්ගේ පෝෂණය ගැන අපි හිතන්න ඕන.  කිරි සහ ධාන්‍ය, පළතුරු සහිත මේ වගේ ආහාරයක් ඔයාගේ කුඩා දරු පැටියාට ගුණදායක ආහාරයක් වේවි. පළතුරු රසයත් අඩංගු නිසා අදිමදි කරන්නේ නැතුව කන්න පුංචි සිඟිත්තාට ආස හිතෙයි.

Baby Formula

තමන්ගේ දරුවාව පෝෂණය කරන එක හැම අම්මා කෙනෙක්ම හරිම ආසාවෙන් වගේම උනන්දුවෙන් කරන දෙයක්. උපන්දා ඉඳලා තමන්ගේ මවගේ කිරි‌ බොන කුඩා දරුවන් ඉන්පසු හුරු වෙන්නේ කිරි පිටිවලටයි. ළඳරු කිරි පිටි සෞඛ්‍ය සම්පන්න ආහාරයක් හැටියට හඳුන්වන්න පුළුවන්. අවසානාවන්ත හේතූන් මත ඇතැම් මව්වරු කිරි දීමේ ගැටලුවට මුහුණ දුන්නාම මව් කිරිවල අඩංගු පෝෂ්‍ය පදාර්ථ ලබාගන්න පුළුවන්‌ වෙන්නේ කිරි පිටි හරහායි. කාර්යබහුල මව්වරුන්ට තම දරුවාගේ පෝෂණය උදෙසා දෙන්න පුළුවන් හොඳම ආහාරය ද මෙයයි. Nestle NAN, Cow & Gate, Pediasure, EnfaGrow, NanGrow, Pediapro වැනි විශ්වාසනීය වෙළෙඳ නාමවලින් ඔයාගේ දරු පැටියාට ගැළපෙන Formula එකක් තෝරාගන්න.

Baby Cream

පුංචි දරුවන්ව සුව පහසුවට තියන්න ඕන වගේම පිරිසිදුව ලස්සනටත් තියන්න අවශ්‍යයි. කුඩා සිඟිත්තන්ගේ සම හරිම සිනිඳුයි. ක්‍රීම් ජාති ගෑවාම ඔවුන්ව තවත් සුමුදුව තියන්න පුළුවන් . පුංචි දරුවන්ගේ සම හරිම සංවේදී නිසා ඔවුන්ගේ සමට හිතකර බේබි ක්‍රීම් තෝරාගන්න සිදු වෙනවා. පුංචි ළඳරුවන්ගේ සම හිරු එළිය, උණුසුම නිසා වියලුණොත් දරු පැටියාගේ සමට අපහසුතාවයක් දැනෙනවා. ඒ නිසා තමයි පුංචි දරුවන්ව නාවලා ඉවර වුණාට පස්සේ ක්‍රීම් ජාති ඇඟ පුරාම ආලේප කරන්නේ. බාබාට අහිතකර කිසිඳු අමුද්‍රව්‍යක් අඩංගු නැති ආරක්ෂිත වෙළෙඳ සන්නාම ලෙස දිගු කාලයක් විශ්වාසය දිනා තියෙන Baby Cheramy, Pears Baby, Johnsons, Kohomba Baby යන වෙළෙඳ නාම සහිත බේබි ක්‍රීම් Daraz Mart සමඟින් Shop කරලා මිලදී ගන්න.

Baby Cologne

පුංචි දරු පැටියන්ව සුව පහසුවට පිරිසිදුව ලස්සනට තියන්න ඕන වගේම සුවඳවත්ව තියන්නත් එපැයි. පුංචි දරුවන් ගාව කොහොමත් සුවඳයි. ඉතිං එහෙම සුවඳ පුංචි බබාලාව තවත් සුවඳවත් කරන්න පුළුවන් Baby Cologne ටිකක් දාලා. ඇඟ සෝදවලා, නාවලා ගෙනාවාට පස්සේ Baby Cologne ටිකක් දැම්මාම බබාගේ සුවඳ තවත් වැඩි වෙනවා. Baby Cologne දරුවන්ගේ සමටත් හිතකර නිසා ඔයාගේ පුංචි දරු පැටියාට Panda Baby, Johnsons, Pears, Baby Cheramy වෙළෙඳ නාම අතරින් වඩාත් සුවඳවත් Cologne එකක් තෝරගන්න.

Feeding Bottles

ඔයාගේ පුංචි දරු පැටියාට කිරි පොවන්න සුදුසු Feeding Bottles තෝරගන්නම වෙනවා නේද? ඒ වගේම තමයි Feeding Bottles පාවිච්චි කරද්දි විෂබීජ ඇතුළු නොවෙන්න නිතර පිරිසිදු කරන්නත් අවශ්‍යයි. මේ Feeding Bottlesවලින් කිරි පොවද්දි දරුවා බොන කිරි ප්‍රමාණයත් මැන ගන්න උදව් වෙනවා.  පුංචි සිඟිත්තන්ට Baby Products හොයන ඔයාලා Feeding Bottles එකක් ගන්නත් අමතක කරන්න එපා.

Baby Soap

ළඳරු නිෂ්පාදන අම්මලා හොයන්න පටන් ගන්නේ දරු පැටියා කුසේ ඇති දැඩිවෙන කාලයේ ඉඳන්මයි. දරුවාගේ ආරක්ෂාව, සුව පහසුව ගැන විශේෂ අවධානයක් යොමු කරලා හොඳම Baby Products තෝරාගන්න තමයි කවුරුත් උත්සාහ කරන්නේ. Baby Products තෝරා ගනිද්දි බේබි සබන් අමතක කරන්නම බැරි දෙයක්. මල් පෙත්තක් වගේ මුදු සුමුදු සිඟිත්තන්ගේ සම රැකගන්න ළඳරු සමට හිතකර බේබි සබන් වර්ගයක් තෝරා ගැනීම මවකගේ වගකීමක්. බිළිඳු සම විෂබීජවලින් ආරක්ෂා කොට මෘදු බව හා තෙතමනය රැක ගැනීමට බේබි සබන් උපාකාරී වනවා.  බිළිඳු සමට ගැළපෙන ස්වභාවික ශාකසාරයන්ගෙන් සමන්විත විශ්වාසනීය වෙළෙඳ නාම සහිත සබන් වර්ග Daraz Mart වෙතින් දැන් තෝරාගැනීමේ අවස්ථාව උදා වෙලා තියන්නේ මව්වරුන්ගේ කාර්යබහුල ජීවන රටාවට සහායක් වෙමින්. 

Baby Oil

පුංචි දරුවෙකුගේ ලස්සන තවත් වැඩි කරන දෙයක් තමයි පුංචි බබාලාගේ කොණ්ඩය.ඇතැම් සිඟිත්තන්ගේ කොණ්ඩය කුඩා කාලයේ ඉඳන්ම ලස්සනට වැවිලා තියනවා. පුංචි අවධියේ ඉඳන්ම කොණ්ඩයට නිසි පෝෂණයක් ලැබුණොත් තමයි ලස්සන වරලසක් හිමි වෙන්නේ. ඒ නිසා කුඩා කාලයේ ඉඳන් දරු පැටියාගේ කොණ්ඩයට පෝෂණයක් ලබාදෙන්න ඕන. ළඳරු කොණ්ඩය මෘදුව වැවෙන්න සුමුදු සුවඳක් සහිත තෙල් වර්ගයක් පාවිච්චි කරන්න.

Smart Pants

ආදරණීය අම්මලා හැමෝම දරු පැටියාගේ සුව පහසුව ගැන නිතරම සිතනවා. දරු පැටියාව සුව පහසුවට තියන්න නම් මේ වගේ මේ වගේ පහසු Pants අන්දවන එක තමයි වඩාත් සුදුසු. ඒ වගේම තමයි චුටි සිඟිත්තන්ගේ සනීපාරක්ෂාව ගැන හිතලා මේ Pants නිතරම මාරු කරන්න වෙනවා. එකම Pants එක දිගු වේලාවක් ඇඳගෙන හිටියාම විෂබීජ ඇතුළු වීමේ අවදානම වැඩියි. ඒ වගේම තමයි බබාට ලේසියෙන් අන්ඳවන්නත් ගලවන්නත් මේ වගේ pants හරිම පහසුයි. ඒ නිසා පුංචි බබාව සුවපහසුවට තියන්න මේ වගේ Pants සෙට් එකක් Daraz Mart වෙතින් මිලදී ගන්න.

තමන්ගේ ආදරණීය දරු පැටියා වෙනුවෙන් Baby Products හොයන දෙමාව්පියන්ට පහසුවෙන් සිය සිඟිත්තාට අවශ්‍ය හැමදේම ළඟටම ගෙන්වා ගන්න අදහසක් දෙන්න තමයි අපි අද මේ Best Baby Care Products හඳුන්වලා දුන්නේ.

තවත් Baby Products ගැන දැනගන්න  Get The Best Baby Care Products Price in Sri Lanka from dMart ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php