Savings සතිය වෙතින් තෝරගන්න ජනප්‍රිය Best Tech Products

Savings සතිය වෙතින් තෝරගන්න ජනප්‍රිය Best Tech Products

කාර්යබහුල ජීවන රටාවත් සමඟ වැඩ කටයුතු පහසු කරගන්න Best Tech Products නැතුවම බැරි දෙයක් වෙලා. අද හැමෝගෙම වැඩ කටයුතු Best Tech Products මත රැඳිලා තියනවා.

ඔයාලාත් මේ දිනවල අලුත් Best Tech Products මිලදී ගන්න හිතමින් ඉන්නවාද? ඔන්න එහෙනම් Daraz Savings සතියෙන් අඩුම මිලට Best Tech Products ගන්න අවස්ථාව උදා වෙනවා.

Daraz Savings සතිය සමඟින් Shop කරන්න

Daraz එකේ Shop කරන ඔයාලාට ඉතුරුම් රැසක් ගෙනදෙන Daraz Savings සතිය මැයි 31 වැනි දා දක්වා විඳගන්න පුළුවන්. ප්‍රියතම වෙළෙඳ නාමයන් සඳහා 60%ක් දක්වා වට්ටම් සමඟින් අත්‍යවශ්‍ය භාණ්ඩ හැමදෙයක්ම අඩුම මිලට එකම තැනින් ලබාගැනීමේ වටිනා අවස්ථාවක් Daraz Savings සතිය වෙතින් හිමිවෙනවා.

මේ දිනවල භාණ්ඩවල මිල ගණන් ඉහළ යන නිසා මොබයිල්ස්ස් ලැප්ටොප්, කැමරා ආදි ටෙක් ගැජට්ස් මිලදී ගන්නේ කොහොමද කියලා බොහෝ දෙනෙක් කල්පනා කරනවා. අවශ්‍යතාවය තිබුණාත් මෙවැනි නිෂ්පාදන මේ දවස්වල මිලට ගන්න එක ගැන හැම කෙනෙක්ටම දෙතුන් පාරක් හිතන්න වෙලා. ඒත් Daraz Savings සතිය වෙතින් මොබයිල්ස්, ලැප්ටොප්, කැමරා, රූපවාහිනී යන්ත්‍ර ආදි තාක්ෂණික උපකරණ සුවිශේෂී වට්ටම් සහිතව තෝරා ගැනීමේ අවස්ථාව දැන් තියනවා.

මේ භාණ්ඩ ඔයාලාට එකවර මිලදී ගන්න අපහසු නම් පහසු ගෙවීමේ ක්‍රමයටත් ගන්න පුළුවන්. බැංකු කාඩ්පත් සඳහා අමතර 12%ක වට්ටමක් හිමිවෙනවා.

Mobiles

දැන් ඔයාගේ පරණ ෆෝන් එකෙන් අලුත් ෆෝන් එකකට මාරු වෙන්න කාලේ හරි කියලා හිතෙනවා නම් මේ දිනවල Daraz Savings සතියෙන් අලුත් මොබයිල් එකක් තෝරාගන්න පුළුවන්. Apple, Redmi, Nokia,Vivo, Samsung, Realme, Oppo, Huawei, Brantel, E-tel වැනි ප්‍රියතම වෙළෙඳ නාම ගණනාවක් සඳහා 40%ක් දක්වා වට්ටම් සමඟින් නොමිලේ Delivery හා වවුචර්ස් ලබාගන්න.

Apple iPhone

Android ෆෝන් පාවිච්චි කරන සමහර අය Apple ෆෝන් එකකට මාරු වෙන්න කැමැත්තක් දක්වනවා. ඒත් ගොඩාක් වෙලාවට ඇපල් ෆෝන් එකකට මාරු වෙන්නේ නැත්තේ Apple ෆෝන් එකක් ගන්න වැඩි වියදමක් දරන්න වෙන නිසායි. මේ කාලයේ Apple ෆෝන් එකක් ගන්නවා කියන්නෙත් ලේසි දෙයක් නෙවෙයි. ගාණ ටිකක් සැර වුණාට Apple ෆෝන් එකක් ගත්තාම වැඩ කටයුතු පහසුවෙන් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි Applications හරිම වේගයෙන් open වෙනවා. Apple ෆෝන් එකක් ගන්න කාලයක් තිස්සේ ඔයාගේ හිතේ ආසාවක් තිබුණා නම් දැන් හොඳම වෙලාවට ඇවිල්ලා තියන්නේ. Savings සතියෙන් සුවිශේෂී වට්ටමකට Apple ෆෝන් එකක් මිලදී ගන්න.

VIVO

ඔයා හොයන්නේ වැඩිය බර නැති ටිකක් Slim ෆෝන් එකක්ද? එහෙනම් මේ වගේ ෆෝන් එකක් ඔයාට ගැලපේවි. මේක ඔයාගේ බජට් එකටත් හරියනවා. VIVOහි නවතම හඳුන්වාදීම වන y20 එකේ විශේෂ features ගණනාවක් තියනවා. HD පුළුල් තිරයකින් සමන්විත වෙනවා. ෆෝන් එක දිහා එක දිගට බලාගෙන හිටියාම ඇස්වලට හොඳ නෑ කියලා අපි අහලා තියනවානේ. ඒත් මේ ෆෝන් එකේ eye protection feature එක අන්තර්ගත නිසා ගේම් ගහන අයට ඉගෙනීම් කටයුතු සිදු කරන අයට ඇස්වලට වෙහෙසකාරිත්වයක් නැතුව වැඩ ටික කරගන්න පුළුවන් විදියට ආරක්ෂාවක් ලබාදෙනවා. නවතම Fun touch මෙහෙයුම් පද්ධතියෙන් සමන්විත නිසා ඉතා පහසුනේ වැඩ කරගන්න පුළුවන්. ආකර්ෂණිය නිමාවක්  තියන ඇස ගැටෙන මේ වගේ ෆෝන් එකක් Savings සතියෙන් තෝරගන්න.

Computers & Laptops

ලැප්ටොප්, පරිගණක  කියන්නේ අද කාලයේ නැතුවම බැරි තාක්ෂණික උපකරණ. ඔෆිස් එකේ වැඩ කටයුතු, අධ්‍යාපන කටයුතු මේ හැමදේටම ලැප්ටොප් පාවිච්චි කිරීම අත්‍යවශ්‍ය වෙලා තියනවා. රටේ පවතින ආර්ථික තත්වය සමඟ මේ කාලයේ ලැප්ටොප් එකක් මිලදී ගන්න එක අමාරු දෙයක්. ඒත් දැන් Daraz Saving සතියෙන් Acer, Apple, Dell, Assus, Canon, Daraz, Epson, E- tel, Fantech, Global brand, Xiaomi, Samsung, HP, Huawei, Kingston ඇතුළු වෙළෙඳ නාම ගණනාවක් සඳහා 65%ක් දක්වා වට්ටම් සමඟින් අලුත් ලැප්ටොප් එකක් මිලදී ගන්න පුළුවන්. වවුචර්ස්, නොමිලේ Delivery, හා ලැප්ටොප් සඳහා Freebie bundles හිමි වෙනවා.

Dell Inspiron

පහුගිය කාලය පුරා රටේ ඇතිවුණු තත්වය සමඟ ගෙදර සිට වැඩ කරන සහ ගෙදර සිට අධ්‍යාපන කටයුතු කිරීමේ සංකල්පය අපේ රටේත් බිහි වුණා . ඉතිං ගෙදර ඉඳන් වැඩ කරන්නත් අධ්‍යාපන කටයුතු කරන්නත් හොඳ ලැප්ටොප් එකක් තියන්නෙම අවශ්‍යයි. Dell සමාගමෙන් නිකුත් වූ inspiron ලැප්ටොප් වර්ගය විශේෂයෙන්ම හදලා තියන්නේ ගෙදර ඉඳලා වැඩ කරන අය උදෙසා සහ අධ්‍යාපන කටයුතු සිදු කරන දරුවන් වෙනුවෙන්මයි. ගෙදර ඉදන් වැඩ කරද්දි ගොඩාක් දෙනෙක් මුහුණ දෙන ගැටලුවක් තමයි මැෂින් එක slow වෙන එක. ඉතිං ඒ ගැටලුවට මේ ලැප්ටොප් එක හොඳම විසඳුමක්. මෙහි තියන Ram එක නිසා  වැඩ කටයුතු වැඩි වේගයකින් කර ගැනීමේ පහසුව තියනවා. Full HD පුළුල් තිරයකින් ද සමන්විත වෙනවා. එහෙමෙහෙ ගෙනියන්න පහසු විදියට හදලා තියන මේ වගේ ලැප්ටොප් එකක් Daraz Savings සතියෙන් පහසු මිලට අදම ගන්න.

HP Laptops

ලැප්ටොප් සඳහා කීර්තිමත් නාමයක් දිනා තිබෙන HP Brand එකේ intel core i3 family එකට මේ ලැප්ටොප් එක අයත් වෙනවා. දත්ත ගබඩා කරන්න පුළුවන් 1TB hard disk එකක් හා Windows 10 මෙහෙයුම් පද්ධතියකින්ද සමන්විත වෙනවා. මෙහි නිමැවුම plastic fiberවලින් හදලා තියන්නේ.ඒ නිසා බරින් අඩුයි. ඒ වගේම රත්වෙන ප්‍රමාණයත් අඩුයි.  බැටරි ආයු කාලයත් හොඳ නිසා කාර්යාල වැඩ කටයුතු සඳහාත් ඉගෙනගන්න සිසු සිසුවියන් සඳහාත් හරියන ලැප් එකක් කියන්න පුළුවන්.

Cameras

ඡායාරූපකරණයට කැමැත්තක් දක්වන ඔයාලා අලුත් කැමරා එකක් මේ දවස්වල ගන්න හිතාගෙන ඉන්නවාද? ඒ වගේම තමයි ජීවිතේ මතකයන් හැමදාම ළඟ තියාගන්න නම් හොඳ කැමරාවක් තෝරගන්න වෙනවා. Savings සතියෙන් GoPro, Canon, Sony, Xiaomi, Hikvision, Nikon, Godox ඇතුළු වෙළෙඳ නාම ගණනාවක් සඳහා 20%ක් දක්වා වට්ටම් සමඟින් වවුචර්ස්, නොමිලේ ඩිලිවරි, Freebie bundles ඇතුළු තවත් අනඟි දීමනා රැසක් අත්විඳින්න.

GO Pro

ගෝ ප්‍රෝ කියන්නේ කැමරා කලාවට අලුත් මානයක් එකතු කරපු ප්‍රමාණයෙන් සාමාන්‍ය කැමරාවලට වඩා, කුඩා කැමරා වර්ගයක්. ගෝ ප්‍රෝ වඩාත් සුදුසු වෙන්නේ ඇක්ෂන් වීඩියෝවලට. සරලවම කිව්වොත් ක්‍රීඩා කටයුතු සහ විවිධ විදියේ ඇක්ෂන් වැඩ කටයුතුවලදී මේ කැමරාව පාවිච්චි කරන්න පුළුවන්. අතේ, පයේ, පපුවේ, හිසේ, නැතිනම් බෝට්ටුවේ, බයිසිකලේ, කාර් එකේ වුණාත් මේ කැමරාව මවුන්ට් කරගෙන ගිහින් ඒ අවස්ථාව වීඩියෝ කරගන්න හැකියාව තියෙනවා. ලංකාවේත් ගෝ ප්‍රෝවලින් ගත්ත ශොට්ස් දැන් රූපවාහිනියේ සහ සිනමාවෙත් දකින්නට තියෙනවා. ගෝ ප්‍රෝ කැමරා‍වල ක්ලිප් ටිකක් එඩිට් කරලා අපි යන සංචාරයක ලස්සන වීඩියෝ එකක් හදාගන්නත් ගෝ ප්‍රෝවලින්ම ලබාදෙන ගෝ ප්‍රෝ Quick ස්ටූඩියෝ සොෆ්ට්වෙයාර් එක හරහා පුළුවන්කම ලැබෙනවා.

GoPro ලොව හොඳම වෙළෙඳ නාම අතර තාක්ෂණය හා නිර්මාණකරණයෙන් ප්‍රමුඛයා බවට පත්වෙලා තියනවා. අවුරුද්දක international seller warranty එකක් සමඟින් GoPro Hero කැමරාවක් Daraz Savings සතියෙන් තෝරගන්න.

Canon

කැනන් කියන්නේ කැමරා සඳහා ඉහළ කීර්තියක් අත්කරගෙන තියන දිගු කාලයක් ඉඳලා විශ්වාසයක් දිනා ඇති වෙළෙඳ නාමයක්. එහි නවීන NFC සහ Wi-Fi පහසුකම් ඇතුළත් වෙනවා.  ඉහළ කල්පවත්නා බවක් තියන මේ කැනන් කැමරා බඳට විශාල පරාසයක ලෙන්ස් සවි කරන්න පුළුවන්.  කැනන් කැමරාවක් සොයන විට මිරර්ලස් හෝ DSLR කැමරාවක් තෝරාගැනීමේ ඉඩ තියනවා. Canonහි DSLR පරාසය EOS DSLR ලෙස හඳුන්වලා දීලා තියනවා. උසස් කොලිටි එකකින් නිපදවලා තියන මේ කැමරාව බහුකාර්යතාවය හා ආකර්ෂණීයත්වය අතින් ඉදිරියෙන්ම තියනවා. කැමරාකරණයට වැඩි ආසාවක් දක්වන ඔයාලාට Daraz Savings සතිය වෙතින් මේ දවස්වල කැමරාවක් තෝරා ගැනීමේ අවස්ථාව තියනවා.

TV, Audio & Gaming

Nikai TV

රටේ පවතින තත්වයත් සමඟ දැන් ගොඩාක් දෙනා පීඩාවට පත්වෙලා ඉන්නේ. ඒත් හැමතිස්සෙම පීඩනයෙන් ඉන්නවාට වඩා විනෝදාස්වාදයටත් අපි හුරු වුණොත් තමයි අපේ මනසට සහනයක් ලැබෙන්නේ. විනෝදාස්වාදය සඳහා බොහෝදෙනෙක් තෝරා ගන්නේ රූපවාහිනිය. දැන් අලුත් තාක්ෂණය සමඟ මුසු වුණු නවීන රූපවාහිනී යන්ත්‍ර වෙළෙඳපොළට ඇවිල්ලා තියන නිසා ඔයාටත් ඔයාගේ නිවසට අලුත් රූපවාහිනියක් තෝරාගන්න හිතිලා ඇති. Savings සතියෙන් ඔයාගේ ගෙදරට එළියක් එක් කරගන්න පවුලේ කට්ටිය සමඟ එකට වාඩිවෙලා නරඹන්න අලුත් TV එකක් එකතු කරගන්න.

Apple Airpods

වයර් පටලැවෙන කරදරෙන් බේරෙන්න තියන හොඳම විසඳුම තමයි වයර්ලස් Airpod එකක් පාවිච්චි කරන එක. ඒ වගේම තමයි හොඳ කොලිටි එකට සින්දු අහන්නත් ඔයාගේ වැඩ කටයුතු පහසුවෙන් කරගන්නත් Airpod එකක් ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා මේ දවස්වල එයාර්පොඩ් එකක් ගන්න හිතනවා නම් Savings සතියෙන් තෝරගන්න අවස්ථාව තියනවා.

Bluetooth Speaker

විනෝද වෙන්න කැමති අයට ගැළපෙන උපකරණයක් තමයි මේ. කට්ට්ය හැමෝම එකතු වෙලා පොඩි පාටියක් එහෙම දාන වෙලාවට මයික් එකකුත් සමඟ එන මේ වගේ බ්ලූටූත් ස්පීකර් එකක් වටිනා උපකරණයක් වෙනවා. මේ වගේ කාලෙක මෙහෙම දෙයක් මිලදී ගනන් අමාරුයි කියලා හිතෙනවා නම් දුක් වෙන්න එපා දැන් Daraz Savings සතියෙන් සුවිශේෂී වට්ටම් සහිතව මේ වගේ ගැජට්ස් මිලදී ගන්න පුළුවන්.

Smart Watch

ස්මාර්ට් වොච් එකක් කියන්නේ වෙලාව බලා ගැනීමට එහා ගිය අලුත් අත්දැකීමක් ලබාදෙන උපාංගයක්. ස්මාර්ට් ජංගම දුරකථන වගේම ගණනය කිරීම් කරන්න, පරිගණක ක්‍රීඩා කරන්න, සින්දු අහන්න, ෆොටෝස් ගන්න වගේම වැඩ ගොඩාක් ස්මාර්ට් වොච් එකකින් කරගන්න පුළුවන්. ස්මාර්ට් වොච් එකකින් එදිනෙදා ජීවිතය සෑහෙන්න පහසු කරගන්නත් පුළුවන්කම තියනවා. මේ ස්මාර්ට් වොච්වලට සෞඛ්‍ය ක්‍රියාකාරකම් අධීක්ෂණය කරන්නත් පාලනය කරන්නත් පුළුවන්කම තියනවා. ඔයාගේ හිතේත් ස්මාර්ට් වොච් එකක් ගන්න කාලෙක ඉඳලා ආසාවක් තිබුණා නම් මෙදා සැරේ Savings සතියෙන් හොඳ discount එකකට ස්මාර්ට් වොච් එකක් තෝරගන්න.

ටෙක් ගැජට්ස් ගැන උනන්දු වෙන ඔයාලට Savings සතිය සමඟින් Shop කරලා විශේෂ වට්ටම් සහිතව මිලදී ගන්න පුළුවන් Best Tech Products තමයි අපි හඳුන්වලා දුන්නේ. එකවරම මුදල් ගෙවලා මිලදී ගන්න අමාරු නම් වාරික වශයෙන් ගෙවීමේ පහසුකමත් ඔයාලාට හිමිවෙනවා. ඒ නිසා තව තවත් බලාගෙන ඉන්න එපා. ඔයාගේ වැඩ කටයුතු පහසුවෙන් කරගන්න ඔයාට අවශ්‍ය කරන Tech ගැජට්ස් දැන්ම Daraz Savings සතියෙන් මිලදී ගන්න.

Savings සතියෙන් අඩුම මිලට එකම තැනින් ගන්න පුළුවන් Groceries ගැන දැනගන්න  Unbeatable Deals When You Buy Groceries Online ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php