සුවපහසු නිදන කාමරයක් සකසා ගන්න Bedroom Essentials Checklist

සුවපහසු නිදන කාමරයක් සකසා ගන්න Bedroom Essentials Checklist

නිවසක නිදන කාමරය සුවපහසු ලෙස සකසා ගන්න Bedroom Essentials Checklist ගැන හිතන්න වෙනවා. Bedroom Essentials Checklist එක හදාගත්තොත් නිදන කාමරය අංග සම්පූර්ණ කරගන්න අපිට පුළුවන් වෙනවා.

ඔයාගේ නිදන කාමරයටත් Bedroom Essentials Checklist සොයමින් ඉන්නවාද? Daraz Mall වෙතින් ඔන්ලයින් ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන් Bedroom Essentials Checklist ගැන අපි හොයලා බලමු.

නිවසක සුන්දරම අංගයක් තමයි නිදන කාමරය. අපි දවස පුරා මහන්සි වෙලා ඇවිත් වෙහෙස නිවාගන්නේ නිදන කාමරයට ඇවිත්. ඉතිං ඒ නිසාම අපේ නිදන කාමරය මනසට සැහැල්ලුවක් දැනෙන ආකාරයට නිර්මාණය කරගෙන තියෙන්න ඕන. නිදන කාමරය අලංකාර වෙන්න ඕන වගේම, ඒ නිදන කාමරයේ අපිට අවශ්‍ය කලමනාත් තිබුණොත් තමයි අපේ වැඩ කටයුතු සියල්ල පහසුවෙන් කරගන්න පුළුවන් වෙන්නේ. 

නිදන කාමරයක් සම්පූර්ණ කරගන්න අවශ්‍ය  සියල්ල දැන් Daraz වෙතින් ඔන්ලයින් ගෙදරටම ගෙන්වා ගන්න අවස්ථාව තියනවා. Daraz සමඟින් Shop කරලා ඔයාගේ නිදන කාමරයට අවශ්‍ය Bedroom Essentials Checklist අයිටම්ස් සොයාගන්න.

Bedsheets

නිදන කාමරයේ සුව පහසුවට තියෙන්නම අවශ්‍ය නිදන ඇඳයි. ඇතැම් වෙලාවට දවසම මහන්සි වෙලා නිදා ගන්න ඇඳට ආවාම හරියට නින්ද යන්නැති අවස්ථාවලට ඔයාලා මුහුණ දීලා ඇති නේද? ඊට බලපාන එක හේතුවක් තමයි නිදන ඇඳේ අයිතමයන් සුවපහසු නොවීම. Bedsheet එකක් තෝරගනිද්දි හොඳ කොලිටි එකක් තියෙන Bedsheet එකක් තෝරගැනීම අවශ්‍යම දෙයක්. මෘදු, සුවපහසු Material එකේ Bedsheet එකක තමයි සුවබර නින්දක් විඳින්නටත් පුළුවන්‌ වෙන්නේ. ඒ වගේම තමයි Bedsheet එකේ කල්පැවැත්ම ගැනත් හිතන්න වෙනවා. දිගු කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හොඳ කොලිටි එකක Bedsheets ගන්න හොඳම තැන තමයි Daraz Mall.  

ඔයාගේ කාමරයට කෙනෙක් ඇතුල් වෙද්දි ඒ කෙනාගේ ඇස් ඇඳිලා යන්නේ ඔයාගේ නිදන ඇඳේ දාලා තියෙන ඇඳ ඇතිරිලි වෙතටයි. ඔයාගේ නිදන කාමරයේ බිත්තිවල වර්ණයට අනූව ගැළපෙන්න විවිධ වර්ණ සහිත විවිධ ප්‍රමාණයේ ආකර්ෂණීය Bedsheets Daraz වෙතින්ම තෝරගන්න.

Pillows

සමහර අය කියනවා අහලා තියනවා නේද කොට්ටයට ඔළුව තිබ්බ ගමන් නින්ද යනවා කියලා? කොට්ටයට ඔළුව තිබ්බ ගමන් නින්ද යනවා කියන්නේ ඒ කොට්ටය හරිම සුවපහසු වෙන්න ඕන. අපි පාවිච්චි කරන ඇතැම් කොට්ටවල ගොරෝසු ගතියක් දැනෙනවා. එහෙම වුණාම මනසටත් බරයි වගේ දැනෙන්න පුළුවන්. මනස නිදහස් කරගෙන සැහැල්ලු නින්දක් ලබන්න නම් බොහොම සිනිඳු කොට්ටයක් පාවිච්චි කරන්න අවශ්‍යයි. Daraz සමඟින් Shop කරලා ඔයාගේ නිදන ඇඳට ගැළපෙන සැහැල්ලු Pillows මිලදී ගන්න.

Duvets

මේ කාලයේ වැස්සත් වැඩි නිසා සීතල තදින්ම දැනෙනවා නේද? සීතල දේශගුණයක් තියෙද්දි  හොඳට නින්ද නම් යනවා. හැබැයි සීතල වැඩි වෙද්දි අපිට ඒක දරාගන්න අමාරුයි. ඉතිං ඒ නිසා සීතල වෙලාවට උණුසුමක් ලබන්න Duvets පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ කාමරය වායු සමීකරණය කරලා නම් තියන්නේ සීතල ගතිය වැඩියෙන් දැනෙනකොට Duvets එක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. මේ වගේ මෘදු Duvets එකක් පාවිච්චි කරොත් රාත්‍රී කාලයේ සුවබර නින්දක පහස විඳගැනීමේ ඉඩ තියනවා.

Storage Boxes

නිදන කාමරයක් පිළිවෙළට තියාගන්න එක ඒ කාමරයේ ඉන්න කෙනාගේ වගකීමක්. ගොඩාක් වෙලාවට ළමයින්ට වෙනම කාමර දීලා තිබුණාත් ඒ කාමර පිළිවෙළකට අස් කරලා තිබුණේ නැත්තම් අම්මලාගෙන් බැනුම් අහන්න සිද්ධ වෙනවා නේද? කාමරයක් වැඩිපුර හැඩි වෙන්නේ කාමරයේ බඩු මුට්ටු එහෙමෙහෙ විසි කරලා දාලා තිබුණාමයි. බඩුමුට්ටු පිළිවෙළකට අඩුක් කරලා තිබුණොත් එහෙම අපිළිවෙළ වෙන්නේ නෑ. ඔන්න ඒ නිසා ඔයාගේ කාමරයේ තියෙන විවිධ කලමනා පිළිවෙළකට අඩුක් කරලා තියාගන්න පාවිච්චි කරන්න පුළුවන් හොඳම දෙයක් තමයි Storage boxes. Daraz Mall වෙතින් ඔයාගේ බඩුමුට්ටුවල ප්‍රමාණයට අනුව හොඳ කොලිටියකින් හදලා තියන Storage boxes තෝරගන්න පුළුවන්.

Shoe Rack

කාන්තාවන් Shopping කරන්න හරිම කැමැත්තක් දක්වනවා. Shopping යන හැම වතාවකම මොනාහරි දෙයක් අරගෙන තමයි එන්නේ. හිස් අතින් නම් එන අවස්ථා හරිම අඩුයි. Shopping කරලා ගන්න දේවල් අතරේ වැඩිපුරම ගන්න දෙයක් තමයි සපත්තු, සෙරෙප්පු. Shopping යන යන සැරේට සපත්තු අරගෙන ඇවිත් කාමරයේ දැන් වැඩිපුරම තියන්නේ සපත්තු සෙරෙප්පු නේද? ඇඳුම්වල පාටවලට ගැළපෙන්න විවිධ වර්ගයේ සපත්තු නිතර මිලදීගෙන කාමරය පුරාවට ගොඩගැහිලා ඇති. තැන තැන සෙරෙප්පු විසිරිලා තියද්දි කාමරය තවත් අපිළිවෙළ වෙනවා. ඉතිං ඒකට හොඳම විසඳුම තමයි Shoe Rack එකක් ඔයාගේ නිදන කාමරයේ තියාගන්න එක. ඔයාගේ සෙරෙප්පු සපත්තු ඔක්කොම මේ Shoe Rack එකේ පිළිවෙළකට පෙළගස්වලා තියන්න පුළුවන්. ගමනක් යද්දි ඒ ගමනට ගැළපෙන සපත්තු දෙකත් තෝරගන්න Shoe Rack එකේ පිළිවෙළට තියලා තියන එක පහසුවක් වෙනවා.

Rechargeable Fan

කාලගුණය ගැන අපිට විශ්වාසයක් තියාගන්න බෑ. වෙලාවකට හයියෙන් වැහැලා ගොඩාක් සීතල වෙනවා. තවත් වෙලාවකට හොඳටම රස්නෙ දැනෙන්න පටන් ගන්නවා. කොහොම වුණාත් අපි කවුරුත් ෆෑන්වලට නම් දැන් හුරුවෙලා ඉන්නේ. ඉතිං ඔයාගේ කාමරේත් Table Fan එකක් තියාගත්තා නම් හොඳයි නේද? මේ දවස්වල කරන්ට් එකත් කපන නිසා කරන්ට් ගිය වෙලාවට කාමරේ අතුලේ ඉන්න හරිම අමාරුයි. ඒ  වගේම පාඩම් වැඩ කරන අයට, ගෙදර ඉඳන් වැඩ කරන අයට කරන්ට් ගිය වෙලාවට ලැප්ටොප් එකේ බැටරි තිබුණාත් කාමරේ ඇතුලේ රස්නේ නිසා කිසිම වැඩක් කරගන්න බැරි වෙනවා. ඒකට තියන හොඳම විසඳුම තමයි ඔයා වැඩ කරන මේසයේ තියන්න Rechargeable Fan එකක්ම ගන්න එක. දැන් Daraz Mall වෙතින් ඔයාගේ කාමරේට අවශ්‍ය කරන මේ වගේ අයිටම්ස් මිලදී ගන්න අවස්ථාව තියනවා.

Laptop Table

නිදන කාමරය අපිට සුවපහසු විදියට සකසාගන්න අවශ්‍යයි වගේම නිදන කාමරයක් තුළ තමයි අපේ වැඩ කටයුතු පහසුවෙන් නිදහසේ කරගන්නත් පුළුවන්කම ලැබෙන්නේ. ඉතිං ඒ නිසා ඔයාගේ කාමරේට මේසයක් අවශ්‍යම වෙනවා. බලන්නකො මේ වගේ Modern  table එකක් ඔයාගේ කාමරේට කොයි තරම් ගැළපෙනවාද කියලා? දැන් ලංකාවේ ගෙදර ඉඳන් වැඩ කිරීමේ ක්‍රමයත් ජනප්‍රිය වෙලා තියන නිසා ගෙදර ඉඳන් වැඩ කරන්න පුළුවන් විදියට ඔයාගේ කාමරය පිළියෙළ කරගන්න වෙනවා. ‌මේ වගේ Table එකක් ඔයාගේ කාමරේට එකතු කරගත්තොත් ඔෆිස් එකේ වැඩ කටයුතුත් හරිම පහසුවෙන් කරගන්න පුළුවන්. ලැප්ටොප් එක තියාගෙන පහසුවෙන් වැඩ කරන්නත් අනෙකුත් Documents ඔක්කොම පිළිවෙළකට අඩුක් කරගන්නත් මේ Desk එකේ හොඳට ඉඩකඩ තියනවා. ඒ වගේම පාඩම් වැඩ කටයුතු කරන තරුණ ළමයින්ටත් මේ වගේ Table එකක් ගොඩාක් ප්‍රයෝජනවත් වේවි. 

මේ වගේ Table එකක් ඔයාගේ කාමරයට එකතු කරගත්තාම කාමරයට අමුතු එළියක් වගේම අලංකාරයක් එකතු වෙනවා. ලීවලින් හදලා තියන නිසා කල්පැවැත්ම අතිනුත් ඉතා ඉහළයි. ඒ නිසා ගාණ ටිකක් වැඩියෙන් දීලා ගත්තාත් දිගු කාලයක් පාවිච්චි කිරීමේ වාසිය තියනවා.දැ න්ම Daraz සමඟින් Shop කරලා මෙවැනි වටිනා උපාංග ඔයාගේ කාමරේට එක් කර ගන්න.

Table Clock

වෙලාවට වැඩ කරන්න ඔයා පුරුදු වෙලාද ඉන්නේ? ගොඩාක් අයට වෙලාවට වැඩ කිරීමේ පුරුද්ද නම් නෑ. හැබැයි ජීවිතේ හරියට ඉදිරියට යන්න නම් වෙලාවට වැඩ කිරීමේ පුරුද්ද අපි ඇති කරගන්න ඕන. ඔයා ඔෆිස් එකේ වැඩ කරද්දි, පාඩම් වැඩ කරද්දි වෙලාව හරියට කළමනාකරණය කර ගැනීම අත්‍යවශ්‍යම දෙයක් වෙනවා. ඒ නිසා නිතර වෙලාව බලන්න Table Clock එකක් ඔයාගේ මේසයේ තියාගමුද? මේ වගේ හුරුබුහුටි Table Clock එකක් තියාගත්තොත් මේසයේ ඉඩකඩ ඇහිරෙන්නෙත් නෑ. ටයිම් කරලා පාඩම් කරන්නත් ඔෆිස් එකේ වැඩ වෙලාවට ඉවර කරලා දෙන්නත් මේ වගේ Clock එකක් ඔයාගේ ළඟම තියාගෙන ඉන්න එක ලොකු උදව්වක් වෙයි.

තමන්ගේ කාමරය අංග සම්පූර්ණව සුවපහසු ආකාරයට තියාගන්න කැමති අයට අදහසක් දෙන්න තමයි අපි අද Bedroom Essentials Checklist දුන්නේ. Daraz සමඟින් Shop කරන ඔයාලාට Daraz Mall වෙතින් මේ හැමදෙයක්ම මිලදී ගැනීමේ අවස්ථාව තියනවා. කාමර‌යේ නිඳන ඇඳට අවශ්‍ය ඇඳ ඇතිරිලි, කොට්ට මෙට්ට වගේම තමන්ගේ කාමරයේ ඉඳන් වැඩ කටයුතු නිදහසේ කරගන්න අවශ්‍ය කරන මේස, පුටු, ෆෑන් මේ ඕනම දෙයක් Daraz Mall වෙතින් සුවිශේෂී වට්ටම් හා දීමනා සමඟින් මිලදීගෙන ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්. තව තවත් බලාගෙන ඉන්න එපා. දැන්ම Daraz සමඟින් Shop කරන්න.

Daraz Mall වෙතින් මිලදී ගන්න ‌පුළුවන් ඉලෙක්ට්‍රොනික් උපාංග ගැන දැනගන්න Power Cut Schedule එකට කදිමෙට ගැළපෙන ඉලෙක්ට්‍රොනික් උපාංග ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php