විනෝදයෙන් කාලය ගෙවන්න Coolest Gadgets for Entertainment

විනෝදයෙන් කාලය ගෙවන්න Coolest Gadgets for Entertainment

විනෝදයෙන් ඉන්න නම් Coolest Gadgets for entertainment අපිට පාවිච්චි කරන්න පුළුවන්. හැමදේම අමතක කරලා යම් මෙහොතකට හරි Coolest Gadgets for entertainment අපිට විනෝදාස්වාදයක් සපයනවා.

මේ දවස්වල ඔයාලාත් විනෝදයෙන් ඉන්න Coolest Gadgets for entertainment සොයමින් ඉන්නවාද? Daraz වෙතින් මිලදී ගන්න පුළුවන් Coolest Gadgets for entertainment ගැන අපි අද කියන්න තෝරගත්තා.

රටේ පවතින තත්වයත් සමඟ දැන් ගොඩාක් දෙනා ජීවත් වෙන්නේ දැඩි පීඩනයකින්. බොහෝදෙනාගේ ජීවිත තුළින් දැන් විනෝදය ඈත් වෙලා ගිහින් තියනවා. හැමදෙනාම එදිනෙදා ජීවිතය ගැටගසා ගන්න අවශ්‍ය දේ සොයමින් දැඩි සටනක නිරත වෙනවා. ඒ නිසාම විනෝද වෙන්න කාලයක් නැතිවෙලා. ඒත් මොනතරම් ගැටලු,පීඩා තිබුණාත් අපේ මනස සැහැල්ලුවෙන් තියාගන්න අපි පුරුදු වෙන්න ඕන.  මනස සැහැල්ලුවෙන් තියාගෙන විනෝදයෙන් කාලය ගත කරාම අපිට විවිධ ප්‍රශ්නවලට වුණාත් සාර්ථකව මුහුණ දෙන්න හැකියාව ලැබෙනවා.

තාක්ෂණයත් සමඟ සියලු දේ ගමන් කරන මේ කාලයේ විනෝදාස්වාදය ලබාගන්නත් තාක්ෂණික උපාංග ලොකු උපකාරයක් වෙනවා. තරුණ තරුණියන් අතර ටෙක් ගැජට්ස් භාවිතය දැන් ගොඩාක් ජනප්‍රිය වෙලා තියන්නේ. හැමෙද්ම තාක්ෂණය මත තීරණය වන මේ කාලයේ විනෝදාස්වාදය ලබන්නත් ඉලෙක්ට්‍රොනික් ගැජට්ස් නැතුවම බැරි දෙයක් වෙලා.

ඉතිං මේ කාලයේ තියන පීඩනවලින් ඈත් වෙලා මඳකට හෝ යම් සහනයක් ලබාගෙන විනෝදයෙන් කාලය ගත කරන්න Daraz Mall වෙතින් තෝරගන්න පුළුවන් Coolest Gadgets for entertainment මොනවාද කියලා අපි බලමු.

Smart TV

අතීතයේ පටන් හැමදෙනාම විනෝදාස්වාදය සඳහා වැඩි වශයෙන් භාවිතා කළේ රූපවාහිනියයි. බොහෝදෙනාගේ එදිනෙදා ජීවිතයේ කොටසක් බවට රූපවාහිනිය පත්වෙලා තියනවා. මුළු දවසම වෙහෙස මහන්සි වෙලා ඇවිත් ඒ වෙහෙස නිවාගන්න රාත්‍රි කාලයේ රූපවාහිනිය නරඹන්න බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා. ඒ විතරක් නෙවෙයි රූපවාහිනිය නරඹන්න පවුලේ හැමදෙනාම එකට එකතු වෙනවා. ඒ නිසා පවුලේ අය එකතු කරවන උපකරණයක් හැටියටත් TV එක පත්වෙලා තියනවා.

දැන් නවීන තාක්ෂණයත් සමඟ සාමාන්‍ය රූපවාහිනියට එහා ගිය ස්මාර්ට් TV කරලියට ඇවිත්. ඔයාලා කැමති නාට්‍ය මාලා, ක්‍රිකට් මැච්, විවිධ වැඩසටහන් නැරඹීමේදි ඉස්සරට වඩා දියුණු අත්දැකීමක් විඳගන්න ස්මාර්ට් TV  හරහා ඉඩ හසර ලැබිලා තියනවා. HDMI, USB සම්බන්ධ කිරීමේ හැකියාවත් තියනවා. ඒ වගේම Wi-Fi හරහා අන්තර්ජාලයට සම්බන්ධ වීමේ හැකියාව, සමාජ මාධ්‍ය භාවිතා කිරීම, Games Play කිරීම, චිත්‍රපට ඩවුන්ලෝඩ් කිරීම ආදි වැඩි දියුණු කළ තාක්ෂණයේ උපරිම වින්දනයක් ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ නිසාම විනෝදාස්වාදය උදෙසා ස්මාර්ට් ටීවී එකක් කදිම ඉලෙක්ට්‍රොනික් උපාංගයක් වෙනවා. Nikai, Maxmo, Samsung, Toshiba වැනි වෙළෙඳ නාමවලට අයත් ස්මාර්ට් ටීවී Daraz Mall වෙතින්ම මිලදී ගන්න පුළුවන්.

Smart Watch

ස්මාර්ට් වොච් එකක් කියන්නේ සාමාන්‍ය ඔරලෝසුවකින් සිදු කරන වෙලාව බලා ගැනීමට එහා ගිය කාර්යන් රැසක් ඉටු කරන ඉලෙක්ට්‍රොනික් උපාංගයක්. ස්මාර්ට් ජංගම දුරකථන වගේම ගණනය කිරීම් කරන්න, පරිගණක ක්‍රීඩා කරන්න, සින්දු අහන්න, ෆොටෝස් ගන්න වගේම වැඩ ගොඩාක් ස්මාර්ට් වොච් එකකින් කරගන්න පුළුවන්. ස්මාර්ට් වොච් එකකින් එදිනෙදා ජීවිතය සෑහෙන්න පහසු කරගන්නත් පුළුවන්කම තියනවා. මේ ස්මාර්ට් වොච්වලට සෞඛ්‍ය ක්‍රියාකාරකම් අධීක්ෂණය කරන්නත් පාලනය කරන්නත් පුළුවන්කම තියනවා. ඒ නිසාම තරුණ පිරිස අතර ස්මාර්ට් ෆෝන් තරමටම දැන් ස්මාර්ට් වොච් ජනප්‍රිය වෙලා.

බලන්නකො මේ වගේ ස්මාර්ට් වොච් එකක ECG පහසුකමත්, Heart Rate එක බලාගැනීමේ හැකියාවත් තියනවා. ජංගම දුරකථනයට ලැබෙන නොටිෆිකේෂන්ස් ලැබෙනවා වගේම ෆෝන් එකට එන කෝල් Answer කරන්නත් පුළුවන්. Photos, Calendars හැමදේම ෆෝන් එක ළඟ නැති වුණාත් බලා ගැනීමේ පහසුකම තියනවා. Water Resistant තාක්ෂණය තියන නිසා වතුරටත් දූවිලිවලටත් හොඳින් ඔරොත්තු දෙනවා. ඒ නිසා විනෝදාස්වාදය සඳහා හොඳින්ම ගැළපෙන අයිට්ම් එකක් කියන්න පුළුවන්. Xiaomi, Haylou, Apple, Samsung, Huawei ඇතුළු වෙළෙඳ නාම රැසක් අතරින් ඔයා කැමතිම වොච් එක‌ තෝරගන්න.

Portable Speaker

සංගීතයට සවන් දෙන්න අපි කවුරුත් කැමතියිනේ. විනෝදස්වාදය සඳහා සංගීතය රසවිඳින්න කවුරුත් හුරුවලො ඉන්නවා. වයර් පටලැවෙන කරදරේ නැතුව, අතේ ගෙනියන්න පුළුවන් මේ වගේ ස්පීකර් එකක් තිබුණොත් ඔයාට ඕනම වැඩක් කරන ගමන් වුණාත් සංගීතයට සවන්දෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගෘහණියන්ට කුස්සියේ වැඩ කරන අතරතුරේ වුණාත් මේ වගේ ස්පීකර් එකක් තිබුණොත් සින්දු අහන ගමන් බොහොම සැහැල්ලුවෙන් වැඩ කටයුතුත් කරගන්න අවස්ථාව තියනවා.  ඒ නිසා ඔයාත් Portable Speaker එකක් සොයන්නේ නම්, වෙළඳපොළේ දැනට ජනප්‍රිය විකල්ප කිහිපයක් තියනවා. JBL Go 2, JBL Go 3, සහ JBL Xtreme කියන්නේ හොඳ ඉල්ලුමක් තියන අතේ ගෙන යා හැකි ස්පීකර් කිහිපයක්. JBL ඔවුන් නිෂ්පාදනය කරන ඉලෙක්ට්‍රොනික් උපකරණවල ගුණාත්මකභාවය සහ ඔවුන් වෙළඳපොළට උපාංග ලබා දෙන සාධාරණ මිල සඳහා දිගුකාලීන කීර්තියක් ලබාගෙන තියනවා.

AirPods

ඔයා නිතරම සින්දු අහන්න කැමති කෙනෙක් නම් උපරිම සංගීතයක් රසවිඳින්න හොඳම උපාංගයක් තමයි AirPods දෙකක් පාවිච්චි කරන එක. Air Podsවලත් වයර් පටලැවෙන කරදරේ නැති නිසා පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. මේ  AirPod එකේ තියන sound කොලිටි එක නිසා හරිම පැහැදිලිව මිහිරි සංගීතය විඳින්න ඉඩ ලැබෙනවා. විනෝදාස්වාදය වෙනුවෙන් තමන්ගේම ලෝකයක ඉඳලා සින්දු අහන්න කැමති අයට මේ වගේ කොලිටි Air Pod එකක් Daraz Mall වෙතින් මිලදී ගන්න පුළුවන්.

Electric Guitar

විනෝදාස්වාදය සඳහා බොහෝදෙනෙක්ගේ තෝරා ගැනීම වෙන්නේ සංගීතය. හැමෝම සංගීතය රසවිඳින්න කැමතියි. ඒත් සංගීතයේ ගායන, වාදන හැකියාව හැමෝටම ඇති වෙන්නේ නෑ.සංගීත භාණ්ඩ අතරින් නිදහසේ වාදනය කරන්න පුළුවන් සංගීත භාණ්ඩයක් තමයි ගිටාරය. ගිටාර් Play කිරීම බොහෝ දෙනෙක් විනෝදාංශයක් හැටියට තෝරගෙන තියනවා. ඔයාලාටත් ගිටාර් එකක් Play කරන්න ඉගෙන ගන්න ආසාවක් තියනවා නම් ගිටාර් වාදනයට ආධුනිකයන්ට පවා හොඳින්ම ගැළපෙන්නේ මේ වගේ ඉලෙක්ට්‍රික් ගිටාර් එකක්. සංගීතය ඉගෙන ගනිමින් රසවින්දනයක් ලබන්න සංගීත භාණ්ඩ සඳහා ඉහළ නාමයක් දිනා තිබෙන Yamaha වැනි වෙළෙඳ නාම සහිත ගුණාත්මක ඉලෙක්ට්‍රික් ගිටාර් එකක් Daraz Mall වෙතින් තෝරාගන්න.

Portable Keyboard

පවුලේ කට්ට්ය හැමෝම එකතු වෙන අවස්ථාවක සංගීතය එක්කර ගත්තොත් ඒ අවස්ථාව වඩාත් සුන්දර වෙනවා නේද? සංගීත භාණ්ඩ අතර බොහෝදෙනෙක්ට පහසුවෙන් වාදනය කරන්න පුළුවන් සංගීත භාණ්ඩයක් තමයි Keyboard එක.  ඒ වගේම තමයි Keyboard එකෙන් නිකුත් වන මිහිරි සංගීතය අප සැමගේ සිත් සුවපත් කරනවා. USB Power Adopter එකක් සමඟ සම්බන්ධ කළ හැකි මේ වගේ Poratble Keyboard එකක් විවිධ සංගීත නාද රසවිඳිය හැකි වටිනා ඉලෙක්ට්‍රොනික් උපාංගයක් වෙනවා.Daraz Mall එකේ Shop කරලා Yamaha වැනි ප්‍රියතම වෙළෙඳ නාම සහිත Keyboard එකක් සංගීතය රසවිඳින්න තෝරගන්න පුළුවන්.

Sony PlayStation

විනෝදාස්වාදය සඳහා එක් එක් අය විවිධ මාධ්‍ය තෝරා ගන්නවා.  ඒ අතරින් බොහෝ තරුණ පිරිස් Games Play කරන්න වැඩි කැමැත්තක් දක්වනවා.  ඔයාලාත් අපුරු ක්‍රීඩා අත්දැකීමක් සොයන්නේ නම්, Sony Playstation ක්‍රීඩා කොන්සෝලය කදිම උපකරණයක් වෙනවා. කැමති ඕනෑම ප්‍රභේදයක ජනප්‍රිය ක්‍රීඩා දහස් ගණනක්  මෙයින් සොයාගන්න පුළුවන්. ක්‍රීඩා කොන්සෝලයක් සොයමින් ඉන්නවා නම් Sony Playstation එකක් Daraz Mall වෙතින්ම තෝරගන්න.

Home Theatre Systems

Home Theatre Systems පවුලේ අයට සහ මිතුරන්ට විනෝදාස්වාදය සඳහා එක්වීමට ඉඩක් නිර්මාණය කරනවා.  අපි විනෝදාස්වාදය සඳහා බොහෝ වෙලාවට තනි තනියෙන් සංගීතය රසවිඳින්න, විත්‍රපට වැඩසටහන් ආදිය නරඹන්න පුරුදු වෙලා ඉන්නවා.  ඒ නිසා බොහෝ වෙලාවට පුද්ගලිකව පාවිච්චි කරන්න පුළුවන් ‌ඉලෙක්ට්‍රොනික් උපාංග තමයි තෝරා ගන්නේ. මේ නිසා බොහෝ විට පවුලේ අය අතර දුරස්ථභාවයක් වුණාත් ඇති වෙනවා.  ඒත් Home Theatre Systems එකක් හරහා හැම කෙනෙකුගේම අවධානය එක් තිරයක් වෙත ආකර්ෂණය කර ගැනීමේ හැකියාව තියනවා. මේ වගේ උපකරණයක් නිවසක ඉන්න සියලුදෙනාව එකට එකතු කරවන අංගයක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්.

විනෝදාස්වාදය සඳහා සංගීතය රසවිඳින්න, චිත්‍රපට, නාට්‍ය වැඩසටහන් ආදිය නරඹන්න, සංගීත භාණ්ඩ සමඟින් විනෝද වෙන්න, Games Play කරන්න වගේ විවිධ ක්‍රියාකාරකම් එක් එක් අය තෝරාගෙන තියනවා. ඒ සියලුම දෙනාට මේ වගේ Coolest Gadgets for entertainment බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා. ‌මේ සියලුම ගැජට්ස් Daraz Mall සමඟින් Shop කරලා මිලදී ගැනීමේ අනඟි අවස්ථාව ඔයාලාට තියනවා. ප්‍රියතම වෙළෙඳ නාමයන් සඳහා සුවිශේෂී වට්ටම් සහිතව ඉහළ ගුණාත්මකභාවයක් ඇති උපකරණ Daraz Mall වෙතින්ම තෝරගෙන ගෙදරටම ගෙන්වා ගන්න.

 අනාගත ගුරුවරුන්ට අවශ්‍ය වන ඉලකේට්‍රොනික් උපාංග ගැන දැනගන්න Must-Have Electronics for Futuristic Teachers in 2022 ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php