අලුත් ගෙදරකට ප්‍රයෝජනවත් 7 Hardware Items Online

අලුත් ගෙදරකට ප්‍රයෝජනවත් 7 Hardware Items Online

අලුත් ගෙදරකට Hardware Items Online මිලදී ගන්න දැන් අවස්ථාව තියනවා. Hardware Items Online මිලදී ගන්න ලැබෙන එක කාටත් ලොකු වාසියක්.

ඔයාලාත් මේ දවස්වල අලුත් ගෙදරට Hardware Items Online මිලදී ගන්න සොයමින් ඉන්නවාද? ඔන්න එහෙනම් Hardware Items Online සඳහා හොඳම තැන හඳුන්වාදෙන්න අපි සූදානම්.

ජීවිතේ අලුතෙන් පටන් ගන්න අලුත බැඳපු කපල් එකක් ගොඩාක් වෙලාවට තෝරගන්නේ අලුත් නිවසක්. නව නිවසකට යද්දි ගෙදරට අවශ්‍ය හැමදේමත් අලුතෙන් ගන්න කවුරුත් පුරුදු වෙලා ඉන්නවා. ගෘහ උපකරණ, නිදන කාමරයේ කලමනා, කුස්සියට අවශ්‍ය උපකරණ මේ හැමදේම අලුතෙන් එකතු කරගෙන තමයි ගෙදර එළිය කරගන්න උත්සාහ කරන්නේ. ඒත් මෙතනදි ගොඩාක් දෙනෙක්ට අමතක වෙන දෙයක් තියනවා. ඒ තමයි Hardware Items. Hardware Items කියන්නේ ගෙදරකට අත්‍යවශ්‍යම දෙයක්. ඒත් ගොඩාක් දෙනෙක් මේ වගේ මෙවලම් ගැන හිතන්නේ නෑ.

ගෙදර ලස්සන කරන උපකරණ ගැන වැඩියෙන් හිතනවා මිසක් මේ වගේ ප්‍රයෝජනවත් දේවල් අලුත් ගෙදරකට අරගෙන තියාගන්න එක ගොඩාක් දෙනෙක්ට මඟ හැරෙනවා. හැබැයි නිවසේ අලුත්වැඩියා අවස්ථාවක Hardware Items ගෙදර නැති වුණාම දැඩි අපහසුතාවයකට පත්වෙන්න සිදුවෙනවා. දැන් කාලයේ වැඩක් කරගන්න Technician කෙනෙක් හොයාගන්න එකත් එතරම් ලේසි දෙයක් නෙවෙයි. ඒ නිසා අලුත් නිවසකට යන ඔයාලා ගෙදරට අවශ්‍ය කරන Hardware Items ටිකත් අරගෙන යන්න අමතක කරන්න එපා.

Hardware Items Online මිලදී ගන්න Daraz වෙතින් කදිම අවස්ථාවක් තියනවා. Daraz සමඟින් Shop කරලා ඔයාගේ අලුත් නිවසට ප්‍රයෝජනවත් වෙන Hardware Items Online ගෙදරටම ගෙන්වා ගන්න.

Ladder

යම් වැඩක් අපිට කරන්න බැරි උසකට වඩා ඉහළින් තියද්දි ඒ උසට ළඟා වෙන්න අපි  පාවිච්චි කරන උපකරණය වෙන්නේ ඉණිමඟ. විශාල නිවසක් වුණාත් කුඩා නිවසක් වුණාත් ඕනම නිවසක ඉණිමඟක් නම් වරද්න්නැතුවම තියෙන්න අවශ්‍ය දෙයක්. ඉණිමඟ නිවසක ගොඩාක් වැඩවලට උපකාරයක් වෙනවා. නිවසක එදිනෙදා භාවිතය සඳහා, කෙටි ඉණිමඟක් භාවිතා කරනවාට වඩා වෙනස් කළ හැකි උස සැකසුම් සහිත ඉණිමඟක් ලබා ගැනීම වඩාත් සුදුසු වෙනවා. උස ඉණිමඟක් ප්‍රයෝජනවත් වෙන්නේ විශේෂම අවස්ථාවකට විතරක් වෙන්න පුළුවන්. ඒත් තමන් තනියෙන් නිවසේ වැඩක් කරන්න හෝ  ගෙදරට එන Technician කෙනෙක්ට පාවිච්චි කරන්න හෝ නැමිය හැකි ඉණිමඟක් හොඳ විසදුමක් වෙනවා.

අලුත් නිවසකට ඉණිමඟක් අනිවාර්යෙන්ම ප්‍රයෝජනවත් වෙනවා. සරල අවස්ථාවක් හැටියට,  තද සුළඟක් තිබුණු වෙලාවට ගසක අත්තක් වහළෙට වැටුණොත් වහළය දෙසට පඩිපෙළක් හදලා නැත්තම්,  ගැටලුව විසඳන්න වහළය උඩට යන්න ඉණිමඟක් අවශ්‍ය වෙනවා. ඒ නිසා හදිසි අවස්ථාවලදී, ඉදිකිරීම් කටයුතු සඳහා වගේම අවට දර්ශනය භුක්ති විඳීමට විනෝදය සඳහාත් වහළයට නැගීමට අවශ්‍ය වුණොත්, ඉණිමඟක් තියාගන්න එක හැමවිටම සුදුසු වෙනවා. ඔයාගේ අලුත් ගෙදරට ඉණිමඟක් ගන්න බැරි වුණා නම් අසල්වැසියන්ට කරදර කරන්න එපා Daraz වෙතින් Swisstek වැනි වෙළෙඳ නාමවලට අයත් ඉණිමඟක් ඔන්ලයින්ම මිලදී ගන්න.

Power Drill

Power drill එකක් කියන්නෙත් නිවසකට බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වන මෙවලමක්. නිවසේ අලුත්වැඩියා කටයුතු සඳහා Power drill එකක් අවශ්‍ය වෙනවා. අත්කම් වැඩ සඳහා කුඩා සිදුරු කැපීමට ඉඳිකටු වැනි තුනී උපකරණ භාවිතා කරන්න පුළුවන් වුණාත්, බිත්තිවල සහ අනෙකුත් මතුපිට විෂ්කම්භය අඟල් පහක් දක්වා සිදුරු කැපීමට විශාල සිදුරු කියත් භාවිතා කරනවා.

රැහැන්ගත සහ රැහැන් රහිත ආකෘති දෙකෙහිම Power drill මිලදී ගන්න පුළුවන්. රැහැන්ගත Power drill වැඩි ස්ථාවරත්වයක් හා ශක්තිය තියනවා. එහෙත්,  ඒවා විදුලි රැහැනකට සම්බන්ධ කළ යුතු වෙනවා. ඇතුළත නැවත ආරෝපණය කළ හැකි ලිතියම්-අයන බැටරි ඇසුරුම් මගින් ක්‍රියාත්මක වන රැහැන් රහිත Power drill පරිශීලකයාට විදුලි රැහැනෙන් නිදහස් වීමට හැකි වෙනවා.

රාක්කයක් එල්ලීම හෝ නානකාමරයේ කණ්නාඩියක් සවි කිරීම වැනි සැහැල්ලු වැඩ සඳහා රැහැන් රහිත Power drill එකක් ප්‍රයෝජනවත් වෙනවා. ඔයාලාගේ අවශ්‍යතාවය අනූව අලුත් නිවසට Power drill එකක් තෝරගන්න පුළුවන්.

Hammer

හරි මිටියක් විශ්වාසදායක සහකරුවෙකු හා සමානයි. මිටියක් අලුත් ගෙදරටකට නැතුවම බැරි උපාංගයක්. කිසියම් නිශ්චිත අරමුණක් සඳහා මිටියක් සොයන්නේ නම්, විවිධ ආකාරයේ තත්වයන්ට ගැළපෙන විදියට මිටි තියෙන බව මතක තබා ගන්න. නිදසුනක් වශයෙන්, ලී වැඩ කරන්නන්ට නිරවද්‍ය මිටි අවශ්‍ය වන අතර වඩු කාර්මිකයන්ට දිගු මිටි අවශ්‍ය වෙනවා. එවිට නිවස වටා ඇති වැඩවලට ගැළපෙන සාමාන්‍ය මිටියක් තියෙනවා. මිටියක් මිලදී ගැනීමට පෙර ඔයාලාගේ අවශ්‍යතාවය කුමක්ද කියලා හිතලා බලන්න.

 අපි අහලා තියනාව හදිස්සියකට ඇණයක් ගහන්න මිටියක් ගෙදරක තියෙන්නම ඕන කියලා. ඊට අමතරව  සාමාන්‍ය වඩු වැඩ, කැටයම්, නියපොතු ඉවත් කිරීම, කැබිනට් සෑදීම, ගෘහ භාණ්ඩ තැනීම, අලුත්වැඩියා කිරීම, රිවට් කිරීම, ලෝහ ඇඹරීම හෝ හැඩගැන්වීම වැනි විවිධ කාර්යයන් සඳහා මිටි භාවිතා කරනවා. ඔයාගේ අලුත් ගෙදරට විශිෂ්ට මිටියක් මිලදී ගැනීමට අවශ්‍යද? Daraz වෙතින් හොඳම මිටියක් ඔන්ලයින්ම තෝරගන්න.

Screwdriver Set

Screwdriver එකක් කියන්නේ Hardware උපකරණ අතර ගෙදරකට අත්‍යවශ්‍යම දෙයක්. හදිස්සියේ ඇණයක් තද කරන්න, ඇණයක් ගලවන්න වගේ දේවල්වලට Screwdriver වුවමනා වෙනවා. ඒ නිසාම මේ වගේ Screwdriver Set එකක්ම ගන්න එක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. chromium vanadium Steel එකෙන් හදලා තියන මේ වගේ සෙට් එකක හොඳ කොලිටියක් තියන නිසා ඔයාගේ නිවසේ වැඩ කටයුතු පහසුවෙන් කරගන්න උදවුවක් වෙනවා. අවශ්‍ය වැඩ කටයුතුවලදී මෙය බොහොම සුවපහසුවෙන් හසුරවන්නත් පුළුවන්. ඒ නිසා Daraz සමඟින් Shop කරලා  Professional Magnetic Screwdriver Set එකක් අවශ්‍ය වෙලාවෙදි පාවිච්චියට ගන්න ඔයාගේ අලුත් ගෙදරට ගෙනත් තියාගන්න.

Tool Kit

සමහර අලුත්වැඩියා කටයුතු සඳහා නිශ්චිත මෙවලම් අවශ්‍ය බව අපි කවුරුත් දන්නවා. ඒ කොහොම වුණාත් මූලික නිවාස අලුත්වැඩියාවන් සහ සරල නිවාස වැඩිදියුණු කිරීමේ කටයුතු සඳහා අපට බොහෝ අවස්ථාවන්වලදී භාවිතා කළ හැකි සාමාන්‍ය මෙවලම් කිහිපයක් තියෙනවා. ඉස්කුරුප්පු නියන් කට්ටලය, ටේප් මිනුම, සකස් කළ හැකි යතුර, ප්ලයර්ස් කට්ටලය, හැක්සෝ එකක්, එක් එක් අවස්ථාවන් සඳහා මේ වගේ විවිධ මෙවලම් අවශ්‍ය වෙනවා. ඒ නිසා Tool Kit එකක්ම අලුත් නිවසක තියාගන්න එක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි නේද?

Bathroom fittings

අලුත් නිවසක ඉස්තෝප්පුව, කුස්සිය, විසිත්ත කාමර වගේම නාන කාමරයත් පිළිවෙළකට තියාගන්න වෙනවා. ඉතිං එකපාරටම නාන කාමරයේ හදිසි අලුත්වැඩියාවක් කරන්න වුණාම හරියට මෙවලම් තිබුණේ නැත්තම් අපහසුතාවයට පත් වෙනවා නේද? නානකාමරයේ පෙනුම සම්පූර්ණ කරන්න සින්ක් සිට ටැප් දක්වා සියලුම අංග එකතු කළ යුතු වෙනවා. නාමකාමරය කියන්නෙම පිළිවෙළකට පිරිසිදුව තියෙන්නම අවශ්‍ය තැනක්. නාන කාමරයේ එක උපාංගයක් හරි අඩු වුණොත් ගෙදර ඉන්න සියලු දෙනාට ඒ අපහසුතාවය හොඳින්ම දැනෙනවා. ටැප් එකක්, හෑන්ඩ් ෂවර් එකක් වගේ දෙයක් කැඩුණාම එය නාන කාමරයේ මොනතරම්  අඩුපාඩුවක් දැනෙනවාද? ඒ නිසාම නාන කාමරයට Bathroom fitting Items තෝරගනිද්දි හොඳ ගුණාත්මකභාවයක් තියෙන Items තෝරාගන්න අමතක කරන්න එපා. මේ වගේ Items හොයන්න විශාල කාලයක් හා මිලක් වැය වෙන්න පුළුවන්. ඒත් Daraz වෙතින් ඔන්ලයින්ම බොහොම පහසුවෙන් හොඳ කොලිටියක් තියන මේ වගේ Items ගෙදරටම ගෙන්වා ගන්න ලැබීම ඔයාලාට ලැබිලා තියන ලොකු වාසියක්.

Gardening Tools

අලුත් නිවසක නිවසේ ඇතුළාන්තය විතරක් නෙවෙයි නිවසක ගෙවත්තත් බොහොම සුන්දර ලෙස තියාගන්න වෙනවා. අලුත බැඳපු කපල් එකක් අලුත් ගෙදරකට ගියාම ඒ අයව බලන්න අමුත්තෝ නිතරම එන්න පටන් ගන්නවානේ. ඉතිං එතකොට නිවසේ ඇතුළට යන්නත් කලින් ගෙවත්ත දෙසට තමයි ඇස් යොමුවෙන්නේ. ඒ නිසා තණකොළ කපලා, ගස්වල අතු කපලා ගෙවත්ත අලංකාරව තියාගන්න නම් Gardening Tools අවශ්‍ය වෙනවා.

Swisstek, Hunters, Esogoal, Gearbong, Watertec වැනි ඉහළ විශ්වාසයක් දිනා තිබෙන වෙළෙඳ නාමවලට අයත් Gardening Tools, Bathroom fittings ඇතුළු අනෙකුත් Hardware Items Daraz වෙතින් තෝරාගන්න.

අලුත් නිවසකට මේ වෙද්දි ගිහින් ඉන්න, ඉදිරියේදී අලුතෙන් විවාහා වෙලා අලුත් නිවසකට යන්න බලාපොරොත්තු වෙන අයට ගෙදරකට අවශ්‍ය අනෙකුත් උපකරණ වගේම Hardware උපකරණත් අමතක කරන්නැතුව ගන්න තමයි අපි අද Hardware Items Online හඳුන්වලා දුන්නේ. Daraz වෙතින් මේ සියලුම උපකරණ ඔන්ලයින් ඕඩර් කරලා ඔයාගේ ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්. ඔයා සොයන Hardware Items Online තෝරගන්න දැන්ම Daraz සමඟින් Shop කරන්න.

අලුත් ගෙදරක කුස්සියට අවශ්‍ය ඉලෙක්ට්‍රොනික් උපකරණ ගැන දැනගන්න කුස්සියේ වැඩ පහසු කරවන Best Electric Kitchen Appliances ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php