අපූරු ක්‍රිකට් අත්දැකීමක් විඳගන්න Cricket Fan Essentials

අපූරු ක්‍රිකට් අත්දැකීමක් විඳගන්න Cricket Fan Essentials

ශ්‍රී ලංකාවේ කොතැන හිටියාත් ක්‍රිකට් විඳින්න Cricket Fan Essentials අවශ්‍යයි. අපේ රටේ වැඩියෙන්ම ජනප්‍රිය  ක්‍රීඩාව ක්‍රිකට් නිසා Cricket Fan Essentials බහුලව භාවිතා කරනවා.

ඔයාලාත් ක්‍රිකට් ලෝලීන් නම් Cricket Fan Essentials සොයනවා නේද? අපූරු ක්‍රිකට් අත්දැකීමක් විඳගන්න Daraz වෙතින් Cricket Fan Essentials තෝරාගන්න අවස්ථාව තියනවා.

හැමදෙනාම ක්‍රිකට් ක්‍රීඩාව කරන්න යොමු වුණේ නැතත් ක්‍රිකට්වලට ලොකු පොඩි වයස් භේදයකින් තොරව අපේ රටේ හැමෝම දක්වන්නේ දැඩි ඇලුම්කමක්. ක්‍රිකට්‌ ලෝලීන් වශයෙන් ක්‍රිකට් තරග නරඹන්න තියන අවස්ථා නම් ලේසියෙන් මඟහැර ගන්නේ නෑ. ක්‍රිකට් තරග පැවැත්වෙන අවස්ථාවලදී කණ්ඩායම් හැඟීම පෙන්වමින් අපගේ තරගකරුවන්ට සහාය දක්වන්න අපේ ජනතාව විවිධ ක්‍රම යොදාගන්නවා. ඇඳුම් පැළඳුම්, කොණ්ඩ මෝස්තර, Body Paints, ජාතික කොඩි වගේ විවිධ ක්‍රම හරහා තම සහාය පෙන්නුම් කරන්නේ දැඩි උනන්දුවෙන්. දැන් මේ දිනවලත් අපේ රටේ ජනතාව අතර ක්‍රිකට් පිළිබඳ උනන්දුව වැඩිවෙලා. රටේ පවතින තත්වයත් සමඟ විශාල පීඩාවකට පත්වෙලා ඉන්න අපේ ජනතාවට මෙහොතකට හෝ සතුටක් වින්දනයක් ලැබුණේ පසුගිය දිනවල පැවැති ක්‍රිකට් තරගාවලි හරහායි.   ක්‍රිකට් ගැන උනන්දුව නැවත වැඩිවෙලා තියන මේ කාලයේ ක්‍රිකට් ලෝලීන්ට අවශ්‍ය වන Cricket Fan Essentials ගැන කියන්න අපි අද හිතුවා. 

ක්‍රිකට් තරගාවලිවලදී තරගකරුවන්ට සහාය දැක්වීමටත් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන්න කැමති අයටත් අත්‍යවශ්‍ය කළමනා ලැයිස්තුවක් තමයි අපි හඳුන්වාදෙන්නේ. මේ සියල්ල Daraz වෙතින්ම මිලදීගෙන ගෙදරටම ගෙන්වාගන්න පුළුවන්.

Cricket T- Shirt

අපේ ශ්‍රී ලාංකික හැඟීම පෙන්වන්න දැන් විවිධ විලාසිතා යොදාගන්නවා. ජාත්‍යන්තර ක්‍රීඩා අවස්ථාවකට ගියාත් ශ්‍රී ලාංකික බව කැපී පෙනෙන්න ශ්‍රී ලංකා T- Shirt එකකින් සැරසෙන්න පුළුවන්. ලංකා කණ්ඩායමට සහාය දෙන්න අපේ ක්‍රිකට් ලෝලීන් ඕන දුරකට වුණාත් යනවා. ඒ වගේම ක්‍රිකට් පුහුණු වන්නත් අතරත් ශ්‍රී ලංකා ක්‍රිකට් ජර්සිය හා ටී ෂර්ට් බොහොම ජනප්‍රියයි. ඒ නිසාම ක්‍රිකට් ක්‍රීඩා කරන්නන්ටත් ක්‍රිකට් තරග නරඹන්න යන අයටත් Daraz වෙතින් ශ්‍රී ලංකා ක්‍රිකට් ටී ෂර්ට් එකක් තෝරගන්න පුළුවන්.

Cricket Tracksuit Bottom

ඔයා ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙන කෙනෙක් නම්, Tracksuit කිහිපයක්ම තියාගන්න වෙනවා. ක්‍රීඩා කරන්න නම් ඇඳුම් සැහැල්ලුවෙන් ඇඳගෙන ඉන්න අවශ්‍යයි. මේ වගේ Tracksuit Bottom එකක් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන්නන්ට බෙහෙවින් සුවපහසු වෙනවා. ඒ වගේම ක්‍රිකට් තරගයක් නරඹන්න ගියාමත් සැහැල්ලුවෙන් ඉන්න මේ වගේ Bottom එකක් ගැළපෙනවා. ක්‍රීඩාවට තියන ඇලුම්කම ඇඳුමෙනුත් පෙනෙන එක තවත් වටිනවානේ.

Body Paint

තරගාවලියකදී අපේ රටට උපරිම සහයෝගයක් ලබාදෙන්න අපේ ජනතාව උත්සාහ කරනවා. එහිදී තමන්ගේ ජාතිත හැඟීම පෙන්නුම් කරන්න විවිධ ක්‍රම යොදාගන්නවා. ශරීරය වර්ණ ගැන්වීම ක්‍රිකට් තරගාවලි අතර ජනප්‍රියවම දකින්න ලැබෙන දෙයක්. කාන්තා පිරිමි භේදයකින් තොරව දැඩි ක්‍රිකට් ලෝලීන් ශරීරය වර්ණ ගන්වන්නේ බොහොම උනන්දුවෙන්. විවිධ මෝස්තර, විවිධ සටන් පාඨ සඳහන් කරමින් මේ වර්ණ ගැන්වීම් සිදු කරනවා. මෙහිදී ජාතික වර්ණවලින් Paint කිරීමටත් යොමුවෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවට පිස්සු වැටෙන ලෝලීන් Body Painting කිරීම මඟහැර ගන්නේ නැතුවම කරන දෙයක්. ඒ නිසා ක්‍රිකට්වලට ඇලුම් කරන ඔයාලාට ශරීරය වර්ණ ගන්වන්න Body Paint Daraz වෙතින් මිලදී ගන්න අවස්ථාව තියනවා.

Sri Lankan Flag

හැම ක්‍රීඩකයෙක්ම, පුහුණුකරුවෙක්ම, ක්‍රීඩාවන් නරඹන සාමාජිකයන් ද හැමවිටම කටයුතු කරන්නේ ලාංකික හැඟීමෙන්. විශේෂයෙන් ජාත්‍යන්තර ක්‍රීඩා අවස්ථාවලදී චිත්ත ධෛර්ය ඉහළ නැංවීම සඳහා ජාතික කොඩිය කරනවා. හැම‌කෙනාගේම අතේ ජාතික කොඩි ලෙළදෙද්දී තරගකරුවන්ගේ හිතේ දිරිය වැඩි වෙන්න පටන් ගන්නවා. ශ්‍රී ලාංකික කොඩිය ඔසවමින් බැනර්, පෝස්ටර් අල්ලාගෙන සිටීම ජයග්‍රහණය සඳහා දිරිමත් කිරීමට කදිම ක්‍රමයක්. ජාතික කණ්ඩායමට සහාය පළ කරමින් ජාතික කොඩි ලෙළ දෙනවා දැකීමෙන් හිතට අමුතු හයියක් එක් කරනවා.

Cap

ක්‍රිකට් ලෝලීන් ක්‍රිකට්වලට පිස්සු වැටුණාම අව්ව වැස්ස ගැන හිතන්නේ නෑ. ක්‍රිකට් තරගාවලි නරඹන්න ගියාම දවස පුරාම අව්වේ ඉන්න පවා සිදු වෙනවා. අපේ ජනතාව, අපේ කණ්ඩායම ජයග්‍රහණය කරවන්න දිරි ගැන්වීමට දරන්නේ අසීමිත වෙහෙසක් . Cap එකක් පැළඳීම හිරු එළියෙන් ආරක්ෂා වෙන්න උපකාරී වෙනවා. සැහැල්ලු Cap එකක් තෝරගත්තාම දිගු වෙලාවක් අපහසුතාවයක් නැතුව පැළඳගෙන ඉන්න පුළුවන්. අපේ ක්‍රිකට් කණ්ඩායමට සහයෝගය දක්වන්නත්, වෙහෙසක් නැතුව ප්‍රීතියෙන් ඉන්නත් මේ වගේ Cricket Cap එකක්ම තෝරගන්න.

Cricket Bag

ඔයා ක්‍රිකට් ක්‍රීඩකයෙක් නම්, ක්‍රිකට්වලට අවශ්‍ය සියලු උපකරණ ඔයා ගාව තියාගන්න වෙනවා. ක්‍රිකට් පුහුණුවීම්වලට යද්දි මේ සියලු උපකරණ එකට දාලා තියන්න ප්‍රමාණවත් ඉඩක් තියන ගුණාත්මක ක්‍රිකට් බෑග් එකක් ඔයා ළඟ තියාගන්න එක වටිනවා. ක්‍රිකට් බෝල, පිති, හෙල්මට්වලට අමතරව සපත්තු, තුවා, වතුර බෝතල්, අමතර ඇඳුම් කට්ටල මේ හැමදේම දාන්න ඉඩක් අවශ්‍ය වෙනවා.  මේ සියල්ල පහසුවෙන් රැගෙන යන්න ක්‍රිකට්වලටම හරියන Cricket Backpack එකක් පාවිච්චියට ගන්න.

Cricket Ball

ක්‍රිකට් තරගයක තියන හොඳම අංගය වෙන්නේ ක්‍රිකට් පන්දුව කියලා ඔයාලා කවුරුත් දන්නවානේ. පන්දු යැවීමේදී, පහරදීමේදී, පන්දු රැකීමේදී ප්‍රධාන අවධානය යොමු වන්නේ ක්‍රිකට් පන්දුව වෙතටයි. භාවිතා කරන ක්‍රිකට් බෝල වර්ගය ක්‍රීඩාවට සැලකිය යුතු බලපෑමක් කරනවා.  ඒ නිසා ඔයාට ගැළපෙන Cricket Ball එකක් Daraz වෙතින්ම තෝරගන්න. ක්‍රිකට් ක්‍රීඩකයන්ට විතරක් නෙවෙයි විනෝදාංශයක් හැටියට ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙන්නන්ටත් උපරිම ක්‍රිකට් අත්දැකීමක් විඳින්න ගුණාත්මක Cricket Ball එකක් අවශ්‍යම වෙනවා.

Cricket Helmet

ක්‍රිකට් ක්‍රීඩා කරද්දි ක්‍රිකට් බෝලය නිසා බරපතළ තුවාල ඇතිවෙන්න පුළුවන්. ඒ නිසාම ක්‍රිකට් හෙල්මට් නිපදවලා තියන්නේ ක්‍රීඩකයන්ගේ හිස ආරක්ෂා කිරීමටයි. වේගවත් පිති පහරවල් හරහා ක්‍රිකට් බෝල හිසට වැඳීමෙන් ආරක්ෂා වීමට හෙල්මට් පාවිච්චි කරනවා. මේවා අනෙක් ආයිත්තම් තරම් ජනප්‍රිය නැතත් ආරක්ෂාව අතින් නම් අනිවාර්යෙන්ම අවශ්‍ය උපකරණයක්.

Cricket Stump Set

පිත්තක්, පන්දුවක්, කඩුල්ලක් කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය ප්‍රධානම උපකරණ තුනයි. බිමට හිටින්න තියන සිරස් කණු තුන කඩුල්ල හැටියට හඳුන්වනවා. බොහෝ විට කඳන් ලීවලින් තමයි මේවා හදලා තියන්නේ. ක්‍රිකට් ක්‍රීඩකයන්ට මෙන්ම ක්‍රිකට්වලට ඇලුම් කරන ඔයාලාටත් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙන්න Cricket Stump Set එකත් අවශ්‍ය වෙනවා.

Batting Pad

ඕනම ක්‍රීඩාවක යෙදෙද්දි ආරක්ෂාව ගැන වැඩියෙන් හිතන්න වෙනවා. විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩා‌වේ නිරත වෙද්දි පිති, පන්දු සමඟ ක්‍රීඩා කරන නිසා ආරක්ෂිත උපාංග පැළඳ සිටීම අනිවර්ය දෙයක්. ක්‍රිකට් හෙල්මට් මඟින් හිස ආරක්ෂා කරනවා වගේම ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙද්දි දණහිසේ සිට විලුඹ දක්වා පාද ආරක්ෂා කිරීම ගැනත් හිතන්න වෙනවා. එයින් ආරක්ෂා වෙන්න හොඳම විසඳුම තමයි කලිසමට උඩින් Batting Pad එකක් බැඳලා ක්‍රීඩා කිරීම. පන්දුව ක්‍රීඩකයාගේ පාදවල පහළ කෙළවරට පහරදෙන අවස්ථාවක, පාදවල පහළ කොටස තුවාල වීම Batting Pad බැඳ තිබීමෙන් වැළකෙනවා.

Ball Guard

ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ ශාරීරික වශයෙන් දැඩි වෙහෙසකට පත්වෙන ක්‍රීඩාවක්. අපි බොහොම විනෝදයෙන් ක්‍රිකට් ක්‍රීඩා කරන්නත් දෙස බලාගෙන හිටියාත් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙන්නන්ට ඒ සඳහා දැඩි වෙහෙසක් දැරීමට සිදු වෙනවා. ඇතැම් අවස්ථාවල තුවාලවීම්වලට පවා ලක්වෙන්න සිදු වීම පුදුම වෙන්න දෙයක් නෙවෙයි. දැඩි කම්පනයක් ඇතිවිය හැකි තුවාල වළක්වන්න Ball Guard නිර්මාණය කරලා තියනවා. Ball Guard එක හරහා බරපතළ තුවාල ඇතිවීම වැළක්වෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙන්න ඇලුම් කරන ඔයාලා ක්‍රිකට් උපකරණ මිලදී ගනිද්දි අත්‍යවශ්‍ය උපකරණ අතරට Ball Guard එකත් එකතු කරගන්න අමතක කරන්න එපා.

ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන්නන්ට මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරන්නන්ටත් මිලදී ගැනීමට අවශ්‍ය කළමනා පිළිබඳ අදහසක් දෙන්න තමයි අද අද Cricket Fan Essentials හඳුන්වලා දුන්නේ.ඒ වගේම ක්‍රිකට්වලට ආදරය කරන ඔයාලාගේ හිතවතුන්ට තෑගග්ක් හැටියටත් මේ Essentials තෝරාගෙන තෑගි පුළුවන්. මේ සියල්ල එකම තැනින් හොදම මිලට ගන්න Daraz වෙතින් අවස්ථාව හිමිවෙනවා. ඔයාට අවශ්‍ය කරන මේ සියලු ක්‍රිකට් උපකරණ ඕඩර් කරලා ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්. දැන්ම Daraz සමඟින් Shop කරන්න.

රු. 2499ට අඩුවෙන් මිලදී ගන්න පුළුවන් Men’s Fashion ගැන දැනගන්න  Stand Out From The Crowd With Mens Fashion Under Rs. 2499 ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php