පහසුවෙන් වැඩ කරගන්න Work from Home Essentials

පහසුවෙන් වැඩ කරගන්න Work from Home Essentials

නිවසේ සිට වැඩ කරන්න Work from Home Essentials අවශ්‍ය වෙනවා. ඉන්ධන අර්බුදය නිසා දැන් ගොඩාක් දෙනෙක් Work from Home Essentials සමඟින් නිවසේ සිට වැඩ කරන්න හුරු වෙලා.

මේ දවස්වල නිවසේ සිට වැඩ කරන ඔයාලාත් Work from Home Essentials හොයනවා ඇති නේද?  පහසුවෙන් වැඩ කරගන්න Daraz  Mall වෙතින් මිලදී ගන්න පුළුවන් Work from Home Essentials ගැන කියන්න අපි හිතුවා.

පවතින ඉන්ධන අර්බුදය හමුවේ තම රාජකාරි කටයුතුවලට යන්න බැරුව ගොඩාක් දෙනෙක් අපහසුතාවයට පත්වෙලා ඉන්නවා. මේ නිසාම නැවතත් නිවසේ සිට වැඩ කිරිමේ ක්‍රමය ක්‍රියාත්මක කරන්න පටන් අරගෙන.  නිවසේ සිට වැඩ කිරීම ඔෆිස් එකේදි වැඩ කරන තරම් ලේසි දෙයක් නෙවෙයි. ඔෆිස් එකක වැඩ කරද්දි අපිට අවශ්‍ය සියලු පහසුකම්  ලැබෙනවා වගේම වැඩ කිරීමට සුදුසු පරිසරයක් නිර්මාණය වෙලා තියනවා. නමුත් ගෙදර ඉඳන් වැඩ කරද්දි අපිට ඔෆිස් එකේ වැඩ කරන විදියට මනස හදාගන්න වෙනවා.

නිවසේ සිට වැඩ කරන්න අපිට නිදහස් තැනක්  අවශ්‍යයි. ඒ නිසා ගොඩාක් දෙනෙක් තමන්ගේ කාමරය තමයි ඒ සඳහා තෝරාගන්නේ. නිවසේ සිට වැඩ කරද්දි ඇතැම් වෙලාවට වැඩ කරන්න වෙන වෙලාව සීමා කරන්න බෑ. එක දිගට දිගු වේලාවක් වුණාත් වැඩ කරන්න සිද්ධ වෙන අවස්ථා ඕන තරම් තියනවා. මේ නිසාම නිවසේ සිට වැඩ කරද්දි අපි වැඩ කරන පරිසරය පහසු විදියට හදාගන්න එක අත්‍යවශ්‍ය දෙයක්. සාමාන්‍යයෙන් නිවසේ වැඩ කරන්න ලැප්ටොප් එකක්, ස්මාර්ට් ජංගම දුරකථකනයක් ඔෆිස්වලින් ලබාදෙනවා.  ඊට අමතරව නිවසේ සිට පහසුවෙන් වැඩ කරන්න අවශ්‍ය කරන Work from Home Essentials මොනවාද කියලා අපි බලමු.  මේ හැම උපකරණයක්ම Daraz Mall වෙතින් මිලදීගෙන  නිවසේ සිට වැඩ කිරිම පහසු කරගන්න ඔයාලාට අවස්ථාව තියනවා.

Foldable Desk

නිවසේ සිට වැඩ කරනවා කියන්නේ ඔෆිස් එකේ ඉඳන් වැඩ කරනවා වගේම ඔයාට වැඩ කරන්න වෙනවා. ඉතිං ඒ නිසා එක දිගට වැඩ කරන්න නම් හැමදේම පහසු විදියට සකසාගෙන තියාගන්න අවශ්‍යයි. ඔයාට ගොඩාක් වෙලාවක් ලැප්ටොප් එකේ වැඩ කරද්දි මේසයට හිරවෙලා වැඩ කරන්න වෙනවා.එහෙම එකදිගට මේසයක වාඩිවෙලා ලැප්ටොප් එකේ වැඩ කරද්දි වෙහෙසකාරි ගතියක් දැනෙන්න පුළුවන්. ඊට කදිම විසඳුමක් හැටියට මේ වගේ Foldable desk එකක් ගත්තොත් ඔයාට පහසු විදියට හසුරවාගෙන වැඩ කරන්න පුළුවන් වෙයි නේද?

Office Chair

එක දිගට පැය ගාණක් එකම තැන ඉඳන් වැඩ කරන අයට මතුවෙන ගැටලුවක් තමයි කොන්දෙ අමාරුව. කොන්දෙ අමාරු හැදෙන්න බලපාන ප්‍රධානම හේතුව වෙන්නේ, වැරදි ඉරියව්. එක දිගට අපි එකම තැනක ඉඳන් වැඩ කරද්දි නිවැරදි ඉරියව්වලින් ඉන්න පුරුදු වෙන්න ඕන. වැරදි ඉරියව්වලින් හිටියාම කොන්දෙ අමාරු වගේ තත්වයන්වලින් වේදනා විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ දවස්වල නිවසේ සිට වැඩ කරනවා නම් සුවපහසු පුටුවක වාඩිවෙලා වැඩ කරන්න අමතක කරන්න එපා. නිවසේ සිට වැඩ කරන්න ඔෆිස් එකේ තියනවා වගේ, මේ විදියේ සුවපහසු පුටුවක් Daraz Mall වෙතින් තෝරගන්න.

Cushion

පුටුවක වාඩිවෙලා තවත් සුවපහසුවෙන් වැඩ කරන්න නම්, සුවපහසු පුටුවකට කුෂන් එකකුත් එකතු කරගන්න පුළුවන්. ඔයාට නිතර කොන්දෙ අමාරු හැඳෙන කෙනෙක් නම්, පුටුවට කුෂන් එකකුත් තියාගෙන වැඩ කරන එක වැඩියෙන් හොඳයි. ඒ වගේම කුෂන් එකක් පුටුවට හේත්තු කරලා තියාගත්තාම හොඳ සනීපයකුත් ඇඟට දැනෙන නිසා නිවසේ සිට සැහැල්ලුවෙන් වැඩ කරන්න පුළුවන්.

Laptop Stand

ලැප්ටොප් එකේ එක දිගට වැඩ කරද්දි ඇතිවෙන තවත් ප්‍රශ්නයක් තමයි බෙල්ල රිදෙන්න පටන් ගැනීම. වැඩිපුර වෙලාවක් ලැප්ටොප් එකේ වැඩ කරන අය දැන් නම් බෙල්ල රිදෙනවා කියලා චෝදනා නඟනවා අහලා තියනවා නේද? ඒකට හේතුව තමයි මේසයේ ලැප්ටොප් එක තියාගෙන බෙල්ල පහත් කරගෙන දිගු වේලාවක් වැඩ කරද්දි ඉබේම බෙල්ල රිදෙන්න පටන් ගන්නවා. මේකට හොඳම විසඳුමක් තමයි Laptop Stand එකක් පාවිච්චි කරන එක. Laptop Stand එකේ ඔයාගේ ලැප්ටොප් එක ඔයාට වැඩ කරන්න පහසු විදියට සෙට් කරලා තියාගත්තාම බෙල්ලට කිසිම අපහසුතාවයක් නැතුව නිවැරදි ඉරියව්වකින් වැඩ කරන්න පුළුවන්කම ලැබෙනවා.

Cooling Pad

නිවසේ සිට වැඩ කරද්දි ලැප්ටොප් එකට විවේකයක් ලැබෙන්නේ නෑ. off කරන්නේනැතුව එක දිගට ලැප්ටොප් එක on එකේ තියාගෙනම වැඩ කරන්න වෙනවා. මේ විදියට එක දිගට වැඩ කරද්දි ලැප්ටොප් එක රත්වෙන්න පටන් ගන්නවා. ලැප්ටොප් එක අධික ලෙස රත්වීම පරිගණකයට හානිදායක අයුරින් බලපාන්න පුළුවන්. ඒ නිසා නිවසේ සිට වැඩ කරද්දි ඔයාගේ ලැප්ටොප් එක රත්වීමෙන් වළක්වාගන්න Cooling Pad එකක් භාවිතා කරන්න.

Headphones

නිවසේ සිට වැඩ කරද්දි ගෙදර ඉන්න අයගෙන් නිතර බාධා ඇතිවෙන්න පුළුවන්. විශේෂයෙන් ගෙදර පුංචි ළමයි එහෙම ඉන්නවා නම් එයාලාගේ සද්දවලින් බේරිලා වැඩ කරන එක ලේසි දෙයක් නෙවෙයි. අවට පරිසරයෙන් මොන තරම් බාධා ආවාත් රාජකාරී කටයුතු කරද්දි අපි ඒ සඳහා නිසි අවධානය යොමු කළ යුතු වෙනවා. නිවසේ සිට වැඩ කරද්දි ඔන්ලයින් මීටින්වලට එහෙම සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේ අවස්ථාවලටත්, නිසි අවධානයක් ඇතුව රාජකාරි කටයුතුවල නියැළෙන්නත් Headphones දෙකක් පාවිච්චි කරන එක වඩාත් සුදුසුයි.

Rechargeable Fan

මේ දවස්වල නිවසේ සිට වැඩ කරන අය අපහසුතාවයට පත්වෙන්නේ, පවර් කට් වෙලාවටයි. කාමරේ ඇතුළේ වැඩ කරන ගමන් ඉන්නකොට කරන්ට් ගියාම උණුසුම දරාගන්න අමාරුයි. වැඩක් හරියට කරන්න නම් අපේ හිත, ගත නිදහස්ව තියෙන්න අවශ්‍යයි. ඒත් කරන්ට් ගිහින් දාඩිය දාන්න පටන් ගත්තාම ලැප්ටොප් එකේ බැටරි තිබුණාත් දැනෙන අපහසුතාවය නිසා හරියට වැඩක් කරගන්න බැරි වෙනවා. ඒකට හොඳම විසඳුම තමයි Rechargeable Fan එකක් ඔයාගේ කාමරයේ තියාගන්න එක. මේ Rechargeable Fan එක ඔයා වැඩ කරන මේසයේම තියාගන්න පුළුවන් නිසා කරන්ට් ගිය වෙලාවට අපහසුතාවයක් නැතුව ඔයාගේ වැඩ ටික කූල් එකේ කරගන්න පුළුවන්.

Desk Lamp

නිවසේ සිට වැඩ කරන මේ කාලයේ ඔයා වැඩ කරන මේසයේ Desk Lamp එකක් තියාගන්න එක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. නිවසේ සිට වැඩ කරද්ද් පවර් කට් එක නිසා හැමෝම විවිධ අපහසුතාවලට මුහුණු දෙනවා. හැබැයි ඔෆිස් එකේ හදිස්සි වැඩක් ආව වෙලාවට කරන්ට් නැහැයි කියලා අපිට ඒ වැඩේ නොකර ඉන්න බෑනේ. ඇතැම් කාමරවල දවල් වෙලාවේ කරන්ට් එක නැති වුණාමත් වැඩ කරගන්න අමාරු තරම් අඳුරු ගතියක් තියනවා. රාත්‍රි කාලයේ නම් කොහොමත් කරන්ට් නැති වුණාම අඳුරුයිනේ. ඉතිං ඒ වගේ වෙලාවට වැඩ කටයුතු කරගන්න Desk Lamp එකක් වඩාත් ප්‍රයෝජනවත්. ඒ වගේම ඇස්වල ආතතිය අඩු කරලා ඇස්වලටත් ආරක්ෂාවක් මේ Light Lamp එකෙන් සපයනවා.

Power Bank

නිවසේ සිට වැඩ කරද්දි පවර් කට් එක නිසා හැමදෙනාම දැඩි අපහසුතාවයට පත්වෙනවා. ඒත් ඔෆිස් එකෙන් හදිසි ඇමතුමක් ආව වෙලාවක ඔයාගේ ෆෝන් එකේ බැටරි බැහැලා Off වෙලා තිබුණොත් ප්‍රතිචාර නොදැක්වීම ඔයාගේ රැකියාවට යම් ගැටලුවක් ඇතිවිය හැකි අවස්ථාවක් වෙන්න පුළුවන්. නිවසේ සිට වැඩ කරද්දි කාර්යාල වෙලාව තුළ ජංගම දුරකථනය On එකේ තියාගන්න එක ඔයාගේ වගකීමක්. ඒ නිසා කරන්ට් ගිය වෙලාවට ඔයාගේ ෆෝන් එක චාර්ජ් කරගන්න Power Bank එකක් මතක ඇතුවම මේ කාලයේ මිලදීගෙන තියාගන්න.

 Alarm Clock

ඔෆිස් එකට යද්දි වෙලාවට ගිහින් වෙලාවට ගෙදර ආවාට නිවසේ සිට වැඩ කරද්දි ගොඩාක් දෙනෙක්ට වෙලාව ගැන මතක් වෙන්නේ නෑ. ඒ වගේම තමයි ඔ‌ෆිස් යන්න පුරුද්දට වගේ උදේන්ම නැගිට්ටාට නිවසේ සිට වැඩ කරද්දි නැඟිටින්නත් පරක්කු වෙනවා. ඒ නිසා නිවසේ සිට වැඩ කරන මේ දවස්වල Alarm clock එකක් ළඟ තියාගන්න එක කොයි එකටත් හොඳයි නේද? මේ වගේ Clock එකක් කාමරේ තියාගත්තාම වෙලාව විතරක් නෙවෙයි temperature, humidity එක,  දිනය මේ හැමදේමත් බලාගන්න පුළුවන්.

Coffee Flask

ඔෆිස් එකේ වැඩ කරද්දි Lunch time එකක්, Tea time එකක් ලැබෙන නිසා කොච්චර වැඩ තිබුණාත් වෙලාවට ආහාර ගන්න, තේ බොන්න පුරුදු වෙලා ඉන්නවා. හැබැයි නිවසේ සිට වැඩ කරද්දි මේ කිසිම දෙයක් ලැබෙන්නැති නිසා කන්න බොන්න ගොඩාක් දෙනෙක්ට අමතක‌ වෙනවා. හැබැයි මෙහෙම වුණාම එය ශරීර සෞඛ්‍යයට එතරම් හොඳ නෑ. අපි වැඩ කරද්දි වතුර එකක් හරි ළඟ තියාගෙන නිතර වතුර බොනවා නම් වඩාත් හොඳයි. බලන්නකො මේ වගේ Flask එකක් ගත්තොත් ඔයාට වතුර වගේම කෝපි, තේ වගේ දෙයක් හදලා දාගෙන ළඟ තියාගනෙ වැඩ කරන ගමන් සැරින් සැරේ බොන්න පුළුවන්.

මේ දවස්වල නිවසේ සිට වැඩ කරන ඔයාලාට පහසුවෙන් වැඩ කරගන්න සහායක් වෙන්න තමයි, Work from Home Essentials ලැයිස්තුවක්ම හඳුන්වලාදුන්නේ. Daraz Mall වෙතින් මේ හැමදෙයක්ම පහසු මිලට ගෙදරටම ගෙන්වාගන්න. ගුණාත්මක භාණ්ඩ හොඳම මිලට ගන්න Daraz Mall සමඟින් Shop කරන්න.

විනෝදයෙන් කාලය ගත කරන්න Daraz Mall වෙතින් මිලදී ගන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික් ගැජට්ස් ගැන දැනගන්න විනෝදයෙන් කාලය ගෙවන්න Coolest Gadgets for Entertainment ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php