සුපිරි Video Gaming අත්දැකීමකට Best Gaming Accessories

සුපිරි Video Gaming අත්දැකීමකට Best Gaming Accessories

Video Gaming අත්දැකීම උපරිම විඳින්න Best Gaming Accessories අත්‍යවශ්‍ය දෙයක්. පරිගණක ක්‍රීඩා ක්ෂේත්‍රය දිගින් දිගටම දියුණු‌ වෙන නිසා විවිධ Best Gaming Accessories කාලයෙන් කාලයට එකතු‌ වෙනවා.

ඔයාත් නිතර වීඩියෝ ගේමින්වල නිරත වන කෙනෙක් හැටියට Best Gaming Accessories සොයනවාද?  Daraz වෙතින් මේ උපාංග දැන් ඔන්ලයින් ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්.

තමන්ගේ නිදහස් විවේකී වෙලාව ගත කරන්න බොහෝදෙනා විවිධ විනෝදාංශ තෝරගන්නවා. ඒ අතුරින් දැන් තරුණ තරුණියන් අතර වඩාත් ජනප්‍රිය විනෝදංශයක් තමයි වීඩියෝ ගේමින්වල නිරත වීම. පරිගණක ක්‍රීඩා කරන්න පරිගණකයක් පමණක් තිබුණාට මදි. වඩාත් හොඳ Video Gaming අත්දැකීමක් ලබාගන්න Best Gaming Accessories උපකාරයක් වෙනවා. විශේෂයෙන් ඉහළ කොලිටියක් තියන Speakers, Gaming Keyboard, Multiple 4K monitors වැනි අමතර උපාංග රැසක් මේ අතරට එක් කරගන්න පුළුවන්කම තියනවා. ‌

අතීතයේ නම් පරිගණ හෝ වීඩියෝ ක්‍රීඩාවන් අත්විඳීමේදී ගොඩාක් දෙනෙක්ට තිබුණු ගැටලුව වුණේ පරිගණක ක්‍රීඩාවල නිරත වීම සඳහා සුදුසු ධාරිතාවයක් සහිත පරිගණකයක් තියෙනවාද යන්නයි. ඉන්පසු එතනින් එහාට Keyboard, Mouse වැනි උපාංග තිබීම ප්‍රමාණවත් වුණා. නමුත් තව දුරටත් වීඩියෝ ගේමින් ලෝකය එතනින් නැවතුණේ නෑ. වර්තමානයේදී වීඩියෝ ගේම් ක්‍රීඩාවක සැබෑ අත්දැකීම විඳින්න ගැජමැටික්ස් රැසක් වෙළෙඳපොළට පැමිණිලා තිය‍නවා. පරිගණක ක්‍රීඩාවේ නියම රසස්වාදයට මේ උපකරණ දැන් අත්‍යවශ්‍ය අංගෝපාංග වෙලා. මෙවැනි උපාංග සොය සොයා ඔයා shops ගානේ එහෙමෙහෙ ඇවිදිනවාද? දැන් ඒ තරම් මහන්සි වෙන්න ඕන නෑ. මෙම තාක්ෂණික උපාංග එකම තැනකින් ඔන්ලයින් ගෙදරටම ගෙන්න ගන්න ලැබෙන එක කොයි තරම් නම් පහසුවක්ද? Daraz වෙතින් ඒ සඳහා අවස්ථාව තියනවා. සුපිරි Video Gaming අත්දැකීමකට ඔයාට අවශ්‍ය කරන Best Gaming Accessories මොනවාද කියලා අපි බලමු.

Wireless Gaming Mouse

ඔයා‌ මොන විදියේ ගේම් එකක් Play කරාත් Gaming Mouse එකක් තියෙන්න ඕන. ගේම් Play කිරීමේ වේගය වැඩි කරන්න Mouse එකක් සහායක් වෙනවා. මේ අතරින් Wireless Mouse එකක සාමාන්‍ය Mouse එකකට වඩා විශේෂාංග තියන නිසා පහසු අත්දැකීමක් ලබාදෙනවා. කොහොමත් වයර් පටලැවෙන කරදරෙන් බේරෙන්න තියන හොඳම විසඳුමත් වයර්ලස් ගැජට්ස් පාවිච්චි කරන එක තමයි. vibrations, quick clicking, customization ඇතුළු තරගකාරී ඔන්ලයින් ක්‍රීඩාවල අවශ්‍යම ක්‍රියාකාරකම් මෙවැනි Mouse මඟින් පහසු කරනවා. Gaming mouse ඉහළ optical sensors, ergonomic construction සහ high-quality button switchesවලින් සමන්විත වෙනවා. ඇතැම් Mouse බර සහ හැඩය වෙනස් කිරීමට පවා ඉඩ සලසා දීලා තියෙන විදියට හදලා තියනවා. ඔයාගේ අතට ගැළපෙන විදියට  Set කරගන්න පුළුවන්.

Gaming Keyboard

ඉහළ කොලිටියක් තියන යතුරු පුවරුවක් Video Gaming අත්දැකීම සඳහා අත්‍යවශ්‍යම උපාංගයක්. මේ යතුරු පුවරුවලත් පරිගණක ක්‍රීඩාව වැඩිදියුණු කිරීමේ අංග රැසක් පවතිනවා. Keysවල යට Cool backlight එකක් අඩංගු වෙනවා. වේගයෙන් Keys එබිය හැකි වීම, කල්පැවැත්ම වැනි බොහෝ වාසි අත්විඳීමට මෙයින් ඉඩ ලැබෙනවා. සුපිරි Gaming අත්දැකීමකට Keyboard එකකුත් ඔයාගේ උපාංග අතරට එක්කර ගන්න.

Gaming Headset

නිදහසේ Video Game ලෝකයේ Gaming අත්දැකීම විඳින්නට first-rate gaming headset එකක් ඔයා පාවිච්චි කරොත් වඩාත් හොඳයි නේද? Video Gaming සඳහා හෙඩ්සෙට් එකක් අවශ්‍යම ඉලෙක්ට්‍රොනික් ගැජට් එකක්. උසස් ශබ්දයකට අමතරව ඊටත් එහා ගිය අත්දැකීමක් හෙඩ්සෙට් එකකින් ගෙනදෙනවා. හෙඩ්සෙට්වල මයික්‍රෆෝනයක් ද සමන්විත වෙනවා.  ඒ නිසා multi players ගේම්ස්වලදී අන් අය සමඟ වේගයෙන් සන්නිවේදනය කරන්නත් පහසුයි. Gaming headset සාමාන්‍ය හෙඩ්සෙට්වලටත් වඩා තවත් පහසුයි.  හෙඩ්සෙට් එකක් දාගෙන හිටියාම  ඔයා ක්‍රීඩා කරද්දි අවධානය වෙනතකට යොමු වෙන්නෙත් නෑ. ඒ වගේම තමයි ඔයා  Game play කරද්දි ගේම්ස්වල ශබ්දවලට ඔයාගේ පවුලේ අයට බාධාවක් ඇති‌ වෙන්න පුළුවන්. එහෙම වෙලාවට ගෙදර අයගෙන් දොස් අහන්න සිදු වුණු අවස්ථාත් ඇති නේද? ඔන්න ඒ නිසා එයාලාට බාධාවක් නොවෙන්න මේ වගේ හෙඩ්සෙට් පාවිච්චි කරන එක වඩාත් කදිමයි.

Gaming Monitors

ඔයා නිතරම ‌ගේම්ස් Play කරන කෙනෙක් නම් Gaming උපාංග ගැන කොහොමත් උනන්දු වෙනවානේ. පරිගණක ක්‍රීඩා සැකසුම්වල ද්විත්ව මොනිටර් තිබීම අවශ්‍ය දෙයක්. තරගකාරී Video Gaming සඳහා විවිධ උපාංග අවශ්‍ය අතර මොනිටර් එකකට වඩා තිබෙනවා නම් වඩාත් හොඳ අත්දැකීමක් ලබාදෙනවා. තිර සහිතව ක්‍රීඩාව අතරතුර දර්ශනය වැඩිදියුණු වෙනවා.මේ දිනවල මෙැවනි උපාංග මිලදී ගැනීම අපහසු නම් Daraz වෙතින් මේ සියල්ල හොඳම මිලට තෝරාගන්න අනඟි අවස්ථාවක් තියනවා.

Gaming Microphones

ඔයාගේ හෙඩ්ෆෝන් එකේ මයික්‍රෆෝන් එකක් එන්නේ නැත්තම් වෙනම්ම මයික්‍රෆෝන් එකක් මිලදී ගන්න වෙනවා. ඒ වගේම ඔයාට හොඳ කොලිටි එකේ මයික්‍රෆෝන් එකක අවශ්‍යතාවය තියනවා නම් හෙඩ්ෆෝන් එකේ මයික් එකක් තිබු‌ණාත් මෙම උපාංගය වෙනම්ම එකතු කරගන්න එක තමයි වඩාත් හොඳ. ඔයා Streamer කෙනෙක් හෝ Streaming සඳහා පිවිසෙන්න බලාපොරොත්තු වෙනවා නම් මෙම උපාංගය අනිවාර්යෙන්ම තියෙන්න අවශ්‍යයි. මයික්‍රෆෝන් එකක් නැතුව ක්‍රීඩා අත්දැකීම 100%ක් සම්පූර්ණ වෙන්නෙත් නෑ. වීඩියෝ ගේමින්වල නියැළෙන්නන් සඳහා වඩාත් සුදුසු වන්නේ Condenser මයික්‍රෆෝන්ය.

Gaming Glasses

පරිගණක තිරයෙන් නිකුත් වෙන නිල් ආලෝකය නිසා නිරත පරිගණකය එක්ක ඉන්න අයගේ ඇස් වෙහෙසට පත්වෙනවා. දිගු වෙලාවක් වීඩියෝ ගේමින්වල නිරත වෙනවා නම්,  ඇස්වලට හානි වෙන්න පුළුවන් අවදානමත් වැඩියි. එය සෞඛ්‍ය තත්වය කෙරෙහි අහිතකර ලෙස බලපානවා. පරිගණක ක්‍රීඩාලෝලීන් Gaming Glasses පැළඳීම අත්‍යවශ්‍ය වන්නේ ඒ නිසායි. Gaming Glasses මඟින් නිල් ආලෝකය අවහිර කරලා ක්‍රීඩකයන්‌ගේ ඇසට හානියක් නොවන අයුරින් වැඩි කාලයක් පරිගණකයේ නියැළෙන්න ඉඩ සලසා දෙනවා. Gaming Glasses ඇස්වලට ආරක්ෂාවක් සපයනවා වගේම හැඩකාර පෙනුමක් එකතු කරනවා.

Webcam

ඔන්ලයින් ක්‍රීඩාවලදී වෙනත් පුද්ගලයින් අන්තර්ජාලය හරහා ක්‍රීඩා කිරීම නරඹන්න අවශ්‍ය වෙනවා. ඔයා Streaming කරන්න බලාපොරොත්තු වෙනවා නම් Full HD කැමරාවක් අත්‍යවශ්‍යම උපාංගයක්. ඔයාට Grainy stream එකක් තියනවා නම් නරඹන්නන්ට වැඩි වෙලාවක් රැඳී ඉන්න අවශ්‍ය වෙන්නේ නෑ. අපූරු Gaming අත්දැකීමක් විඳින්න හිතනවා නම් Daraz වෙතින් හොඳ කොලිටියේ Webcam එකක් තෝරගන්න.

Gaming Console

Video Games බොහොමයක් Keyboard හා Mouse මඟින් රසවිඳින්න පුළුවන් වුණාට පළවෙනි හා තුන්වැනි Shootersලාට Gaming Console Controller භාවිතා කිරීම අවශ්‍ය වෙනවා. Xbox One Controller සහ PS4’s හි DualShock 4 වැනි Console පරිගණක සමඟම ස්වයංක්‍රීයව ඇතුළත් වෙනවා. Cuphead සහ Dark Souls වැනි වීඩියෝ ගේම්ස් සඳහා Console අත්‍යවශ්‍යයි.

Gaming Chair

ඔයා පැය ගණන් වීඩියෝ ගේම්ස්වල නිරත වෙනවා නම් සුවපහසු පුටුවක් අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. එක දිගට පැය ගාණක් එකම තැන වාඩිවෙලා හිටියාම කොන්දෙ අමාරු වැනි විවිධ අපහසුතා ඇති වෙන්න පුළුවන්. අපි ඒ නිසා මොන වැඩක් කළාත් බොහොම සුවපහසුවෙන් ඉන්න ඕන. අපහසු විදියට වාඩිවෙලා වීඩියෝ ගේම්වල නිරත වුණොත් ඔයාගේ සෞඛ්‍යයට එය අහිතකර විදියට බලපානවා. ඒ නිසා වීඩියෝ ගේම්වල යෙදෙද්දි නිවැරදි ඉරියව්වක ඉඳලා Play කරන්න  සුවපහසු පුටුවක් තියාගන්න. එක දිගට ගේම්ස් Play කරද්දි බෙල්ලේ අමාරු වුණාත් ඇති වෙන්න පුළුවන්. මේ සියල්ලට හොඳම විසඳුම තමයි පහසු පුටුවක් තෝරගන්න එක. Gaming සඳහාම වෙන්වූ සුවපහසු හොඳ කොලිටියේ පුටු Daraz වෙතින් ඔන්ලයින්ම සොයාගන්න අවස්ථාව තියනවා.

Gaming Table

‍වීඩියෝ ගේම් Play කරන්න විවිධ උපාංග අවශ්‍ය අතර ශක්තිමත් මේසයක් ද ඒ සඳහා එක්කර ගන්න පුළුවන් වටිනා උපකරණයක්. වීඩියෝ ගේම් එකක ප්‍රධානම උපාංගය වෙන්නේ පරිගණකය. බොහෝ විට Dual Monitors වීඩියෝ ගේම් සඳහා යොදාගන්න නිසා ඒවා තබන්න වැඩි ඉඩකඩක් වුවමනායි. පොඩි ඉඩක සුපිරි Gaming අත්දැකීමක් විඳගැනීම අපහසු දෙයක්. අත් දිග හැරලා බෙහොම පහසුවෙන් වීඩියෝ ගේම් අත්දැකීම අත්විඳින්න සුවපහසු Gaming Table එකක ඔයාගේ පරිගණකය සහ මෙම අනෙකුත් උපාංග තියාගන්න.

තාක්ෂණයේ දියුණුවත් සමඟ වීඩියෝ ගේම්ස් ලොකු, කුඩා කා අතරත් දැන් ජනප්‍රිය දෙයක් වෙලා. ඔයාත් වීඩියෝ ගේමින් අත්දැකීමට කැමති නම් එය වඩාත් සුපිරිම ආකාරයෙන් විඳින්න Best Gaming Accessories  ඔයාගේ Tech ගැජට්ස් අතරට එකතු කරගන්න.  මෙම අමතර උපාංග සියල්ල Daraz සමඟින් Shop කරලා  ඔන්ලයින් ගෙදරටම ගෙන්වාගන්න.

ක්‍රියාශීලි අයට ගැළපෙන වයර්ලස් හෙඩ්සෙට් ගැන දැනගන්න ක්‍රියාශීලිව හා පහසුවෙන් වැඩ කරන්න ගැළපෙන Best Wireless Headset ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php