ක්‍රියාශීලිව හා පහසුවෙන් වැඩ කරන්න ගැළපෙන Best Wireless Headset

ක්‍රියාශීලිව හා පහසුවෙන් වැඩ කරන්න ගැළපෙන Best Wireless Headset

එකවර වැඩ කිහිපයක් කරන කාර්යබහුල කෙනෙක්ට වුණාත් Best wireless headset එකක් පාවිච්චි කරොත් වැඩ කටයුතු කරගන්න පහසු වෙනවා. වයර් පටලැවෙන කරදරෙන් බේරෙන්න තියන හොඳම විසඳුම තමයි Best wireless Headset එකක් පාවිච්චි කරන එක.

ඔයාගේ පෞරුෂත්වයට ගැළපෙන Best wireless headset එකක් මේ දවස්වල හොයනවාද?Daraz වෙතින් ඔන්ලයින්ම ඔයාට හරියන Best wireless headsets එකක් තෝරාගෙන ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්.

වයර් තියෙන ජැක් එකෙන් ෆෝන් එකට සෙට් වෙන හෙඩ්සෙට් පාවිච්චි කරන පිරිසක් තාමත් ඉන්නවා. හැබැයි ඉතිං දැන් තියන කාර්යබහුල ජීවන රටාවත් එක්ක හරියන්නෙම වයර්ලස් හෙඩ්සෙට් තමයි. බෑග් එක ඇතුලේ වයර් පටලැවිලා වයර් කැඩිලා හෙඩ්සෙට් එක පාවිච්චි කරගන්න බැරි අවස්ථාවලට ඔයාත් මුහුණදීලා ඇති නේද? වයර්ලස් හෙඩ්සෙට් අතර දැන් ජනප්‍රිය වෙලා තියන්නේ වයර්ලස් ඉයර්බඩ්.

වයර් තියන හෙඩ්සෙට් එකක් පාවිච්චි කරන එක ඇත්තෙන්ම අපහසු දෙයක්. වයර්ලස් හෙඩ්සෙට් එකක් පාවිච්චි කිරීමේ වාසි රැසක් තියනවා.  අපි ඔෆිස් එකක වැඩ කරද්දි Stress එකෙන් මිදෙන්න ගොඩාක් වෙලාවට සින්දු අහනවා. හැබැයි අපිට ඔෆිස් එකේ හැමෝටම ඇහෙන්න සින්දු දාන්න බෑනෙ. වයර්ලස් හෙඩ්සෙට් එකක් තිබුණොත් ඔයාට පාඩුවේ හෙඩ්සෙට් එක ගහගෙන සින්දු අහන ගමන් Cool එකේ වැඩ කරන්න පුළුවන්. ඒ වගේම දැන් ඔෆිස්වල වැඩිපුරම තියන්නේ Online Meetings. ඒවාට සම්බන්ධ වෙන්න පාව්චිච් කරන්න පුළුවන් හොඳම ගැජට් එක තමයි වයර්ලස් හෙඩ්සෙට්. පහුගිය දවස්වල නිවසේ සිට වැඩ කරන ක්‍රමයට ගොඩාක්දෙනෙක් හුරු වුණා. ගෙදර වටපිටාවේ සද්දවලින් බේරිලා ඔෆිස් එකේ වැඩ නිසි අවධානයකින් කරන්න වයර්ලස් හෙඩ්සෙට් එකක් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ඔයා ව්‍යයාම්වලට යද්දි, Sports කරන්න යද්දි වුණාත් ඒ වැඩ කරන ගමන් සින්දු අහන්න හොඳම උපාංගය තමයි වයර්ලස් හෙඩ්සෙට් එක.

ඔයාගේ පෞරුෂත්වයට ගැළපෙන හොඳම වයර්ලස් හෙඩ්සෙට් එකක් තෝරගමුද? වෙළෙඳ‌පොළේ තියන හොඳම මිල ගණන්වලින් කොලිටි හෙඩ්සෙට් මිලදී ගන්න Daraz වෙතින් අවස්ථාව තියනවා. ක්‍රියාශීලිව හා පහසුවෙන් වැඩ කරගන්න Daraz වෙතින් මිලදී ගන්න පුළුවන් Best Wireless Headset මොනවාද කියලා අපි බලමු.

Apple Airpods

තරුණ අය ස්මාර්ට් ගැජට්ස් සදහා විවිධ බ්‍රෑන්ඩ්ස් තෝරද්දි ඇපල් බ්‍රෑන්ඩ් එකේ උපාංග මිලදී ගන්න වැඩි උනන්දුවක් දක්වනවා. ඇපල් පාවිච්චි කරන අය ඇපල් එයාර්පොඩ්ස් ගැනත් හොඳින්ම දන්නවානේ. මේකෙ ඩුවල් බීම් ෆෝර්මින් මයික්‍රොෆෝන් වගේම ඩුවල් ඔප්ටික් සෙන්සර්ත් තියනවා. ඒ වගේම චලනයන් අඳුරගන්නත් කතා කරනවා කියලා අඳුරගන්නත් ඇක්සෙලොමීටර් සෙන්සර් දෙකකුත් තියනවා. හරිම සරල ටැප් කිහිපයකින් මේක පාලනය වෙනවා. මේ එයාර්පොඩ් එක චාර්ජින් කේස් එකත් එක්කම තමයි එන්නේ. ඒ නිසා මේක එක පාරක් චාර්ජ් කරාම පැය 5ක් විතර එක දිගට භාවිතා කරන්න පුළුවන්. වැඩ කරන ගමන්, Sports කරන ගමන් සින්දු අහන්න කියාපුම ගැජට් එකක්. ඒක නම් සංගීතයට කැමති අයට ලොකු වාසියක්. මේ එයාර්පොඩ් එකේ තියන sound කොලිටි එක නිසා හරිම පැහැදිලිව සින්දු රස විඳින්න පුළුවන්. පැය 3ක් විතර එක දිගට කිසිම බාධාවකින් තොරව ෆෝන් කෝල් එකක කතා කරන්නත්, Meetings සමඟ සම්බන්ධ වෙන්නත් පුළුවන් නිසා ක්‍රියාශීලිව වැඩ කරන කෙනෙකේට මේ වගේ හෙඩ්සෙට් එකක් හොඳින්ම ගැළපෙනවා.

Samsung Galaxy Buds

අපි හෙඩ්සෙට් එකක් දාන්නේ කණට නිසා, හොඳ කොලිටි හෙඩ්සෙට් එකක් තෝරගන්න වෙනවා. Samsung Galaxy Buds Live කියන්නේ වෙළෙඳපොළේ තියන තවත් කොලිටි ඉයර්බඩ් ස්ටයිල් වයර්ලස් හෙඩ්සෙට් එකක්. සැම්සුන්ලාගේ මේ Buds Live කියන ඉයර්බඩ් එක අමුතුම හැඩේකට තමයි හදලා තියන්නේ.ඒ් වගේ හැඩේකට හදලා තියන්නේ කණට වඩාත් පහසු වෙන්නයි. එක පාරක් චාර්ජ් කරාට පස්සේ එක  දිගට පැය 8ක් වගේ දිගු කාලයක් භාවිතා කිරීමේ අවස්ථාව තියනවා. ඒ වගේම කෝල් කොලිටි එක වැඩි කරන්න මයික්‍රොෆෝන් තුනක් තියනවා. ඒ නිසා ඔන්ලයින් මීටින්ස්වලට එහෙම මේ වගේ හෙඩ්සෙට් එකක් කදිමයි. material quality එක වගේම reliability එක අතින් ඉස්සරහින්ම තියන ඉයර්බඩ් එකක් කියන්න පුළුවන්. මේක කන් දෙකේ දාගත්තාට පස්සේ දාගෙන ඉන්නේ කියලා දැනගන්න පුළුවන් සෙන්සර්ස් තියනවා. හයි කොලිටි ඩීටේල් එක්ක සවුන්ඩ් කොලිටි එක ගන්න පුළුවන් ස්පීකර්ස් දෙකක්ම තියනවා. Base ගතිය හා clarity එකත් ඉතා ඉහළයි.

Huawei Freebuds Pro

ගාණ ටිකක් වැඩි වුණාට Huawei Free Buds Pro කියන්නේ හොඳ බැටරි ධාරිතාවක් තියන ඉයර්බඩ් එකක්. එක පාරක් චාර්ජ් කරාට පස්සේ චාර්ජින් කේස් එකත් එක්ක ගත්තාම පැය 30ක් දක්වා එක දිගට පාවිච්චි කිරීමේ අවස්ථාව තියනවා‌. Call noise cancellation පහසුකමත් තියන නිසා අපි ඉන්න පරිසරයේ noises තිබුණාත් ඒවා ඇහෙන්නැතිව කතා කරන්න ලැබෙන එක ලොකු වාසියක්. ඒ නිසා නිවසේ සිට වැඩ කරද්දි භාවිතා කරන්න හොඳම ඉයර්බඩ් එකක්. Sounds qualities හොඳට තියන නිසා හොඳම කොලිටියකට සින්දු අහන්න මේ ඉයර්බඩ් එක ගැළපෙනවා.  පැය ගාණක් දාගෙන හිටියාත් කණට කිසිම අපහසුතාවයක් දැනෙන්නේ නෑ.

Oppo Enco

OPPOලාගේ ඉයර්බඩ් ස්ටයිල් එකේ වයර්ලස් හෙඩ්සෙට් එකක් තමයි මේ.  මේකෙ දිගින් අඩු සංයුක්ත නිමාවකින් තමයි හදලා තියන්නේ. මේකෙ OPPOලාගේ binaural low latency Bluetooth තාක්ෂණයත් තියනවා. noise reduction පහසුකම තියන හින්දා ඇමතුම් ගන්න අතරවාරයේ noises ඇහෙන්නෙත් නෑ.  ඒ වගේම තමයි ඉහළ කොලිටි එකක බේස් හඩත් එක්කම හොඳ මියුසික් එක්ස්පීරියන්ස් එකක් ලබාගන්න තියන හොඳම ඉයර්බඩ් සෙට් එකක්. 

JBL Headset

සාමාන්‍යයෙන් JBL කියන බ්‍රෑන්ඩ් එක දැක්ක හැටියේ අපේ හිතට මතක් වෙන දේ තමයි ෂුවර් එකටම නියම කොලිටියට මියුසික් අහන්න පුළුවන් කියන එක. ඒ හින්දාම JBL Tune wireless ඉයර්බඩ් එක ගැනත් ඒ විශ්වාසයම තියාගන්න පුළුවන්. මේකෙ තියන JBL Pure Bass Sound ඉතාම ඉහළ කොලිටියකට සින්දු අහන්න ‌ඉඩ සලසා දෙනවා. පැය 19ක් දක්වාම playback පහසුකම තියනවා. පැය 3ක් ඉයර්බඩ් එකේත් පැය 16ක් පොකට් එකේත් බැටරි ධාරිතාව රැඳිලා තියනවා. වැඩ කරන ගමන්, ව්‍යායාම් කරන ගමන් සින්දු අහන අයටත්, දවස පුරා මහන්සි වෙලා Stress එකෙන් මිදෙන්න සින්දු අහන අයටත් මේ වගේ හෙඩ්සෙට් එකක් සුපිරියටම ගැළපෙනවා. ඒ වගේම මේකෙ ඩිසයින් එකත් හරිම ආකර්ෂණීයයි.

Xiaomi Airdots

අනිත් ඉයර්බඩ් එක්ක බලද්දි මේ හෙඩ්සෙට් එක ටිකක් ලාබෙට ගන්න පුළුවන් වයර්ලස් හෙඩ්සෙට් එකක් නැතිනම් වයර්ලස් ඉයර්බඩ් එකක් කියන්න පුළුවන්. හැබැයි ගාණ අඩු වුණාට කොලිටියේ නම් කිසිම අඩුවක් නෑ. සමහර හෙඩ්සෙට්වල දාඩිය, වතුර ගෑවුණොත් ටක්ගාලා වැඩ කරන්නේ නැතුව යනවා. හැබැයි දාඩිය දාන වෙලාවක වුණාත් පොද වැස්සක වුණාත් මේ ඉයර්බඩ් දෙක දාගෙන ගියාට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මේකෙ පාලනයට බට්න්ස් දෙකක් තමයි තියන්නේ. කෝල්ස්වලට විතරක් එක ඉයර්බඩ් එකක් පාවිච්චි කරන්න පුළුවන්.noise isolation පහසුකම තියන හින්දා බාහිර ශබ්ද ඇහෙන්නෙත් නෑ. සරල style එකකට වෙනස් හැඩයකට තමයි මේ හෙඩ්සෙට් එක හදලා තියන්නෙත්. ප්‍රිමියම් ස්ටීරියෝ විශේෂාංගය තියන හින්දා කොලිටි සංගීතයක් රසවිඳින්නත් පුළුවන්. ඉතිං නිතරම සංගීතයත් එක්ක ඉන්න ගමන් වැඩ කරන කෙනෙක්ට නියමෙට ගැළපෙන හෙඩ්සෙට් එකක්.

Haylou Earbuds

අඩු ගාණකට වැඩිපුර features තියන Earbuds දෙකක් හොයන ඔයාට ගැළෙපෙනම ඉයර්බඩ් එකක් තමයි මේ. Touch enable කරලා තියනවා. ඒ නිසා මේ device එක ගොඩාක් ලේසියෙන් control කරන්න පුළුවන්. එක ඉයර්බඩ් එකක පැය 4ක චාර්ජින් එකක් තියන හින්දා එක දිගට පැය 4ක් පාවිච්චි කරන්න පුළුවන්. කේසින් එකේ පැය 24ක චාර්ජින් කාලයක් තියන නිසා සම්පූර්ණයෙන් පැය 28ක් භාවිතා කිරීමේ හැකියාව තියනවා. ඉයර්බඩ් එක චාර්ජ් කරගන්න පැය 2කුත් කේසින් එක චාර්ජ් කරගන්න පැය 3ක් වගේ යනවා. ඊට පස්සේ පැය 28ක් එක දිගට භාවිතා කරන්න පුළුවන්. මේ ඉයර්බඩ් එක උසස් මට්ටමේ සංගීත අත්දැකීමක් ගන්න කියාපුම හෙඩ්සෙට් එකක්. ඒ නිසා ගාණේ හැටියට විශේෂාංග ගණනාවක් තියන ඉයර්බඩ් එකක් හැටියට හඳුන්වා දෙන්න සුදුසුයි.

Lenovo Earphones

ගාණ ටිකක් අඩුවට හොඳ හෙඩ්සෙට් එකක් හොයනවා නම් Lenovo LP2 TWS ඊට ගැළපෙන හොඳම හෙඩ්සෙට් එකක්. Lenovo ටෙක් උපාංග සඳහා ඉහළ කිර්ති නාමයක් අත්කරගෙන තියන බ්‍රෑන්ඩ් එකක්. Water Proofing පහසුකමත් තියන නිසා ක්‍රීඩා කරන අයට මේ වගේ හෙඩ්සෙට් එකක් හොඳින් ගැළපෙනවා. සින්දු අහන ගමන් ක්‍රීඩා කටයුතු, ව්‍යායාම් සැහැල්ලුවෙන් කරන්න මේ හෙඩ්සෙට් එක වඩාත් ප්‍රයෝජනවත්.

ක්‍රියාශීලිව වැඩ කරන අයට තමන්ගේ පෞරුෂත්වයට ගැළපෙන ලේසියෙන් වැඩ කරගන්න සුදුසු හෙඩ්සෙට් එකක් තෝරාගන්න අදහසක් දෙන්න තමයි Best wireless headset හඳුන්වා දුන්නේ. Daraz සමඟින් Shop කරලා හොඳම කොලිටියට සාධාරණ මිලට ඔයාට ගැළපෙනම හෙඩ්සෙට් එක තෝරගන්න. ඒ වගේම මිල ටිකක් වැඩි හෙඩ්සෙට් එකවර මිලදී ගන්න අපහසුයි නම් වාරික වශයෙන් ගෙවීමේ පහසුකම් ද සමඟින් මිලදී ගන්නත් පුළුවන්. දැන්ම Daraz සමඟින් Shop කරන්න.

විනෝදාස්වාදයට ගැළපෙන Tech උපාංග පිළිබඳ දැනගන්න විනෝදයෙන් කාලය ගෙවන්න Coolest Gadgets for Entertainment ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php