Birthday වාසි සමඟින් Essentials for Everyday Life

Birthday වාසි සමඟින් Essentials for Everyday Life

එදිනෙදා කටයුතු සඳහා Essentials for Everyday Life අවශ්‍යම දෙයක්.  Essentials for Everyday Life එකතු කරගන්න වැඩිපුර උනන්දු වෙන්නේ ගෙදර ගෘහණියන්.

ඔයාලාත් නිතර ගෙදරට අවශ්‍ය Essentials for Everyday Life සොයනවාද? දැන් Essentials for Everyday Life Daraz වෙතින් ඔන්ලයින් ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්.

Daraz Birthday Sale වෙතින් අඟනා වට්ටම්

Daraz 6 වැනි උපන්දිනය වෙනුවෙන් ඔබට අඟනා වාසි පිරිනමන්න අපි සූදානම්. 75%ක් දක්වා වට්ටම් සමඟින් Daraz Birthday Sale සැප්තැම්බර් 27 වැනිදා සිට අත්විඳින්න. මෙගා ඩීල්ස්, බැංකු වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම  ඇතුළුව තවත් තෑගි රැසක්. විලාසිතා, දිනපතා අත්‍යවශ්‍ය භාණ්ඩ, ගෘහ උපකරණ, ඉලෙක්ට්‍රොනික්ස් ඇතුළු ඔබට අත්‍යවශ්‍ය හැමදේම හොඳම මිලට.

නිවසක කටයුතු කරගෙන යද්දි විවිධ භාණ්ඩ දිනපතා අවශ්‍ය වෙනවා. ඒ නිසා බඩුමුට්ටු ගන්න වෙළෙඳසැලකට යනවා නම් ලැයිස්තුවක් ලියාගෙන තමයි යන්නේ. ඒත් උයන පිහන කටයුතු, බබාලාගේ වැඩ කරගෙන යද්දි සැරින් සැරේ විවිධ කළමනා ගන්න ඕන කියලා මතක් වෙනවා. එහෙම වෙලාවට ඉතිං කඩවල් ගානේ දුවන්න ‌වෙනවා.  ඒත් දැන් එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න ඒ තරම් මහන්සි වෙන්න ඕන නෑ. Daraz Mart වෙතින් දෛනික අත්‍යශ්‍ය භාණ්ඩ සියල්ල ඔන්ලයින් ගෙදරටම ගෙන්වා ගන්න අවස්ථාව තියනවා. Grocery Items, Baby Products, Health & Beauty Products ඇතුළු දිනපතා අත්‍යවශ්‍ය කළමනා හොයන ඔයාලාට Daraz Birthday Sale වෙතින් විශේෂ වට්ටම්. සැප්තැම්බර් 27 සිට හිතේ හැටියට Shop කරන්න ලෑස්ති වෙන්න.

Grocery Items

Birthday Sale වෙතින් Araliya, KIST, Munchee, Maggi, VIVA, Nestomalt, Harischandra, MILO, Dilmah, Puredale, Lipton, Wijeya වැනි වෙළෙඳ නාම සඳහා 20%ක් දක්වා වටටම්. නොමිලේ ඩිලිවරි සහ වවුචර්ස්.

Rice

බත් කියන්නේ ලාංකික අපිට නැතුවම බැරි දෙයක්. නිවසක ප්‍රධාන ආහාර වේල් සඳහා වැඩිපුරම ‌තෝරගන්නේ බත්. රතු කැකුළු, සුදු කැකුළු, සම්බා වගේ විවිධ හාල් මේ අතර බහුලව ආහාරයට ගැනෙනවා. හාල් ගන්න ගියාම ටිකක් අරගෙන මදිනේ. මුළු ගෙදරටම හරියන්න ගොඩාක් වෙලාවට මාසෙකට වගේ හාල් මිලදී ගන්න බොහෝදෙනා හුරුවෙලා ඉන්නවා. ඉතිං බරට බරේ හාල් පැකට් අරගෙන එන්න ඕන නෑ. දැන් Daraz Mart වෙතින් ඔයාට අවශ්‍ය කරන හාල් ජාතිත් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්.

Biscuits

බිස්කට් කන්න කවුරුත් කැමතියි. ගෙදර පොඩ්‌ඩො එහෙම ඉන්නවා නම් නිතර Snacks ජාති හොයනවා. මේ Snacks අතර ජනප්‍රියම කෑමක් තමයි බිස්කට්. සමහරු පැණි රස බිස්කට් හොයද්දි තවත් පිරිසක් ටිකක් දැවිල්ල ගතියක් තියන බිස්කට්වලට තමයි කැමති.  ගෙදරට අමුත්තෙක් ආවාමත් තේ හෝ කෝපි එකකින් සංග්‍රහ කරනවා නම් බිස්කට් වගේ දෙයක් එකක් තමයි තේ හෝ කෝපි එක පිළිගන්වන්නෙත්. ඒ නිසා ගෙදර හැමෝටම රසවිඳින්නත් අමුත්තන්ට සංග්‍රහ කරන්නත් විවිධ රසයන් සහිත බිස්කට් ජාති ගෙනත් ඔයාගේ කුස්සියේ Stock කරලා තියාගත්තොත් හොඳයි නේද?

Milk Powder

සමහර අය ප්ලේන්ටී බොන්න කැමති වුණාට ඇතැම් අය පුරුදු වෙලා ඉන්නේ කිරි තේකක් බොන්නම තමයි. රසවත් තේ පානයක් හදාගන්න කිරිපිටි පැකට් ඕන වෙනවාමයි. ගොඩාක් දෙනෙක් උදෙන්ම අවදි වුණ ගමන් දවස පටන් ගන්න තේ එකක් පානය කරනවා. ඒ වගේම ඇතැම් දෙනා හවසට තේ බොන්නත් දවසේ අතරමැද තේ බොන්නත් හුරු  වෙලා ඉන්නවා. ඒ විතරක් නෙවෙයි ගෙදරට අමුත්තෙක් ආවාමත් තේ හෝ කෝපි එකකින් සංග්‍රහ කරන එක අපේ පුරුද්දක්. ඒ නිසා කිරිපිටි පැකට් වැඩිපුර ගෙනත් තියාගන්න වෙනවා. පහුගිය දවස්වල පිටි පැකට් හොයාගන්න ගොඩාක් දෙනෙක්ට අපහසු වුණා. ඒත් දැන් Daraz Mart වෙතින් Puredale වැනි පිටි පැකට් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. සැප්තැම්බර් 27 සිට Discounts එහෙමත් ලැබෙන නිසා වැඩිපුර මිලදී ගන්න එක ඔයාට හොඳ වාසියක් වේවි.

Beverages

සාමාන්‍යයෙන් බොන තේ එකට කෝපි එකට වඩා වෙනස් රසයක් විඳින්න කැමතිද? ඒ වගේ වෙනස් රසයකට කැමති අයගේ තෝරාගැනීම් අතර Nestomalt, Viva, Milo වැනි පානයන් ජනප්‍රියයි. ඔයාට තේ එකේ රස මදියි කියලා හිතෙනවා නම්  මේවායින් හැන්දක් එකතු කරලා තේ එකේ රසය වැඩිකරගන්න. මොල්ට් රසයට කැමති අයට Nestomalt, Viva වැනි පානයනුත් චොකලට් රසයට කැමති අයට Milo වැනි පානයනුත් තෝරගන්න පුළුවන්. දවස ප්‍රබෝධයෙන් ගත කරන්න ශක්තිමත් පානයන් හැටියට මෙම පානයන් රසවිඳින්න. Daraz Mart වෙතින් කැමති පානයන් ගෙදරටම ගෙන්න ගන්න.

Jam

පැණි රසට කැමති අය අතර ජනප්‍රිය කෑමත් තමයි ජෑම්. ගොඩාක් වෙලාවට පාන් ආහාරයට ගන්න අය පාන්වලට ජෑම් ගාලා කන්න පුරුදු වෙලා ඉන්නවා. පාන්වලට විතරක් නෙවෙයි බිස්කට්වලටත් ජෑම් ගාලා කන එකත් රසවත් දෙයක්. උදේට පාන් කන්න හොඳි හදනවාට වඩා ජෑම් ගාලා වැඩේ නම් ලේසියි. පුංචි ළමයිනුත් ජෑම් කන්න හරිම ආසයි. අඹ, දිවුල්,ස්ට්‍රෝබරි, Mixed fruit වගේ විවිධ රසයන් සහිත ජෑම් තියන නිසා ඔයා කැමති රසයේ ජෑම් වර්ගත් Grocery Items අතරට මතක ඇතුවම එකතු කරගන්න.

Baby Products

Marvel, Nan, Softlove, Cow & Gate, Farlin, Kids Joy, Pediapro, Avent, Velona Cuddles, Baby Cheramy, Panda Baby, Pears වැනි ප්‍රියතම වෙළෙඳ නාම සඳහා Daraz Birthday Sale වෙතින් 30%ක් දක්වා වට්ටම් හිමිකරගන්න ලෑස්ති වෙන්න.  ඒ විතරක් නෙවෙයි නොමිලේ ඩිලිවරි සහ වවුචර්ස්.

Diapers

තම සිඟිත්තන් වෙනුවෙන් මව්වරුන් කවදාත් තෝරන්නේ හොඳම දේයි. ළමා නිෂ්පාදන අතර ඩයපර්ස් කුඩා කාලයේ ඉඳලාම දරුවාට අවශ්‍ය වන දෙයක්.  ඒ නිසා සිඟිත්තාගේ සුවපහසුව ගැන සිතන මව්වරුන්ගේ තේරීම වෙන්නේ තුනී බවක් තියන වැඩි උරා ගැනීමක් සහිත බේබි ඩයපර්ස්ය. අලුත උපන් බිළිදෙක්ට තියන්නේ හරිම සංවේදී මෘදු සමක්. ඔවුන්ව සැහැල්ලුවෙන් තියන්න නම් සුවපහසු ඩයපර්ස් තෝරාගන්න වෙනවා. ඒ නිසා Marvel, Baby Cheramy, Velona Cuddles වැනි විශ්වාසනීය ළෙඳනාමවල ඩයපර්ස් තෝරගන්න. Birthday Sale වෙතින් විශේෂ වට්ටම් හිමිවෙන නිසා ඩයපර්ස් වැඩි ප්‍රමාණයක් තියන පැකට්ම මිලදී ගන්න එක වඩාත් වාසියි.

Baby Formula

දිනපතා අත්‍යවශ්‍ය බඩුමුට්ටු ගන්න Shop කරද්දි පුංචි බබාට අවශ්‍ය කරන දේවල් මිලදී ගන්නත් අම්මලා අමතක කරන්නේ නෑ. පුංචි බබාලා ඉන්න මව්වරුන්ට Shopping කරන්න වෙලාවක් වෙන් කරගන්න කොහොමත් අපහසුයි. ඒත් දැන් Daraz Mart වෙතින් මව්වරුන්ට අවශ්‍ය ළදරු නිෂ්පාදනත් ඔන්ලයින්ම මිලදීගෙන ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්.  මව්කිරිවලින් පස්සේ කුඩා දරුවන් ඊළඟට හුරු වෙන්නේ කිරි පිටිවලට. මේ ළඳරු කිරිපිටිවල පෝෂණ පදාර්ථ අඩංගු නිසා සෞඛ්‍ය සම්පන්න ආහාරයක් හැටියට හඳුන්වන්න පුළුවන්. තම දරුවාගේ පෝෂණය උදෙසා Baby Formula අතර බබාගේ වයසට අනූව ගැළපෙන පිටි වර්ගයක් තෝරගන්න. 

Baby Skin Care

පුංචි බබාලාගේ සම බොහොම සිනිඳුයි. ඒ සිනිඳු සම තවත් මෘදුව තබන්න බේබි ක්‍රීම් පාවිච්චි කරන්න පුළුවන්. පුංචි බබාලාව ඇඟ සේදවලා නාවලා ගෙනවාට පස්සේ Baby Cream, Baby Cologne එහෙම දැම්මාව බාබාව සුවඳත්ව තියන්න පුළුවන්. පුංචි සිඟිත්තන්ගේ සමට ගැළපෙන නිෂ්පාදන Baby Cheramy, Panda Baby, Pears වැනි වෙළෙඳ නාම වෙතින් විශේෂ වට්ටම් සහිතව මිලදී ගන්න ලෑස්ති වෙලා ඉන්න. අලුත උපන් පුංචි බිළිදෙක්ව බලන්න යන්නත් හිතාගෙන ඉන්නවා නම් මේ නිෂ්පාදන Daraz Mart වෙතින් මිලදී ගන්න හොඳම දවස් තමයි උදාවෙන්නේ.

Health & Beauty Products

DR.Rashel, Nivea, Gemei, Tresemme, herbline, St.Ives, Velvet, Nova, Hemas, Lifebouy, Axe, The Ordinary වැනි වෙළෙඳ නාම සඳහා 30%ක් දක්වා වට්ටම් සමඟින් නොමිලේ ඩිලිවරි සහ වවුචර්ස්.

Body Lotion

සම නිතර වේලීමෙන් ආරක්ෂා වෙන්න හොඳම විසඳුම තමයි Body lotion එකක් පාවිච්චි කරන එක. අපි Air Condition කරපු ඔෆිස්වල වැඩ කරද්දි කොහොමත් අපේ සම වේලෙන්න පටන් ගන්නවා. ඒ නිසා නිතර Body Lotion එකක් පාවිච්චි කරන එක වඩාත් සුදුසුයි. ඕනම සමකට ගැළපෙන Body Lotion එකක් තෝරගෙන ඔයාගේ සම මෘදුව තියාගන්න.

Shampoo

ගෙදරකට එදිනෙදා අත්‍යවශ්‍ය බඩුමුට්ටු ලැයිස්තුවට Shampoo වර්ගත් එකතු වෙනවා. විශේෂයෙන්ම ගෙදර ඉන්න කාන්තා පාර්ශ්වය වැඩි නම් ෂැම්පු වර්ග වැඩි වශයෙන් භාවිතා වෙනවා. කාන්තාවන් විතරක් නෙවෙයි දැන් පිරිමි පාර්ශ්වයත් සබන් වෙනුවට තෝරගන්නේ ෂැම්පු.  කෙස් කළඹ පිරිපුන්ව නිරෝගිමත්ව තියාගන්න ෂැම්පු අවශ්‍යම දෙයක්. ඒ නිසා ඔයාගේ රූපලාවණ්‍ය නිෂ්පාදන අතරට ෂැම්පු එකතු කරගන්නත් අමතක කරන්න එපා.

Soap

සබන් කියන්නේ ගෙදර උදවිය අතර නිතර පාවිච්චියට ගැනෙන දෙයක්. කොණ්ඩෙට ෂැම්පු ගාන්න හැමෝම පුරුදු වෙලා හිටියාට බොහෝ වෙලාවට ශරීරයේ ගාන්න තෝරගන්නේ සබන් වර්ග. එකවර බාත්රූම් එකක සබන් ජාති එකකට වඩා තියන්න වෙනවා. සබන් කියන්නේ ඉක්මනින් ඉවරවෙන දෙයක් නිසා සබන් Pack මිලදී ගන්න එක වැඩියෙන් වාසියි.

Handwash

පිරිසිදුකමට මුල්තැන දෙන නිවසක කුස්සියේ හා නාන කාමරයේ Handwash එකක් වරදින්නැතුවම තියන දෙයක්. අපේ ශරීරයට විෂබීජ ඇතුළු විම වළක්වලා කුණු, දූවිලි ඉවත් වෙලා යන්නේ Handwash එකකින් හොඳින් අත් සේදුවාමයි.අත්වලින් විෂබීජ ඇතුල් වීමේ ඉඩකඩ වැඩි නිසා නිතරම දෑත් පිරිසිදුව තියාගන්න වෙනවා. ඊට හොඳම පිළියම තමයි Handwash භාවිතා කරන එක. Lifebouy වැනි වෙළෙඳ නාම වෙතින් මෙවැනි සෞඛ්‍ය නිෂ්පාදන හොඳ මිලට තෝරගන්න.

Daraz සමඟින් Shop කරන ඔයාලාට Birthday Sale වෙතින් Essentials for Everyday Life සුවිශේෂී මිල අඩු කිරීම් සහිතව අඩුම මිලට තෝරාගන්න පුළුවන්.   සැප්තැම්බර් 27 සිට Daraz Birthday Sale සමඟින් Shop කරන්න දැන්ම ලැස්තියි නේද? තාමත් Daraz App එක ඩවුන්ලෝඩ් කරලා නැත්තම් අදම ඩඩුන්ලෝඩ් කරගන්න.

අලුත් ෆෝන් එකකට මාරු වෙන්න හිතාගෙන ඉන්නවා නම් Birthday Sale වෙතින් මොබයිල්ස් සඳහා හිමිවන වට්ටම් පිළිබඳ දැනගන්න Must-Have Dining and Kitchen Items to Complete Your Kitchen ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php