උත්සව අවස්ථාවලට ගැළපෙන රු.7999ට අඩු Occasion Wear 2023

උත්සව අවස්ථාවලට ගැළපෙන රු.7999ට අඩු Occasion Wear 2023

විශේෂ උත්සව අවස්ථාවලට අලංකාරව සැරසිලා යන්න Occasion Wear 2023 ගැන දැනගන්න වෙනවා. මේ අවුරුද්දෙත් උත්සව අවස්ථා අඩුවක් නැතුව යෙදෙන්න පුළුවන්.

2023 වසරේ විශේෂ උත්සව අවස්ථාවලට ගැළපෙන Occasion Wear 2023 ගැන සොයනවාද? Daraz Fashion වෙතින් Occasion Wear 2023 පහසුවෙන්ම සොයාගන්න අවස්ථාව තියනවා.

වසරින් වසර අලුත් වෙද්දි අපිට විවිධ විදියේ විශේෂ උත්සව අවස්ථාත් යෙදෙනවා. උපන්දින සාද, වෙඩින්, ඔෆිස් පාටි මේ හැමදේම කාලෙන් කාලෙට යෙදෙන්න පටන් ගන්නවා. මේ වගේ විවිධ උත්සව  අවස්ථා යෙදුනාම හැමෝම හිතන්නේ ඇඳගෙන යන්නේ මොනවාද කියලායි. පිරිමි පාර්ශ්වයට වැඩිය මේ ගැන වැඩියෙන් උනන්දු වෙන්නේ කාන්තාවන්. කොහොමත් ගමනක් යද්දි කාන්තාවන්ට නම් ඇඳුමක් හොයාගන්න එක නම් ලේසි දෙයක් නෙවෙයි. 

උත්සව අවස්ථාවලට විශාල පිරිසක් සහභාගී වෙන නිසා පිරිසක් අතරේ තමන්ව කැපී පෙනෙන්නේ ආකර්ෂණීය විදියට ඇඳගෙන ගියාමයි. උත්සවයක් යෙදෙන වාරයක් ගානේ ඊට ගැළපෙන ඇඳුම් හොය හෙයා Shopping කරන්න බෑනෙ. ඒ නිසා මේ අවුරුද්දේ යෙදෙන උත්සව අවස්ථාවලට ගැළපෙන්න ඇඳුම් කලින්ම වෙන්කරගෙන තියාගත්තොත් හොඳයි නේද? දැන් Shopping කරන්න කඩවල් ගානේ, සෙනඟ අස්සේ පොරකන්න ඕන නෑ. Daraz Fashion වෙතින් ඔයාට ගැළපෙන විලාසිතා හිතේ හැටියට තෝරගන්න. 

සාමාන්‍ය ගමන්බිමන්වලට අඳින ඇඳුම්වලට වඩා උත්සව අවස්ථාවලට අඳින ඇඳුම් මිලෙන් ටිකක් අධිකයි. ඒත් මේ කාලයේ රු. 7999ට වඩා අඩු මුදලකට Occasion wear මිලදී ගන්න ලැබෙන එක කොයි තරම් නම් වටිනවාද? කාලෙන් කාලෙට විලාසිතා Trends වෙන නිසා අලුත් වසරක් පටන් ගනිද්දි මේ වසරට ගැළපෙන විලාසිතා Trends මොනවාද කියලා  හොයලා බලන්න වෙනවා. ඒ නිසා Daraz Fashion වෙතින් තෝරගන්න පුළුවන් රු. 7999ට අඩු Occasion wear 2023 මොනවාද කියලා අපි බලමු. 

Women’s Occasion Wear

Maxi Dress

දිග ගවුම් අඳින එක දැන් තරුණියන් අතර ජනප්‍රිය විලාසිතාවක් වෙලා.  සාදයකට, ඔෆිස් පාටියකට Maxi Dress එකක් වඩාත් සුදුසු ඇඳුමක් වෙනවා. Floral ගතියක් තියන මේ වගේ ගවුමක් ඔයාගේ පෙනුමට කොතරම් නම් චමත්කාරයක් එක් කරයිදි? ඇඳුමට ගැළපෙන්න ලස්සන ජුවලරිස් වගේම අඩි උස සපත්තුත් දැම්මාම මේ ගවුමේ සුන්දරත්වය තවත් වැඩි වෙනවා. මේ වගේ ඇඳුමක් පිරිසක් අතරේ ඔයාව කැපිලා පේන ඇඳුමක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්.

Off Shoulder Dress

ස්ටයිලිෂ් විදියට අඳින්න කැමති අය නිතර සොයන්නේ වෙනස් විලාසිතාවන්. දිග ගවුම් අඳින්න ඇතැම් තරුණියන් ප්‍රිය කරද්දි තවත් පිරිසක් ටිකක් කොටට අඳින්න කැමැත්තක් දක්වනවා. මේ වගේ Fashionable ගවුමක් කාගේත් නෙත ගැටෙන ඇඳුමක් වේවි.  සාදයකට වෙඩින් එකකට වගේ  ඕනම විශේෂ උත්සව අවස්ථාවකට මෙවැනි ඇඳුමක් හරියනවා. ඔයා කැමති වර්ණයකින් තෝරගන්න පුළුවන්. ගවුම ටිකක් කොට නිසා හොඳ පෙනුමක් තියන සපත්තු දෙකක් දැම්මොත් Rich Look එකක් එකතු වෙනවා. රු. 2490 වගේ අඩු මුදලකට මේ වගේ ස්ටයිලිෂ් ගවුමක් Daraz Fashion වෙතින් ගෙදරටම ගෙන්න ගන්න ලැබෙන එක කොයි තරම් නම් වාසියක්ද?

Jumpsuit

විශේෂ උත්සව අවස්ථාවලට අඳින්න විවිධ විදියේ ගවුම් විලාසිතාවන් තෝරගත්තාට ගවුම් අඳින්න අකමැති පිරිසකුත් ඉන්නවානේ. ඔන්න එහෙම අයට ගැළපෙන ඇඳුමක් තමයි Jumpsuit. හරිම සැහැල්ලුවෙන් ඇඳගෙන ඉන්න පුළුවන් වගේම වෙනස්ම Look එකක් තියනවා. ඔෆිස් පාටියකට, සාමාන්‍ය සාදයකට මේ වගේ ඇඳුමක් නියමෙට ගැළපෙනවා නේද? දිග කාරබු දෙකක්, සිල්වර් මාලයක් වගේ ජුවලරිස් දැම්මාම ඇඳුමේ ආකර්ෂණීයත්වය තවත් වැඩි වෙනවා. කොහේ ගියාත් සැහැල්ලුවෙන් ඇඳගෙන ඉන්න ඔයා කැමති නම් මෙවැනි ඇඳුමක් පහසු මිලට Daraz වෙතින්ම තෝරගන්න.

Fashionable Suit

දැන් ගොඩාක් වෙලාවට විශේෂ උත්සව අවස්ථාවලටත් බොහෝදෙනා අඳින්නේ චාම් විදියට. නවීන විලාසිතා Trends අතර උත්සව අවස්ථාවලට අඳින්න මේ වගේ ඇඳුමක් කොතරම් ගැළපෙනවාද කියලා බලන්නකො. කොට බ්ලවුස් එකයි Half-length Skirt එකයි එක්ක හරිම Fashionable විලාසිතාවක් විදියට තමයි  නිර්මාණය කරලා තියන්නේ. Shiny හෑන් බෑග් එකක් එක්ක ආකර්ෂණීය ජුවලරිස් ගළපලා පැළඳුවාම මේ ඇඳුමේ තියන අලංකාරය තවත් වැඩි වෙනවා. Daraz Fashion වෙතින් Shopping කරන්න මහන්සියක් වෙන්නේ නැතුවම මේ වගේ ඇඳුමක් ගෙදරටම ගෙන්වා ගන්න ඔයාට අවස්ථාව හිමිවෙනවා.

Choli

කාන්තාවන් විවිධ වු විලාසිතා අත්විඳින්න හරිම කැමතියි. පොඩි වෙනසකටත් එක්ක මේ අවුරුද්දේ ඔයාට තියන වෙඩින් එකකට චෝලි වගේ විලාසිතාවක් අඳින්න කැමතියිද? හැමදාම එකම විදියට අඳින්න ඕන නෑනෙ.  මේ අවුරුද්දේ වෙනසක් කරලා බලන්න. ඒ වගේම වෙඩින් එකකට සාරියක් අඳින්න අපහසු කෙනෙක්ට චෝලි එකක් වගේ ඇඳුමක් තෝරගන්න පුළුවන්. මේ විදියට වර්ක් කරපු චෝලි එකක් ඇන්දාම හෙවි ජුවලරිස් දාන්නත් අවශ්‍ය වෙන්නේ නෑ. මේ කාලයේ රු. 5000කට වඩා අඩු මුදලකට මේ වගේ වටිනා ඇඳුමක් මිලදීගෙන ගෙදරටම ගෙන්න ගන්න ලැබෙන එක Daraz Fashion වෙතින් හිමිවෙන ලොකු වාසියක්.

Saree

සාරියක් කියන්නේ කාන්තාවන්ට ගෞරවනීය පෙනුමක් එක් කරන විලාසිතාවක්. වෙඩින්වලට බොහෝ කාන්තාවන් අඳින්න තෝරගන්නේ සාරි. දැන් අලුත් විදියේ ලස්සන මෝස්තර සහිත සාරි විලාසිතාවන් තියන නිසා ඔයාට ගැළපෙන අලංකාර සාරි විලාසිතාවලින් සැරසෙන්න පුළුවන්. වර්ණවත් සාරි විලාසිතා ඔයාගේ පෙනුමට චමත්කාරයක් එක් කරනවා. සාරියේ වටිනාකම තවත් වැඩිවෙන්නේ ඔයා තෝගන්න පුවලරිස් හා සපත්තුත් එකතු වුණාමයි.

Elegant Shoes

විශේෂ උත්සව අවස්ථාවලට සහභාගී වෙද්දි ලස්සන ඇඳුම් තෝරගන්නවා වගේම හොඳ පෙනුමක් තියන සපත්තු දෙකක් තෝරගන්නත් එපැයි. උත්සව අවස්ථාවලට අඳින ඇඳුම් සමඟින් ගැළපෙන්නේ අඩි උස සපත්තු.  විශේෂයෙන් Mini Dress එහෙම අඳිනවා නම් අඩි උස සපත්තු දෙකක් දාන්නම වෙනවා. අපි සාමාන්‍යයෙන් භාවිතා කරන සපත්තු උත්සව අවස්ථාවලට දාන්න බෑනෙ. ඒ වගේ අවස්ථාවලට ගැළපෙන්න වෙනම්ම සපත්තු වර්ග තියනවා. සපත්තුවක් තෝරගනිද්දි හැඩය වගේම සුවපහසුව ගැනත් හිතන්න වෙනවා.   ඒ නිසා හොඳ කොලිටියේ සපත්තු Daraz Fashion වෙතින්ම සොයාගන්න.

Men’s Occasion Wear

Blazer

කාන්තාවන් විතරක් නෙවෙයිනේ පිරිමි පාර්ශ්වයත් ලස්සනට අඳින්න පළඳින්න කැමතියිනේ. කාන්තාවන් තරම්ම විලාසිතා ගැන උනන්දු වුණේ නැති වුණාත් කාගේත් හිත් දිනාගන්න විදියට ස්මාර්ට් එකට අඳින්න කවුද ඉතිං කැමති නැත්තේ? වෙඩින් එකකට යද්දි කාන්තාවන් සාරි, ගවුම් වගේ විවිධ අලංකාර විලාසිතාවලින් සැරසෙද්දි පිරිමි අයගේ සුපුරුදු ඇඳුම වෙන්නේ කලිසමයි ෂර්ට් එකයි. විශේෂ උත්සව අවස්ථාවලදී ඒ ඇඳුමට විශේෂත්වයක් එක් කරන්නේ Blazer එකකින්. Blazer එකක් දැම්මාම ස්මාර්ට් Look එකක් එකතු වෙනවා. Blazer එකක් ගන්නවා නම් ගාණ ටිකක් වැඩි එක තමයි ගැටලුව. ඒත් Daraz Fashion වෙතින් රු.7000ට අඩුවෙන් ඔයාට Blazer එකක් තෝරගන්න පුළුවන්. දැන් අලුත්ම Trend එකේ හැටියට ටයි පටි දාන්නෙත් නෑ. කලිසමයි ෂර්ට් එකයි ඇඳලා ඊට උඩින් Blazer එක දාන එකත තමයි අලුත්ම විලාසිතාව. ඔන්න මේ වසරේ ඔයාට යෙදෙන විශේෂ උත්සව අවස්ථාවලට අඳින්න අලුත්ම Blazer එකක් Daraz එකෙන් ගමු නේද?

Party Wear Shirt

සාදයකට වෙඩින් එකකට යද්දි සාමාන්‍ය ෂර්ට් එකකට වඩා Occasion Look එකක් තියන ෂර්ට් එකක් තෝරගන්න වෙනවා.  හොඳ කොලිටියේ Material එකෙන් මහලා තියන මේ වගේ ෂර්ට් එකක් ඔයාගේ ස්මාර්ට් පෙනුමට කදිමෙට ගැළපේවි. පිරිමි ළමයි ඇඳුම් හොය හොයා වැඩි වෙලාවක් Shopping කරන්න කැමති නෑනෙ. දැන් Daraz Fashion වෙතින් ඔයාට ගැළපෙන හොඳම විලාසිතා හිතේ හැටියට තෝරගෙන ගෙදරටම ගෙන්වා ගන්න.

Men’s Shoes

විශේෂ ගමනක් යද්දි දාගෙන යන්න හොඳ සපත්තු දෙකක් ඔයා ගාව වෙන්කරලා තියනවාද? නැත්තම් තාමත් උත්සව අවස්ථාවකට දාගෙන යන්නෙත් හැමතැනටම දාන සපත්තු දෙකමද? ඔන්න මේ අවුරුද්දේවත් ඔයාගේ විලාසිතා වෙනස් කරගන්න.  මේ වසරේ ඔයාට යෙදෙන විශේෂ උත්සව අවස්ථාවලට පළඳින්න මේ වගේ සපත්තු දෙකක් Daraz Fashion වෙතින් මිලදී ගන්න. ආකර්ෂණීයත්වය වගේම සුවපහසුව ගැන හිතලා හොඳ කොලිටියේ සපත්තු දෙකක් ඔයාගේ විලාසිතා අතරට එක්කර ගන්න.

2023 වසරේ විශේෂ උත්සව අවස්ථාවලට ආකර්ෂණීයව හැඩවෙන්න Daraz Fashion සමඟින් Shop කරලා මේ Occasion Wear 2023 තෝරගන්න. තාමත් Daraz Fashion සමඟින් Shop කරලා නැත්තම් දැන්ම Daraz App එක  ඩවුන්ලෝඩ් කරලා Daraz Fashion අත්විඳින්න.

2023 වසරේ සපත්තු විලාසිතා ගැන දැනගන්න Footwear Trends For 2023 ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php