සිත් සතුටු කරන Valentine’s Day Gift Ideas

සිත් සතුටු කරන Valentine’s Day Gift Ideas

ළඟම එන ආදරවන්තයින්ගේ දිනයට හැමෝම හිතන්නේ Valentine’s Day Gift Ideas ගැනයි. සිය ආදරණීයන් වෙනුවෙන් Valentine’s Day Gift Ideas දෙන්න මේ හොඳම කාලයයි.

ඔයාලාත් මේ දවස්වල Valentine’s Day Gift Ideas ගැන සොයනවාද? Valentine’s Day Gift Ideas ගැන අදහසක් ගන්න මේ ලිපිය කියවන්න.

ලොව පුරා ආදරවන්තයින්ගේ දිනය සමරන්නේ පෙබරවාරි 14 වැනිදාටයි. ආදරය එක දවසකට සීමා කරන්න බැරි වුණාත් එදා දවස විශේෂයෙන් සමරන්න ආදරණීයන් පුරුදු වෙලා ඉන්නවා. ඔයාත් ආදරවන්තියක් හෝ ආදරවන්තයෙක් නම් තමන් ආදරය කරන කෙනාට දෙන්න තෑග්ගක් ගැන මේ වෙලාවෙත් හිතනවා ඇති.  ආදරය සීමා වෙන්නේ පෙම්වතා පෙම්වතියට විතරක් නෙවෙයි. බිරිඳ සැමියා අතර, දෙමාව්පියන් දරුවන් අතර, විශේෂ යහළුවන් අතර ආදරය අපි නිතරම බෙදාහදා ගන්නවා. ආදරවන්තයින්ගේ දිනය දැන් අපේ රටේත් උත්කර්ෂවත් විදියට සමරනවා. නමුත් ඒ වෙනුවෙන් පැවැත්වෙන උත්සව අවස්ථාවලට සහභාගී වෙන්න බැරි වුණාත් එදා දවසට තමන් ආදරය කරන කෙනාගෙන් හැමෝම තෑග්ගක් නම් බලාපොරොත්තුවෙන් ඉන්නවා.  ඒ නිසා මෙදා සැරේත් ඔයාගේ ආදරණීයන්ට තෑග්ගක් දෙන්න අමතක කරන්න එපා.

ආදරවන්තයින්ගේ දිනයට දෙන්න තෑග්ගක් තෝරන එක ලේසි දෙයක් නෙවෙයි. තමන් ආදරය කරන කෙනාගේ කැමැති අකමැති දේවල් ගැන හරියට හිතලාම මේ තෑග්ග තෝරන්න වෙනවා. අපි ගොඩාක් වෙලාවට තෑග්ගක් දෙද්දි මතකයේ රැඳෙන ආකර්ෂණීය දෙයක් තමයි තෝරගන්නේ. ඒත් ඒ ගැන විතරක් හිතලා මදි. අලංකාර තෑග්ගක් වගේම ප්‍රයෝජනවත් දෙයක් දෙන්න පුළුවන් නම් ඒ තෑග්ගේ වටිනාකම තවත් වැඩිවෙනවා. මේ කරුණු ගැන හිතලා තෑග්ගක් මිලදී ගනිද්දි අපිට හිතන්න වෙන තව දෙයක් තියනවා. ඒ තමයි අපේ බජට් එක. අතේ තියන බජට් එකට හරියන්න තෑග්ගක් තෝරන්නත් එපැයි.

වැලන්ටයින් එකට තෑගි හොයන්න Shopping කරන්න ඔයාට වෙලාවක් නැතුවද ඉන්නේ? ඒකට හොඳම විසඳුමක් තියනවා. දැන් තෑගි හොයන්න කොහේවත් ඇවිදින්න ඕන නෑ. Daraz App එකෙන් තෑගි අදහසක් ගණනාවක් අතරින් ඔයාගේ ආදරණීයන්ට ගැළපෙන තෑගි තෝරාගෙන ගෙදරටම ගෙන්වා ගන්න අවස්ථාව තියනවා. ඒ නිසාම ඔයාගේ පෙම්වතාට, පෙම්වතියට, බිරිඳට, සැමියාට වගේම විශේෂ මිතුරෙක්ට දෙන්න සුදුසු Valentine’s Day Gift Ideas ටිකක් හඳුන්වලා දෙන්න අපි හිතුවා. බලන්නකො ඔයාගේ බජට් එකටත් ඔයාගේ ආදරණීයන්ටත් මේ තෑගි ගැළපෙයිද කියලා.

ආදරණීයන්ට අඟනා තෑග්ගක් හොයාගන්න Daraz වෙතින් 75%ක් දක්වා වට්ටම්. මෙතනින් Click කරන්න.

Gifts For Girlfriend

තමන්ගේ පෙම්වතියට තෑග්ගක් තෝරන එක නම් අමාරු වැඩක් නේද? හැබැයි පෙම්වතිය කැමැති අකමැති දේවල් ගැන හරියට දැනගෙන ඉන්න කෙනෙක්ට පෙම්වතියට ගැළපෙන තෑග්ගක් ඉක්මනින් හොයාගන්න පුළුවන්. ආදරය කරන කාලේ දෙන්නාට දෙන්නාගේ අදහස් නිතර හුවමාරු කරගන්නවානේ. උපන්දිනයට අමතරව වැලන්ටයින් දිනය එද්දි තම පෙම්වතා දෙන තෑග්ග ගැන පෙම්වතිය බලාගෙන ඉන්නේ නොඉවසිල්ලෙන්. තරුණියන් විලාසිතා කරන්න කොහොමත් කැමතියි. ඒ නිසා ඇඳුම් පැළඳුම්වලට ඔවුන් වැඩිපුර ආස කරනවා. එයා අඳින පළඳින විදිය ගැන හරියට දන්නවා නම් ගැළපෙන ඇඳුමක් තෑගි අදහස් අතරට එක්කර ගන්න පුළුවන්. ඒ වගේම විලාසිතා අතර සපත්තු, සෙරෙප්පුත් පෙම්වතියකට දෙන්න සුදුසු තෑග්ගක්. වර්ණවත් සෙරෙප්පු, සපත්තු විලසිතා ගණනාවක්ම තියන නිසා ඔයාගේ පෙම්වතිය ආස කරන විදියේ සපත්තුවක් තෝරගන්න.  Perfume එකක් ඔයාගේ පෙම්වතියට තෑගි කරන්න හිතාගෙන ඉන්නවා නම් සමාන්‍ය Perfume එකක් දෙන්න බෑනෙ. ගාණ ටිකක් වැඩිපුර දීලා හරි Branded Perfume එකක් තෝරගන්න වෙනවා. පෙම්වතියව සුවඳවත්ව තියන්න එය කදිම තෑග්ගක්.

ඇඳුම් පැළඳුම්වලට වඩා ඔයාගේ පෙම්වතිය අනංමනං කෑමවලට කැමති කෙනෙක්ද? චොකලට් කන්න නම් කවුද ආස නැත්තේ. වැලන්ටයින් දිනයට තමන්ගේ ආදරවන්තියට චොකලට් දෙන එක ජනප්‍රිය දෙයක්. චොකලට් ජාති ගොඩාක් තියන චොකලට් Box එකක්ම මෙදා සැරේ තෑගි කරෝත් ඔයාගේ පෙම්වතිය ගොඩාක් සතුටු වෙයි නේද? මේ සියලු තෑගි දැන් Daraz වෙතින්ම සොයාගෙන ඔයාගේ පෙම්වතියට තෑගි කරන්න.

Gifts For Boyfriend

වැලන්ටයින් දිනය වෙනුවෙන් පෙම්වතා පෙම්වතියට තෑග්ගක් දෙනවා වගේම පෙම්වතියටත් සිදු වෙනවා තමන්ගේ පෙම්වතාටත් වටිනා තෑග්ගක් දෙන්න. පිරිමි ළමයි අලංකාර තෑගිවලට වඩා ප්‍රයෝජනවත් තෑගිවලට තමයි වැඩියෙන් කැමති. ඒ නිසා මෙදා සැරේ වැලන්ටයින් එකට පෙම්වතාට දෙන්න ප්‍රයෝජනවත් තෑග්ගක් ගැන හිතමු. දැන් තරුණියන් බොහෝදෙනා කාලය ගත කරන්නේ ස්මාර්ට් ගැජට්ස් සමඟයි. විවිධ විදියේ ස්මාර්ට් ගැජට්ස් ඔයාගේ පෙම්වතා ගාවත් ඇති. හැබැයි ඔයාවත් හැමවෙලේම මතක් වෙන්න එයාගේ අතේම පැළඳගෙන ඉන්න ස්මාර්ට් වොච් එකක් තෑගි කරන එක හොඳ තෑගි අදහසක් වෙයි නේද?

දැන් පිරිමි ළමයින්‌ගේ පාවහන් විලාසිතා අතර ජනප්‍රිය අංගයක් තමයි Sneakers. ඔයාගේ පෙම්වතා ස්ටයිලිෂ් විදියට අඳින්න පළඳින්න කැමති කෙනෙක් නම් මේ වගේ සපත්තු දෙකක් වඩාත් ගැළපේවි.වැඩි කාලයක් පාවිච්චි කරන්නත් පුළුවන් නිසා මෙහෙම දෙයක් ප්‍රයෝජනවත් තෑග්ගක් වෙනවා. ඒ වගේම එය නිතර එහෙමෙහෙ ඇවිදින්න යන කෙනෙක් නම්, බෑග් එකක් තෑගි කරන්නත් පුළුවන්. Crossbody Bags දැන් Fashionable විලාසිතාවක් වෙලා.  ස්මාර්ට් එකට ඇඳලා මේ විදියේ සපත්තු, බෑග්, වොච් දැම්මාම එයාව ඔයාට තවත් ලස්සනට පෙනෙන්න පටන් ගනියි. ඉතිං ඔන්න එ් නිසා මේ වැලන්ටයින් එකට ඔයාගේ පෙම්වතාට ආකර්ෂණීය වගේම ප්‍රයෝජනවත් තෑග්ගක් පිරිනමන්න.

Gifts For Wife

පෙම්වතා පෙම්වතිය හැටියට හිටිය කාලෙට වඩා විවාහා වුණාට පස්සේ කලින් තිබුණු ආදරය අඩු වෙනවා කියලා අපි අහලා තියනවා. ගොඩාක් වෙලාවට ආදරවන්තයින්ගේ දිනයටත් පෙම්වතා පෙම්වතා විදියට හිටිය කලේදි විතරයි තෑගි හුවමාරු කරගන්නෙත්. හැබැයි විවාහා වුණාට පසුවත් ආදරවන්තියන්ගේ දිනය දවසේ සැමියාට, බිරිඳට තෑග්ගක් දෙන්න පුළුවන් නම් දෙන්නාගේ ආදරය අලුත් වෙනවා. විවාහා වුණාට පස්සේ ඔයාගේ ආදරය ටිකක් අඩු වුණා කියලා හිතෙනවා නම් මෙදා සැරේ වැලන්ටයින් එකට ඔයාලාගේ ආදරය නැවුම් කරගන්න බිරිඳ වෙනුවෙන් මල් කළඹක් දුන්නොත් එය හිතට සතුටක් මුසු කරන තෑග්ගක් වේවි.

විවාහා වුණාට පස්සේ බිරිඳක් කාර්යබහුල වෙනවා වැඩියි. ඇතැම් වෙලාවට තමන්ගේ රූ සපුව ගැනවත් හිතන්න වෙලාවක් නැති වෙනවා. ඒ නිසා පෙම්වතිය වෙලා හිටපු කාලයේදී දුන්න සාමාන්‍ය තෑග්ගකට වඩා ඇයගේ කාර්යබහුල ජීවිතයට උපකාරයක් වෙන තෑග්ගක් දෙන්න පුළුවන් නම් වඩාත් වටිනවා. නෑවාට පස්සේ කොණ්ඩෙ වේලගන්න වෙලා යන එක කාන්තාවන්ට තියන ලොකු ප්‍රශ්නයක්.  ඒකට හොදම විසඳුම තමයි Hair Dryer එකක් භාවිතා කරන එක. ඉතිං ඔන්න එ් නිසා මේ සැරේ ඒ වගේ දෙයක් තෑගි කරමුද? බොහෝ වෙලාවට බිරින්දෑවරු වැඩියෙන් කාර්යබහුල වෙලා තියන්නේ ගෙදරදොරේ වැඩයි, ළමයින්ගේ වැඩයි, ඔෆිස් එකේ වැඩයි මේ හැමදේම කළමනාකරණය කරන්න සිදුවෙලා තියන නිසායි. ඔයාගේ බිරිඳට දෙන්න වටිනා තෑග්ගක් ගැන හිතනවා නම් එයාගේ වැඩ කටයුතු පහසුවෙන් කරගන්න Tab එකක් වගේ දෙයක් තෑගි කරන්නත් පුළුවන්. මේ තෑගි අදහස් ඔයාගේ බිරිඳට කදිමෙට ගැළපෙනවා නේද කියලා හිතලා බලන්න.

Gifts For Husband

සැමියාට වැලන්ටයින් එකට දෙන්නේ මොන වගේ තෑග්ගක්ද කියලා මේ දවස්වල කල්පනා කරනවාද? එයා විලාසිතාවලට වැඩියෙන් කැමති කෙනෙක් නම් ඔෆිස් අඳින්න ෂර්ට් එකක්, කලිසමක්, සපත්තු දෙකක් වගේ ඇඳුම් පැළඳුම් තෑගි කරන්න පුළුවන්.  ඔයා තමන්ගේ සැමියාගේ ශරීර සෞඛ්‍ය ගැනත් උනන්දු වෙන ආදරණීය බිරිඳක් නම් මේ සැරේ වැලන්ටයින් එකට ඒ ගැන හිතලා තෑග්ගක් දුන්නොත් වඩාත් හොඳයි.  එයා නිතර ව්‍යායාම් කරලා Fitness එකේ ඉන්න කැමති කෙනෙක් නම් ව්‍යායාම් ඵලදායිත්වය වැඩි කරන Power Fit Smart උපකරණයක් තෑගි කරමුද? සමහරවිට මේ වගේ තෑග්ගක් ඔයාගෙන් ලැබෙයි කියලා එයා හිතන්නෙත් නැති වෙයි.  ඒ නිසා එයාව පුදුම කරවන්න මෙවැනි තෑග්ගක් ගැන මේ සැරේ හිතන්න.

ඔයාගේ සැමියා ගොඩාක් කාර්යබහුල කෙනෙක් නම් ගෙදර ඇවිල්ලාත් නිතර ඔෆිස් වැඩවල යෙදෙනවා ඇති. දැන් බොහෝ දෙනෙක් ඔන්ලයින් ඔස්සේත් රාජකාරි කටයුතු කරන නිසා ඒ වැඩවලට සහායක් වෙන්න Wireless Headset එකක් එහෙමත් සැමියෙක්ට ගැළපෙන වටිනා තෑග්ගක් වෙනවා.

Gifts For Best Friend

ඔයාට පෙම්වතියක් පෙම්වතෙක් හිටියේ නැති වුණාත් ඔයාගේ දුක සැප හැමදේම බෙදාගන්න විශේෂ මිතුරන් ඉන්නවා නම් වැලන්ටයින් එකට ඒ අයටත් තෑග්ගක් දෙන්න පුළුවන්.  තාමත් පෙම්වතිය වෙලා නැති ඔයාගේ හිතේ පෙම්වතිය කරගන්න අදහසක් තියන ගැහැණු ළමයෙක් ඉන්නවා නම් වැලන්ටයින් දවස තමයි එයාට තෑග්ගක් දීලා ඔයාගේ අදහස ප්‍රකාශ කරන්න තියෙන හොඳම දවස.  එයාගේ කැමති අකමැති දේවල් ඔයා හරියටම දන්නේ නැති නිසා පොදුවේ ඕනම තරුණියක් කැමති දේවල් ගැන හිතලා තමයි තෑග්ගක් තෝරන්න වෙන්නේ. ඒ නිසා හෑන්බෑග්, ජුවලරිස් වගේ අයිටම්ස්  ඒ අතරට ගැළපෙනවා.

තාම පෙම්වතා පෙම්වතිය වෙලා නැති ළඟම විශේෂ මිතුරෙක්ට සිහිවටනයක් තෑගි කරනවා නම් අලංකාර දෙයක් තෝරගන්න වෙනවා. සංගීතය වාදනය වන, රොමෑන්ටික් ගතියක් දැනෙන, සැබෑ ක්‍රිස්ටල් බෝලයකින් හදලා තියෙන මේ වගේ උපකරණයක් සැමදා මතකයේ රැඳෙන සුන්දර තෑග්ගක් වේවි.

මේ තෑගි අදහස් අතරින් ඔයාගේ ආදරණීයන්ට ගැළපෙනම තෑග්ග තෝරගන්න. වැලන්ටයින් දවසේ සිත් සතුටු කරවන තෑගිවලින් ඔයාගේ ආදරය තවත් වැඩිකරගන්න. මෙම සියලු තෑගි Daraz App එකෙන් තෝරගන්න අවස්ථාව තියනවා. තාමත් Daraz App එක ඩවුන්ලෝඩ් කරලා නැත්තම් දැන්ම ඩවුන්ලෝඩ් කරලා තෑග්ගක් හොයන්න පටන් ගන්න.

වැලන්ටයින් දවසේ සිත් ඇඳගන්නා පෙනුමෙන් හැඩවෙන්න අවශ්‍ය විලාසිතා ගැන දැනගන්න Dress to Impress With These Valentines Collection Clothing ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php