අවුරුදු අසිරිය වැඩි කරන Fashion Wear

අවුරුදු අසිරිය වැඩි කරන Fashion Wear

අවුරුදු කාලෙට අවුරුදු Fashion Wear ගැන අපිට හිතන්නම වෙනවා. අවුරුදු අසිරිය තවත් වැඩි කරන්නේ Fashion Wear සමඟයි.

ඔයාලාත් මේ අවුරුදු කාලේ Fashion Wear සොයනවාද? අවුරුදු අසිරිය වැඩිකර ගන්න මන බඳිනා Fashion Wear සමඟින් හැඩවෙන්න.

Daraz අවුරුදු වාසි සමඟින් විලාසිතාවලට අඟනා වට්ටම්

අලුත් අවුරුද්ද වෙනුවෙන් අලුත් ඇඳුම් ගන්න යන්න අපේ උදවිය මේ දවස්වල ඉඳන් පටන් ගන්නවා. අවුරුදු දවසට අලුතින් ඇදුම් අදින්නත්, නෑගම් යද්දි අලුත් ඇඳුම් අඳින්නත්, අවුරුද්දෙන් පස්සේ ඔෆිස් එකට යද්දි අලුත් ඇඳුම් පැළඳුම්වලින් හැඩවෙලා යන්නත් තමයි මේ දවස්වල හැමෝම අවුරුදු විලාසිතා ගැන උනන්දු වෙන්නේ.දැන් ඉස්සර වගේ ඇඳුම් පැළඳුම් හොය හොයා සාප්පු ගානේ මහන්සි වෙන්න අවශ්‍ය නෑ. ඔයා කැමති විලාසිතා Online Order කරලා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්.

හිතාගන්න බැරි වාසි ගෙනෙන Daraz අවුරුදු වාසි සමඟින් මාර්තු 24 සිට Shop කරන්න ලෑස්තියි නේද? Daraz අවුරුදු වාසි වෙතින් සිත්ගත් විලාසිතා සඳහා මෙම වෙළෙඳ නාම වෙතින් විශේෂ වට්ටම්.

DSI Store එකේ 10%ක වට්ටමක් හා නොමිලේ ඩිලිවරි.

Spring & Summer 10%ක වට්ටමක් හා නොමිලේ ඩිලිවරි.

Amante වෙතින් 15% ක් දක්වා වට්ටම් හා නොමිලේ ඩිලිවරි.

Jump Store එකෙන් 12%ක වට්ටමක් හා නොමිලේ ඩිලිවරි.

Laveena Sarees වෙතින් 10%ක වට්ටමක් හා නොමිලේ ඩිලිවරි.

Yoo Brands – අවම 15%ක වට්ටමක්.

SKMEI Store වෙතින් අවම 20%ක වට්ටමක් හා නොමිලේ ඩිලිවරි.

David Jones වෙතින් අවම 20%ක වට්ටමක් හා නොමිලේ ඩිලිවරි.

අවුරුදු නැකතට විලාසිතා

අලුත් අවුරුදු කාලේ කියන්නේ හැමෝම අලුත් ඇඳුම් පැළඳුම්වලින් සැරසෙන කාලයක්. අලුත් අවුරුදු දවසට අපිට විවිධ චාරිත්‍ර කිහිපයක් කරන්න වෙනවා. ඉතිං මේ නැකැත් කරද්දි පවුලේ හැමෙදෙනාම එකට එකතු වෙනවා වගේම අලුත් ඇඳුම් පැළඳුම් තමයි මේ වෙලේට හැමෝම ඇඳගෙන ඉන්නෙත්. අවුරුදු චාරිත්‍රවලට අදාළ විවිධ වර්ණයන් අවුරුද්දෙන් අවුරුද්දට නම් කරනවා. මෙදා සැරේ අවුරුද්දට අදාළ වර්ණය විචිත්‍ර වර්ණයයි.  ඒ නිසා විචිත්‍ර වර්ණයන්ගේ විලාසිතා මෙදා සැරේ අවුරුද්දට තෝරගන්න.

Ladies clothes සොයනවා නම්, මේ වගේ විවිධ වර්ණයන් තියන ගවුම් වඩාත් ගැළපේවි.  ඒ වගේම Kurutha Tops  අවුරුදු අසිරිය තවත් වැඩි කරන විලාසිතාවක්. Men’s clothes සොයනවා නම් විචිත්‍ර වර්ණයන් සහිත ආකර්ෂණීය Shirts තෝරාගන්න අවස්ථාව තියනවා.  ඒ වගේම අවුරුදු නැකැත් වෙලාවන් උදා වුණාට පස්සේ අපි ගනුදෙනු කරන්නත්, කැවිලි පිඟාන් බෙදාහදා ගන්නාත් ළඟපාත නෑදෑ ගෙවල්වලට යනවා. ඒ යනකොට අලංකාර වගේම පහසු විලාසිතාවලින් සැරසෙන්න එපැයි. ඒ නිසා ඇඳුම් වගේම අවුරුදු දවසේ එහෙට මෙහෙට දුවන්න සුවපහසු Slippers දෙකක් පළඳින්න.

අවුරුදු නෑගම් යන්න විලාසිතා

අවුරුදු කාලේ කියන්නේ අපි නෑගම් යන කාලයයි. විවිධ නෑදෑ හිත මිතුරන්ගේ ගෙවල්වලට  නෑගම්  යනකොට ලස්සනට හැඩවෙලා යන්නත් එපැයි. ඔයාගේ ඇඳුම එහෙම හරි නෑ කියලා කවුරුහරි කිව්වොත් අලුත් අවුරුද්දේ හිතටත් හරි නැති වෙනවා නේද? කාන්තාවන් තමයි කොහේහරි යද්දි විලාසිතා ගැන වැඩියෙන් උනන්දු වෙන්නේ. Women’s Dress ඔයාට අලංකාරවත් විලාසිතා අතරට එක්කර ගන්න පුළුවන්. බලන්න මේ වගේ Casual Dresses මොන තරම් නම් ආකර්ෂණීයයිද කියලා. ඒ වගේම තමයි එහෙට මෙහෙට යන්න පහසු ඇඳුමක් හොයනවා නම් Ladies Jeans කදිම ඇඳුමක්. කොහේ හරි ගමනක් යද්දි කාන්තාවකගේ අතේ බෑග් එකක් නම් වරදින්නේ නෑ. හැබැයි අපි ඔෆිස් අරන් යන විදියේ විශාල හෑන් බෑග් සාමාන්‍ය ගමන් යද්දි දා‌ගෙන යන්න බෑනෙ. ඒ නිසා මේ අවුරුදු කාලේ ගමන්බිමන් යන්න මේ වගේ හුරුබුහුටි අලංකාර බෑග් ඔයාගේ විලාසිතා අතරට එක්කර ගන්න.

කාන්තාවන් සඳහා වගේම පිරිමි පාර්ශ්වයටත් වෙන්වුණු විලාසිතා ගණනාවක්ම දැන් තියනවා. Shoes for men හොයනවා නම් Sneakers තමයි දැන් නවතම Shoes Trend එක වෙලා තියන්නේ. ස්මාර්ට් එකට ඇඳලා Sneakers දෙකක් දැම්මාම පිරිමි ළමයින්ගේ පෙනුමට Fashionable ගතියක් එකතු වෙනවා. මේ ඇඳුම්, පැළඳුම්වලින් හැඩවෙලා නෑගම් ගියාම ඔයාගේ නෑදෑයොන්ටත් හිතෙයි දැන් ඉස්සරට වඩා ඔයා හැඩවැඩ වෙලා නේද කියලා.

අවුරුද්දෙන් පසු ඔෆිස් යද්දි අලුත් කරගන්න විලාසිතා

අලුත් අවුරුද්දෙන් පස්සේ ඔෆිස් යන පළවෙනි දවසේ අලුත් ඇඳුමක් තමයි අපි කවුරුත් ඇඳගෙන යන්නේ. අවුරුද්දට ඔෆිස් යන පළවෙනි දවසේ සාරියක් ඇඳගෙන යන්න පුළුවන් නම් අවුරුදු අසිරිය තවත් වැඩි වෙයි නේද? traditional dress for women ගැන හිතනවා නම් සාරිය තමයි ගැළපෙනම ඇඳුම. අලුත් අවුරුද්ද කියන්නේ සිංහල චාරිත්‍රවලට මුල්තැනක් ලැබෙන උත්සවයක් නිසා සිංහල අපිට ගැළපෙනම ඇඳුමක් වුණු සාරියකින් එදාට සැරසෙන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා. දැන් තරුණ ගැහැණු ළමයින්ට ඔබින විදියේ අලුත් මෝස්තර සහිත සාරි ගණනාවක්ම තියන නිසා ඔයාට ගැළපෙන වර්ණවත් සාරියක් තෝරගන්න. හැමදාම Skirt & Blouse, Jeans අඳින ඔයා අලුත් අවුරුද්දේ ඔෆිස් එකට සාරියක් ඇඳගෙන ගියොත් අලුත්ම වෙනසක් වෙයි.

අලුත් අවුරුද්දේ ඔෆිස් එකට යද්දි ඇඳුම් විතරක් අලුත් කරගෙන මදිනේ. තමන්ගේ Shoes, Bags, Accessories එහෙමත් අලුත් කරගන්න පුළුවන් නම් හොඳයි නේද? office wear shoes for Ladies සොයනවා නම් දැන් අලුත් Trend එකේ Shoes තෝරගන්න අවස්ථාව තියනවා. සපත්තු දෙකක් තෝරගනිද්දි සුවපහසුව ගැනත් හිතන්න වෙන නිසා විශ්වාසනීය වෙළෙඳ නාම වෙතින් සපත්තු තෝරගන්න.  අලුත් අවුරුද්දේ ඔෆිස් යද්දි අලුත් හෑන්බෑග් එකක් ගන්න හිතනවා නම් මේ අවුරුදු වාසි සේල් එක තමයි හොඳම අවස්ථාව.  පිරිමි ළමයි ගොඩාක් වෙලාවට අඳුම්වලට වඩා විවිධ විලාසිතා උපාංග අලුත් කරගන්න තමයි උත්සාහ කරන්නේ. ඉතිං ඔන්න මේ අලුත් අවුරුද්දේ ඔෆිස් යද්දි මේ වගේ Watch එකක් දාගෙන ගියොත් යාළුවොත් බලයි මේ අවුරුද්දේ ඔයාගේ විලාසිතා අලුත් වෙලා නේද කියලා.

මෙදා සැරේ අවුරුද්දට Daraz අවුරුදු වාසි වෙතින් හිතාගන්න බැරි වට්ටම් සමඟින් ඔයාට ගැළපෙන Online Fashion තෝරගන්න.  මාර්තු 24 සිට Daraz අවුරුදු වාසි සමඟින් Shop කරන්න.

කාර්යබහුල ජීවිතයක් ගත කරන කාන්තාවන්ට ගැළපෙන විසිතුරු විලාසිතා ගැන දැනගන්න අද කාලේ කාර්යබහුල ජීවිතයට ගැළපෙන Best Women’s Fashion Ideas ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php