සම හා කෙස් කළඹ හැඩ කරන Beauty Essentials

සම හා කෙස් කළඹ හැඩ කරන Beauty Essentials

සුන්දර පෙනුමකින් හැඩවෙන්න නම් විවිධ Beauty  Essentials අවශ්‍ය වෙනවා. එක් එක් අයගේ සමේ ස්වභාවය අනූව භාවිතා කරන Beauty Essentials එකිනෙකට වෙනස්.

ඔයාත් උසස් තත්වයේ Beauty Essentials හොඳම මිලට සොයනවාද? Daraz Beauty Brand Festival වෙතින් Beauty Essentials අඩුම මිලට මිලදී ගන්න ලෑස්ති වෙන්න.

Beauty Brand Festival වෙතින් හොඳම රූපලාවණ්‍ය කළමනා අඩුම මිලට

සම හා කෙස් කළඹ හැඩකර ගන්න ඔයාත් විවිධ Beauty Tips ගැන හිතනවාද? Beauty Tips ගැන හිතනවා නම් Beauty Essentials රැසක් භාවිතා කරන්න වෙනවා. ඔයාට ගැළපෙන Beauty Essentials online මිලදී ගන්න ලැබෙන එක කොයි තරම් නම් වාසියක්ද? මැයි 10 සිට ආරම්භ වෙන Daraz Beauty Brand Festival වෙතින් හොඳම රූපලාවණ්‍ය නිෂ්පාදන අඩුම මිලට තෝරගන්න. කැමතිම වෙළෙඳ නාම වෙතින් විශේෂ වට්ටම් රැසක්. 100% ගුණාත්මක නිෂ්පාදන හා දින 7ක් ඇතුළත නැවත මාරු කිරීමේ පහසුවත් අත්විඳින්න.

Sunsilk30%ක් දක්වා වට්ටම් හා නොමිලේ ඩිලිවරි.

LUX – අඩුම 10%ක වට්ටමක් හා නොමිලේ ඩිලිවරි.

VEET 15%ක වට්ටමක් හා නොමිලේ ඩිලිවරි.

Janet 15%ක් දක්වා වට්ටම් හා නොමිලේ ඩිලිවරි.

GOLD 25%ක් දක්වා වට්ටම්.

LuvEssence – අඩුම 10%ක වට්ටමක් හා නොමිලේ ඩිලිවරි.

Pond’s – 25%ක් දක්වා වට්ටම් හා නොමිලේ ඩිලිවරි.

Dettol – 15%ක වට්ටමක් හා නොමිලේ ඩිලිවරි

Tresemme – අඩුම 20%ක වට්ටමක් හා නොමිලේ ඩිලිවරි.

Revlon, Viana, Cliara වෙළෙඳ නාම වෙතින් 10%ක වට්ටමක්.

Velvet සඳහා 20%ක වට්ටමක්.

Bellose – 40%ක් දක්වා වට්ටම්.

ඕනම කෙනෙකුගේ බාහිර පෙනුමට රුව, සම, ශරීරය වගේම වරලසේ සුන්දරත්වයත් බලපානවා. ඒ නිසා Beauty Essentials තෝරාගනිද්දි මේ හැමදේට ගැළපෙන රූපලාවණ්‍ය කළමනා තෝරාගැනීම අවශ්‍ය දෙයක්.  ඔයාගේ සම්පූර්ණ පෙනුම සුන්දර කරගන්න උපකාරී වෙන Beauty Essentials මොනවාද කියලා අපි බලමු.

Facial Care

මුහුණ පැහැපත්ව තියාගන්න skincare tips ගැන ඔයා උනන්දු වෙනවාද? මුහුණට අපිට විවිධ සත්කාරයන් සිදු කරන්න පුළුවන්. ඒ අතරින් Fac Wash එකක් භාවිතා කිරීම අත්‍යව්‍යම දෙයක්. best face wash for glowing skin සොයනවාද? ෆේස් වොෂ් එකක් කියන්නේ අපි නිතරම මුහුණ පිරිසිදු කරන්න භාවිතා කරන රූපලාවණ්‍ය  අයිතමයක්. ෆේස් වොෂ් එකකින් මුහුණ සේදුවාම සමේ තියන කුණු, දූවිලි සියල්ල ඉවත්වෙලා ගිහින් මුහුණ පිරිසිදු වෙනවා. ගොඩාක් තරුණ අයට තියන ගැටලුවක් තමයි කුරුළෑ ඇතිවීම. මේ වගේ ෆේස් වොෂ් එකක් තෝරගත්තොත් කුරුළෑ වැනි ආසාදිත තත්වයන් පවා වැළකෙනවා. සුසිනිඳු, දීප්තිමත් සමක් ලබාගන්න මේ වගේ ෆේස් වොෂ් එකක් ඔයාගේ රූපලාවණ්‍ය අවශ්‍යතා අතරට එක්කර ගන්න.  

කාන්තාවන් හැඩවැඩ වෙන්න සැලූන් ගියාට ගෙදර ඉඳන්ම මුහුණට විවිධ සත්කාරයන් සිදුකරගන්නත් පුළුවන්. Beauty Tips at home ගැන හිතනවා නම් සැලූන් ගිහින් facial කරනවාට වඩා හොඳම දේ face pack for clear skin භාවිතා කිරීමයි. Face tips අතර හොඳම සත්කාරයක් තමයි Facial pack එකක් භාවිතා කිරීම.  සම පැහැපත් කරගන්න රූපලාවණ්‍ය නිෂ්පාදන අතරට best cream for face glow අවශ්‍යයි නේද? Best moisturizer for glowing skin සොයනවා නම් Pond’s වෙතින් ඕනම සමකට ගැළපෙන ක්‍රීම් ජාති තෝරගන්න. සම සුසිනිඳුව, පැහැපත්ව තියාගන්න මේ Beauty Essentials මේ දවස්වල අඩුම මිලට සොයාගන්න Shop කරන්න.

Body Care

මුහුණ වගේම මුළු ඇඟම පැහැපත්ව තියාගන්න නම්, විවිධ රූපලාවණ්‍ය නිෂ්පාදන ආලේප කරන්න වෙනවා. best body lotion for glowing skin සොයනවා නම් දැන් බොහෝදෙනෙක් භාවිතා කරන්නේ Body scrub. LuvEssence වෙතින් Water Lily, Rose, Jasmine වැනි විවිධ වර්ගවල Body Scrub තෝරාගැනීමේ අවස්ථාව තියනවා. මේ වගේ Body Scrub භාවිතා කරාම ඇඟම සිනිඳු වෙනවා පමණක් නෙවෙයි, සුවඳවත් බවත් රැඳිලා තියනවා.

 clear skin tips හොයද්දි මුහුණ, ඇඟ වගේම අත පයත් පැහැපත්ව තියාගන්න එකත් හිතන්න වෙනවා නේද? කාන්තාවන් අත, පය පිරිසිදුව තියාගන්න waxing කිරීම සතිපතා හෝ මාස්පතා සිදු කරන කාර්යක්. Waxing කරාට පසුව ඇතැම් වෙලාවට සමේ ගොරෝසු ගතියක් මතුවෙනවා. ඒ නිසා සමේ මෘදුභාවය රැකගන්න නම් Hair removal cream එකක් භාවිතා කිරීම වඩාත් සුදුසුයි.  දවස පුරාම මහන්සි වෙලා ආවාට පස්සේ අපි refresh වෙන්නේ වොෂ් එකක් දාලායි. හිත ගත සැහැල්ලු වෙන්න වොෂ් එකක් දාද්දි Body wash එකක් භාවිතා කරනවා නම්, ඔයාගේ ගතට තවත් නැවුම් බවක් දැනේවි. සබන් භාවිතා කරනවාට වඩා Body wash එකක් භාවිතා කරන එක ඔයාගේ සමටත් වඩාත් හොඳයි.

Hair Care

කාන්තාවකගේ සුන්දරවත්වය කෙරෙහි කෙස් කළඹේ පිරිපුන්භාවය වඩාත් බලපානවා. ඔයා hair care routine එකක් අනුගමනය කරන කෙනෙක්ද? Hair care treatment ගැන හිතනවා නම්, විවිධ විදියේ hair care products දැන් වෙළෙඳපොළේ තියනවා.  ෂැම්පු එකක් කියන්නේ hair care products අතර කවුරුත් භාවිතා කරන රූපලාවණ්‍ය නිෂ්පාදනයක්. shampoo for healthy hair හොයනවා නම්, විශ්වාසනීය වෙළෙඳ නාම වෙතින් ෂැම්පු වර්ගයක් තෝරගන්න. ෂැම්පුවල අඩංගු සංඝටක නිසා කොණ්ඩය සිනිඳුව තබනවා වගේම කොණ්ඩයට ආරක්ෂාවක් සපයනවා. ෂැම්පු එකක් භාවිතා කරනවා නම් ඒ වර්ගයෙන්ම Conditioner එකත් භාවිතා කරොත් තමයි සත්කාරය වඩාත් සම්පූර්ණ වෙන්නේ. ඒ නිසා ෂැම්පු එකක් තෝරාගනිද්දි Conditioner එකකුත් මිලදී ගන්න අමතක කරන්න එපා.

දැන් කාලේ කොණ්ඩෙට තෙල් ගාන ගැහැණු ළමයි හොයාගන්න හරිම අමාරුයි. ගොඩාක් දෙනෙක් කොණ්ඩෙට තෙල් ගාන්නේ නැති තරම්. ඒත් දැන් Silicone වැනි Hair Oil Bellose වැනි වෙළෙඳ නාමවලින් තෝරගන්න පුළුවන්. දිදුලන, සුසිනිඳු වරලසකට උරුමකම් කියන්න ඔයාත් කැමැතියි නම්, මේ වගේ නිෂ්පාදන ඔයාගේ Haircare Products අතරට එක්කරගන්න.

Cosmetics

සුන්දර පෙනුමකින් හැඩවෙන්න Beauty Products වගේම Cosmetics භාවිතා කරන්න පුළුවන්. කාන්තාවන් මේකප් දාන්න කොහොමත් කැමැතියිනේ. ඒ නිසා කාන්තාවකගේ හෑන්බෑග් එකේ මේකප් බඩුමුට්ටු වරදින්නේ නෑ. Cosmetics ආලේප කරන්නේ අපේ සමට නිසා, හොඳ කොලිටියේ Cosmetics පාවිච්චි කරන එක ගැන හිතන්න වෙනවා. ලිප්ස්ටික් කියන්නේ කාන්තාවන් නිතරම පාවිච්චි කරන රූපලාවණ්‍ය අයිතමයක්. ගොඩාක් ගැහැණු ළමයි අනිත් මේකප් ජාති භාවිතා කරේ නැතත් ලිප්ස්ටික් එකක් නම් කොහොමත් පාවිච්චි කරනවා. නිතර ලිප්ස්ටික් පාවිච්චි කරද්දි හොඳ brand එකක ලිප්ස්ටික් එකක් තෝරගන්න ඕන. නැත්තම් තොල් කළු වෙනවා වගේම ගාන ලිප්ස්ටික් එක ඉක්මනින්ම මැකිලා යනවා. ඒ නිසා විශ්වාසනීය වෙළෙඳ නාමවල Lipstick මේ සේල් එකෙන් වට්ටම් සහිතව තෝරගන්න. Lipstick වගේම Blusher, Eyeliner, Nail polish වැනි මේකප් අයිටම්ස් Revlon, Viana වැනි ප්‍රියතම වෙළෙඳ නාමවලින් මේ සේල් එකෙන් සොයාගන්න.

කාගේත් හිත් ඇඳගන්නා සුන්දර පෙනුමකින් හැඩවෙන්න අවශ්‍ය මේ Beauty Essentialsඅඩුම මිලට තෝරගන්න  Beauty Brand Festival සමඟින් Shop කරන්න.

සම ආරක්ෂා කරන රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිතය ගැන දැනගන්න  Skincare Ingredients and Uses ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php