කඩවසම් පෙනුමකට අවශ්‍ය Men’s Personal Care Products

කඩවසම් පෙනුමකට අවශ්‍ය Men’s Personal Care Products

පිරිමි පාර්ශ්වයට කඩවසම් පෙනුමෙන් හැඩවෙන්න නම් Men’s Personal Care Products භාවිතා කරන්න පුළුවන්. Men’s Personal Care Products මඟින් සිත් ඇඳගන්නා පෙනුම තවත් වැඩි කරනවා.

කඩවසම්ව හැඩවෙන්න Men’s Personal Care Products ඔයාත් සොයනවාද? ඔයාට ගැළපෙන Men’s Personal Care Products මොනවාද කියලා දැනගන්න මේ ලිපිය කියවන්න.

කාන්තාවන් වගේම පිරිමි පාර්ශ්වයත් ලස්සනට ඉන්න කැමතියිනේ. කාගේත් සිත් ඇඳගන්නා විදියට හැඩවෙන්න පිරිමි අයත් විවිධ විලාසිතාවන් සිදු කරනවා. විලාසිතාවලට අමතරව කඩවසම් පෙනුම වැඩි කරගන්න උපාකරී වන දෙයක් තමයි රූපලාවණ්‍ය නිෂ්පාදන. කාන්තාවන් සඳහා වෙන්වුණු විවිධ රූපලාවණ්‍ය නිෂ්පාදන ගණනාවක්ම තියනවා. ඉස්සර නම් ගොඩාක් වෙලාවට ලස්සන වෙන්න රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිතා කළේ කාන්තාවන් පමණයි. ඒත් දැන් පිරිමි අය සඳහාත් වෙන්වුණු Beauty Items රැසක්ම වෙළෙඳපොළේ තිබීම සතුටුදායක දෙයක්. තමන්ගේ පෙනුම ආකර්ෂණීයව පවත්වාගෙන යන්න කැමති අයට භාවිතා කරන්න පුළුවන් Men’s Personal Care Products මොනවාද කියලා අපි බලමු.

Face Wash for Men

Men’s Skincare ගැන උනන්දුයි නම්, Face Wash for Men ඔයා සොයනවා ඇති නේද? ෆේස් වොෂ් එකක් කියන්නේ අපි නිතරම මුහුණ පිරිසිදු කරන්න භාවිතා කරන රූපලාවණ්‍ය නිෂ්පාදනයක්. ෆේස් වොෂ් එකකින් මුහුණ සේදුවාම සමේ තියන කුණු,  දූවිලි සියල්ල ඉවත්වෙලා යනවා. සමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය අඩංගු වෙලා තියන නිසා කුරුළෑ වැනි ආසාදිත තත්වයන් පවා වැළකෙනවා. දවස පුරාම මුහුණ නැවුම්ව පිරිසිදුව තියාගන්න ෆේස් වොෂ් එකක් උපකාරී වෙනවා.  බොහෝ පිරිමි ළමයින්ට තියන්නේ ගොරෝසු සමක්. හැබැයි skin care routine for men ගැන හිතලා රූපලාවණ්‍ය අයිතමයන් භාවිතා කරනවා නම්,  තමන්ගේ සම මෘදුව තියාගන්න පුළුවන්. ඒ නිසා ඔයාට ගැළපෙන ෆේස් වොෂ් එකක් තෝරගන්න.

Fairness Cream

තමන්ගේ මුහුණට ගැළපෙන Best face cream for men හොයනවා නම්, තෝරාගැනීම් රැසක් දැන් වෙළෙඳපොළේ තියනවා. Fairness cream for men නම් ඔයා හොයන්නේ විශ්වාසනීය වෙළෙඳ නාමවලින්ම තෝරාගන්න. එක් එක් අයට තියන්නේ එකිනෙකට වෙනස් සමක් නිසා, හැමෝටම එකම විදියේ ක්‍රීම් ජාති භාවිතා කරන්න බෑ. හැබැයි ගොඩාක් වෙලාවට පිරිමි ළමයි ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නැතුව අහුවෙන ක්‍රීම් ජාතියක් මුහුණේ ගාගන්නවා. තමන්ගේ සමේ ස්වභාවය ගැන හිතලා ගැළපෙන ෆේස් ක්‍රීම් එකක් තෝරගන්න අමතක කරන්න එපා.

Shaving Gel

පිරිමි ළමයි නිතරම මුහුණ Shave කරන නිසා තමයි ඔවුන්ගේ සම වඩාත් ගොරෝසු වෙලා තියන්නේ.  Moisturizer for men භාවිතා කරනවා නම් සමේ මෘදු බව රැකගන්න පුළුවන්. රැවුල Shave කරද්දි නිසි රූපලාවණ්‍ය කළමනා භාවිතා කරේ නැත්තම් මුහුණේ ගොරෝසු ගතිය තව වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ නිසා Shaving Gel එකක් භාවිතා කරන එක වඩාත් කදිමයි. කැපීම්, සීරීම් සිදුවෙන්නේ නැතුව මෘදු විදියට Shaving කරන්න නම් මේ වගේ Gel එකක් යොදාගන්න. ඔයාගේ සමටත් කූල් බවක් දැනේවි. 

Body Lotion for Men

Skincare Products for Men ගැන හොයද්දි අපිට අවශ්‍යම දෙයක් තමයි Body Lotion. මුහුණ වගේම මුළු ඇඟම පැහැපත්ව තියාගන්න කැමතියි නේද? කාන්තාවන් විතරක් නෙවෙයි තමන්ගේ සම ආරක්ෂා කරගන්න එක ගැන දැන් පිරිමි ළමයිනුත් දැන් වැඩිපුර හිතනවා. බොහෝ දෙනෙක්ට තියන ගැටලුව තමයි සම නිතරම වේලීම. අපි වැඩ කරන්නෙත් air condition කරපු ඔෆිස්වල නිසා නිතර සම වේලීමට තියන ඉඩකඩ වැඩියි.  ඒ නිසා සම වේලීමෙන් ආරක්ෂා වෙන්න හොඳම විසඳුම Body lotion එකක් භාවිතා කිරීමයි. කාන්තාවන්ට වගේම පිරිමි පාර්ශ්වයටත් මේ වගේ Body lotion භාවිතා කරන එක වඩාත් සුදුසු වෙනවා.

Deodorant

මොන තරම් කඩවසම් පෙනුමකින් හැඩ වුණාත් ඔයාගේ ගාවින් දාඩිය ගඳක් ආවොත් කවුරුත් ඔයාගෙන් ඈත් වෙනවා. ඒ නිසා පෙනුම ගැන හිතද්දි සුවඳවත්ව ඉන්න එක ගැනත් හිතන්න වෙනවා. දවස පුරා අපි එකම තැන ඉන්නේ නෑනෙ. ඔෆිස් යනවා, සාදවලට යනවා, විවිධ ගමන් බිමන් යන්න සිද්ධ වෙනවා.  එතොකො ඉතිං නිතරම දාඩිය දානවානේ. පිරිමි ළමයින්ට කොහොමත් දාඩිය දාන ප්‍රමාණය වැඩියි. මේකට හොඳම විසඳුම තමයි Deodorant එකක් පාව්ච්චි කරන එක. සමහර දවස්වලට අපිට මුළු දවසම එකම ඇඳුම ඇඳගෙන ඉන්න වෙනවා. ඉතිං දවසම කොහේ ගියාත් Deodorant එකක් පාවිච්චි කරොත් කොච්චර දාඩිය දැම්මාත් ඔයාගේ ගාවින් දාඩිය ගඳක් එන්නැතුව ශරීරයේ සුවඳවත් බවක් රැඳිලා තියනවා. කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම ගැළපෙන විවිධ වර්ගයේ Deodorant දැන් හඳුන්වා දීලා තියනවා. පිරිමි ළමයි තෝරාගන්නා රූපලාවණ්‍ය නිෂ්පාදන අතරට බොහෝ වෙලාවට Deodorant එකක් නම් එකතු වෙන්නෙත් මේ නිසාමයි.

Body Spray

කූල් එකේ ඉන්න ඔයාත් කැමතියි නේද? පිරිමි ළමයි යන ගමන්බිමන් නම් කොහොමත් වැඩියිනේ. කොහේ ගියාත් සුවඳට ඉන්න Body Spray එකක් නිතරම භාවිතා කරන්න. ගැහැණු ළමයින්ගේ ආකර්ෂණය දිනාගන්න සුවඳ වැඩියෙන් ගහගෙන යන්න තමයි තරුණයන් වැඩිපුර බලන්නේ. ඒ නිසා මේ වගේ Cool Kick Active Spray එකක් ඔයාට වඩාත් ගැළපේවි. නැවුම් සුවඳකින් දවසම ප්‍රබෝධයෙන් ගත කරන්න මේ වගේ Items ඔයාගේ රූපලාවණ්‍ය බඩුමුට්ටු අතරට එක්කර ගන්න.

Men’s Haircare

අතට අහුවෙන ෂැම්පු එකක් ගාන එක තමයි ගොඩාක් පිරිමි ළමයින්ගේ පුරුද්ද වෙලා තියන්නේ. ඒත් Men’s haircare නිෂ්පාදන ගණනාවක්ම තියන නිසා හිසකෙස් හා හිස්කබල ආරක්ෂා කරගන්න, පිරිමි පාර්ශ්වය සඳහාම වෙන්වුණු ෂැම්පු වර්ග භාවිතා කරන්න දැන් අවස්ථාව තියනවා.හිස්කබලේ තෙල්, දහඩිය ඉවත් කරන මෙන්තෝල් අඩංගු මේ වගේ ෂැම්පු එකක් ඔයාගේ රූපලාවණ්‍ය නිෂ්පාදනවලට එකතු කරගත්තොත් හොඳයි නේද?

Face Scrub

Men’s face treatment ගැන හිතනවා නම් Face Scrub එකක් පාවිච්චි කරන එක වඩාත් යෝග්‍යයි. අපි බොහෝ වෙලාවට හිතන්නේ Face Scrub ආලේප කරන්නේ කාන්තාවන් පමණයි කියලායි. ඒත් පැහැපත් සමක් පවත්වාගෙන යන්න කැමති පිරිමි පාර්ශ්වයටත් Face scrub භාවිතා කරන්න පුළුවන්. ස්වභාවික ශාකසාර අඩංගු Face Scrub එකක් සොයනවා නම් මෙවැනි නිෂ්පාදන වඩාත් සුදුසු වෙනවා.

After Shave

පිරිමි පාර්ශ්වය රැවුල Shave කරාට පස්සේ නැවුම් බවකින් ප්‍රබෝධමත් වෙන්න After shave භාවිතා කරනවා. ඇතැම් විට මෙම කාර්යෙන් පසු කුඩා හීරිම්, තුවාල වුණාත් ඇතිවෙන්න තියන ඉඩකඩ වැඩියි. හැබැයි After shave එකකින් මේ සියල්ල නැතිවෙලා නැවුම් හැඟීමක් ගෙනදෙනවා. ඒ විතරක් නෙවෙයි සෑම දිනකම  After shave භාවිතා කිරීම සුවඳවත් බව රැකදීමට උපකාරී වෙනවා. දවස නිදහස් මනසින් පටන් ගන්න මේ වගේ රූපලාවණ්‍ය අයිටම්ස් වඩාත් ප්‍රයෝජනවත් වේවි.

මෙම සියලු Personal care products භාවිතා කරලා ඔයාගේ කඩවසම් පෙනුම වැඩිකර ගන්න. මෙම රූපලාවණ්‍ය නිෂ්පාදන Online පහසුවෙන්ම සොයාගෙන ගෙදරටම ගෙන්න ගන්න Daraz සමඟින් Shop කරන්න.

පිරිමි පාර්ශ්වයට ගැළපෙන විලාසිතා ගැන දැනගන්න Men’s Fashion: Basic Fashion Items For Every Man ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php