ලස්සන පෙනුමකට ඇඳුම් සමඟින් ගැළපෙන Ladies Shoes

ලස්සන පෙනුමකට ඇඳුම් සමඟින් ගැළපෙන Ladies Shoes

විලාසිතා කරද්දි ඇඳුම්වල ආකර්ෂණීයත්වය තව වැඩි වෙන්නේ Ladies Shoes  සමඟයි.  දැන් කාන්තාවන් වෙනුවෙන් Ladies Shoes ගණනාවක් වෙළෙඳපොළේ තියනවා.

ඔයාත් ඇඳුම්වලට ගැළපෙන්න විවිධ Ladies Shoes සොයනවාද? හැම ඇඳුමකට ගැළපෙන්න තෝරාගන්න පුළුවන් විවිධ Ladies Shoes ගැන දැනගන්න මේ ලිපිය කියවන්න.

කාන්තාවන්ගේ විලාසිතා අතර ඇඳුම්වලට අමතරව වැඩියෙන්ම ප්‍රිය කරන විලාසිතාව වෙලා තියන්නේ සපත්තු විලාසිතා. ඇඳුමේ පාටට ගැළපෙන්න සපත්තු පළඳින්න තරුණියන් වැඩි කැමැත්තක් දක්වනවා. සපත්තු තෝරාගනිද්දි Shoe Trends ගැනත් අපි හිතන්න එපැයි. තරුණියන් නම්, වඩාත් කැමති Cute Shoes පළඳින්නයි.  සපත්තු තෝරගනිද්දි අලංකාර බව ගැන වගේම සුවපහසුව ගැනත් හිතන්න අවශ්‍යයි. අපි කොහේ හරි යද්දි දාගෙන යන සපත්තුවේ අපහසු ගතියක් දැනුණොත් ඒ යන ගමන ගත කරන්න වෙන්නෙත් හරිම අපහසුවෙන්. ඒ නිසා ලස්සන සපත්තු වගේම සුවපහසු සපත්තු තෝරගන්න අමතක කරන්න එපා.

අපිට හැමතැනටම එකම සපත්තුව දාගෙන යන්න බෑනෙ. විවිධ අවස්ථාවලට ගැළපෙන්න විවිධ සපත්තු වර්ග තෝරගන්න වෙනවා. ඔෆිස් යද්දි, සාමාන්‍ය ගමන්බිමන් යද්දි, විශේෂ උත්සව අවස්ථාවලට යද්දි ඊට ගැළපෙන්න විවිධ සපත්තු ඔයා ගාව තියනවාද? කෙනෙක්ගේ පෞරුෂය කැපී පෙනෙන්න පැළඳ සිටින සපත්තුවේ ආකර්ෂණයත් බලපානවා. දැන් Shops ගානේ සපත්තු හොය හොයා මහන්සි වෙන්න ඕන නෑ. Online Shoes Sri Lanka සොයනවා නම් Daraz වෙතින් ඔයාට ගැළපෙන සිත්ගත් සපත්තු විලාසිතා තෝරගන්න පුළුවන්.

Heels Shoes

Women’s Shoes අතර High Heels සපත්තු වඩාත් ජනප්‍රියයි. සමහර ඇඳුම්වලට Heel එක තියන සපත්තු දෙකක් දාන්නම වෙනවා. සාරියක් එහෙම අඳිනවා නම්, High Heels සපත්තු දාන්නෙ නැතුව බෑනෙ. අඩි උස සපත්තු දෙකක් දැම්මාම තමන්ගේ පෙනුමට අමුතුම Look එකක් එකතු වෙනවා. වැඩිය උස නැති කට්ටය නම් දාන්නෙම ඉතිං, High Heels සපත්තු තමයි. ඔෆිස් යද්දි අඩි උස සපත්තු දැම්මාම Professional ගතිය තවත් වැඩිවෙනවා.

පාටියකට, වෙඩින් එකකට වගේ උත්සව අවස්ථාවලට යනවා නම්, ඊට ගැළපෙන වෙනම්ම Women’s Party Shoes තියනවා. අඩි උස සපත්තු දාන එක විලුඹට හොඳ නෑ කියලා ගොඩාක් අයගේ මතයක් තියනවා. හැබැයි අපි අඩි උස සපත්තු දැම්මාත් සුවපහසු Heels තියන සපත්තුවක් නම් තෝරගන්නේ කකුල්වලට ඒ වගේ ගැටලුවක් ඇතිවෙන්නේ නෑ. ඒ නිසා High Heels තෝරගනිද්දි Stylish ගතිය වගේම සුවපහසුව ගැනත් හිතලා හොඳ කොලිටියේ සපත්තු මිලදී ගන්න.

Sandals

හැමෝම අඩි උස සපත්තු දාන්න කැමති නෑනෙ. High Heels Shoes දාන්න ඇතැම් කාන්තාවන් ටිකක් බයයි. සුවපහසු පාවහන් විලාසිතා ගැන හිතන අය බොහෝ වෙලාවට තෝරගන්නේ Heel එක නැති සපත්තු. Heels දාන්න අකමැති අයට ගැළපෙනම සපත්තු වර්ගය තමයි Sandals. දැන් විවිධ අලංකාර මෝස්තර සහිත Sandals විලාසිතා ගණනාවක්ම තියනවා. ඒ අතරින් ඔයා අඳින ඇඳුම්වලට ගැළපෙන්න Women’s Sandals තෝරගන්න පුළුවන්.

Straps දාපු මේ වගේ අලංකාර Sandals දැම්මාම Heel එකක් නෑ කියලාවත් දැනෙන්නේ නෑ. මේ වගේ Sandalsවල අමුතුම හැඩකාර බවක් තියනවා.  ගවුමක් ඇන්දාත්, ඩෙනිමක් ඇන්දාත් Sandals දෙකක් ඕනම ඇඳුමකට ගැළපෙනවා. ඔයා නිතර ගමන්බිමන් යන කෙනෙක් නම් මේ වගේ අලංකාර Sandals විවිධ ගමන්වලට දාගෙන යන්න ඔයා ගාව තිබුණොත් හොඳයි නේද?

Sneakers

විලාසිතා කියන්නේ කාලෙන් කාලෙට වෙනස් වෙන දෙයක්. Best trendy shoe ideas අතරට Trendy Sneakers එකතු කරගන්න කැමතියිද? දැන් Sneakers නවීනතම පාවහන් විලාසිතාවක් වෙලා. ව්‍යායාම් කරන්න ජිම් එකට යනවා නම්, ෆිට් එකේ ඉන්න Walking, Running කරන්න යනවා නම් Sneakers දාන එක වඩාත් සුදුසුයි. දැන් මේ වගේ ක්‍රියාකාරකම්වලට විතරක් නෙවෙයි, Casual ගමන්බිමන්වලටත් Sneakers දාන්න ගොඩාක් අය පුරුදු වෙලා ඉන්නවා. සාමාන්‍ය ගමන් යද්දි ඩෙනිමයි ටී ෂර්ට් එකයි ඇඳලා Sneakers දෙකක් දැම්මාම ස්ටයිලිෂ් පෙනුමක් එකතු වෙනවා. ඒ නිසාම තමයි ගොඩාක් තරුණියන් දැන් Fashion එකක් හැටියටත් Sneakers පළඳින්නේ. Sneakers තෝරගනිද්දි ස්ටයිලිෂ් Look එක වගේම කල්පැවැත්ම ගැනත් හිතලා බලන්න.

Court Shoes

Court shoes තරුණියන් අතර ජනප්‍රිය සපත්තු වර්ගයක්.  High heels සපත්තු දෙකක් පළඳිනවාට වඩා Court shoes පළඳින එක ගොඩාක් දෙනෙක්ට පහසුවක් වෙනවා. Court shoes අතර heel එක තියන Shoes වගේම Flat shoes යන දෙවර්ගයම තියනවා. Mini dress එකක් අඳිනවා නම්, ඊට වඩාත් ගැළපෙන්නේ heel එක තියන court shoes.  පාටියකට අඳින්න ගවුම් සමඟින් Heel court shoes කදිම විලාසිතාවක්. ඔෆිස් එකට Skirt & blouse අඳිනවා නම් court shoes දෙකක් දැම්මාම Professional look එක තවත් වැඩි වෙනවා. ඒ වගේම ඩෙනිමකට flat court shoes දෙකක් දැම්මාම ඔයාගේ outfit එකට වෙනසක් එකතු වෙයි නේද?  Best Ladies Shoes Ideas සමඟින් සුන්දර පෙනුමෙන් හැඩවෙන්න.

Flat Slippers

සුවපහසුව ගැන හිතන බොහෝදෙනාගේ තේරීම වෙන්නේ Flat slippers.  ඔයා නිතර පයින් ගමන්බිමන් යන කෙනෙක් නම් Flat slippers පළඳින එක තමයි හොඳම දේ. Casual slippers for ladies සොයනවා නම්, චාම් විදියේ මෝස්තර සහිත Flat Slippers තෝරාගැනීමේ අවස්ථාව තියනවා. Flat slippers දැම්මාම කකුල් දෙකට හරිම පහසු ගතියක් දැනෙන නිසා තමයි, බොහෝ දෙනා ඒ වගේ පාවහන් විලාසිතාවලට කැමැත්තක් දක්වන්නේ. ගොඩාක් වෙලාවට මව්වරුන් වැඩිපුර පළඳින්නෙත් Flat slippers. දැන් Flat Slippers අලුත් මෝස්තරවලින් තියන නිසා විලාසිතා කරන්න කැමති අයට තමන්ගේ ඇඳුම්වලට ගැළපෙන්න ප්‍රියතම වෙළෙඳ නාමවල slippers  Online තෝරාගන්න පුළුවන්.

මේ විවිධ විදියේ Shoes Essentials තෝරාගන්න තැනක් ඔයා හොයනවා නම් Daraz  Fashion සමඟින් Shop කරන්න. විවිධ Stylish Ladies Shoes එකතු කරගෙන ඔයාගේ පාවහන් විලාසිතා අලුත් කරගන්න.

අව්වට වැස්සට ගැළපෙන විලාසිතා ගැන දැනගන්න අව්වට – වැස්සට ගැළපෙන විදියට තෝරාගන්න Best Outfit Ideas ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php