විලාසිතාවලට නව හැඩයක් එක් කරන Fashion Accessories

විලාසිතාවලට නව හැඩයක් එක් කරන Fashion Accessories

ඇඳුම්වල ආකර්ෂණීයත්වය තව වැඩි කරගන්න Fashion Accessories යොදාගන්න පුළුවන්. විලාසිතාවලට ප්‍රිය කරන්නන් Fashion Accessories ගැන උනන්දු වෙන්නත් අමතක කරන්නේ නෑ.

ඔයාත් ඇඳුම්වලට ගැළපෙන Fashion Accessories සොයනවාද? දැන් හිතේ හැටියට Fashion Accessories හරිම ලේසියෙන් Online සොයාගන්න.

විලාසිතා කරන්න කාන්තා පිරිමි භේදයකින් තොරව හැමෝම ආස කරනවා. හැබැයි විවිධ විලාසිතා සොයාගෙන වැඩිපුර Shopping යන්න කැමති නම් කාන්තාවන් තමයි. කාන්තා විලාසිතා අතර ඇඳුම්වලට අමතරව සපත්තු, හෑන් බෑග් වගේම තවත් විලාසිතා උපාංග රැසක් ජනප්‍රියයි. ඇඳුම්වල ආකර්ෂණීයත්වය වැඩි කරගන්න බොහෝදෙනා Trendy Accessories එකතු කරගන්නවා.

අපි යන ගමන්බිමන් අනූව අපේ Outfit එක වෙනස් කරගන්න වෙනවා. ඔෆිස් එකට අඳින විදියට අපිට උත්සව අවස්ථාවකදී අඳින්න බෑනෙ. ඒ නිසා සාමාන්‍ය ගමන්වලට, උත්සව අවස්ථාවලට, ඔෆිස් එකට ආදි වශයෙන් ගැළපෙන විලාසිතා අපි වෙන් කරලා තියාගන්නවා. ඉතිං මේ යන හැම ගමනකට අඳින ඇඳුමට ගැළපෙන්න Fashion Accessories තෝරගන්න එකත් ලේසි දෙයක් නෙවෙයි. අත් ඔරලෝසු, ජුවලරිස්, අව් කණ්නාඩි, බෙල්ට් වගේ විවිධ උපාංග එකතු කරගත්තාම ඔයාගේ ඇඳුමට නව වටිනාකමක් එකතු වෙනවා. ඇඳුම්වල එළිය තවත් වැඩිවෙන්නේ මේ වගේ Fashion Accessories හරහායි.  කාන්තාවන් සඳහා වෙන්වූ Women’s Fashion Accessories වගේම පිරිමි පාර්ශ්වය සඳහා Men’s Fashion Accessories ගණනාවක් දැන් වෙළෙඳපොළේ තියනවා.  

ඔයා Online Fashion Accessories සොයනවාද? දැන් විලාසිතා සොය සොයා Shopping කරන්න මහන්සි වෙන්නැතුව මේ Accessories Daraz වෙතින් පහසුවෙන් තෝරගන්න.

Watches

අත් ඔරලෝසුවක් කියන්නේ කාගේත් අතේ වරදින්නැතුවම තියන උපාංගයක්. New Trendy Accessories අතර දැන් විවිධ මෝස්තර සහිත අත් ඔරලෝසු ගණනාවක්ම තියනවා. අපි සාමාන්‍යයෙන් ඔරලෝසුවක් පළඳින්නේ වෙලාව බලාගන්න වුණාට දැන් වෙලාව බලාගන්න ස්මාර්ට් විදි තියන නිසා බොහෝදනො ඔරලෝසු පළඳින්නේ විලාසිතාවක් හැටියටයි. ඇතැම් දෙනා ඇඳුමේ පාටට ගැළපෙන්න ඔරලෝසු දානවා. හැබැයි Gold, Silver, Black වගේ වර්ණවල ඔරලෝසු ගත්තොත් ඕන ඇඳුමකට ගළපලා අඳින්න පුළුවන්.  කාන්තාවන් සඳහා මේ වගේ අනර්ඝ මෝස්තර සහිත අත් ඔර‌ලෝසු තෝරාගැනීම් රැසක් තියනවා. ඒ වගේම තරුණයන් සඳහා Casual පළඳින්න පුළුවන් අත් ඔරලෝසු , ඔවුන්ගේ කඩවසම් පෙනුම වැඩි කරගන්න තවත් උපකාරී වෙනවා.

Jewelleries

ජුවලරිස් වැඩිපුරම පළඳින්නේ කාන්තාවන්. කාන්තාවන් තමන් අඳින විලාසිතා අතරට  විවිධ ජුවලරිස් එක්කර ගන්නවා. දැන් රත්තරන් ආභරණවල මිල අධික නිසා ගොඩාක් දෙනා භාවිතා කරන්නේ ‌ඉමිටේෂන් ආභරණ. ඒ වගේම තමයි එවැනි ආභරණ පළඳින එක දැන් Trendy Fashion එකක් වෙලා. Heavy Jewelriesවලට වඩා තරුණියන් බොහෝ විට පළඳින්නේ චාම් මෝස්තර සහිත ජුවලරිස්. මේ වගේ Neckless එකක් ඕනම ඇඳුමකට ගැළපෙනවා. Fashion Accessories Jewellery අතරට මාල, මුදු, කරාබු, වළලු ආදිය එක්කර ගන්න පුළුවන්. ටිකක් විශාල රවුම් කරාබු පළඳින එක දැන් තරුණ ගැහැණු ළමයි අතරේ වඩාත් ජනප්‍රියයි. එක් එක් ඇඳුමට ගැළපෙන්න කරාබු දාන නිසා මේ වගේ Earing set එකක්ම ගත්තා නම් ඔයාට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි නේද? ඒ වගේම සරල මෝස්තර සහිත මුදු කාන්නාවන්ගේ දෑතට සුන්දරත්වයක් එකතු කරනවා.  මේ වගේ ජුවලරිස්වලින් ඔයාගේ විලාසිතාවල ආකර්ෂණීය පෙනුම  වැඩි කරගන්න.

Sunglasses

සාමාන්‍යයෙන් Sunglasses පළඳින්නේ අව්වෙන් ආරක්ෂා වෙන්නයි. ඒත් දැන් තරුණ තරුණියන් Trendy Accessory styles  අතරට Sunglasses පළඳින්න පුරුදු වෙලා ඉන්නවා. ස්ටයිල් එකට ඇඳලා Sunglasses දෙකකුත් දැම්මාම  ඕනම කෙනෙක්ගේ පෙනුමට අමුතුම ගතියක් එකතු වෙනවා. Sunglasses තෝරගනිද්දි ඇසට වැඩි ආරක්ෂාවක් ලබාදෙන හොඳ කොලිටියේ Sunglasses දෙකක් තෝරගන්නත් අමතකර කරන්න එපා. කාන්තාවන් සඳහා වෙන්වූ Women’s Sunglasses වගේම පිරිමි අය සඳහා Men’s Sunglasses වෙන් වෙන් වශයෙන් තියනවා. ඒ වගේම කාන්තා, පිරිමි දෙපාර්ශ්වයටම පළඳින්න පුළුවන් Unisex Sunglasses දැන් තියන නිසා ඔයාගේ මුහුණට ගැළපෙන විදියට තෝරගන්න පුළුවන්.

Hair Accessories

තරුණියන්ට තියන වටිනාම දෙයක් තමයි තමන්ගේ කෙස් කළඹ. ඒ නිසාම කොණ්ඩයට විවිධ මෝස්තර කරන්නේ හරිම උනන්දුවෙන්.  කොණ්ඩ මෝස්තර වගේම කොණ්ඩයට යොදන Hair Accessories තරුණියන් අතර ජනප්‍රියයි. Unique Hair Accessories සොයනවා නම්, මේ වගේ Wool Band, Hair Clips, Hair Bands ඔයාගේ කොණ්ඩය තවත් ලස්සන කරයි නේද? ගොඩාක් වෙලාවට කොණ්ඩෙ පහසුවෙන් තියාගන්න ලේසියෙන්ම දාගන්නේ Ponytail එකක්. ඉතිං Ponytail දාන්න නිතරම අවශ්‍ය වෙන්නේ වූල් බෑන්ඩ්. ඒ නිසා මේ වගේ Wool Band Set එකක්ම ඔයා ළඟ තියාගන්න. ඇඳුමේ පාටට ගළපලා දාන්නත් පුළුවන්. Wave Hair Band තරුණියන් වගේම තරුණයනුත් විලාසිතාවක් හැටියට පළඳිනවා. මේ Hair Accessoriesවලින් ඔයාගේ කොණ්ඩය තව ලස්සන කරගන්න.

Belts & Brooches

කලිසම් අඳිද්දි ඇඟට ගානට ෆිට් කරගන්න අපි Belt එකක් දානවා. ඒත් දැන් ගොඩාක් දෙනා Belt එකක් භාවිතා කරන්නේ Latest Fashion Accessories එකක් හැටියටයි.  කලිසමත් එක්ක බ්ලවුස්, ෂර්ට්ස් යට කරලා අඳිනකොට වර්ණවත් Belt පැළඳුවාම ඔයාගේ ඇඳුමට ආකර්ෂණීයත්වයක් එකතු වෙනවා. තරුණියන් සඳහා විවිධ මෝස්තර සහිත Belt තියන නිසා ඇඳුම්වලට ගැළපෙන වර්ණවලින් තෝරාගන්න පුළුවන්. පිරිමි ළමයි නම් කොහොමත් ඩෙනිම්ස්, Office trousers ආදිය අඳිනකොට Belt පළඳින්න පුරුදු වෙලා ඉන්නවා. දිගු කාලයක් පාවිච්චි කරන්න නම් හොඳ කොලිටියේ Belt එකක් තෝරගන්න වෙනවා.

Brooch එකක් කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම ගැළපෙන විලාසිතා උපාංගයක්. ඇඳුම්වල එළිය තව වැඩි කරන විචිත්‍රවත් ආභරණයක්. Brooch එකක් ඇඳුමට සවි කරාම ඔයාගේ ඇඳුම වෙතට යොමුවෙන අවධානය තව වැඩි වෙනවා.  කොහේහරි උත්සව අවස්ථාවකට යද්දි ඔයා ඇඳලා ඉන්න ඇඳුම මදි වගේ කියලා හිතෙනවා නම්, හොදම දේ තමයි Brooch එකක් සවි කිරීම. දැන් අලුත් Trend එකේ හැටියට Chain එකත් එකක්ම එන Brooch තමයි නවීන විලාසිතාව. පිරිමි පාර්ශ්වයට බ්ලේසරයට මෙවැනි අලංකාර Brooch එකතු කරගත්තොත් ඇඳුමේ Rich look එක වැඩි කරගන්න පුළුවන් වෙනවා.

මෙවැනි Fashion Accessories තෝරාගෙන ඔයාගේ විලාසිතාවලට අලුත් හැඩයක් එක්කර ගන්න. මේ Online Fashion Accessories ඔයාගේ අතටම ගෙන්න ගන්න දැන්ම Daraz සමඟින් Shop කරන්න.

ඇඳුම් සමඟින් ගැළපෙන සපත්තු වර්ග ගැන දැනගන්න ලස්සන පෙනුමකට ඇඳුම් සමඟින් ගැළපෙන Ladies Shoes ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php